Tuesday, February 17, 2015

විශෘකා෴

විශෘකා෴


වේලාව උදෑසන 9ට පමන ඇත..
සෙමෙන් සෙමෙන් පා තබමින් සීරුවට හස්තිශෛලපුර සුන්දරම පර්යන්තයට අපි ලඟා වෙමින් උන්නෙමු..
කාලය සෙමෙන් ගෙවී යන අතර තුරේ සොඳුරු සිහිලු සුඵන් රැලි ගත සිත පුබුදුවා ලූයේ සමාදි බුදු රුවෙහි සොඳුරු මෙන්ම ශාන්ත බවට තවත් කරුණාබර සිතිවිලි සමුදායක්, ආශිර්වාදාත්මක ස්වරයෙන් ගැබ් ගන්වමිනි..
ආදරය නම් සොඳුරු මකරන්දයේ ගිලෙමින්, සැබෑ මෙන්ම තහනම් සෙනෙහසේද සුවය විඳින්නට, බොහෝ පෙම්වතුන් සහ පෙම්වතියන් මෙම ඇතුගල් පව්ව කරා ඇදෙන්නේ, එහි ඇති නිහඩ නිසංසල බාවය නිසාමය..
විටෙක හාදුවකින්ද, විටෙක සිසාරා පැතිරී යන සොඳුරු සිනාවන්ගෙන්ද, තවත් විටෙක කඳුළු කතා බහකින්ද, ඇතැමෙකු නිහඩව තුරුලෙහි හිඳිමින්ද ඇතුල් පව්ව මුදුනටම දිව යන මාර්ගය දෙපස සුපෙම්වතුන් පෙම් සුව විඳිනු දකින්නට ලැබැනි.
පුද්ගලික පන්ති යන පුංචි එවුන්, මහා උන් වගේ, දෑත් පටලාගෙන පාර පුරා ඔහේ නිදහසේ ඇවිදන් වාර අනන්ත අප්‍රමාණය...
මේ වන විට අපි ඇතුගල් පව්වෙහි භාගෙකට වඩා දුරක් ගෙවා අවසන්ය..
කැමරා කරණයේ ප්‍රවීණයකු නොවුවද, විනෝදාංශයක් ලෙස කැමරාවට පෙම් කල මා, සති කිහිපයකට වරක් හෝ මෙලෙස සොඳුරු පෙදෙස් ස්පර්ශ කරන්නේ එනිසාමය..
මෙයද එවැනි සමනක අතරතුරයකි..
කැමරා කාචයේ සටහන් වන සොඳුරු දසුන් අතර එක්වරම කැමරාව නාභි ගත වූයේ මා වත් නොසිතූ දසුනකටය..
අප්පට හඩු..
ඉබේටම මට කියැවුනේ මටත් නොදැනුවත්වමය..
 මලි මීටර් 300 වර්ගයේ ටෙලි ලෙන්සය නිසාම මගේ පුද්ගලික කැමරාවට නාභි ගත කල හැකි දුර බොහෝ සේ වැඩිය..
මට කිසිත් සිතා ගත නොහැකි විය.
මා නැවතත් කැමරාව ආදාරයෙන් පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන එදසුන දෙස හොඳින් බැලුවේ කිසිත් තේරුම් නොහැකිවය..
ඇයි මචන්..
මගේ විමසිල්ල මා මිත්‍ර චේතිය ට ප්‍රස්නයක් වන්නට ඇත..
 පොඩ්ඩක් හිටපන්..
මා කැමරාවත් අතින් ගෙන ඇතුගලේ ඒ අසල පිහිටි අවදානම් බෑවුමට ගමන් කලේ කිසිඳු තීරිණයකට මනසට ඉඩ නොදෙමිනි..
මචන් පරිස්සමෙන්.. තාම පින්නට ගල ලෙස්සනව෴
චේතිය මතක් කලේ සැබෑවටමය.
බෑවුමටම ගොස් ලබා ගත් චායාරූප කිහිපය මා චේතිය වෙත ගෙන ආවේ කිහිප වරක් ඡායාරූපද කැමරාවෙන් ලං කර බැලීමෙන් අනතුරුවය..
මේ බලපන්......
මා ඡායාරූප ටික චේතියට පෙන්වන ගමන් ඔහුගේ මුහුණ දෙස බැලුවේ මා සතු හැඟීමම ඔහු සතුවද ඇද්දැයි දැන ගැනීමටයි..
කෙමෙන් චේතිය ගේ මුහුණ අඳුරු වී යන මට පෙනිනි...
මචන්... විශාක නංගි නේද බන්............
හම්.. ඕ මචන්.. මට පුදුමත් හිතුන..
(ඒ චේතිය වසර තුනක් ආදරේ කර කර පිස්සෙක් වගේ  පසුපස ගිය විශාකා ය..)
එදා, වසර තුනක් තිස්සේ පස්සෙන් යන විටත්, චේතිය ට යාන වාහන නෑ කියමින්,  දුප්පත් නිසා මහ ගැරිය විශාකා ඒ කාලේ සිටම කොල්ලම් සමග රවුම් ගැසෑ බව සැබෑවකි..
මේ පිළිබඳව දැන උන් නිසාම මා චේතියට සැබෑව බවසා විශෘකා ගැන නොසිතා සිත හදා ගන්නට යැයි වරෙක පැවසූවා මතකය..
ඒ එකම ඉල්ලීමෙන්ම මාව විස්වාස කල චේතිය, විශාකාගේ සියළම වේදනා බර මතකයන් ගෙන් මිදී, දිවි සරු කර ගන්නට වෙහෙසුනි..
අද මේ අහම්බයකි. ඇතු ගල් පව්වේ එක් ගස් සෙවනක, , කවුරුන්දෝ එකෙකුන් සමග පෙම් සුව විඳින්නීය..
නුමුදු, එය සැබෑ සෙනෙහස නොවන වග කැමරා දසුන් දුටු චේතියටද පසක් වන්නට ඇත..
ඇගේ උඩු කය බාගෙකටත් වඩා නිරුවත් ය..
දැකිය යුතු සියල්ල ඇගේ ඔහු මෙන්ම අපද කැමරාවේ පිහිටෙන් දැක්කේ අහම්බයකි.. නමුදු එය අප හට සොඳුරු දසුනක් නොවේ.. පිළිකුලකි..
සිදුවන්නට ඇති සියල්ල එවලේද සිදු වෙමින් පැවතිනි. මීට කිලින්ද සිදු වන්නට ඇති බවට සැකයක් නැත..
ඕක ඩිලීට් කරපන් බම්..
මම චේතියට කීවේ කැමරාව තවමත් ඔහු අත නිසාවෙනි..
මචන් අපි යමු
උඹ මාව බේරුව මචන්.. තෑන්ක්ස්..
චේතිය සෙනෙහසින් සුභ පැතුවේ දිගු සුසුමකින් සිත සැහැල්ලු කර ගනිමිනි..
අපි ටික දුරක් ගමන් කරන්නට උනෙමු..
ඇතු ගල් සමාධිය අසලට යන විට ඒ අවට පිරිස බොහෝ විය..
පෙම්වතුන්
, වැඩි හිටියන් මෙන්ම,
ආරක්ෂක නිළධාරීන්ගෙන්ද අඩුවක් නොවුනි..
එක්වරම පොලීසියේ දෙදෙනෙක් අප අසලින් මාංචු ද රැගෙන දිව යනු අප නෙත ගැටුනේ අහම්බෙනි..
පට්ට ශොට් එක බන්..
මා පොලීසියේ අයෙකු අත තිබූ මාංචු කුට්ටමක් කැමරාවට හසු කර ගත්තේ අපහසුවෙනි..
ඒ අර බලපන්..
චේතිය මට පෙන්වුවේ මා තුශ්නිම්භූත කරමනි..
පෙම්වතුන් දෙදෙනෙකු මාංචු කුට්ටමකින් සිර කොට, අප අසලින් රැගෙන ගියහ..
ඇගේ කෙස් අවුල් වී ගොසිනි. ඇඳුම් පොඩිවී ගොසිනි... ඈ සමග ගිය ඔහු ගෙවුනු සෙරෙප්පු කුට්ටක්, අවුල් වී ගිය හිස කෙස් හිමි, කුඩු කාරයෙකුයැයි කිව හැකි එකෙකි...
ඈ එක වරම හැරී මෙහෙතක් අප දෙස බැලීය...
ඒ වෙනඑකියක නොවේ..
ඈ......... විශෘකාමය...........
රචනය: රවීන් බණ්ඩාර

0 comments:

Post a Comment