ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Monday, November 25, 2013

මොනවද මේ අළුත් භාෂා-පට්ට කථා෴

මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයිමිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.
 
එහෙත් අද නමින් අමතනු වෙනුවට ”-මචංයන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ ලූ... යුගයෙන් යුගයට සමාජය අතික‍්‍රමණය කරන බොහෝ දෑ අතර අලූත් වචනද එක් දෙයක්යැයි කීවොත් එය නිවැරදිය.
  පසුගිය කාලයේ අප සමාජයේ අතිශය ජනපි‍්‍රය වචනයක් බවට පත්වූයේ පට්ටයන වචනයයි. පට්ට යන්නෙන් අරුත් ගැන්වෙන්නේ කුමක්ද? මේ ඒ පට්ට පිළිබඳව සොයා යාමකි. පට්ට සේම කටට හුරුවූ තවත් වචන පිළිබඳව මතකය ද ඒ සොයායාමේදී හමු විණි. ඉතිකින් මේ වනාහි පට්ට පෙරටු කරගෙන පට්ටවලට පෙර හා පසු පැමිණි තවත් වචන පිළිබඳව ද විමසා බැලීමකි.
 
භාෂාවේ පදවලට එක් එක් කාලවලදී දෙන අර්ථ වෙනස් වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස සුඟක් යන්න පැරැණි භාෂාවේදී ඉතා ස්වල්පයක් යන්න හැඟවනු පිණිස භාවිත වූ වදනකි. එහෙත් අද ඇත්තේ මීට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිපක්ෂ වූ අර්ථයකි. අද භාවිත වන්නේ සුඟාක් නොව හුඟාක් යන වචනයයි. එයින් අදහස් වන්නේ ස්වල්පාර්ථය නොව බහුලාර්ථයයි.
 
මෙය භාෂාව පරිණාමය වීමයි. මළ භාෂාවක් නම් මෙසේ පරිණාමය වන්නේ නැත. භාෂාවක් යනු ප‍්‍රාණයක් සහිත දෙයකි. භාෂාවට පණ ඇති හෙයින් භාෂාවේ පදවල අරුත් කලින් කලට වෙනස් වේ.
 
එමෙන්ම භාෂාවක එක් එක් විෂයන්වලට අනන්‍ය වූ පාරිභාෂිත වචනද පවතී. පාරිභාෂිත වචන අදාළ වූයේ එකී විෂයට අදාළව පමණි. එහෙත් නූතන ලේඛකයන් මෙම වචන තමන්ට අවැසි පරිදි තම ලේඛනය සඳහා යොදා ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබේ. උදාහරණයක් ලෙස අවශෝෂණය කරගැනීම විද්‍යා විෂය ධාරාවට අනන්‍ය වූ පාරිභාෂිත වචනයකි. එහෙත් අද සාහිත්‍ය විචාරවලදී මෙම වචනය භාවිත කරනු දක්නට ලැබේ.
  සංගායනාවක් යනු යතිවරයාණන් වහන්සේලාට පමණක් කළ හැක්කක්යැයි ඇතැම්හු සිතති. එහෙත් සංගායනාව යනු යහපත් ගායනාවක් යන අරුත් ඇති වචනයකි. යමෙක් පවසතොත් ව්‍යාකරණ සංගායනාවක් පිළිබඳව එතෙනදී සිදුවන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ  භාවිත කළ වදනක් සාහිත්‍යයට අදාළව භාවිත කිරීමකි.
 
පෙර කල දේහය යන්න භාවිත කළේ මෘත දේහය යන්න කරන සඳහනකදීය. එහෙත් අද කාව්‍ය විචාරයේදී ද දේහය යන වචනය පරිහරණය කරයි. කාව්‍ය ආකෘතිය යන්න වෙනුවට ඒ අරුතින්ම කාව්‍ය දේහය යන්න යොදා ගැනීම අද දක්නට ලැබෙන්නකි.
 
ආචීර්ණකල්පිත අදහස් දරන, නොඑසේ නම් වෙනස්වීම යන්න පිළිගැනීමට අකමැති භාෂාව විනාශ වේ යැයි චෝදනා කරන භාෂාව සංස්කෘතියක් ලෙස පිළිනොගන්නා භාෂාවේ වෙනස්වීමට විරුද්ධව අදහස් දක්වන අය මෙය භාෂාවේ ශුද්ධ බව නැති කර භාෂාව කාලකන්නි කිරීමක් ලෙස හැඳින්වුවද මෙය භාෂාව විනාශ කිරීමක් ලෙස අප නොපිළිගන්නේ ජීව භාෂාවකට මෙකී උරුමයන් සහ වෙනස්වීම් නිසඟයෙන්ම අනන්‍ය වන බැවිනි.
 
භාෂාවේ ආමන්ත‍්‍රණ නිපාත ලෙස හඳුන්වන නිපාත පද විශේෂයක් පවතී. ව්‍යාකරණ පතපොතේ ආමන්ත‍්‍රණය කිරීමේ නිපාත යටතේ ඇත්තේ එම්බා, එම්බල, බොල, තෙල, බොලේ, ඒයිඕයි යන ආමන්ත‍්‍රණය. 

එහෙත් අද සමාජයේදී මේ එක් වචනයක්වත් පොදුවේ ආමන්ත‍්‍රණ සඳහා යොදාගත හැකිද යන ප‍්‍රශ්නය පවතී. පොතේ ඇති නිපාතය එය වුවත් සමාජයීය වෙනස අනුව භාවිත කිරීම පිළිබඳ ප‍්‍රායෝගික ගැටලූවක් පවතී.
 
අව්‍ය පදයකදී ස්තී‍්‍රලිංගxපුරුෂලිංග යන භේදය නොපවතී. ඒක වචන බහු වචන යන භේදය නැති වේ. එමෙන්ම විභක්තිවලදී වර නගන්නට නොහැකි වේ. උදාහරණයක් ලෙස මෙන් යන නිපාතයට ස්ති‍්‍රලිංග පුරුෂලිංග භේදයක් නැත. වරනගන්නටත් නොහැක. ඒක වචන බහු වචන භේදයකුත් නැත.
 
අඩෝ යන වචනය ගතහොත් ව්‍යාකරණ පොතේ හැරෙන්නට නාට්‍යයේත්, චිත‍්‍රපටියේත්, පත්තරයේත්, පොලිස් වාර්තාවලත්, නවකතාවේත්, කෙටිකතාවේත් මේ වචනය නැත. ව්‍යාකරණ පොතේ තිබුණත් එම්බා, බොල, තෙළ, බොලේ යන ආමන්ත‍්‍රණ මේ එක් මාධ්‍යයක්වත් නැත. භාෂාවේ ජීවගුණය, භාෂාවේ වෙනස්වීම් ස්වභාවය මෙයයි.

අනාගතයේදී -මචංයන ආමන්ත‍්‍රණය නිපාතයක් වන බවට ඉඟි ලැබෙමින් පවතී. නිපාතයක් වීමට නම් වචන භේදයක් නැතිවිය යුතුය. මචං යන්නේ වචන භේදය අද වෙද්දී තුනීවෙමින් නැතිවෙමින් යමින් පවතී. මචං යන්නට තිබූ නිශ්චිත අර්ථය මස්සිනා යන්නයි. අද ගැහැනු ළමයින් ගැහැනු ළමයින්ටත් පිරිමි ළමයින් පිරිමි ළමයින්ටත් මේ කිසිදු භේදයකින් තොරව මචං යන්න භාවිත කරයි. නිශ්චිත අර්ථය හා ලිංග භේදය නැතිවී මචං යන්න ආමන්ත‍්‍රණ නිපාතයක් බවට අද පත්වී ඇත. 

ව්‍යාකරණ ඇදුරකු මචං යන්න  නිපාතයක් ලෙස හැඳින්නොවූවත් අනාගතයේදී එය එසේ වන බවට ඉඟි පවතී.
 
එදා ගම්වල පට්ට යන වචනය ඇතැම් අවස්ථාවල භාවිත කළේ ඉතාම නරක යන අර්ථය දෙන්නටය. පට්ට බැල්ලී, පට්ට වෙසඟන (එය භාවිත වූයේ වෙසඟන යන්නටම යෙදුන අකුරු තුනේ වචනයකිනි.) පට්ට බවට පත්වුණේ පර යන වචනයයි. පරබල්ලා, පට්ට බල්ලා බවට පත්වුණේය. මෙතනදී පර ලෙස ගැනුණේ නරක, අධම, නීච යන අරුතයි.
 
එහෙත් අද පට්ට යන්නෙන් අරුත් ගැනෙන්නේ සරලව කිවහොත් -මාරයන්න වන භාවිතයට සමාන අරුතකි. විශාල උත්කර්ෂයට පත්වන කි‍්‍රයාවක්, සංතෘප්තිදායක දෙයක්, විශ්මය ජනක දෙයක් යන්න සඳහන් කිරීමට ඒ සියලූ අර්ථ කැටිවූ වචනයක් ලෙස පට්ට යන්න භාවිත කරයි.
 
පට්ට ෆිල්ම් එකක් බැලූවා මචං යනුවෙන් පවසද්දී පට්ට යනු හද්ද පිටිසර වචනයකි. ෆිල්ම් යනු චිත‍්‍රපටිය යන්නට යෙදෙන ඉංගී‍්‍රසි වචනයයි. නියම, ලස්සන, හොඳ, -මාර ගතිචිත‍්‍රපටියක් යන්න දැක්වීමට මෙතනදී මේ සියල්ලේ අරුත් කැටිකොට පට්ට යන්න යොදා ගනී.
 
පට්ට ආතල්, ගැනීම යනු සාදයකදී විනෝද ගමනකදී, නැතිනම් ලිංගික කි‍්‍රයාවකදී ආදරණීය ගනුදෙනුවකදී  උතුරා යන අප‍්‍රමාණ සතුටක් අත්විඳීමය. ඇතැම් විට පට්ට යන්න පමණක් අදින ස්වරයෙන් කියමින් නතර කරයි. එයින් අරුත් ගැනෙන්නේ ඉන් එහාට කීමට වදන් නැත යන්නය. සියලූ රස උපරිම අයුරින්සාරාංශ කොට පට්ට .... යනුවෙන් කියයි. පට්ට ආදරයක් තිබුණා... යනු ඇත්තටම තවත් විදියකින්ම කියනවා නම් බොක්කෙන්ම ආදරය කළා යන්න හැඟවීමට යොදන වචනයයි.
 
පට්ට කතාවක්, පට්ට සැපක්, පට්ට සීතලකි, පට්ට රහක්. මේ සියලූ කතාවලදී ඉවසා දරාගත නොහැකි ඒ ඒ හැටියට උපරිම රසපිරුණු යන්න හැඟවෙයි.
  අද වාමාංශික මොඩලයේ සඟරාවල පට්ට යන්න ජනපි‍්‍රය වචනයකි. පට්ට පොලිටික්ස් යන්න නියම දේශපාලනය යන්න හඟවයි.
 
පට්ට කෑල්ලක් යනු ගැහැනු ළමයින් සඳහා භාවිත කරන්නකි. ඒ ගැහැනු ළමයාට පබාවතියගේ බඳු රූපයක් ඇති බව, සාලිය කුමරු අශෝකමාලා වර්ණනා කිරීමේදී කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පියයුරු, කලවා, දෙතොල, දෑස්, කෙස් මේ සියල්ල එකින් එක වර්ණනා කිරීමේදී කළ වර්ණනාත්මක ඇගයුම්, ෙඡ්ද දහයකින් පමණ ලිවිය යුතු වර්ණනා වත්මන් තරුණයින් එක් වචනයකින් කියන්නට ගත් උත්සාහයක් ලෙස පට්ට යන වචනය යොදා ගනියි. පට්ට කෑල්ල කී විට ඒ සියලූ අරුත් එහි ගැබ්ව පවතී.
 
පට්ට වෙසඟන යැයි කීවේ නියම උපරිම, මචනයේ පරිසමාප්ත අරුතින්ම වෙසඟනකි යන තේරුම දනවන්නටය. භාෂාවේ යමක් පැහැදිලි කරමින් කියන්නට අසීරු විට පැහැදිලි කිරීමට වචන බොහෝ ගණනක් යෙදීමට වඩා එක් වචනයක් භාවිත කිරීම පහසුය. පට්ට යන්න එසේ යොදාගත හැකි වචනයකි. පට්ට යන්න යෙදු විට නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.
 
පෙර යුගයේදී පැරැණි සාහිත්‍යයේදී පදයක් ගත්විට  ඊට අටුවා, ටීකා, ටිප්පනී ගැටපද, ලියාගෙන ඒමට සිදුවූයේ ඒ පදය තේරුම් කිරීම සඳහාය. ශිෂ්ටාචාරයේ දැනට ඇති විශිෂ්ටතම සන්නිවේදන සොයාගැනීම වූ කලී භාෂාවයි.
 
භාෂාව ඉතා දියුණු තත්ත්වයකට පැමිණ නොතිබූ යුගයේදී නිරුක්ති පැහැදිලි කරන්නට විශාල මහන්සියක් දරන්නට සිදුවිය. පට්ට වැනි වචනවලින් ඒ කිසිදු මහන්සියකින් තොරව තේරුම මේ යැයි හැඟවිය හැකිය.
 
අද පරම්පරාව එකඟයි යන්න හැඟවීමට -අනිවාර්යෙන්මයන්න යොදාගනී. එය අද ප‍්‍රශ්නවලට ඔව්, එහෙමයි, එකඟයි මේ සියල්ල හැඟවීමට යෙදිය හැකි ස්ථීරසාර යෙදුමක් බවට පත්ව ඇත. ස්ථීරවම, ඒකාන්තයෙන්ම, සත්තකින්ම, අනිවාර්යයෙන්ම යනුවෙන් ගම්වල භාවිත කළේ ද අද පරම්පරාව අනිවාරතයෙන්ම යන්න භාවිත කරගත්තා වූ අරුතමය. එය යමක් පිළිබඳව සපථ කිරීම සඳහා එක් වචනයකින් දෙන පිළිතුරු දීමකි.
 
පට්ට යන වචනය භාෂාව තුළට ගෙනාවේ කවුරුන් වුවත් සිදුවුණේ එසේ වචනය ගෙනා විට එය පත්තුවීමකි. එසේ ලැව් ගින්නක් සේ වචන පත්තු කිරීම භාෂාවකදී කළ හැක්කකි.
 
ගැහැනු ළමයින් හැඳින්වීමට මාර කඳක් යනුවෙන් යොදා ගත්තේය. ඒ වචනය මාර කැතහැඳින්වීමක් ලෙස අර්ථ විග‍්‍රහ කළ සුචරිතවාදීහු අප රටේ සිටියහ. බෝධිසත්වයන් වහන්සේ කුස ජාතකයේදී පබාවතිය හඳුන්වා ඇත්තේ ද කඳ යන නමිනි. ජාතක පොතේ ස්වර්ණ තාල ස්කන්ධයක් ලෙස පබාවතිය හඳුන්වා ඇත. ස්වර්ණ යනු රත්තරන්ය. තාල යනු තල්ය. ස්කන්ධ යනු කඳය. සරල සිංහලයෙන් ගත්තම පබාවතිය යනු රන් තල් කඳකි. වත්මන් පරපුර මාර කඳක් යනුවෙන් කළ ව්‍යවහාරය ඒ පැරැුණි ව්‍යවහාරයේම නව මුහුණුවරකි.
 
පිස්සු හැදෙන සඳමීට කලකට පෙර ආ භාවිතයකි. මේක මහ පිස්සු හැදෙන කාලයක් යනුවෙන් එයින් අරුත් ගැන්වුණි. හොදි මදි, හොදි  ඕන් නෑ, දිරවගන්න ලේසියි, තව හොදි ටිකක් තිබුණා නම් යන්න අද ජනපි‍්‍රය තවත් යෙදුමකි. රසය මදි, තියන රසය හොඳටම ඇති, තව රස තිබුණොත් හොඳයි යන්න මින් අර්ථ ගැන්වේ.
 
මල පැන්නා යන්නද පසුගිය කාලයේ භාවිත වූ ජනපි‍්‍රය යෙදුමකි. කෝප ගැන්වූවා යන්න හැඟවීමට මෙය යෙදේ. අර්ශස් රෝගය සෑදුණු විට ගුද මාර්ගයේ බඩවැල එළියට පැමිණේ. එය මලක හැඩය ගනී. වේදනාව නිසා ඒ රෝග තත්ත්වය හැදුණු විට කේන්තිය එයි. කේන්තිය ආවා යන්න ඇඟවීමට මල පනිනවා යන්න යෙදුනි. ඒ අරුතින්ම තොට අර්ශස්ද යන්න ඇසීම පසුගිය කාලයේ ආ දෙයකි.
 
පෙර සඳහන් කළ සියලූ වචන අපේ ඉපැරැුණි ජනවහරත් සමඟ සබඳකමක් තිබූ වචන මිස එක්වරම ප‍්‍රාදුර්භූත වූ වචන නොවේ. මේ සියල්ල භාෂණයේ තිබූ ඒවා මිස ආකාස්මික ඒවා නොවේ. භාෂා මූලයකින් හැදෙන වචන මිස ඉබේ පහළ වෙන වචන නොවේ. පට්ට සිට එල, දක්වා කී නොකී සියලූ වචනවලට එකී සත්‍ය වලංගු වෙයි.

සටහන: සංජීවිකා සමරතුංග
ඡායාරූප: ඇලෙක්සැන්ඩර් බාලසූරිය
උපුටා ගැනීම: http://www.lankadeepa.lk/index.php/articles/188162  

Sunday, November 10, 2013

පිනි මත බඹරු (8 වන කොටස)

පුද්ගලිකත පරිගණක පන්තියට යන්න උදේම ගෙදරින් පිට වුනාට මොකද, හිතට සැහැල්ලුවක් නම් තිබුනෙම නෑ. දහ දුක් විඳගෙන අම්මල ජීවත් වෙන්න සටන් කරද්දි, අතේ සතේ නැතිව මම පුද්ගලික පන්තියකට යන එක හරිද කියන ප්‍රස්නෙ මගෙ හිතේ නොතිබුනාම නොවේ.

ආහ්.... ලෝචන... උදේම කුකුලත් අතින් අරන් මොකද මේ පැත්තෙ...?
ආහ්... සුජා... ගුඩ් ‍මෝනිං... කො‍හොමද?

ගුඩ් මෝනිං ලෝචන.. එපා වෙනව ගෙදර ඉන්න ගියාම...

ම්... හම්.... මමනම් ඔය පොඩි පොඩ් ජොබ් කීපයකටම ඇප්ලිකේෂන් දැම්ම.  ඒත් රිසාල්ට් එනකන් ඒවගෙන් වැඩක් නැතිවෙයි වගේ...

ආ... කුමාරය හිමිදිරි උදේම සැපත් වෙලා ඉන්නෙ... කුමාරිකාව මුණ ගැහෙන්න වගේ..

ආහ්.. සජ්ජ.. ගුඩ් මෝනිං වේවා...

මෝනිං මෝනිං...

ආපෝ.. උඹ ආවනෙ මෙහෙත් වනසන්න...

පල පල ඩෝ යන්න.. මේ සජ්ජ නැත්තන් ලොවෙත් නෑ...

හ්ම්... හ්ම්... අපි නොදන්න ලොව....

(සුජා කට ඇද කරල නෝන්ඩියට වගේ කියල සජ්ජට කැපිල්ල දැම්මෙ රමේකගෙ හැකර කටේ තරම දන්න හින්දයි..)

ආහ්...  මට අමතක උනා... ලෝචනා මේක දෙන්න කීව ඔයාට ලෝචන...

(සුජානි මගෙ අතේ 4ට 5ට නවපු කොල කෑල්ලක් තිබ්බෙ සජ්ජත් ඉන්න තැන...

වාව්... වාව්... කොල්ලගෙ ලව නම් නැගලම යනව වගේ... කෝ.. මෙහෙ දියන් බලන්න..

(සජ්ජ මගෙ අතින් ලිව්ම උදුර ගත්තෙ කියවන්න බව මම දැන ගත්ත...)

ඔන්න එහෙනම් සුජා ලෝචගෙ ආදර පෙම් පුවත ඈ...... හොඳට අහගන්න සුජා...

හ්ම්... හ්ම්... හ්ම්...

උගුර පාදල එහෙම සජ්ජ ලෑස්ති වෙන්නෙ මගෙ ආත්ම ගෞරවේ සුජා ගාව කුජීතම කරන්න බව මම දැන ගත්ත. දැන් මොනව කරන්නද? පාප මිත්‍ර සේවනයේ ප්‍රථිඵල.???

නිවසේදී... ලෝචන....

ෂැක්.. මන් හිතුවෙ මගෙ සුදු පැටිය සංගිලි බෝලෙ... රත්තරං... මැණික... කියල ආමන්ත්‍රණයකර තියෙයි කියල ඈ... ෂෑ... 

සජ්ජ කියවගෙන ගියේ මාව අගතියටම කපා දාල. සුජා නම් හිටියෙ ගොඩක් බයවෙලා වගේ...

ෝචන... ඔයාට කොහොමද? මම මේ ලිපිය ලියන්න හිටියෙ ගොඩක් කලින්. ඒත් යාළුවො......

(ඉතිරිය සජ්ජ සද්දෙ වහගෙන කියවන්න පටන් ගත්ත..)

සුජානි මගේ දිහා විටින් විටේ බයවෙලා වගේ බල බල බිම් බලාගත්ත..ඒ ඇයි කියලනම් මට තේරුම් ගන්න බැරි උනා....

ලිපිය සම්පූර්ණයෙන්ම කියවල අවසන් කරපු සජ්ජ මන් දිහා මොහොතකට බලාගෙන ඉඳල ආයෙත් ලිපිය මුල ඉඳන් කියෙව්වද කොහෙද?

මොකද බන්..  මොකද ලෝචනා කියන්නෙ...?

සජ්ජ ඒත් කථාවක් බහක් නැතිව ලිපිය කියවනව බිම 
බලාගෙනම..මොකෝ බං.. මූඩ් ගහගෙන ගල් ගිලල වගේ...උඹට ලෝචනා බැනලද බන්....

ඒත් සජ්ජ කතා කරේවත් ඔලුව ලිපියෙන් ඉවතට ගත්තෙ වත් නෑ. සජ්ජගෙ ඇස්වල කඳුළු දිලිසෙනව දැක්කෙ මම ඒ වෙලාවෙ.මෙන්න මෙහාට දියන් බලන්න.

මම සජ්ජගෙ අතින් ලිපිය ඇදල ගත්තෙ ටිකක් කේන්තියෙන්.

සජ්ජ එහෙමම හිටගෙන හිටපු තැන තිබුනු ලයිට් කනුවට හේත්තු වෙලා ලයිට් කණුවට හේත්තු වෙලා කල්පනා කරන්නට වුනේ මාව අන්ද මන්ද කරමින්..

ඇ්තටම මොනවද ලෝචි ලියල තියෙන්නෙ.? මූ මේ තරමටම අප්සෙට් යන්න තරම්... කල්පනා කරමින්ම ලිපිය කියෙව්වෙ මුකුත්ම හිතා ගන්න බැරිව..

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

මෙහි සියළුම හිමිකම් FREEGETLANKA.COM සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...

සිතකට සිතුනි෴

ජීවිතේ හරි පුදුමාකාරයි. විටෙක සිනහව, තවත් විටෙක කඳුල, සුසුම මො‍හොතකට කල්පනා ලෝකයට ගියෙමි. කෙතෙක් නම් දෙනා අප වට කර සිටියද අවසානයට තමාට තමා පමනක් යැයි විටෙක මා හට සිතුනි.

කුඩා කාලයේ පටන් මා දහසකුත් දුක් වේදනා විඳ ඇත්තෙමි. දුක් කම්කොටුලු මැද ජීවිතය සොයන්නට වෙර ගතිමි. සඳට ගිය මිනිසෙකු පිළිබඳ කථා පුවතක් මා අසා ඇත. සුව කරන්නට බැරි පිළිකා රෝගයෙන් පෙළෙන පිළිකා රෝගියෙකු ප්‍රංශ පා පැදි සවාරියේ ශූරයා වූ කථා පුවත මා අසා ඇත. දුගී පැලේ ජීවත්ව ඇමරිකාවෙහි ධවල මන්ධිරයට ගොස් විටෙක නායකයෙකු වූ එඩිතර මිනිසෙකු පිළිබඳ කතා පුවතක් මාගේ මතකයට නැගේ.

මාද උත්සා‍හ කරන්නේ මාගේ ජීවිතය ගොඩ නගා ගන්නටය. නැතහොත් එය ජය ගන්නටය. නමුත් නොයෙක් දුක් කම්කටොළු අප කරා පැමිනෙනු ඇත. ජීවිතයේ එක් කාලයක යාළුවන් අසීමිත පිරිසක් මා වටා එක් රැස් වී කාලය ගත කරපු ආකාරය මට මතක් වේ. එහෙත් අද මා සමග ඉන්නේ යහළුවන් කිහිප දෙනෙකි. ඔවුන් මාගේ පණ වැනි යැයි විටෙක මට සිතේ.
අධ්‍යාලනය අතරතුරේ මා හට නොයෙකුත් ප්‍රස්න පැන නැගුනි. එහෙත් මා ඒවා යම් තරමකින් ජය ගතිමි. ඒ මාගේ උත්සාහය නිසා යැයි මට සිතේ. 

නිවසේ ප්‍රශ්න නිසා තනිවූ විටෙක ප්‍රේමයක් සොයා ගියෙමි. එයත් නොලැබී ගිය විට මාගේ සිත බොහෝ සෙයින් දුර්වල විනි. මා කෙසේ හෝ ශක්තිමත් වී අධ්‍යාපනයට යොමු වී අද සමාඩයේ යම් තරමක් දුරට යම් දෙයක් කර කියා ගත හැකි තරමේ පුද්ගලයකු ලෙස ජීවත් වෙමි. සෙනෙහස නිසා අපමන ලෙස සිතින් දුක් විඳින මා විඳවුවම ජීවිතය කරගෙන සිටිමි. 

අද මා හට හොඳ යහළුවන් තිදෙනෙකු සිටිති. මට දැනෙන්නේ අප්‍රමාන සතුටකි. අකැප සමාජයෙන් මා බේරා ගන්නටත් ජීවිතය දිනන්නටත් ඔවුන් උදව් කරන්නේ අව්‍යාජ සතුටකිනි. මා හට මෙවන් සතුටත් මින් පෙර මේ ලොව උරුම වී නැත.

ප්‍රේමය නිසා සිතින් වැටෙන්නට ඔවන් කිසිදා මා හට ඉඩ නොදේ.  ඔවුන්ගේ ජංගම දුරකථන වල තිබූ සුනිල් එදිරිසිංහ නම් වූ විශිෂ්ඨ කලා කරුවා ගායනා කරන්නා වූ ගීතයක මෙසේ තිබුනු පද පෙලක් මට මතකය.. මා එය සෙව්වෙමි..එය ඉතා ගැඹුරු අරුතක් පසක් කර දෙයි.

 ඉසුරු මුණියේ නුඹ තැනූ....
    පෙම්බරිය කොතැනද කියා....
    මා ඇසූ විට හිනැහුනේ ඔහු....
තවම තනිකඩ යැයි කියා...

මහත් පුදුමාකාර වචන පෙලකි මෙහි ගැබු වී ඇත්තේ. තනිව ජීවිතයට මුහුණ දීමේ අරුත මෙයින් මනාව විදහා පායි. අජීවී ගල් පර්වතයකට ජීවිතය ලබා දුන් මේ සුවිසල් උත්සාහ වන්ත පුද්ගලයාද තවම තනිකඩ අයෙකි. තනිකඩයා කියා සමාජයේ පිරිහෙන්නට ඔහු නොගියේය.  ඔහු සිතේ ශක්තිය දෑතින් කැටයම් කර කළු ගලකට ජීවිය දුනි. 

කාන්තාවකගෙන් ලබන්නා වූ ප්‍රේමයට වඩා සොයුරු පෙම සොඳුරු යැයි මාගේ සිත කීවෙමි. සිතින් දුක් විඳිනවාට වඩා සොයුරන් සමග තුටින් කල් ගෙවීම හොඳයැයි ප්‍රේමයෙන් දුක් විඳිනා සිතකට සිතුනි.

රචනය:
ක්‍රිශාන් දනුශ්ක
(FreeGetLanka.com වෙනුවෙනි)
අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්

Wednesday, November 6, 2013

දයාබර ලොකු අම්මේ෴

දයාබර ලොකු අම්මේ....


ගහක් ගලක් වගේ හිටපු උඹ සුදු වතින් සරසවලා පෙට්ටියක උඩුකුරුව සයනය කරලා හිටපු හැටි මට අද වගේ මතක් වෙනවා. පන්සලේ කඨින පෙරහැර උඹලගේ ගේ ලඟින් යනකොට භක්තිය වැඩි කමට උඹ හිමිදිරි පාන්දරම කරුවලේ දුවගෙන පාරට යනකොටපය පැටලිලා වැටුන පාර උඹ ආයේ නැගිට්ටෙම නෑ. පිරිසුදු ආසන්න කර්මයකින් උඹ පරලොව ගියේ. 

අපි පොඩි එවුන් සන්දියේ නිදහසක්, ඉසිඹුවක් ලැබුනු හැම වෙලාවකම ඉපනැල්ල පිරුණු වෙල් යායේ මැද මහ නියර දිගේ දුවගෙන යන්නේ මහගෙදර පිටිපස්සේ බිත්තියට හේත්තු කරලා තියන උණ බට පිත්තත් අරගෙන වෙලට දුවන්නේ මම වගේම මහගෙදර දුවගෙන ආපු අපේ ලොකු අප්පච්චිගේ, බාප්පගේ, නැන්දම්මගේ, මාමණ්ඩිගේ ළමයිත් එක්ක එල්ලේ ගහන්න. 

පිත්තත් අරගෙන දුවනකොට කොල්ලෝ මොනවහරි කාලා පලයං කියලා කියන්නේ පුරුද්දට වගේ උනත් හදවතින්ම. අප නැවතුනොත් බතල මඤ්ඤොක්කා කෑල්ලක් හරි, සම්බෝලයක් එක්ක බත් පිඟානක් හරි වැරදුනේ නෑ.

උඹට මොන තරම් වැඩ තිබුනත් පතුරු ගැලවෙන සුදුපාට බෙලෙක් ජෝගුවේ වතුර එකක් එවනවා බෙලෙක් කෝප්පෙකුත් එක්ක. අර කොල්ලෝ අව්වේ දඟලනවා... මේක ගිහින් දීපන්... එතනට එන කාට හරි උඹ කියනවා..

බෝල් ගහලා හැනි හැම්ම වෙලා ආපුවම උයපු මොනවහරි හැමදෙනාටම බෙදලා දෙන එක උඹේ සිරිතක්. කාගේ දරුවා උනත් උඹේ දරුවා හැටියට තමයි උඹ සැලකුවේ. ආදරය, කරුණාව, දයාව, ළෙංගතුකම, පරාර්ථකාමීත්වය, සමානාත්මතාව අපි ඉගෙන ගත්තේ උඹේ ප්‍රායෝගික පාඩම් වලින්.බෝල් ගහන්න ගිහිල්ලා දුවන්න ගිහින් වැටිලා තුවාල උනොත් උඹ දුවගෙන යන්නේ උඹට වෙච්ච කරදරයක් වගේ. මොකදෑ කොල්ලො කර ගත්තේ..? උඹ අහන ප්‍රස්නේ කෝ බලන්න... හප්පේ... පතුරු ගහගෙන.. වට පිට බලලා නිදිකුම්බා ගහක් ගලවාගන තලලා තුවාලෙට තියනවා.  දොස්තරලා චැනල් කෙරුවේ නැතිවට ප්‍රයිවෙට් සාප්පුවට දිව්වේ නැතිවට කවදාවත් ආයේ ඒ තුවාලේ පැසෙව්වේ නෑ. මං හිතන්නේ උඹේ අත් දෙකේ මොණර කොල තැවරිලා අපවිත්‍ර වෙලා නැති නිසා වෙන්න ඇති ඒ අත්ගුණය.

අනේ ලොකු අම්මේ .... උඹට මොකද මේ උනේ. උඹ නිසලව පපුවට තියාගෙන තද කරගෙන හිටපු උඹේ අත් දෙකෙන් මොන තරම්නම් අපි වෙනුවෙන් බත් තම්බලා ඇත්ද? උඹට ඉන්නේ එක දරුවයි.ඒත් වේලකට දහයකට, පහලොවකටබත් තැම්බුවේ මොන තරම් නම් ළෙංගතුකමකින්ද? උඹ වෙනුවෙන් උඹේ දුව කඳුලක් හෙලුවේ නැතත් ඇවිත් හිටපු හුඟ දෙනෙකුගේ කඳුලු ගංඟාවක් උඹේ දෙන සහිත පෙට්ටිය අපේ කර පිටින් කනත්තට අරගෙන ගියා.

අතීතය, වර්ථමානය, අනාගතය හීනයක් වගේ. අපි බොහොම බක්තියෙන් උඹේ හත් දවසෙ දානෙට ආවෙ. උඹේ දුව පොඩි මැණිකා.... (දැන් ඒතිගෙ නම වෙනස් කරගෙනනේ..) උඩටත් නැති, යටටත් නැති විලිසංගේ නැති ඇඳුමක් ඇඳගෙන සක බඹරයක් වගේ එහාට මෙහාට කැරකුනේ. අනේ අප්පච්චියේ.. මේ අඹේම දුවද? මේකිට නෑදෑකමුත් අමතක වෙලා එක පාරක් මට අංකල් කියාපි. එක අතකට රටක් වටින උඹ තනි කරලා කොළඹ රටේ ගිහින් හිටපු එකී මට අංකල් කීවාම මොකෝ?

 ගමේ දානයක් පිංකමක් වුනාම උඹ, උඹේ අත් දෙකෙන් මොන තරම්නම් උයලා පිහලා ඇත්ද? උඹ කඩියෙක් වගේ එහාට මෙහාට කැරකුනේ මොන තරම් වැදගත් ‍දේටද? එදා දානේ උයවාගෙන තියෙන්නෙත් කේටරින් සර්විස් එකකට දීලා. ගමේ උදවිය එකතුවෙලා දානේ ටිකයි එන අයට කෑම ටිකයි උයන්න හදනකොට කිලීන් මදි කීවා කියලා පහළ ගෙදර නැන්දා කීවේ කම්මුලට අතක් තියාගෙන. උඹට තිබුනු ගෞරවේ නිසා ඔහේ හිටියා මිසක් උඹට පිං පමුණුවලා මම පිටත් උනේ කොටියක් වටින උඹේ වහලෙ යට ඉඳගෙන කොටරින් සර්විස් එකේ බත් කන්න මට හිත දුන්නෙම නැති හින්දා. එන්ඩ පිටත් වෙලා බීපු වතුර උගුරත් හරියට උගුරෙන් පහලට වැටුණේ නෑ ලොකු අම්මේ.

යුග පුරුෂයෙක් වගේ හිටපු උඹ නිවන් දකිනවා ඒක සිකුරුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු අභි ධර්මේ සරල කරලා ප්‍රායෝගිකව උඹ අපට කියලා දුන්නා. උඹත් ඒවා පිලි පැද්දා. අප අදටත් ඒවා අදහනවා. මම දන්නවා . මේ ලියුම උඹට බලන්න බැරි බව. ඒ නිසාමයි මම මේක ලීවෙත්. උඹට බැරි උනාට මේක කවුරුහරි දකින්න ඕනෙ. එක අතකට ඊලඟ පරම්පරාවේ කෝලං දකින්නේ නැතිව උඹ මැරුණ එක හොඳා. ඒත් මට දුක උඹ ලඟ තිබුනු මහා ගුණ කන්දරාව ඊළඟ පරම්පරාවට නොගිහින් උඹත් එක්කම එදා වැළලුන එක ගැන. 

මට මතකයි දවසක් පුංචි කාලෙ විභාගෙට යන්න උඹඨ වඳිනකොට  උඹ උපදිසාපති කෙනෙක් වෙයන් මගෙ පුතේ කීවා. උඹේ ආශිර්වාදය ලබාගෙන මම අද එහෙම කෙනෙක් වෙලා ඉන්නවා. මගේ යාළු කොළඹින් ආපු උප දිසාපත් කෙනෙක් දවසක් මගුල් ගෙදරකදි කීවා පුංචි කාලේ කන්ඩ නැති හින්දා කෑවෙ නෑ... දැන් ලෙඩ හින්දා කන්ඩ තිබුනත් කන්ඩ හොඳ නෑ කියලා.. මේ ටික උඹට ලීවෙ වෙන මොකටවත් නෙමෙයි. උඹලා අපට පුංචි කාලෙ වස කැව්වෙ නැති හන්දා අදත් ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙනවා.෴

උඹට නිවන් සැපම ලැබේවා..!!!

මම පාරෙ ගෙද පුංචි එකා..
 ටී.එම්.ජී.තෙන්නකෝන්.
 සහකාර ලේකම් වයඹ ප්‍රධාන අමාත්‍යංශය
 උපුටා ගැනීම: ලංකාදීප රසවිත අතිරේකය

Sunday, November 3, 2013

ස්තූප

ස්ථූප


හැඳින්වීම

මෘත ශරීර භූමදානයෙන් පසු ඒ මත පස් ගොඩැලි සෑදීම සහ ඒවා ප්‍රදේශවාසීන්ගේ බුහුමන්වලට ලක්වීම ස්ථූප තැනීමේ මූලාරම්භය විය. පසු කාලයක දී ස්ථූප පිදීම බෞද්ධ ආගමේ ද අංගයක් විය. ස්ථූප වේද සමයේ ඉන්දියාවේ සුසාන (ශ්මශාන) නිසා ඇති වුයේ යයි යන මතය මීට අවුරුදු 117කට පමණ පෙර ෆර්ගසන් මහතා විසින් ඉදිරිපත් කරන ලද මතයකි. ශ්මශාන හෙවත් සුසාන චතුරස්‍රාකාර හැඩයෙන් හා වෘත්තාකාර හැඩයෙන් ද යුක්ත ය. වෘත්තාකාර ශ්මශාන අසුරයන්ගේ වන අතර චතුරස්‍රාකාර ශ්මශාන දෙවියන්ගේ ය. ස්ථූප තුළ ඇති ධාතු ගර්භය චතුරස්‍රාකාර ය. එය වසා තැනෙන ස්ථූපය සාමාන‍්‍යයෙන් වෘත්තාකාර ය.

බෞද්ධ ජාතක කතාවලට අනුව ප්‍රාග් බෞද්ධ හෝ බෞද්ධ සමකාලීන ස්ථූප විශේෂයක් විය. ඒවායේ තැන්පත් කර තිබුණේ ද කිසියම් මළ කෙනෙකුගේ ශාරීරික අවශේෂයන් ය. ජාතක කතාවල සඳහන් විස්තරය ද ෆර්ගසන්ගේ මතය හා සැසඳේ. එහෙත් ඒවා බෞද්ධ ස්ථූප ලෙස සැලකීම අපහසු ය.

මෙම මතයට විරුද්ධ මතයක් වී.ඇස්. අග්‍රාවල මහතා ඉදිරිපත් කර ඇත. ඔහු විශ්ව ලෝකය වෛදික හිරණ්‍ය ස්ථූපය ප්‍රභව කොට ඇති වූවක් බව පෙන්වා දෙන ලදී. හිරණ්‍ය ස්ථූ‍පයේ මහා පුරුෂ (වෛදික බ්‍රාහ්මන් ) සංකේතවත් වන බවත් ඒ අනුව බුදුන් වහන්සේ සංකේතවත් කිරීම පිණිස බෞද්ධයන් අතරට ස්ථූපය පැමිණි බවත්‍ පෙන්වා දෙන ලදී.

බෞද්ධ ස්ථූපයේ ප්‍රභවය

Ruwanveli.gif

බෞද්ධ ස්ථූපය ද මහා පුරුෂ ඇදහීම සම්බන්ධයෙන් ඇති වූ සංකේතයකි. මහා පුරුෂ ගණයට සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අර්හත් ශ්‍රාවක, චක්‍රවර්තී රාජ යන සිව්දෙනා අයත් වේ. චක්‍රවර්තී රජුගේ ද ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ය. පරිනිර්වාණයෙන් පසු බුදුහු ධර්මකාය ස්වරූපයෙන් සදාකාලික වෙති. බෞද්ධ ස්ථූපය තුළ ඒ බුදුහු ජීවමාන ව වැඩ සිටිති. ස්ථූපය සියලු බුදුවරුන් වැඩ සිටින මණ්ඩලයක් ලෙස තාන්ත්‍රික බෞද්ධයෝ ද සලකති. බුද්ධ වංශයේ බුදුරදුන් ථූපයට සමාන ලෙස සලකා තිබීමෙන් මෙය තවදුරටත් තහවුරු වේ.

මහායාන සම්ප්‍රදායට අනුව සම්භෝගය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසීතානුව්‍යඤ්ජනවලින් සමන්විත ය. ධර්මකායේ සම්භෝග අවස්ථාව ඉන් දැක්වේ. මේ අනුව ධර්මකාය හෙවත් බුදුරදුන් හෝ එය මානවරූප ව සංකේතවත් කෙරෙන සම්භෝගකාය හෝ ධ්‍යානී බුදුවරු තැන්පත් කොට ස්ථූප තැනීම ‍ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප තැනීම ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන ලදී.

ථෙරවාදීහු ‍ඓතිහාසික සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඇතුළු පශ්චිම භවික මානුෂී බෝධිසත්වයන්ට ද මහා පුරුෂත්වය ආරෝපණය කළහ. මෙසේ දෙපක්ෂය ම මහා පුරුෂ සංකල්පය පිළිගෙන ඇති බවත් මහා පුරුෂයන් සිටින ස්මාරකයන් ලෙස හෝ මහා පුරුෂ සංකේතයක් වශයෙන් ස්ථූපය දෙපක්ෂය ම පිළිගෙන ඇති බව අනාවරණය ‍වෙයි. ‍මේ තත්ත්වය අනුව බෞද්ධ ස්ථූප වෛදික මහා පුරුෂ සංකල්පය බැඳි හිරණ්‍ය ස්ථූප ප්‍රභව කොට ඇති බව අග්‍රාවාලගේ මතය නිවැරදි සේ පෙනේ.

බෞද්ධ ස්ථූපයේ ඉතිහාසය

බෞද්ධ ස්ථූප ගොඩනැඟීම ආරම්භ වූයේ බුදුන් ජීවමාන ව සිටියදී ම ය. බුදුන් ජීවමාන ව සිටියදී ම පිරිනිවන් පෑ ශාරිපුත්ත, මොග්ගල්ලාන අගසව් දෙනමගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථූප තනන ලදී. ඒ සඳහා උපදෙස් දෙන ලද්දේ බුදු රජාණන් වහන්සේ ය. 

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආනන්ද හිමියන් විමසන ලදුව තමන් වහන්සේ පිරිනිවීමෙන් පසු ව මෘත දේහය සක්විති රජෙකුගේ මෘතදේහයට මෙන් සලකා ආදාහනය කොට සිව් මංසන්ධියක ස්ථූපයක් තනවා ප්‍රදක්ෂිණා කිරී‍මෙන් මල්දම් පැළඳවීමෙන් සුවඳසුණු ගැල්වීමෙන් එය පූජා කරන ලෙස පැවසූ බව මහා වග්ගයෙහි සඳහන් වේ. මෙය ප්‍රාග් බෞද්ධ චක්‍රවර්තී වන්දනාව අනුගමනය කිරීමකි. මේ දෙකෙන් ම මහා පුරුෂ වන්දනාව අදහස් කෙරේ.

සර්වාස්තිවාදි වි‍නයෙහි දැක්වෙන පරිදි අනාථ පිණ්ඩික ද බුදු රජාණන් වහන්සේගෙන් කෙස් හා නිය ලබා ගෙන ඒවා තැන්පත් කොට ස්ථූපයක් තැනීමට බුදු රජාණන් වහන්සේගෙන් අවසර ලබා ගෙන ඇත. එම ස්ථූපය බිත්ති රතු, කළු, සුදු වර්ණ ආලේප කිරීමට ද මෛතුන රූප හැර වෙනත් ඕනෑ ම රූපයක් ඇඳීමට ද දොරටුවලට දොරවල් සවි කිරීමට ද දොරටු ඉදිරිපිට ‍වටේට ගරාදි වැට තැනීමට ද විමානවල කුඩා ස්ථූප තැනීමට ද කුළුණු යෙදීමට හා ඒවා පාට කිරීමට ද ඔහු බුදුන්ගෙන් අවසර ලබා ගෙන ඇත.

මහා සාංඝික විනයෙහි එන පරිදි බුදුරදුන් විසින් ම කාශ්‍යප බුදුරදුන් උදෙසා ස්ථූපයක් තනවන ලදී. ගඩොලින් තනන ලද එම ස්ථූපය රන් හා රිදී තහඩුවලින් වසන ලදී. එම ස්තූපය යොදුනක් උස ය. එහි අර්ධ විෂ්කම්භය යොදුන් භාගයකි. ලෝකඩවලින් ගරාදි වැට තනන ලදී. මේ ස්ථූපය තැනීම සඳහා අවුරුදු 7 දින 7 ක් ගත වී ඇත. ස්ථූපයේ හතර පැත්තේ විමාන සිංහ හා ඇත් රෑප ද විය.

කාකි රජු විසින් කරවන ලද ස්ථූපයක් ගැන මහා සාංඝික විනයෙහි සඳහන් වේ. බුදුරදුන් උපන්, බුදු වූ, දම්සක් පැවැත් වූ, පිරිනිවන් පෑ තැන්වල ද චෛත්‍ය තනවනු ලැබී ය.

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්ව‍ය ලබා සති හතක් ගිය තැන උන්වහන්සේට පළමු ආහාරය පිදූ තපස්සු හා භල්ලුක යන වෙළඳ සහෝදරයන් දෙදෙනා උන්වහන්සේගෙන් ලබා ගත් කෙස් ශ්‍රී ලංකාවට ගෙනැවිත් නැගෙනහිර වෙරළේ තිරියාය නමින් ප්‍රසිද්ධ ස්ථානයේ ස්ථූපයක් කරවා එහි තැන්පත් කළ බවට සෙල්ලිපියක සඳහන් වේ.

තවද බුදුහු මුලින් ම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ සමන්තකූටය වාස භවනය කරගත් මහා සුමන දෙවියෝ බුදුන්ගෙන් ලබාගත් කේශ ධාතු තැන්පත් කර මහියංගන චෛත්‍ය කර වූ බව මහා වංශයේ සඳහන් වේ.
‍‍ගෞතම බුදුරජාණන් වහන්සේට ජ්‍යෙෂ්ඨ සමකාලිකයෙක් වූ මහාවීර තුමන්ගේ නායකත්වයෙන් පහළ වූ ජෛන ආගමේ ද ස්ථූප වන්දනාව පිළිගෙන තිබේ. එම ස්ථූප බෞද්ධ ස්ථූපවලට සමාන බව සී.එස්.ෂා පවසයි. එම නිසා බෞද්ධයන් බුදුරදුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථූප තැනීමට පෙර ජෛනයන් මහාවීර තුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප තනන ලද බව සිතිය හැකි ය.

බුදු රජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ භෂ්මාවශේෂ කොටස් අටකට බෙදා රටවල් අටකට භාර දෙන ලදී. ඒ භෂ්මාවශේෂ ලබාගත් රජගහනුවර අජාසත්ත, වේසාලියෙහි ලිච්ඡවීහු, කපිලවස්තුවේ ශාක්‍යයෝ, අල්ලකප්පයෙහි බුලයෝ, පාචෙය්‍යයෙහි මල්ලවයෝ, කුසිනාරාවේ මල්ලවයෝ ශාරීරික ධාතු කොටස් තැන්පත් කොට ස්ථූප තනා පිදූහ. ධාතු බෙදූ බඳුන (කුම්භය) තැන්පත් කොට ස්ථූපයක් තනා පිදුවේ ය. පිප්ඵලී වනයේ මෞරවයෝ බුදුරදුන්ගේ මෘතදේහය දැවූ සෑයේ අඟුරු ලබා ගෙන ඒවා තැන්පත් කොට ස්ථූපයක් තනා පිදූහ. මේ අනුව බුද්ධ පරිනිර්වාණයට අනතුරුව බෞද්ධ ස්ථූප දහයක් තනා පුදනු ලැබු බව අනාවරණය වෙයි.

රාමගාමයෙහි ස්ථූපයේ තැන්පත් කර තිබූ ධාතු පසු ව මාඤ්ජේරික නාග භවනයෙහි ඝරයක් සහිත ස්ථූපයක තැන්පත් කර තිබී ක්‍රි.පූ.2 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දුට්ඨගාමිණී රජු විසින් ලබා ගෙන මහා ථූපයේ (රුවන්වැලි සෑයෙහි) තැන්පත් කරන ලද බව මහා වංශයේ සඳහන් වේ.

ස්ථූප ඉන්දියාවෙන් ප්‍රභවය ලැබූවක් නොවිය හැකි ය. සුමේරියානු වාස්තු විද්‍යාවේ මෙම ස්මාරක විශේෂයට සමාන සිග්ගුරත් නමින් ගොඩනැඟිලි විශේෂයක් වෙයි. චන්චායු යන දෙවියන් වැඳීමට හා මළවුන් ඇදහීමට එය සම්බන්ධ වේ. පිරමිඩ්ස් ද ස්ථූප විශේෂයකි. ක්‍රි.පූ. යුගයට අයත් ස්ථූප රෝමයේ ඉටුය්කන්හි තිබේ. ඒවා බෞද්ධයන්ගේ වෘත්තාකාර ස්ථූපවලට බෙහෙවින් සමාන ය. මේ අනුව සලකන කල්හි ස්ථූපය නමැති ගොඩනැඟිලි වර්ගය අවුරුදු දහස් ගණනක් අතීතයට විහිදී ගිය පෙර අපර දෙදිග ම රටවලට උරුම වූවක් වේ.

ආකෘතිය අනුව ස්ථූප වර්ග

  1. ධාන්‍යාකාර
  2. පද්මාකාර
  3. ඝණ්ඨාකාර
  4. බුබ්බුලාකාර
  5. පලාණ්ඩවාකාර
  6. ඝඨාකාර
  7. ආමලාකාර
  8. අණ්ඩාකාර
  9. චතුරස්‍රාකාර
  10. සිලින්ඩරාකාර

ධාන්‍යාකාර

කැළණිය
වී ගොඩක හැඩය අනුව සැලසුම් කර ඇති ස්ථූප ධාන්‍යාකාර නමින් හැඳින් වේ. ක්‍රි.පූ. 3 වන සියවසේ දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය කරවන ලද්දේ මෙම ආකෘතියට අනුව ය. පසු ව කරන ලද ප්‍රතිසංස්කරණවල දී වෙනස් වී වර්තමානය වන විට ඝණ්ඨාකර හැඩය ගෙන තිබේ. කැළණිය, කැබැල්ලෑ ලෙන, පණික්කින්කුලම යන ස්ථානවල පිහිටි ස්ථූප මේ වර්ගයට අයත් වේ.


පද්මාකාර

දෙමළමහාසෑය

සී.ඊ. ගොඩකුඹුරේ මහතා දැදිගම කොටවෙහෙර ධාතු ගර්භයක තිබී ගඩොලින් තනා තිබුණු පද්මාකාර හැඩයෙන් යුත් ස්ථූපයක් සොයා ගෙන තිබේ. මේ හැර පොළොන්නරුවේ දෙමළ මහා සෑය, යුදගනා යන ස්ථූප මේ වර්ගයට අයත් බව පරණවිතාන මහතා පවසයි.

ඝණ්ඨාකාර

ඝණ්ඨාවක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. ක්‍රි.ව. 8-10 සියවස්වල දී ලංකාවේ ප්‍රචලිත ව තිබුණු ස්ථූප වර්ගයක් බව පරණවිතාන මහතා පවසයි. මහියංගන ස්ථූපය මෙම වර්ගයට අයත් බව රෝලන්ඩ් සිල්වා මහතා පවසයි.

බුබ්බුලාකාර

දිය බුබුලක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ‍ය. ක්‍රි.පූ. 2 වන සියවසේ දී දුට්ඨගාමිණී අභය රජු මහා ථූපය (රුවන්වැලි සෑය) කර වූයේ මේ හැඩයෙන් යුක්තව ය. දැනට රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ද මෙම ආකෘතියට අනුව ය. පොළොන්නරුවේ කිරිවෙහෙර, රන්කොත් වෙහෙර ‍මේ ගණයට අයත් ය.

පලාණ්ඩවාකාර

ළූනු ගෙඩියක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය මේ හැඩයේ මැටි ස්ථූප ලංකාවෙන් සොයා ගෙන තිබේ. නැදිගම්පොල ස්ථූපය මෙම හැඩයෙන් යුක්ත යයි‍ රෝලන්ඩ් සිල්වා මහතා පවසයි.

ඝඨාකාර

කිරිවෙහෙර
කළයක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය මේ වර්ගයට අයත් කරඬුවක් තිස්සමහාරාමයෙන් ලැබී තිබේ. කතරගම කිරිවෙහෙර, විල්ලුව අසල ඇති සෝමාවතී චෛත්‍යය, සිතුල්පව්ව හා මඟුල් මහා වෙහෙර ද මේ වර්ගයට අයත් යයි රෝලන්ඩ් සිල්වා මහතා පවසයි.

ආමලාකාර

‍ නෙල්ලි ගෙඩියක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. දෙවන අග්ගබෝධි රජු ක්‍රි.ව. 604-614 ආම්තල චේතිය නමින් එකල ප්‍රසිද්ධ ව තිබූ ස්ථූපයක ඡත්‍රය කර වූ බව චූල වංශයේ සඳහන් වේ. දැදිගම කොටාවෙහෙරින් මේ වර්ගයට අයත් ධාතු කරඬුවක් ලැබී ඇත. ඉන්දියාවේ මෙම වර්ගයට අයත් ස්ථූප ඇත.

අණ්ඩාකාර

බිත්තරයක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. ඉඳිකටු සෑය වැනි ස්ථූප මේ වර්ගයට අයත් බව සැලකේ. රුවන්වැලි සෑයෙන් ලැබුණූ කරඬුවක මේ හැඩය ගෙන තිබේ.

චතුරස්‍රාකාර

ගර්භය පමණක් නොව මුළු ගොඩනැඟිල්ල ම යට සිට ඉහළට යන විට ක්‍රමයෙන් කුඩා වන සේ චතුරස්‍රකාර යෙන් යුත් ස්ථූප මේ ගණයට අයත් වේ. මහායාන බෞද් රටවල ඇති පැගෝඩා මේ ආකෘතියෙන් යුක්ත ය. 12 වැනි සියවසට අයත් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නමින් හැඳින්වෙන මහල් 7 කින් යුත් ස්ථූපය මෙයට නිදසුන් ය. අනුරාධපුරයේ නබා වෙහෙර මේ වර්ගයට අයත් තවත් නිදසුනකි. මේ වර්ගයට අයත් තවත් ස්ථූප දෙකක් අභයගිරි විහාරයෙහි වෙයි. දුටුගැමුණු ස්ථූපය ලෙස හැඳින‍්වෙන ස්ථූපය ඉන් එකක් වෙයි. එය රත්න ප්‍රාසාදයට නිරිත දෙසින් වෙයි. අනෙක අභයගිරි විහාරයෙහි බටහිර සී‍මාවේ ඇති අංක 1 දරණ ආරාමයේ ස්ථූපය යි. ඉහත සඳහන් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය කාම්බෝජයේ ප්‍රාසාත් ගොඩනැඟිලි සමඟ සැසඳෙන බව සී.පී. බෙල් මහතා පවසයි. මේ වර්ගයේ ස්ථූප බෞද්ධයන්ට පමණක් ‍සීමා නොවී ය.

සිලින්ඩ‍රාකාර

මේ වර්ගයේ ස්ථූප ලංකාවේ සුලභ නොවේ. අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගල මේ වර්ගයට අයත් බව විමල් විජේරත්න මහතා පවසයි.
එහෙත් වැඩි වශයෙන් ප්‍රචාරයට පත් ව ඇත්තේ ඝණ්ඨාකාර, ආමලාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ඝඨාකාර යන වර්ග හය පමණි.

අනුරාධපුර යුගයේ චෛත්‍යය

රුවන්වැලි සෑය

Ruwanweli full.jpg
රුවන්වැලි සෑය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදී. මෙය මහා ථූපය නමින් ද හැඳින් වේ. රුවන් වැලි දාගැබ සඳහා වේදිකා දෙකක් තැනූ බව මහා වංශයේ සඳහන් වේ.ඉන්දියාවේ පැරණි දාගැබ්වල මෙන් ම මුදුන් පේසාව මධ්‍යයෙහි ධාතු ගර්භයක් පිහිට වූ බව ද මහා වංශයේ සඳහන් වේ. දාගැබේ ප්‍රධාන දිසා හතරට මුහුණලා මලසුන් ගෙවල් හතරක් හා වාහල්කල 4 ක් ඉදි කර තිබේ. දාගැබේ මුළු උස අඩි 300 කි.

අභයගිර දාගැබ

අභයගිරි චෛත්‍යය
අභයගිරි දාගැබ වලගම්බා රජු ක්‍රි.පූ. 89-77 කාලයේ දී කරවන ලද බව සදහන් වේ. මේ ස්ථානයේ කලින් පැවතියේ නිගණ්ඨ ආශ්‍රමයකි. වලගම්බා රජු එය කඩා බිඳ දමා මේ චෛත්‍යය එතැන කරවීය. අභයගිරියේ ද පැරණි දාගැබක ලක්ෂණ පිළිබිඹු කෙරේ. මළුවට පිවිසෙන දොරටු 4 ක් තිබේ. පඩි පෙළක්, සඳකඩපහණක්, දොරටුපාල රූප දෙකක්, මුරගලක් යන චෛත්‍යාගයන්ගෙන් යුක්ත ය.

ජේතවනාරාමය

මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 276-303 කාලයේ දී ජෝති වනෝද්‍යානයෙහි කරවන ලද්දකි. මෙහි පටී ධාතුව නිධන් කරන ලද බව පූජාවලියේ සඳහන් වේ. උස අඩි 231 කි. දොරටු හතරේ කැටයම් සහිත ගල් වැටකි. කැටයම් කළ ගල්කණු හා දොරටුපාල රූප ද ඇත. මලසුන් ගෙයක තිබී මායා දේවිය දුටු සිහිනය දක්වන කැටයම් පුවරුවක් ද හමු වී එය දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

මහියංගනය

මහියංගන චෛත්‍යය
ශ්‍රී ලංකාවේ ආදි ම ස්ථූපය වශයෙන් වංශ කථාවල සඳහන් වන්නේ මහියංගන චෛත්‍යය යි. සුමන දෙවියන් විසින් කේශ ධාතු නිධන් කොට නිල්මිණියෙන් සත් රියන් කොට බඳවන ලද බව සඳහන් වේ. මහියංගනයෙහි වම් අකුධාතුව නිදන් කළ බවට ද මතයක් පවතී. මෙය දෙවනපෑතිස් රාජ්‍ය ස‍මයේ උද්ධ චූලාභය කුමරු ලවා දෙතිස් රියන් කොට බඳවන ලද බව ද කියයි.
 
ගිරිහඬු සෑය ත්‍රිකුණාමලයට සැතපුම් 29 ක් උතුරින් තිරියාය නම් ගමෙන් සොයා ගෙන තිබෙන චෛත්‍යය ගිරිහඬු සෑය නම් වේ. තපස්සු භල්ලුක ‍දෙදෙනා විසින් කේශ ධාතු නිදන් කොට කරවන ලද බව සෙල්ලිපියක සඳහන් වේ.

ථූපාරාමය

ථූපාරාමය
ශ්‍රී ලංකාවේ පැරණි ම චෛත්‍යය ථූපාරාමය යයි වංශ කථාවල සඳහන් වේ. දේවානම්පියතිස්ස රජු විසින් ක්‍රි.පූ. 307-267 කාලයේ දී දකුණු අකු ධාතුව නිදන් කර ධාන්‍යාකාර හැඩයෙන් නිමවන ලදැයි සඳහන් වේ.

මාගම කැළණි - සේරුවාවිල - තිස්සමහාරාමය

මහානාගයන්ගේ බලය රුහුණේ පැවති සමයෙහි කැළණියේ නා රජු විසින් තැන වූ කැළණි චෛත්‍යයත්, මාගම රජුන් විසින් කරවන ලද තිස්සමහාරාමයත්, සේරුවිල චෛත්‍යයත් ප්‍රාදේශීය රජුන් විසින් කරවන ලදී. සේරුවිල චෛත්‍යයේ ලලාට ධාතු නිදන් කරන ලද බව සඳහන් වේ.

මිරිසවැටිය

අනුරාධපුරයේ මිරිසවැටි සෑය දුටුගැමුණු රජු විසින් ක්‍රි.පූ. 161-137 කාලයේ දී ප්‍රථ‍මයෙන් කරවන ලද බව සඳහන් වේ. මෙය රජතුමාගේ ජය කොන්තය නිදන් කරන ලද බව සඳහන් වේ. මෙහි දක්නට ලැබෙන වාහල්කඩ පැරණි ම වාහල්කඩ වේ.

දීඝවාපී චෛත්‍යය

මෙම ‍චෛත්‍යය සද්ධාතිස්ස රජු ක්‍රි.පූ.137-119 කාලයේ දී කරවන ලද බව සඳහන් වේ.

සේල චෛත්‍යය

රුවන්වැලි සෑයටත්, ජේතවනාරාමයටත් අතර පිහි‍ටි මෙම සෑය පිළිබඳ ඉතිහාස පුවත් පැහැදිලි නැත. සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් කරවන ලද බව ඇතමෙක් කියති. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස රජු (ක්‍රි.පූ. 119-109) විසින් කරවන ලදැයි තවත් මතයකි. මෙහි උස අඩි 10 කි. අලංකාර සඳකඩපහණ දෙකක් හා පෙන හතකින් යුත් දොරටුපාල නාග රූපයන්ගෙන් ද සමන්විත මුරගල් දෙකක් ඇති පඩි පේළි දෙකක් චෛත්‍යය දෙපස දක්නා ලැබේ.
කණ්ඨක චෛත්‍යය, ඉඳිකටු සෑය, ලංකාරාමය හා අත්තනගල්ල වෙහෙර ද අනුරාධපුර ස‍මයේ ඉදි කරන ලද දාගැබ් වේ. 

අන්තර්ජාල උපුටා ගැනීමකි.