Sunday, December 21, 2014

තරුවක් හැඬුවා෴





සර්, දහම් පාසලට අළුත් ළමයෙක් ඇවිත්෴ සර් ට ලොකු හාමුදුරුවො එන්න කීව එයාව රෙජිස්ටර් කරන්න෴


දුලානි දුවගෙන අවිත් කීවෙ අවිශ්ක දහම් පාසලට ඇවිත් බයික් එකෙන් බහින්නත් කලින්෴


එවිට උසස් පෙළ හදාරා පුද්ගලික පාඨමාලාවක් හදාරමින් සිටි අවිශ්ක ධර්මාචාර්‍ය සමත් පාලි විශේෂ පාඨමාලාවක් ද හැදෑරූ දහම්පාසලේ ගුරුවරයෙකි෴ 


පාලි භාෂාව හදාරා තිබීම නිසා ඔහුට වඩා වයසින් වැඩි මහලු සහ අද්දැකීම් බහුල ගුරුවරුන් සිටියද,  දහම් පාසලේ විශේෂ සැලකිල්ලක් අවිශ්ක ට  හිමිවී තිබිනි෴


ආ... අවිශ්ක පුතා... තෙරුවණ් සරණයි..!!! මේ එනකම් බලාගෙන හිටියෙ..


තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ....!!! ඒ මොකද අපෙ හාමුදුරුවනේ...


මේ.. අළුතෙන් දරුවෙක් දහම්පාසලට සම්බන්ද වෙන්න ඇවිත් අද... අන්න විහාර මලුව පැත්තෙ ඉන්නව.. ලියාපදිංචි කරල පොත් පත්වල වැඩ ටික අහවර කරල හිටියනම්...


එහෙමයි අපෙ හාමුදුරුවනේ...


දුලානි.. පුතේ ගිහින් ඒ ළමයට එන්න කියන්නකො මෙහාට...


අවිශ්ක දහම්පාසලේ 8 ශ්‍රේණිය භාර ගුරුවරයා විදියට කටයුතු කල අතර, අවුරුදු 20ක් පමන වුවද දහම් පාසල් දරුවන්ට පුතේ කියා අමතන්න ට ඔහු අමතක නොකලේ ගරු භූමිකාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමට විය යුතුය..


ඉතා නිහතමානී මෙන්ම අව්‍යාජ චරිතයක් වුවද ඇතැම් විට දරුවන් මෙල්ල කිරීමට ගත් ඇතැම් දරදඬු ක්‍රියා මාර්ග නිසාවෙන්ම දහම්පාසලේ දරුවන් නායක හාමුදුරුවන්ට හැරුනුකොට වැඩිපුරම කීකරු වූයේ අවිශ්කටයි...


සර්... මෙයා තමයි ආවෙ අද..


දුලානි පිටුපා සිටි අවිශ්කට පැවසුවේ යම් කල්පනාවක සිටි අවිශ්කගේ සිතට මද ගැස්මක්ද ඇති කරමිනි..

ආහ්..


ආවිශ්ක ආපසු හැරෙන විට මැදි විය ඉක්මවමින් සිටි කාන්තාවක් සමග සිටි ඈ මොහොතකට අවිශ්කගේ නෙත් සිත් සසල කලහ.. 


ආ.. එන්න වාඩි වෙන්න...


අවිශ්ක දෙදෙනාටම අසල තිබු බංකුව වෙතට  ආරාධනා කලේ මද තැතිගැනීමකිනි..


ඈ සැබැවින්ම සුන්දරය.. දිගු කෙස් කලඹ, නිල්වන් ආකාර්ශණීය නෙත් යුග,  රත් පැහැ ගැන්වී තිබු රෝස පැහැති දෙකොපුල්, නා දළු වන් දෙතොල්, ඇය ළමා සාරියට අපූර්වම සිතුවමක් ගෙනහැර පෑහ...


අව්වට පිච්චී මූණ කළුවි ගොස් තිබුනු, අවල් වි ගිය හිස කෙස් වලින්, ඉතා පීඩිත ජීවිතයක් ගත කරන සේයා පෙන්වන දුක් විඳින නෙත් යුගලක් හිමි මැදි විය ඉක්මවමින් සිටි කාන්තාව අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කලේ කුඩා අවිශ්කට ගුරු ගෞරවයෙන් විය යුතුය...


මොකක්ද පුතේ නම.


සර්... සත්සරණි..


කීය වසරටද...?


8 වසරට...


8 වසරට? ඉස්කෝලෙ කීය වසරෙද෴?


අවිශ්ක නැවත ඇසුවෙ 8 ශ්‍රේණියේ ම දැයි සැක හැර දැන ගන්නට විිය යුතුය.. මන්ද, ඈ පෙනුමෙන් සාපෙළ සිසුවියකගේ තරම් විය.. නමුදු ඇගේ මුහුණුවරෙහි ලාබාල ගතියක්ද විය...


අනෙක් කරුණ නම් ඇය පැමින ඇතතේ විශ්ක ගේම පන්තියට වීම නිසාය...


ඉස්කෝලෙත් 8 වසරෙ තමයි සර්..


එවිට උත්තර දුන්නේ මැදිවියේ කාන්තාවයි..


ආහ්... මම තමයි මෙහෙ 8 පන්තිය භාරව ඉන්නෙ... මේ එතකොට සත්සරණිගෙ අම්මද෴?


ඔව් සර... ඇය පිළිතුරු දුන්නේ මදක් පැකිලෙමින් මෙනි..


ඇතැම් විට ඇය ඇග් මව සිටි විලාසය නිසා ලැජ්ජා වනවා වියත් හැකිය.. කිසිවක් ගනන් නොගෙන අවිශ්ක අව්‍යාජ සිනහවකින් ඈ හට සංග්‍රහ කල නිසා ඈගේ මදකට හෝ සංසුන් වනනට ඇත.....


අම්මෙ.. දුවව දහම්පාසලට ඇතුල් කරන්න හිතපු එක බොහොම හොඳ  දෙයක්.. මේ වෙලාවෙ ඉඳල සත්සරණි අපේ දහම්පාසලේ ශිෂ්‍යාවක්.. දැන් අපි පෙල පොත් ටිකත් දෙනව. අදින් පස්සෙ තියෙන හැම තරඟෙකටම, විශේෂ අත්සව, විභාග, සියල්ලටම සත්සරණිටත් සම්බන්ද වෙන්න පලුවන් හැකියාව අනුව. විශේෂම දේ, අපි බලාපොරොත්තු වෙනව හැමදාම දහම්පාසැල් එන එක..


නායක හාමුදුරුවන්ගේද විශේෂ අනසාසනයකින් පසු ඇගේ මව පිටවී ගිය අතර එදින සිට අවිශ්ක ගේ පන්තියේ ශිෂ්‍යාවක් ලෙස ඇය ඉගෙනුම ආරම්භ කලහ..


සති කීපයකින්ම අවිශ්කට ඈ හඳුනා ගත හැකි විය.. මනා සේ ඈව තේරුම් ගත් අවිශ්කට පැහැදිලි වූයේ, ඈ ඉගනීමට බෙහෙවින් දුර්වල බවයි..


ඇතැම් විට පන්තියේ අනේක් දරුවන්ගේ උසුලු විසුලු වලට පවා බාජනය වන තරමට ඈ අධ්‍යාපනයට දුර්වල විය..


රුවෙන් පොහොසත් ඈ හට අධ්‍යාපනයටද විශේෂ කැපකිරීමක් කලහොත් අද්‍යාපනයද දිනිය හැකි බැවි ක්‍රමයෙන් අවිශ්කට තේරුම් ගියහ..


දහම් පාසලේ ඉහලම ලකුනු මට්ටමේ සිටි අවිශ්කගේ පන්තියේ දරුවන්ට අමතර පන්ති අවශ්‍ය නොවුනි.. නමුදු, සත්සරණි නිසාම අවිශ්ක සතියට දෙවරක් සතියේ දිනවල සවස දහම්පාසලේ නොමිලේ අමතර පන්ති ආරම්භ කලහ...


සත්සරණි, පුතේ... ඉස්සෙල්ලම මට කියන්න.. ඇයි ඔයා නිතරම කල්පනා කර කර ඉන්නෙ.. මොකක්ද ප්‍රස්නෙ..?


දිනක් සත්සරණි කලින් පන්තියට පැමිනි දිනක අවිශ්ක විමසුවේ ඉතාම දයාබර ස්වරයෙනි.. ඇත්තෙන්ම මේ වන විට අවිශ්ක සත්සරණි ගේ ගුරුවරයා මෙන්ම ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුද වී සිටියේ ඈ පන්තියේ කොන් වන ඇතැම් විට ඇගේ පැත්ත ගෙන ඈව දිරිමත් කරන නිසා විය යුතුය...


සර්, මට ලැජ්ජයි කියන්න. ඒත් මම සර් ට කියන්නම්...


ඈ නෙතඟ කඳුලු පුරවාගෙන කියන්නට වෑයම් කරන්නේ මහා දුක් අඳෝනාවක් බැව් අවිශ්කට හොඳින්ම තේරුම් ගියහ...


සර්.. මගෙ තාත්ත බස් කොන්දර කෙනෙක්.. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නව.. අපි ගොඩක් දුප්පත්...

ඔයාගෙ කථාවට මම බාදා කරනව.. දැන් ඇයි ඔයා දුප්පත් කීවෙ..? ම්...

 අපිට සල්ලි නෑ සර්...


පුතේ, ඔයා හිතාගෙන ඉන්න විදිය වැරදියි... මිනිස්සුන්ගෙ දුප්පත්කම මනින්නෙ සල්ලි වලින් නෙමෙයි... 

දැනුමෙන්.. අධ්‍යාපනයෙන්.. හොඳද... මෝඩයො තමයි සල්ලි වලින් දුප්පත්කම මනින්නෙ... අද සල්ලි තියෙන මනුස්සය හෙට සල්ලි නැති වුනොත් දුප්පත් වනව කියමුකො ඔයා කියන විදියට෴ හැබැයි පුතේ අද ලබා ගත්තොත් දැනුමක් ඒක කවදාවත් කාටවත් නැති කරන්න බෑ෴ ඉතින් එහෙම බලද්දි සල්ලි වලින් දුප්පත් පෝසත් කම මනින විදිය වැරදී නේද...?


ඈ මදක් කල්පනා කරන්නට විය.. අවසානයේ දෙකොපුල් දිගේ රූරා වැටුනු කඳුලු පිස දමමින් මද සිනහවකින් යුතුව හිස වනන්නට විය...


හම්, කියන්නකො දැන්...,


ඈ අවිශ්කගේ වචනයට කීකරු වන්නට විය...


මේ වන විට අවිශ්කලාගේ කථාව දුර ඉඳන් ලොකු හාමුදුරුවන්ද ඇහුම්කම් දෙන්නට විය.. අවිශ්කට එය පෙනුනද, ලොකු හාමුදුරුවන්ට පිටුපා වාඩි වී සිටි තත්සරණි එය නොදත්හ෴


අපේ තාත්ත අපට ආදරේ නෑ.. එයා හැමදාම අම්මට බනිනව.. ගහනව.. නංගිලාටත් ගහනව... අම්ම තමයි හැමදේම කරන්නෙ. 


ඈ දිගින් දිගමට දුක් අදෝනාවක්ම කියාගෙන ගියහ.. ඒ ඇතැම් විටෙක, ඈ කුසගින්නේ සිටි අවස්තා, ඇගේ පියාගේ ගුටිබැට හමුවේ වද වේදනා විඳි අවස්තා, පවුලේ අයගෙන්, පාසැලෙන්, සමාජෙන් ගැරහුම් ලද අවස්තා, ආදී බොහෝ දේ කියවුනි...


(දෙයියනේ.. මේ කෙල්ලට ඇතතටම ආදරේ කියන දේ, රැකවරණය කියන දේ ලැබෙන්නෙ ඉතාම ල්ප විදියට නේද.. මේ විඳින තරම් දුක් විඳින අය තව කොච්චර නම් ඇත්ද ලංකාවෙ.. ඒ අතින් අපිට මොන ප්‍රස්නද?) ආදී දහසකුත් සිතුවිලි අවිශ්කගේ උණූ වූ  සිත තුලින් බුර බුරා නැගෙන්නට විය...


සත්සරණි.. මේ අහන්න.. මමත් ගොඩක් දුක් විඳපු කෙනෙක් මේ තත්වෙට එන්න.. හොඳද.. දන්නවද.. මං ඉස්සර පන්තියෙ අන්තිමය..ඒත් ඔයා පන්තියෙ කීප දෙනෙකුට හරි ඉස්සරහින් ඉන්නව. මං ඉස්කෝලෙ ගියෙ, පන්ගියෙ තනියම. ඒත්, ඔයාව එක්ක යන්න අම්මවත් ඉන්නව.. මමත් ගුටි කාපු අවස්තා තියෙනව.. බේර ගන්න කවුරුත් හිටියෙ නෑ.. ඒත් ඔයාව බේර ගන්න අම්ම හරි ඉන්නව.. අනික බලන්න.. ඔයාට නංගිලම දෙන්නෙක් ඉන්නව. කොච්චර ෂෝක්ද.? මට නංගිලත් නෑනෙ.. ඉතින් ඔයාට මට වඩා හොඳට ඉගෙන ගන්න පුලුවන් වෙන්න එපැයි.. ම්..


අවිශ්ක අවිශ්ක විඳි දුක් ගැන බොරුවක් ගොතා කීවේ ඇගේ සිත සනසන්නටය.. ඔහු එසේ දුක් විඳි එකකු නොවේ.. නමුදු සත්සරනි ඔහු වස්වාස කන්නට විය..


අද ඉඳන් හිතට ගන්න. මොන ප්‍රස්න ආවත් පාඩම් කරනව.. මොන දේ උනත් විභාග පාස් කරනව. පන්තියෙ පළමු 10 දෙනා අතර ඉන්නව.. කොහොම හරි කැම්පස් යනව.අද දුක විඳින අම්මට, අද සැර කරන තාත්තට, ඔයාගෙ චූටි නංගිලා දෙන්නට හොඳින් සලකනව. බලා ගන්නව කියල.. ඔයා බලන්නකො. ඔයා හොඳට ඉගෙන ගන්න ගත්තම තතාත්තත් හොඳ කෙනෙක් වෙනව..


අවිහ්ක නිතරම මෙවන් දේ කියන්නට විය.. ඇයව දිරි ගන්වන්නට විය.. ඇයද කෙමෙන් කෙමෙන් අධ්‍යාපනයට යොමු විය.. දිනෙන් දින පංතියේද, බාහිර වැඩ වලද, දහම් පාසලේද ඉදිරියටම එන්නට විය...


දැන් තත්සරණි හොඳට වැඩ කරනව නේද.. අවිශ්කගෙ උත්සාහය අපතෙ ගිහින් නෑ වගේ..


ඇතැම් විට ලොකු හාමුදුරුවන්ද පැවසුවේ ප්‍රශංසනීයවය...


ඈ විටක ගෙදර හෝ දුරකථන කුටියකින් අවිශ්ක ඇමතීය. හේතුවක් ඇතිව හෝ නැතිව සිදුවන, ලැබෙන සියළු අවස්තා සහ සිඳුවීම් පියකුට මෙන් අවිශ්කට කියන්නට ඈ අමතක නොකලහ..


ඇතැම්විට අවිශ්ක පියෙකුද, ගුරුවරයෙකුද, මිතුරෙකුට, නැත්නම් වෙනත් කවරෙකුද යන්න පවා ඈ හට ගැටලුවක් වන්නට ඇත..


සර් මාව බේර ගන්නෝ... දිනක් දහම් පාසැල් ඇරී ළමුන් ගිය පසු ලොකු හාමුදුරුවන්ට නමස්කාර කර නිවසට ඒමට යතුරු පැදියට නගිනවාත් සමගම සත්සරණි කෑ ගසාගෙන දිවවිත් අවිශ්කගේ ඇඟේ එල්ලුනි.. ඈ හඩමින් අවිශ්කගේ අතේ එල්ලී සිටියේ හැහෙන ගතිනි.


ඇයි ඇයි සත්සරණි.. මොකද උනේ.. ඇයි ඔයා බයවෙලා.. 


සර්.. අර අර..


පිරිමි ළමුන් දෙදෙනෙකු යතුරු පැදියක් නවතාගෙන ඈත පාරෙහි විය.. ඔවුන් ගමේම අයවලුන්ය..

ස්... මෙහා එමු පොඩ්ඩක්..


අසාධාරණයේදී යක්ෂයකු මෙන් වූ අවිශ්ක සැරෙන කතා කලේ සත්සරණීවද තිගැස්සවමිනි.. මේ වන විට ලොකු හාමුදුරුවන්ද එතනට විත්ය..


මොකක්ද ප්‍රස්නෙ මල්ලිල෴


නෑ මේ..


නෑ මේ නෙමේ.. මොකක්ද ප්‍රහ්නෙ තමුසෙලට෴


අවිශ්ක කථා කලේ ටිකක් උස මහතින් යුත් කෙනාව කොලරයෙන් අල්ලා දහම්පාසැල් ගේට්ටුවට හේතුත කරමිනි...


ඇත්ත කියපන්.. නැත්නම් කඩනව අත් කකුල්....


නැ මේ.. මේ.. අරූ තත්සරණි ට ටෝක් කරනව.. ඒකි කැමති නෑ.. අද ආවෙ අකමැතිනම් උස්සන්න..

කන හරහා වැරෙන් පහරක් එක්ක කල විශ්ක තත්සරණි පසුපස එවා යැයි කියා පෙන්වූ අනෙකා ලඟට ගියේ කේන්තියෙනි..


වෙන්නට යන්නේ කුමක්දැයි නොදත්තද, මෙවන් වෙලාවට අවිශ්ක පාලනය කිරීමට යෑම තවත් ඔහුගේ කේන්තිය ඇවිස්සිමක් බැවි ලොකු හාමුදුරුවන්  දැන උන් නිසාම නිහඩව සිදුවන දෙය දෙස විමසිල්ලෙන් බලා සිටියහ..


උඹද අනංගය.. ම්.. අහිංසක කෙල්ලෙකුට පාරෙ යන්න දෙන්නෙ නැති අනංගයා.. ඔහුටද වැරෙන් පහරක් එක්ක කල අවිශ්ක  බිම ඇද වැටුනු ඔහු නැගිට්ටුවා නැවත පහරක් ගැසීය..


මෙයාට කොල්ලෙක් නෑ කියල දන්නව අයියෙ.. ඒකයි පස්සෙන් ආවෙ...


ඔහු කෙදිරි ගාමින් පවසන්නට විය..


මොකක්.. කොල්ලෙක් නෑ.. උඹ කොහොමද එහෙම කියන්නෙ..


මං දන්නව.. එයාට කොල්ලෙක් නෑ..


අවිශ්ක සිනා සෙන්නට විය..


සිදුවන්නේ කුමක් දැයි ප්‍රෙහෙලිකාවකි..


යකෝ ගොනෝ... සත්සරණි මාත් එක්ක යාලු වෙලා ඉන්නෙ... උඹේ වැඩක් බලාගෙන පලයන්.. ආයෙ ඒ කෙල්ලට කරදර කරන්න ආවොත්෴...... මරණව.. පලයව්...


ස..සමා වෙන්න අයියෙ. අපි දැනන් හිටියෙ නෑ... අවිශ්ක ඉදිරියේ දෑත් එක්කොට සමාව අයදිමින් ඔව්න් යන්නට විය...


අඬමින් සිටි සත්සරණි දිලිසෙන නෙත් යුග අතරින් වෙනස් ම ආකාරයක සිනහවක් පෑවේ මන්දැන් අවිශ්කට නොතේරුනි.. වෙන කරන්නට යමක් නොවූ නිසා අවිශ්ක එසේ පැවසුවේ ඇගේම ආරක්ෂාවටය...

දින සති ගෙවුනි..


සත්සරණි කෙමෙන් ප්‍රමාණයටත් වඩා අවිශ්කට සමීප විය.. ඈ අවිශ්කගෙන් බොහෝ සේ සෙනෙහස බලාපොරොත්තු විය..


මිතුරියකට, සහෝදරියකට මෙන් අවිශ්ක ඈහට සලකන්නට විය..


ඈ දිනෙන් දින රුවෙන් මෙන්ම ගුණෙන්ද, දැනුමෙන්ද පෝෂණය වන්නට විය...


පුතා, මේ මං ඔයාව හම්බ වෙන්න ඔයාලගෙ ගෙදර යන ගමන්... දිනක්  මහමගදී  හමුවී සත්සරණිගේ මව පවසන්නට වූයේ අවිශ්කට කිසිත් සිතා ගැනීමටවන් නොහැකි ලෙසය..


ඇයි අම්මෙ... මොකක් හරි හදිසියක්ද...?


හදිසියක් නම් තමයි.. මං මේ පුතාගෙන් ඉල්ලන්නෙ, අම්මකෙනෙක් විදියට බුදුන්ට වඳින දෑත් එක් කරල... පිං සිද්ද වෙයි.. මගෙ කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න.. මට මගෙ කෙල්ල හිඟන්නෙකුට හරි බන්දල දෙන්න උන්ට උගන්නගන්න දෙන්න මහත්තයො.. මං කන්නෙ අඳින්නෙ නැතිව උන්ට උගන්නනනෙ..උන්ගෙ තාත්ත කිසිම දෙයක් කරන්නෙ නෑ. මමමයි පුලුවන් හැම හයියක්ම දාල මේ කෙල්ලො තුන් දෙනාට උගන්නන්නෙ.. පිං සිද්ද වෙයි.. මට පොරොන්දු වෙන්න. මගෙ කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ නවත්තනව කියල.. ඈ හඬමින් කියවන්නට විය..


අම්මෙ මේ..


අනේ මහත්තයො.. කථා එපා.. කරුනාකරල.. මං මේ මහත්තයගෙ අම්මයි තාත්තයි හම්බ වෙලා වැඳල ඉල්ලන්න යන්න ගියෙ මහත්තයලගෙ ගෙදර...


කවුද කීවෙ මෙහෙම කතාවක්...


මහත්තය මගෙ කෙල්ල පස්සෙන් කරදර කරන්න ආව කොල්ලො දෙන්නෙකුට ගැහුවලු.. කෙලීව බේර ගත්තට බුදුබව අත් වෙනව මහත්තයො.. ඒත්, මං මේ වගක් දන්නෙ ඒ කොල්ලො දෙන්න ගෙදරටම ඇවිත් කීවම.. මං පස්සෙ කෙල්ලගෙන් ඇහුවම මට හැමදෙම කීව කෙල්ල.. මං දන්නව.. කෙල්ලට නරකක් කරන්නෙ ණෑ කියල ඔයා... ඉගෙන ගන්න කීවලු.. නංගිලට අම්මලට සලකන්න කීවලු෴ මට හැමදේම කීව දරුව.. ඒත්, මට හිඟන්නෙකුට හරි බන්දල දෙන්න මට මේ කෙල්ලට උගන්න ගන්න දෙන්න.. මේ සම්බන්දෙ  නවත්තන්න පොරොන්දු වෙන්න මහත්තය... ආයෙ කෙල්ල දහම්පාසැල් එවන්නෙත් නෑ මං...


හරි හොඳයි... ඒත්........, දරුවව දහම් පාසලට එවන්න. මං ඉන්න එකනම් ප්‍රස්නෙ මම නවතින්නම්....


(අවිශ්ක එපමනක් කීය)  ඔහු සැබැවින්ම සත්සරණිට ආදරේ කරයි.. නමුදු ඒ සහෝදරියකට, සොයුරියකට, දහම්පාසලේ ගෝලයෙකුට මෙනි.. ප්‍රේමයක් ගැන ඔහු සිතාවත් නැති.. එදා එවදන් පිට කලේ ඇගේ ආරක්ෂාවටය.. නමුදු, සෙනෙහසක් සොයමින් සිටි ඈ අවිශ්ක කෙරේ සෙනෙහෙන් බැඳෙන්නට ඇත.. එම වදන් වරදවා වටහා ගන්නට ඇත..


සත්සරණි දහම්පාසැල් ගමන නැවැත්වීය.. කුමන හේතුවක් නිසා හෝ ඈ, පාරකදී මුණ ගැසුනද බිම බලාගෙනම යන්නට විය...


දින සති මාස ගෙවුනි..


සත්සරණිගේ සමු ගැන්මත් සමග අවිශ්ක මානසිකව ඇද වැටෙමින් සිටියහ..


දහම්පාසලට ආයුබෝවන් කී ඔහු ගමෙන්ද කෙමෙන් ඈත විය..


කාලයත් සමග සත්සරණි අපොස සාපෙල ලියන්නට සැරසිනි..


අවිශ්කගේ මතකයේ නිතර ලැගුම් ගත් සත්සරණිට සුභ පතන්නට ඇවැසි වුවද, අවස්ථාවක් වත් නොලැබිනි..


අපොස සාපෙල ලියන පළමු  දින අවිශ්ක විශාග ශාලාව අසලට විත්  ඈට හොරෙන් එක් වරක් ඈ දෙස බලා යන්නට ගියේ සිත් තැවුලෙනි..


නමුදු ආරන්චි වූ සැටියට ඈ අවිශ්ක කී ඔවදන් එලෙසින්ම පිලි පැද ඇති..  ඈ සාපෙලට වාඩි වන විට පන්තියේ 5 වෙනියා වි තිබේ.. ඈ දැන් රූමත් යුවතියකි.. දැකුම්කලු  ඇගෙ නෙත් යුගල වෙනදාටත් වඩා දීප්තිමත්ය..

කාලයත් සමග සාපෙල ප්‍රථිඵල පැමිනියහ.. ඈගේ ප්‍රතිපල ඈ ටත් කලින් පාසැල් දැන්වීම් පුවරුවෙන් බැලුවේ අවිශ්ක වනනට ඇත..


ඔහුගේ උත්සාහය, ඔවදන්, කැපකිරීම ගැන සියුම් සතුටක් බක්ති විඳිමින් අවිශ්ක බලා සිටියේ ඇගේ ඊලඟ තීරණය දෙසය..


අවිශ්කව අමතක වීද නොදනී. නමුදු ඈ හට අවිශ්කගේ ඔවදන් අමතක නැතුවාට සැක නැත..


ඈ වානිජ විශය දාරාවෙන් උසස්පෙළ හැදෑරීමට තීරණය කර ඇත..


ගමේ ඉස්කෝලෙන් ටවුන් එකේ ඉස්කෝලෙකට යන්න ඕනෙ ඔයා.. ඔයාට පුලුවන්.. හොඳට පාඩම් කරන්න. මං ගමේ ඉස්කෝ ලෙ ඉඳල ටවුමට ගියෙ.. ඔයාටත් පුලුවන්.. කොහොමහරි ඒ ලෙවලු පාස් වෙලා ඔයා කැම්පස් යන්න ඕනෙ.. එදාට  ඔයාට වඩා මම සතුටු වෙනව.. හොඳද෴  දිනක් අවිහ්ක ඈ හට කීවා මතකය..


ඈ එය එලෙසම ඉටු කර ඇත..


ඈ නගරෙ පාසලකට ඇතුලත් වී අද්‍යාපනය හදාරමින් සිටී...


ගමේ නගරේ දහසකුත් දෙනා, වරක් දුටුවහොත් දෙවරක් බලන්නට සිතෙන තරම් ස්භාවිකව ලස්සන ඈ පසුපස සෙනෙහස අයදිමින් දිව යන බැව් නොරහසකි. නමුදු දන්නා තරමින් ඈ ද අවිශ්ක මෙන්ම තවමත තිනකඩය..


ස්වභාවිත ලස්සන කීවේ, ඈ හට ක්‍රී ම් වර්ග පුයර වර්ග භාවිතා කරන්නට තරම් වත්කමක් නැති.. විලාසිතා කරන්නට වත්කමක් නැති.. නමුදු ඈ ස්වභාවිකවම මේකප් තට්ටු පිටින් උලන කෙල්ලන්ට වඩා දස දහස් ගුණයෙන් රූමත්ය.. එමෙන්ම ගති පැවතුම් අතින්ද ඉතා වැදගත් එකියක මෙන් බැවි අවිශ්කට දැනගන්නට ලැබී ඇත...


දින කිහිපයකට වතාවක් ඈ අවිශ්කට පාරෙන් හෝ මුණ ගැසේ.. ඇතැම විට අවිශ්ක ඈ දෙස ඈට නොහැඟෙන්නට බලා සිටී.. මූණටම මුණ ගැසුනද නන්නාදුනන එකක් දෙස මෙන් බලා අවිශ්ක පසු කර යන්නේ ඔහුගේ සිත දවා අලුකරලමිනි..


කාලය ගෙවෙමින් ඇත..


ඇය විශ්වවිද්‍යාල පුවේශය ලැබීමට අපේක්ෂා කරන බැවි මිතුරන් මගින් අවිශ්කට දැනගන්නට ලැබී ඇත..

ඉදිරියට වන්නේ කුමක්දැයි නොදනිත්,


නමුදු,


අවිශ්ක ලොවට රහසින් සත්සරණීට ආදරය කරනවා විය හැක...


දිනක සත්සරණී අවිශ්කට කතා කලහොත්,


තවත් සෙනෙහෙ කතන්දරයක සොඳුරු අවසානයක් එය වන්නට පිලිවෙන..


එනමුදු,


කතා නොකලහොත් හෝ තත්සරණී වෙනකකු වෙත ගියහොත්..,


අවිශ්කට කුමක් වේවිද෴

(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
 රචනය: රවීන් බණ්ඩාර

0 comments:

Post a Comment