Saturday, November 2, 2013

පොපි මලේ ඉතිහසය ෴

"පොපි මලේ ඉතිහසය "
 

1918 වසරේ නොවැම්බර් 11 වැනි දින 11 පැයට එතෙක් පැවති බිහිසුණු අත්දැකීම් ලොවට දායාද කරමින් පළමු ලෝක යුද්ධය නිමාවිය.

ලෝක යුද්ධයට සම්බන්ධවී සිටි රාජකීය කැනේඩියානු යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ සේවය කල ලුතිතන් කර්නල් ජෝන් මැක්ක්රේ මෙම මිනිස් ජිවිත විනාශ කරන කුරිරු යුද්ධය නිසා මහත් කම්පාවට පත්ව සිටි අතර 1918 දෙසැම්බර් මස 08 දින මිය ගිය අතර මිය යන අවස්ථාවේදී ඔහුගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළ වූයේ “කියන්න ඔවුන් හට මියැදුන අප කෙරෙහි විශ්වාසය කඩ කළොත් ඔබ වැඩුනත් පොපි ප්ලාන්ඩර් බිම් යායේ නිදි නොගන්නෙමු සදහටම අපි” යන්නය.

පළමු ලොක යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ දේහයන් මිහිදන් කළ සොහොන් මත ඇතිරුණ පස් කඳු මත රත් පැහැයෙන් වර්ණ ගැන්වුණ පොපි මල් ලක්ෂ ගණනක් එක යායට පිපී මඳ සුළඟේ නැළවෙන්නට විය. බිම් බෝම්බ හෙළු, සොහොන් වලවල් මතින් ගොඩ වූ අලුත් පසෙහි මේ මල් සීරුවට පිපෙන්නට විය.( ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි)

මින් අනතුරුව පළමුවරට යුද්ධයෙන් මියගිය විරුවන් සිහිකල දිනයේදී ලුතිතන් කර්නල් මැක්ක්රේගේ සේවය ඇගයිමට ලක් කරමින් ඇමරිකානු තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කල මොයිනා මිචෙල් මහත්මිය විසින් පොපි මලක් පැලැඳගෙන මිතුරන් අතරේ පොපි මල් විකුණා ඉන් ලද මුදල මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සදහා යොදවන ලදි.

පොපිමල් දිනයේ ඉතිහාසය මෙලෙස ආරම්භ වූ අතර මහා බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ පොපි මල් විකිණීම 1921 ප්‍රථම වතාවට ආරම්භ විය.අඛණ්ඩව ඔවුන් මෙම සත්කාරය මේ දක්වා නොකඩවා පවත්වාගෙන එන ලදි. 1919 වසරේදී ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියකු වන එඩ්වඩ් ජෝර්ජ් හොනී විසින් යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සඳහා විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් රැකීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යොජනාව සම්මත කරමින් එම වසරේදීම 5 වන ජෝර්ජ් රජු විසින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් රැකිය යුතු බවට නොවැම්බර් 7 වැනි දින නියෝග කළ අතර එතැන් පටන් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්ද එසේ නිශ්ශබ්දතාවය සුරකමින් වාර්ෂිකව යුද්ධයෙන් මියගිය අය සිහි කරමින් පොපිමල් දිනය සමරණු ලබයි.
 
උපුටා ගැනීම:
මූණු ෙපාත: වි ෙශ්ෂ කාර්ය බලකා පිටුව.

3 comments:

  1. Replies
    1. ස්තූතියි මල්ලි..
      රැඳී ඉන්න අප සමග දිගටම

      Delete
  2. තව පින්තූර ටිකක් දැම්මනම් තව හැඩයි

    ReplyDelete