Tuesday, February 3, 2015

පිනි මත බඹරු (13 වන කොටස)

පිනි මත බඹරු (13 වන කොටස)

මෙතැන් සිට෴

විශේෂම දේ ඒක නෙමේ අයියෙ..

(ලෝචනා කීවෙ ගොඩාක් වෙනස් විදියට.. ඒ වචන වලින්ම මහා බැරෑරුම් දෙයක් කියන්නට යන වග සජ්ජට වගේම මටත් හොඳට තේරුනා)

කියන්න ලෝචනා.. මොකක්ද විශේෂම දේ.. ම්..

මේක අහල ඔයාල කලබල වෙන්නෙ ණෑ කියල මට පොරොන්දු වෙන්න.. ප්ලීස්..

ඇයි.. ඔය කියන්න යන්නෙ අපි කලබල වෙන දෙයක්ද ලෝචනා..?

(සජ්ජ එහෙම ඇහුවෙ කිසිවක් හිතාගන්න බැරිව මං සජ්ජ දිහා බලද්දි)

හම්........ අනේ මන්ද අයියෙ..

(සුසුමක් පිට කරමින් ලෝචනා කියන්නට තැත්කරන්නේ නම් සුලු පටු දෙයක් නොවන වග අපට හොඳන්ම තේරුම් ගියා..)

කියන්නකො බලන්න.. (මා තුල වූයේ දැඩි නොයිවසිල්ලක්)

මම, මම................ මම මේක කියන්න ඉස්සෙල්ල ඔයාගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි ලෝචන අයියෙ..

ඒ මොකක්ද නංගි..?

ඔයා දුක් වෙන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න ඒක අහල..

තෙපර බාන්නෙ නැතුව කියහන්කො බන්..(සජ්ජ කීවෙ බලන්න ඉන්න බැරිම තැන)

හරි... මං පොරොන්දු වෙන්නම්.. කියන්න.. මොකක්ද කාරණේ.. ම්..?

(ගොඩාක් ආදරෙන් මං ඒ දේ අහන්න ඇති කියල මට හිතුනෙ ලෝචනා මගෙ වචන වලට කීකරු උනු විදියෙන්..)

අයියෙ.. මෙකයි................ මං.................

එවිටම සජ්ජගෙ දුරකථනය නාද විය.. මචන් පොඩ්ඩක් හිටපන්.. රොෂා ගන්නව.. ලෝචනා.. පොඩ්ඩක් ඉන්න..

හෙලෝ රොෂා.. කියපන්..

අප්පට සිරි.. (අනෙක් පසින් කතා කල කිසිවක් අපට නෑසුනි)

උඹ සිරාද කියන්නෙ බං රොෂෝ...........

හරි බන්.. ඉඳහන්.. මම ලෝචත් එක්ක එන්නම් මේ දැන්ම..

මච්න් ලෝච.. අපි දැන්ම උඹලගෙ ගෙදර යන්න ඕනෙ.. තාත්තට සනීප නෑ කියල රොෂාට උඹලගෙ නංගි කතා කරල කියල උඹට පනිවිඩේ කියන්න කියල.. යමු ඉක්මනට.. ලෝචනා.. අපි යන්න ඕනෙ දැන්.. අපි වෙන වෙලාවක හම්බ වෙමු..

(සජ්ජ මාවත් ඇදගෙන යන්න පිටත් උනේ ලොකු හදිස්සියකින්)

ලෝචනා.. එන්න..අපිත් එක්ක යමු ටවුන් එකට යනකම්..

ඇයි අයියෙ.. ලෝචන අයියලගෙ තාත්තට මොකද...

(ලෝචි සජ්ජ ගෙන් අහනව මං අහගෙන)

ලෝචන අයියෙ.. මේ මගෙ නම්බර් එක.. තාත්තට මොකද කියල මට බලල කියන්න.. හොදද..

ලෝචනා ඇගේ දුරකතන අංකය ලියූ කඩදාස් කැබැල්ලක් මා අත තැබුවේ සැබෑ පෙම්වතියක් තම පෙම්වතා ගැන සොයා බලන ඉරියව්වෙන්..
ලෝචනාවත් ටවුන් එකට ඇරලවගෙනම අපි මගේ නිවස බලා පිටත් වූයේ දැඩි කුතුහලයකින්..

මොනව වෙලාලුද බන් තාත්තට...

උඹ කලබල වෙන්න එපා බන්.. ඒ හැටි අමාරුවක්නැතිව ඇති..

(සජ්ජගෙ ඒ වචන වල අමුත්තක් තේරුනත් මට කිසිත් සිතා ගන්නට නොහැකිවයි මා සිටියෙ..)

වසර ගානක් තිස්සෙ වැරදියට තේරුම් අරන් හිටපු අපේ තාත්ත වෙනස් උනා පමනයි.. ඇයි දෙයියනේ මේ මනුස්සය අසනීප කරන්නෙ.. මොනව වෙලා ඇද්ද.. බීමත් කම නිසා පෙනහලු, වකුගඩු වත් නරක් වෙලාවත්ද? ලොකු නංගි කතා කරල එන්න කියන්න තරම් හේතුව මොකක්ද෴

නිවස අසලට යන විට ගමේ කිහිප දෙනෙක් නිවස අවට එක් රොක් වී සිටියහ..

සිඟිති පෙරමගට දිව ආවේ මට කිසිත් සිතා ගත නොහැකිව සිටිද්දියි........

කෝ සිඟිති අම්ම.. මොකද උනේ.. කෝ තාත්ත..?

තාත්ත ගහකින් වැටිල.. ඉස්පිරිතාලෙ ගෙනිච්චලු ලොකු අයියෙ...

සිඟිති මාව බදන් අඬන්නට මාව ගොඩක් අසරණ කර ගන්න ගමන්..

මචන්.. පොඩ්ඩක් වරෙන්..

ගමේ මිනිස්සු සමග කතා කර කර උන් සජ්ජ මට කතා කලේ මට කිසිත් කර කියා ගතක නොහැකි ව අසරණ වී සිටි අවස්තාවකයි..
සිඟිති ව මෑත් කර මම සජ්ජ අසලට ගියේ කල යුත්තේ කුමක් දැයි අරමුණක් නැතිවයි..

මච්න්... කලබල වෙන්න එපා.. දැන් ලොකු නංගි කතා කලා මට හොස්පිට්ල් එකේ ඉඳන්.. රොෂා ලත් එහෙලු.. මේ කියන්න යන දේ අහල උඹ කලබල වෙන්න එපා මචන්...

තාත්ත ගහකින් වැටිල කොන්ද වැදිලලු... හොස්පිට්ල් අරන් ගියාලු හැබැයි.......

විඳින විඳවන සෙනෙහසේ සැබෑ තතු රැගෙන.
හමුවමු නැවතත්,

තවත් කොටසක් සමගින්෴

0 comments:

Post a Comment