කැටයමක් විය ගතවූ නිමේෂය෴
මිරිඟුවක් සේ පැමිනි ඇය පෙනෙන මානයේම ලැගුම් ගත්තේ කිමැයි මා නොදනිමි෴
ස්නේහ සිතුවිලි ඇගේ සිත තුල තැම්පත් වන්නට ඇති. එය සාමාන්‍යයි. මා එයට ඇයට වරදක් නොකියමි. අසම්මත ස්නේහයන් ගොඩනැගෙන මේ කුරිරු විශ්වයේ ඇගේ සිතේ තැම්පත් වුනු ඒ සොඳුරු සිතුවිලි දාමයට මා වෛර නොකරමි. ඇය මා ගැන සිතුවත් මා සිතන්නේ වෙනකෙකු ගැනයි.. සිත පුරාවට ඇති එකම ප්‍රාර්තනාව වන එම ප්‍රාර්ථනාව සඵල කර ගැනීමට මා බෙහෙවින් වෙහෙසෙමි. වෙහෙස මහන්සිය නොබලා, දිවා රෑ නිදි වරා බොහෝ කැපවීම් කරනුයේ නුඹේ සෙවනට මා හට පැමිනෙන්නට ඇවැසි පාර කපා ගන්නටයි.෴
ඔබ කටු පඳුරු ලඳු කැලෑ වලින් ගහන මහා ගිරි දුර්ග නිම් වලලු වලින් වට වී ඇත. නුඹ නමුදු දනී.මා සොයන්නේ නුඹම වග. නුඹ නොව, සිප්හලේ ගුරු සිසු සියල්ලහුද දනී, මා සොයනුයේ නුඹවමයි කියා෴
කාලය ගෙවෙමින් ඇත. මා නුඹ සමීපයටම පැමිනෙමින් ඇත. බොහෝ බාධක පසු කර හමාරය. නුමුදු, ඔබට ලංවෙන්නට පැමිනෙන මේ ගමනේ මෙතෙක් පැමිනි බාදක සියල්ලම ජය ලැබුවත්, අද මා පරාජ වී ඇත. ඒ, මතු කී ඇගේ ස්නේහය නිසාම ඈ ඇති කල ප්‍රශ්න කන්දක් නිසාය,
ඇය මා වෙත විවිද වෙස් ගෙන පැමිනියහ. විටෙක සොයුරියක් විය. විටෙක සැබැවින්ම යෙහෙලියක් විය. ඒ දෙයාකාරයම මා පිලි ගත්තේ ආත්මානුකම්පිතවය. ඇය එය වරදවා වටහාගෙන ඇත. ඇය තෙවන වර පැමිනියේ මහා රළ කඳක් මෙනි. මහා ගල් පර්වතයක හැපුනු විට කෙතරම් දැඩි රළ පහරක් වුව, බිඳී සුනු විසුනු වී යන බැව් ඔබ නොදැන ඉන්නට ඇත. ගෝෂා කරමින්, ඔබ මොබ හැපෙමින් අවට පිරිස් හටද දනවමින්ම ඔබ මා වෙත පැමිනියේ මා පෙරලා දමන්නටම බැව් මා හොඳාකාරවම දනී.
සැබැවින්ම ඒ රළ ගෙඩි බෙහෙවින් ප්‍රචන්ඩ බැව් මට පෙනිනි.මට හොඳින් දැනිනි. කුමන රළ පහරකට වුව අමාරුවෙන් ගොඩ නැගූ මා නම් පර්වථය පෙරලා දමනවාට මසිත ඉතාම අකමැතිය.
සිත දැඩි විය. කුරිරු විය. සැර පරුෂ හඬින් පෙරලෙමින් ආ නුඹ නම් රළ පහල මා වෙත හැපුනු තප්පරයෙන් සීයෙන් පංගුවක නිමේෂයෙන් බිඳී යන්නට විය. රළ තවත් අකීකරු විය. පරාජය බාර ගන්නට අකමැතිම විය. නැවතත් පෙරටත් වඩා කුරිරු ලෙස මා සුනු විසුනු කර දමන්නට තැත් කරන්නට විය.. පර්වතය පෙරලා සුනු විසුනු කර දමන්නට නුඹ පරිනත මදිය. පුංචි රල ගෙඩි මහා ගන පර්වතයකට කුමක් කරන්නද? සිසිලස දෙන්නටනම් හැකිය. ඒ හැර වෙන කිසිවක් කල නොහැක. දෙවන ප්‍රයත්නයේදී පර්වතය ඉතා දැඩි විය. සැඩ රල පෙර කෑලි කෑලි කරමින් කුඩා බිඳිති බවට සුනු විසුනු විය.
නුඹ සමා නොදෙන වග මා නොදනිමි. නමුදු මා වරදක් නොකල බවද මා දනිමි. සිදුවන්නට තිබූ විශාල විනාශයක් මෙතැකින් නිමවීම ස්වප්නයකි. පුංචි අතුල් පහරක් නිසා රෝස කම්මුල් නිල් පැහැ වූවාට සැකයක් නැති. නමුදු, ඒ වේදනාව මෙන් සිය දහස් ගුණයක වේදනාවක් මසිතේ තවමත් ඉතිරිව ඇත. ඒ නුඹට රිදවූ පවට සහ, මාගේ ගුරු දෙවිවරුන් අපහසුතාවට පත් කල පවටය.
සියල්ල සිදුවී හෝරා ගනනක් ගත විය.. දින සති මාස ගනන් ගෙවී යනු ඇත. දිනයක නුඹ මා පෙනෙන මානයෙන් නික්ම යනුද ඇත. නමුදු, අද වූ මේ දෙය මසිදේ සදාකල් ශිලාවක් සේ කැටයම් වනු නොඅනුමානය. නුඹ දන්නෙහිද.. මතු කී මා සොයනා මගේ එකම ප්‍රාර්තනාව කී ඇය වෙනකෙකු නෙමේ. මාගේ be-tech උපාදියයි.
නුඹට දුකක් මෙන්ම කුතුහලයක් මෙතුවක් ලැබුනාට කමා වන සේක්වා෴ දයාබර සොයුරිය෴
නුඹෙන් මම අවසන෴ නිහඬව අයදිමි සමා හදවතින්෴ සිදුවූයේ වරදක් බැවි මම දනිමි෴ නමුදු ඔබේ වවරද නිසාම බැව්ද මම හොඳාකාරවම දනිමි෴
අවසරයි විඳ ගන්න෴ සිදුවූ සියල්ල෴ සීතල රාත්‍රියේ෴ තනිව෴ වේදනා බර සිතින්෴
@රවීන් බණ්ඩාර
0 comments:
Post a Comment