Tuesday, February 3, 2015

පිනි මත බඹරු (15 අවසන් කොටස)

පිනි මත බඹරු අවසන් කොටස෴

මචන්. එහෙම දෙයක් නෙමෙයි බන්..

එහෙනම් කියපන්කො සජ්ජ කොහොම දෙයක්ද කියල...තෙපර බාන්නෙ නැතුව..
(මා තුල ළුූයේ දැඩි කෝපයක්)

මචන්.. ලෝචනා නැතිවෙලා..................

මොකක්...............
(පරය.. තෝ, විහිලු කරපන් විහිලු කරන්න ඕනෙ අවස්තා වල.. යකෝ, මට නැති උනත් කමක් නෑ.. ඒ වගේ මූසල කතා කියන්න එපා කාට උනත්...)

(සජ්ජගෙ කොලරයෙන් ඇදල අරන් මම කෑ ගැහුවෙ හිතට ආපු කේන්තියටමයි.. මා හට මළගෙදර නොපැමිනියට, මාව නොසලකා හැරියට පුංචි කේන්තියක් සිතේ නොතිබුනා නොවේ.. නමුදු මා අවංකවම සෙනෙහස පෑ ඈ ගැන විහිළුවට එසේ කියන්නට කිසිවෙකුටවත් අවසර නොමැත..)

මචන්, මං කියන දේ අහපන්.. මං කියන්නෙ බොරු නෙමේ...

මචන්.., උඹේ මලගෙවල් දවස් වල ලෝචනා හිටියෙ හොස්පිට්ල් එකේ..

මොකක්,( හිසට හෙනයක් වැදුනාක් මෙන් මා හට දැනෙන්නට විය..)

ඔව් බන්, ඒක දිග කතාවක්, අද උදේ ලෝචනා නැති වෙලා තියෙන්නෙ.. මටත් දැන් ආරන්චිය ආවෙ බන්..

මා හිටි දැනම බිම හිඳ ගත්තේ දෑත් දෙපා පණ නැතිවී යන්නාක් මෙන් දැනෙන්නට වූ නිසාමය..

දෑසෙන් කඳුරු වැගිරෙද්දීම සජ්ජ කතා කරන්නට විය..

මචන්,

උඹේ තාත්ත නැති උනා කියල එදා පනිවිඩේ ආපු දා අපි ආවට පස්සෙ අපිත් එක්කම ඇවිත් ලෝචනා ගෙදර ගියානෙ.. එදා ගියාට පස්සෙ ලෝචනාට ගොඩක් අමාරු වෙලා.. දවස් තුනක් හොස්පිට්ල් එකේ හිටියෙ.. උඹට අපි කීවෙ නැත්තෙ මේ ප්‍රස්න ඉවර උනාම කියන්න කියල හිතල..අපි මෙහෙ ඉන්න ගමන් ලෝචනා බලන්න ගියා ඒ දවස් තුනේම මචන්..

ඇයි බන් උඹල මට නොකීවෙ.. මොකක්ද ඒකිට තිබුනු ලෙඩේ..

මචන්.. ලෝචනා කියන්නෙ ලියුකේමියා ලෙඩෙක්(ලේ පිළිකා). ලේ දිදී තමයි මෙච්චර කල් ලෝචනාව ජීවත් කරවල තියෙන්නෙ මචන්..
ලෝචනා බලන්න ගිය වෙලාවක ලෝචනාගෙ අම්ම මං එක්ක හැමදේම කිව්ව.. උඹව හම්බුනාට පස්සෙ ඒකි ගොඩක් සතුටින් ඉඳල තියෙන්නෙ.. ඒත්, ඩොක්ටර්ස් ල කියල තියෙනව එයාව ජීවත් කරවන්න බෑ කියල..

ජීවිතේ සියල්ලම නැතිවී ගොස් මෙනි.. මුලුමනින්ම හිස් වූ මානසිකත්වයකින්, හඩා ගන්නට තරම්වත් ශක්තියක් නොමැතිව, මා හුන් තැනම හිටියා විනා, කුමක් කල යුතදැයි දෝ, කිසිත් තේරුම් ගත නොහැකි විය.

ගෙවුනු අතීතයේ සුන්දර සිදුවීම් මොහොතකට මතක් කරමින් එදින රාත්‍රියේ ලෝචනාගේ ගෙදර ගියේ දෑසෙන් වැගිරෙන කඳුලු වලට නිදහසේ කම්මුල් තෙමන්නට ඉඩ හරිමිනි..
“මේක අහල ඔයා දුක් වෙන්නෙ වත්, කලබල වෙන්නෙවත් නෑ කියන්න ලෝචන අයියෙ.. මට පොරොන්දු වෙන්න“
(මෙසේ ලෝචනා කියාගෙන ආවේ මේ කතාව නේද... මට මොහොතකින් සියල්ල වැටහෙන්නට විය..)

දෙයියනේ............... ලෝචනා..........

රෝසපැහැති කම්මුල් අද නිල්පැහැ වී ඇත... දෑස් පියවී, දෑඟිලි එකට බැඳැන් නිසලව ඈ කියා පාන්නේ අනිත්‍ය බවේ යතාර්තය නොවේද...

ඇගේ නිසල සීතල දේහය බදාන කොපමන වේලා හැඬුවදැයි මා නොදනිමි..

පුතේ... දුක් වෙලා වැඩක නෑ........... එයා ඔයාව විතරක් නෙමේ, අපි හැමෝවමත් දාල ගියා...
මගෙ සුදු දුවට මේලෝක එයාගෙ අප්පච්චියි, මායි ඇරුනම වැඩිපුරම ආදරේ කරල තියෙන්නෙ ඔයා..
මට සමා වෙන්න පුතේ.. මට හැමදේම ඔයාගෙ යාළුවො කීව.. අපි දන්නවනම් ඔයාගෙ තාත්තගෙ මල ගෙදර ඇවිත් යන්න එනව.. ඒත්, අපිත් හිටියෙ මේ ගින්දරේනෙ එවලෙත්෴

මැදි විය ඉක්මවූ ලෝචිගේම මුහුනුවර ඇති, ඈ කියාගෙන ගියේ ලෝචන ගේ හිස අතගාමිනි.. ඈ ඇගේ මව බැව් ලෝචනට හැඳින ගත හැකි විය..

ලෝචි අතීතයේ ඇගේ මව ගැන බොහෝ දේ කීවා මතකය..

“මාව හදා ගන්න ගත්ත කෙල්ලෙක්ද මන්ද අයියෙ“ විටෙක ඈ පැවසුවේ එලෙසයි..

නමුදු, ඈ වෙනුවෙන් කොපමන නම් ස්නේහයක් මොවුන්ගේ හිතු තුල තිබෙනවාද, ඈ නිසා අද කොපමන නම් මොවුන් විඳවනවාද.....

පුතේ, ඔයා විතරයි දැන් ඔයාගෙ පවුලෙ අයට ඉන්නෙ.. ඒ නිසා, දැන් මේ හැමදේම අමතක කරල, නංගිලා දෙන්නට උගන්වන්න මහන්සි වෙන්න, අම්මව රැකබලා ගන්න.. ඔයාට දැන් වගකීම් ගොඩක් තියෙනව.. තේරුනාද.. ඒව ගැන හිතල හිත හයිය කරගන්න පුතේ...
(ලෝචනා ගේ මව ඔහුව දිරිමත් කරන්නට උත්සාහ කලේ තම සෙනෙහෙබර දියනියගේ වියෝව කඳුලු මැදින් දරා ගන්නට වෙහෙසෙමිනි..)

සියල්ල සක්සුදක් සේ පැහැදිලි වෙමින් ඇත.. ඈ සිටිනා මේ තත්වය නිසා, ඈව පරිස්සම් කරන්නට ඇත...
ඈ වෙනුවෙන් මේ දෙමාපියන් බොහෝ කැපකිරීම් කරන්නට ඇත..
අවසන,
තම සෙනෙහෙබර දියනිය මරු වෙත පුදා, ඉවසා දරා ගන්නට තරම් මොවුන් පෙර ආත්මයක පව් පුරන්නට ඇත..
මමද ඒ පව් වල කොටස් කරුවෙකු නොවේද..
මගේ සිතිවිලි ඔහේ ගලා යන්නට විය..


ලෝචන යනු, දුක හුරු පුරුදු එකෙකි, නමුදු, උහුලන්නට බැරි තරම් මෙවන් දුකක් උහුලන්නේ කෙසේදැයි ඔහුද නොදනී..

“හිරු දුටු පිණි බුඳුවක්“ සේ ඔවුන් මෙලොවින් සමු ගෙන ගොස් හමාරය.. නමුදු කල යුතු බොහෝ දේ ඉතිරිව ඇත..

පිනි මත රැඳී හුන් බඹරිදු, හිරු කුමරුන්ගේ ආගමනයෙන් වාශ්ප වී යන පිනි දැක ඉවසා දරා හිඳින්නා සේ,

ලෝචන සියල්ල විඳ දරාගෙන තම ආදරණීය මෑණීයන් සහ, සොහොයුරියන් වෙනුවෙන් අභියෝග හමුවේ වුව ජීවිතයට මුහුණ දෙයි..

විඳින ජීවිතයට ආයුබෝවන් කියමින්, ගෙල වැලලාගෙන, කෝචචියට බෙල්ල තබාගෙන, වස බීගෙන මියැදෙන ආත්ම ශක්තිය හීන වූවන් අතර, ලෝචන නම් වූ විඳවන ජීවිතයට ආයුබෝවන් කියන්නට වෙර දරන යෞවනයන්, ඔබට ආදර්ශයක් වනු නොඅනුමානය..


විඳින විඳවන ජීවිතවල සුවඳ,
කැටයුම් වුවත් යුතුරු පුවරුවතුල,
දෑඟිලි වෙහෙස නොබලා,
කියන්නට වෙර දරනුයේ.
පිපෙන පරවෙන කොඳ මල්,
අවිනිශ්චිත ලෝකය කියා පාන වගත්,
සැඩ රල හමුවේ නොසැලෙන ගල් පර,
නිශ්චිත අරමුනු ශාක්ෂාත් කරන බත්,
නොවේද෴???

සමාප්තයි..!!!

රචනය:රවීන් බණ්ඩාර


ප.ලි:
මාගේ මෙම නවකතාව(කොටස් 15 කින් සමන්විත) අනුරාධපුරයේ සත්‍ය කතාවක් පාධක කරගෙන නිර්මානය වූවක් වන අතර, මෙහි සියලුම අයිතීන් කතෘ සතු වේ..
ලේකනයේ අභිවෘර්ධිය උදෙසා. ඔබගේ අව්‍යාජ අදහස් මා අගේ කොට සලකමි...

0 comments:

Post a Comment