Sunday, November 10, 2013

පිනි මත බඹරු (8 වන කොටස)

පුද්ගලිකත පරිගණක පන්තියට යන්න උදේම ගෙදරින් පිට වුනාට මොකද, හිතට සැහැල්ලුවක් නම් තිබුනෙම නෑ. දහ දුක් විඳගෙන අම්මල ජීවත් වෙන්න සටන් කරද්දි, අතේ සතේ නැතිව මම පුද්ගලික පන්තියකට යන එක හරිද කියන ප්‍රස්නෙ මගෙ හිතේ නොතිබුනාම නොවේ.

ආහ්.... ලෝචන... උදේම කුකුලත් අතින් අරන් මොකද මේ පැත්තෙ...?
ආහ්... සුජා... ගුඩ් ‍මෝනිං... කො‍හොමද?

ගුඩ් මෝනිං ලෝචන.. එපා වෙනව ගෙදර ඉන්න ගියාම...

ම්... හම්.... මමනම් ඔය පොඩි පොඩ් ජොබ් කීපයකටම ඇප්ලිකේෂන් දැම්ම.  ඒත් රිසාල්ට් එනකන් ඒවගෙන් වැඩක් නැතිවෙයි වගේ...

ආ... කුමාරය හිමිදිරි උදේම සැපත් වෙලා ඉන්නෙ... කුමාරිකාව මුණ ගැහෙන්න වගේ..

ආහ්.. සජ්ජ.. ගුඩ් මෝනිං වේවා...

මෝනිං මෝනිං...

ආපෝ.. උඹ ආවනෙ මෙහෙත් වනසන්න...

පල පල ඩෝ යන්න.. මේ සජ්ජ නැත්තන් ලොවෙත් නෑ...

හ්ම්... හ්ම්... අපි නොදන්න ලොව....

(සුජා කට ඇද කරල නෝන්ඩියට වගේ කියල සජ්ජට කැපිල්ල දැම්මෙ රමේකගෙ හැකර කටේ තරම දන්න හින්දයි..)

ආහ්...  මට අමතක උනා... ලෝචනා මේක දෙන්න කීව ඔයාට ලෝචන...

(සුජානි මගෙ අතේ 4ට 5ට නවපු කොල කෑල්ලක් තිබ්බෙ සජ්ජත් ඉන්න තැන...

වාව්... වාව්... කොල්ලගෙ ලව නම් නැගලම යනව වගේ... කෝ.. මෙහෙ දියන් බලන්න..

(සජ්ජ මගෙ අතින් ලිව්ම උදුර ගත්තෙ කියවන්න බව මම දැන ගත්ත...)

ඔන්න එහෙනම් සුජා ලෝචගෙ ආදර පෙම් පුවත ඈ...... හොඳට අහගන්න සුජා...

හ්ම්... හ්ම්... හ්ම්...

උගුර පාදල එහෙම සජ්ජ ලෑස්ති වෙන්නෙ මගෙ ආත්ම ගෞරවේ සුජා ගාව කුජීතම කරන්න බව මම දැන ගත්ත. දැන් මොනව කරන්නද? පාප මිත්‍ර සේවනයේ ප්‍රථිඵල.???

නිවසේදී... ලෝචන....

ෂැක්.. මන් හිතුවෙ මගෙ සුදු පැටිය සංගිලි බෝලෙ... රත්තරං... මැණික... කියල ආමන්ත්‍රණයකර තියෙයි කියල ඈ... ෂෑ... 

සජ්ජ කියවගෙන ගියේ මාව අගතියටම කපා දාල. සුජා නම් හිටියෙ ගොඩක් බයවෙලා වගේ...

ෝචන... ඔයාට කොහොමද? මම මේ ලිපිය ලියන්න හිටියෙ ගොඩක් කලින්. ඒත් යාළුවො......

(ඉතිරිය සජ්ජ සද්දෙ වහගෙන කියවන්න පටන් ගත්ත..)

සුජානි මගේ දිහා විටින් විටේ බයවෙලා වගේ බල බල බිම් බලාගත්ත..ඒ ඇයි කියලනම් මට තේරුම් ගන්න බැරි උනා....

ලිපිය සම්පූර්ණයෙන්ම කියවල අවසන් කරපු සජ්ජ මන් දිහා මොහොතකට බලාගෙන ඉඳල ආයෙත් ලිපිය මුල ඉඳන් කියෙව්වද කොහෙද?

මොකද බන්..  මොකද ලෝචනා කියන්නෙ...?

සජ්ජ ඒත් කථාවක් බහක් නැතිව ලිපිය කියවනව බිම 
බලාගෙනම..මොකෝ බං.. මූඩ් ගහගෙන ගල් ගිලල වගේ...උඹට ලෝචනා බැනලද බන්....

ඒත් සජ්ජ කතා කරේවත් ඔලුව ලිපියෙන් ඉවතට ගත්තෙ වත් නෑ. සජ්ජගෙ ඇස්වල කඳුළු දිලිසෙනව දැක්කෙ මම ඒ වෙලාවෙ.මෙන්න මෙහාට දියන් බලන්න.

මම සජ්ජගෙ අතින් ලිපිය ඇදල ගත්තෙ ටිකක් කේන්තියෙන්.

සජ්ජ එහෙමම හිටගෙන හිටපු තැන තිබුනු ලයිට් කනුවට හේත්තු වෙලා ලයිට් කණුවට හේත්තු වෙලා කල්පනා කරන්නට වුනේ මාව අන්ද මන්ද කරමින්..

ඇ්තටම මොනවද ලෝචි ලියල තියෙන්නෙ.? මූ මේ තරමටම අප්සෙට් යන්න තරම්... කල්පනා කරමින්ම ලිපිය කියෙව්වෙ මුකුත්ම හිතා ගන්න බැරිව..

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

මෙහි සියළුම හිමිකම් FREEGETLANKA.COM සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...

4 comments:

  1. අද කොටස නම් බොහොම අඩුවෙන් ලියලා තියෙන්නේ පේළි 49 නේ.... මං හිතන්නේ ලියුමේ තියෙන්නේ කෙල්ල දුක කියලා ගෙදර අම්මා කරන වෙනස්කම් කියලා.. :D

    ReplyDelete
  2. කතාව සත්‍ය කතාවක්...
    වෙනස් වීම් ගොඩයි..
    සිදුවීම් ගොඩයි...
    හිතට හිතෙන බොහෝ දේ වෙනස් වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව 99%ක්..
    නොවෙනස් වෙන්නත් පුළුවන්..
    දිගටම අප සමග රැඳී සිටින්න....
    ස්තූතියි...

    ReplyDelete
  3. ඔන්න අද තමයි ෆ්‍රී එකක් ලැබුනේ, සේරම කියෙව්වා, කතාව හොදයි, සුබ පැතුම් @princearther

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා..
      9 වන කොටසත් කියවන්න

      Delete