පැතූ පැතුම්෴
පුතේ, ඔයාව මේ හදන්නෙ ශිෂය බට බලකා සාමාජිකාවක්
ලෙස නම් කරන්න. ඔයා හරියටම ඔයාගෙ විස්තර ටික කියන්න ඕනෙ දැන්..
හොදයි
මිස්...
ඔයාගෙ සම්පූර්ණ නම: සූරසේන ආරච්චිලාගේ දනීශා සේමිනී සූරසේන.
පුතාගෙ උපන්දිනය : 1992. අගෝසතු 25
(විස්තර සැකෙවින් ලබා ගැනින. මා ශිෂය බට බලකා
සාමාජිකාවක් කරවීමට මටත් වඩා අවැසි වූයේ පාසලේ ගුරුවරුන්ටය. විදුහලේ විශය භාහිර ක්‍රියාකාරකම්
වෙනුවෙන් මා තුල වූ ඇල්ම නිසාමදෝ පාසලේ සියළුම ගුරු භවතුන්ගේම පාගේ අවධානය මා කෙරෙහි
යොමු වී තිබුනාට සැකයක් නැත.)
දනීෂා යනු දියණියන් දෙදෙනෙකුගෙන් යුතු සූරසේන
පවුලේ බාල දියණියයි. බඩ පිස්සී නිසාමදෝ මවගේ සහ පියාගේ තුරුලේම හැදී වැඩුනු ඇය හට
කිසි විටකත් ජීවිතයේ බරක් පතලක් දැනෙන්නට සූරසේන දෙමාපියන් කිසිසේත් ඉඩ නොදුන්හ. රුවෙන්
මෙන්ම ගුනෙන්ද පොහොසත් වූ ඈ, වැදගත් ඇවතුම් පැවතුම් වලින් පරිපූර්ණ එකියක විය.
නිතරම සරල ලෙස ජීවත් වීමට ඇළුම් කල ඈ වැඩි කතා බහක් නොමැති නිහඬ එකියකි.
“බාහිර වැඩම කර කර ඉදල හරි යන්නෙ නෑනෙ චූටි දූ..
ඉස්කෝලෙ පොතේ පතේ වැඩ වලටත් උනන්දු වෙන්න ඕනෙ. නට නටා හිටිය කියලවත්, ඔයා කෑම්ප්
ගියා කියලවත් විභාගෙ පාස් කරන්නෙ නෑනෙ පුතේ.. “
මවගේ කන් කෙදිරිය දනීශා හට නොඅඩුවම ලැබෙන්නට වූයේ
ශිෂ්‍ය බට බලකායේ කඳවුරු කාලය දැනුම් දීමෙන් අනතුරුවය. විෂය
භාහිර වැඩවල ආසාවෙන් නිරත වුවද, මේ වන විට නර්ථනය, සිංහල ඇතුලුව කලා විශය ධාරාවෙන්
උසස්පෙල හදාරමින් සිටි ඈ පුද්ගලික පන්ති වලට සහභාහී වූයේ නම්, ඇගේ පියාගේ උවමනාවටම
පමනි. නිතරම ඈ පසුපසින් සිටි සූරසේන මහතා නිසාම ඈ පන්ති වලට සහභාගී වුවද, ඇගේ එකම
සොයුරියවත්, හිතට අල්ලන විදියේ යෙහෙලියකවත් නොසිටි නිසා කෙදිනකවත් ඈ
කැමැත්තකින්නම් පන්ති වලට සහභාගී නොවීය..
කාලයාගේ ඇවෑමෙන් ඇගේ සිංහල පන්තියේදී ඈ හට සිතා
ගත නොහැකි අන්තමේ ගතිගුණ සහිත මිතුරියක් මුන ගැසුනි. ඈ නමින් නදීකා ය.
සරල, චාම් ගති පැවතුමින් හෙබි, රුවෙන්ද අඩුවක්
නොවුන දනීශා මෙන්ම නදී ද නිහඩ එවැනිම චරිතයකි.
“දනී.... මට අද ලස්සන පෑන් වගයක් හම්බුනා. මං
උඹටත් එකක් ගත්ත.. ආ ගනින්..“
ඈවිටෙක ඈ හට හමුවුන පෑනක් එලෙස මිතුරියටත්
ගෙනැවිත් දෙයි..
“ඒ මේ.. අද අපේ දිහා අළුව හැදුව. මේ උඹ්
පංගුව..“
විටෙක ඈ එලෙසය..
කාලය කෙමෙන් ගෙවෙමින් යන විට දනීශා සහ නදීකා යනු
දෙදෙනාට දෙදෙනා නැතුවම බැරි තරම් සහෝදරතවයකින් බැඳුනි..
දැන් දනීශා හට සිංහල පන්ති යන්නට හේතුවක් ඇත. ඒ
ඇගේ මිතුරිය සිටීමට.. මෙලෙස කාල ගෙවී යන
විට කඳවුරු සඳහා සහභාගී වීමට කාලය ලඟා වුනි..
සති කිහිපයක් විද්‍යාලයෙන් මෙන්ම නිවසෙන්ද
බැහැරවී කඳවුරු සඳහා සහභාගී වන්නට දනීශා හට සිදුවිය.. මේ අතරතුරේදී, සිංහල පන්තිය මෙන්ම අනෙක් සියළුම
පුද්ගලික පන්ති සති කිහිපයම මග හැරී ගියහ..
කඳුවුරු අවසාන වී දනීශා නිවෙස බලා ආවේ මහා
තෙහෙට්ටුවක්ද ගත තුර පොදි බැඳගෙනය.. එමෙන්ම මාස ගනනකින් නොදැකපු, මවුපියන්,
ගුරුවරුන්, යෙහෙලියන් මෙන්ම, නදීකා නම් ඇගේ හොඳම මිතිරියද දැක ගැනීමේ අබිප්‍රායෙනි.
“චූටි දූ.. අම්මේ.. මගෙ මැණික කළු වෙලාද මන්ද...“
ඇගේ මව ඈ දුටු විගස පෙරමගට විත් ඈ සිප ගත්තේ සැබෑ
මව් සෙනෙහසින්මය..
“හරි මහන්සියි අම්මෙ.. මං චුට්ටක් නිදා ගන්නම්..“
“චූටි දූ.. වොෂ් එකක් අරන්, කෑම කාලම නිදා ගන්න
එහෙනම්..“
මවගේ පෙරැත්තයෙන් බේරීමටම කෑම ටිකක් කා ඉක්මනින්
ඇඳට වැටුනේ සත් කිහිපයක් විසන්දි කර තිබූ දුරකථනයද ඔන් කරමිනි.. ඒ ඇගේ මිතුරිය
නදීකා හට කෙටි පනිවිඩයක් තැබීමටය..
දුරකථනය ඔන් කරනවිටම කෙටි පනිවිඩයක් තිරයේ දිස්
විය...
“ඔයා ගොඩාක් ආදරය කරන කෙනා ඔයාට නැති උනා නේද?
(නරක සමනලය)“
හමුවෙමු තවත් කොටසකින්.. පැතූ පැතුම්
කෙලෙසින්දැයි විද ගැනීමට.
(සත්‍ය කතාවක් ඇසුරෙනි)
රචනය: රවීන්ද්‍ර බන්ඩාර.
0 comments:
Post a Comment