පැතූ පැතුම්෴
පළමු කොටසින්,
දුරකථනය ඔන් කරනවිටම කෙටි පනිවිඩයක් තිරයේ දිස්
විය...
“ඔයා ගොඩාක් ආදරය කරන කෙනා ඔයාට නැති උනා නේද?
(නරක සමනලය)“
දෙවැනි කොටස මෙතැන් සිට෴
කෙටි පණිවිඩය එවා තිබුනේ නාඳුනන දුරකතන අංකයකිනි.
මේ කවුරුන් විය හැකිද. “නරක සමනලය“ මෙලෙස හඳුන්වන කිසිවෙකුත් ඇගේ මතකයට නොපැමිනි
නිසාම ඈ කෙටිපණිවිඩයට ප්‍රථිචාර නොදක්වා නිහඬවිය.
“ඔයාල එක උනා නේද. ඒකට මට ගොඩක් සතුටුයි..“
නැවතත් එම අංකයෙන්මය...
අපි දිනුව කියල දන්නෙ කොහොමද මේ කෙනා. යාළුවෙක්
වෙන්න ඇති යැයි සිතූ දනීශා කෙටි පණිවිඩයට ප්‍රථිචාර දක්වන්නට තීරණය කලහ.
“ඇයි ඔයා රොබින් හුඩ් ද?“
දෙදෙනා දිගටම කෙටි පණිවිඩ හුවමාරු කර ගන්නට විය..
දනීශා හට ප්‍රධාන වශයෙන්ම අවැසි වූයේ මේ කවුරුන්දැයි හරි හැටි හඳුනා ගන්නටය...
“ඇත්තටම ඔයා කවද?“
“මං කවුද කියල දැන ගත්තොත් ඔයා ආයෙ මගෙ මූණ වත්
බලන එකක් නෑ දනීශා“
ඔහු මගෙ නමත් දන්නව. මොහුනම් මාව හොඳින්ම දන්න
කෙනෙක් විය යුතුයි. දනීශා හට සිතිනි.
“නෑ.. එහෙම කරන්නෙ නැහැ.. ඔයා කවුද
කියන්න..ප්ලීස්“
“හම්.. මම අර ඔයාගෙ සිංහල ක්ලාස් එකේ ඔයා ක්ලාස්
ඇරිල එද්දි පස්සෙන් එන හාමුදුරුවො..“
දනීශා හට කිසිත් සිතා ගත නොහැකි විය..සිංහල
පන්තියේදී නිතරම දනීශා දෙස බලමින් ඉඟි කරන තරුණ හාමුදුරු නම එවිට දනීශාට මතක් විය.
විටෙක එම ස්වාමීන් වහන්සේ දනීශා පන්ති අවසන් වී ආපසු එන විට පසුපසින් එන අවස්තාද
දනීශාට මතකය.. නමුත්, ඔහු ඇයි මට මැසේජ් කරන්නෙ.. ඔහු කොහොමද මගෙ ෆෝන් නම්බර් එක
දන්නෙ..? දනීශාට තිබුනේ ගැටලු රාශියකි.
“ඔබ වහන්සේට කොහෙන්ද මගෙ නම්බර් එක. ඇයි මට
මැසේජ් කරේ“
නමුත්මේ ප්‍රස්නවලට ඔහුගෙන් පිලිතුරු නොලැබිනි..
මේ සිදුවීම නිසා දනීශා තුල ස්වාමීන් වහන්සේ කෙරෙහි වූයේ දැඩි කේන්තියකි.
කාලය සෙමෙන් ගතවෙමින් තිබිනි. මීලඟ සිංහල පන්ති
දිනය උදාවිය.
එදින පන්තියේදී දනීශා දිහා බලා කීප වරක්ම තේරුම් ගත නොහැකි විදියේ
සිනාවකින් දනීශාට ස්වාමීන් වහන්සේ සංග්‍රහ කලහ. එතැනින්ද නොනැවතුරු ඔහු, දනීශා මට
චිට් එකක් එවා තිබිනි..
“දනී.. අර හාමුදුරුවො උඹට චිට් එකක් එවල.. මේ..“
නදී මා අත තැබුවේ හතරට නැවූ පොත් කොල කැබැල්ලකි.
සන්සාර ආරන්‍යෙයන් මිදී සැනහෙන්න..
පැවිදි බව පුරනවා පින් පරා සැනහෙන්න..
සෙනෙහසක් නොලද මා ඔබේ ලඟ සැනහෙන්න..
ඔය සුවඳ සොයනවා මල් සුවඳ හැර යන්න..
~හාමුදුරුවො~
යැයි එහි සටහන්ව තිබිනි.. දනීශා ගේ කේන්ති සිතට
කුමක් වූවාද නොදත්හ. ඈ කෙරෙහි හුමුදුරුවන් වෙනුවෙන් ඇතිවූයේ අපිරිමිත
අනුකම්පාවකි..
සෑම දිනකම පාහේ හාමුදුරුවන් සමග කෙටි පනිවිඩ හුවමාරු කර ගන්නට දනීශාට උවමනා වූයේ
එනිසාය.. කාලයත් සමග බෞද්ධ ශාවිකාවක වූ දනීශා සුවිශාල පාපකර්මයකට මුල පුරමින් ස්වාමීන් වහන්සේලා
කෙරෙහි ඇති විය යුතු ගෞරවය වෙනතකට පෙරලමින්, එම අනුකම්පාව ආදරයකට පෙරලන්නට වූයේ
තනිව නොව, ස්වාමීන් වහන්සේගේද අවශ්‍යතාවය අනුවමය..
හාමුදුරුවනේ, අපෙ හුමුදුරුවනේ
යැයි අනෙක් උන් ආමන්ත්‍රණය කරද්දී, ඇය
පමනක් මගෙ හාමුදුරුවනේ කියන්නට ඇත්තේ ස්නේහයේ වූ සත්‍ය බව නිසාමය.
කාලයත් සමගින්ම ඔවුන්ගේ
සෙනෙහස බොහෝ දේ දළු ලමින් වැඩෙන්නට විය..
“දනීශ.. මං අපේ අම්මට
ඔයා ගැන කීව.. වෙලාවක අපෙ අම්ම ඔයාට කෝල් කරයි..“
හාමුදුරුවන්ගේ ස්නේහය යථාර්තයක් කරමින් ඔහු දනීශා ගැන තම මවට පවසන්නේ
දනීශාව තමා සතු කර ගැනීමේ ඒකායන අරමුණෙනි.. තවමත් චීවර දාරී ඔහු, තෙරවාදී ධර්මයට
අනුව ගිහි ජීවිතයෙන් මිදී විනය පිටකයට, ශාසන නීති රීති වලට අනුව පැවිදි බව ගත
කලයුතු වුවත්, සියලුම බැමි බිම හෙලමින්, ගෞතම ශාස්තෘවරයානන්ගේ සම්බුදු වදනටද පිටින් යමින්, විනය නීති කඩමින්,
ප්‍රේමයක වෙලී එය යතාර්තයක් කර ගැනීමට චීවරයේම සිට වෙහෙසෙයි.
“හෙලෝ.. මේ දනීශා දුවද..
මං පොඩි හාමුදුරුවන්ගෙ අම්ම..“
හාමුදුරුවන්ගේ මව ඇයව
අමතන්නේ ඇගේ ගුණ ගැන මුලින් සිය පුතු ගයා තිබූ ගුණ වර්ණාවේ සැබෑව බිලීමට වන්නට ඇත.
ඈ
සැබැවින්ම අහිංසක, නිහඩ එකියකි. මානුශීය ගති පැවතුම් මෙන්ම, දයාන්විත හදවතකට
උරුමකම් කී ඈ, ඇගේ ගති පැවතුම්වල තිබූ වැදගත් බව නිසාම හුමුරුවන්ගේ මවගේ ප්‍රසාදයට
හේතු විය..
බුදු
පුතෙකු ශාසනයට පූජා කොට, බුදුබව පතන මවත්, ආනන්තනීය පුණ්‍ය සම්භාරයකට උරුමකම්
කියනා මවක්,
නිරා
දුක් විඳින, අපා ගත වන, මහා පාප කර්මයකට මුල පුරමින්, තම බුදු පුතනුවන් හට
ගිහි ජීවිතයට යලි පැමිනෙන්නට අනුබල දෙන්නට විය..
කාලයාගේ
ඇවෑමෙන් හුමුදුරුවන්ගේ පුංචි දුප්පත් පවුලේ මවගේ මෙන්ම පියාගේ ත් කැමැත්ත දනීශා හට
ලැබිනි..
අනෙක්
උන් තම පෙම්වතාගේ සුරතේ වෙලී ප්‍රේමාන්විතව මහ මග යන විට, දනීශා හට සුසමකින් පමනක්
සිත සැහැල්ලු කර ගනිමින් ඉවසා සිටින්නට විය.. අනෙක් උන්ට මෙන් නිතර නිතර මුන ගැසී කතා කරමින් පෙම් කරනා විට දනීශා හට
ඉවසා සිටින්නට සිදුවිටය. කෙදිනකවත් අනෙක් පෙම්වතියන්ට මෙන් තම පෙම්වතාගෙන්
අරුමෝසම් බලා පොරොත්තු වන්නට ඈ හට නොහැකි විට..
ස්නේහයේ
සියුම්ම, සහ සොඳුරුම තැම් මග හැර ගනිමින් වුවද සැබෑ ආදරයේ ආත්මීය නාමයෙන් දනීශා සැමදාමත් එක සිතින් හාමුදුරුවන් හට ප්‍රේම
කලහ..
උසස්
පෙළ විභාගයට මාස කිහිපයක් ඉතිරිව තිබියදී,
සිංහල පන්ති දිනයට පමනක් මුන ගැසෙමින්, පන්ති දවසට දවල් දානය පවා දනීශා ගෙන ගොස්
දෙමින්, මැසේජ් කරන්නට හුමුදුරුවන්ගේ දුරකතනයට දුරකතන කාඩ් පත පවා අරන් දෙමින්,
බොහෝ කැපකිරීම් කරමින් දනීශා වෙහෙසුනේ මේ සෙනෙහස රැක ගන්නටය..
උසස්
පෙළ විභාගයට හරියටද දැන් ඉතිරිව ඇත්තේ මාස තුනකි.
එදින
හවස් වරුවටම හාමුදුරුවන්ගෙන් කෙටි පණිවිටයක් නොලැබුනි..
දනීශා කෙටි පනිවිඩ
කිහිපයක්ම යොමු කලද ආපසු පණිවිඩයක්
නොලැබීම නිසා දනීශා සිටියේ සිතු තැවුලෙනි..
“අදින්
පස්සෙ ආයෙ මට කතා කරන්න, මැසේජ් කරන්න එපා“
හමුවෙමු තවත් කොටසකින්.. පැතූ පැතුම් කෙලෙසින් දැයි
විද ගැනීමට.
බලාපොරොත්තු වන්න....
“ලා
දළු පෝපත් සැලෙනා සෙවනේ...
සාදුගෙ
මුහුනයි මැවිලා පෙනුනේ....
අඳුර
ගලා එන සුදු වැලි මලුවේ...
ගනදුර
පමනයි තනියට උන්නේ...“
(සත්‍ය කතාවක් ඇසුරෙනි)
රචනය: රවීන්ද්‍ර බන්ඩාර.
0 comments:
Post a Comment