“ලෝච.. මේ...
යමන් යන්න.. අපිට එයා එක්ක කථාවක් නෑ...”
සජ්ජ මාව
ඇදගෙන ලෝචනා ඉදිරිපටටම ගියේ ඇය මගහැර යන්න. ඒ ඇයත් එක්ක සජ්ජ කතා කලොත් මගෙ හිත
තවත් පෑරෙන වග ඌ දැනන් හිටි නිසා වෙන්න ඕනෙ. ඒ වගේම සෙට් එකේම උන් ලෝචි ට තමන්ගෙම
සහෝදරියකට මෙන් සලකපු එකත් ඒකට එක් හේතුවක් වෙන්න ඇති..
“ලෝචන...”
ලෝචිගෙ හඬ
හමුවෙ ඇය පසුකර යෑමේ අධිෂ්ඨානය එහෙමම නැතීවී ගියේ ඈ කෙරෙහි හිතේ තිබුනු ස්නේහය එහෙමම
මසිතේ රැඳී තිබූ නිසාම වෙන්නැති.
“කියන්න..”
බිමට බරවෙලා
තිබිනු ඒ මලානික මුහුණ දෙස බලාගෙන අපහසුතාවෙන් වුවත් පැවසුවෙ හදවතින් ආපු ඉකිබිඳුම
නවත්ත ගන්න උත්සාහ ගනිමින්.
“මේ...
ලෝචනා... කරුනා කරල අපට අපේ පාඩුවෙ යන්න දෙන්න.. ඔයාල වගේ බෝනික්කන්ට සෙල්ලම්
කරන්න අපේ ජීවිත සෙල්ලම් බඩු නෙමේ.. අපි ගොඩක් දුප්පත් අහිංසක අම්මල තාත්තලගෙ
දරුවො..”
සජ්ජ ටිකක්
සැරෙන් කීවෙ හිතට ආපු ආවේගෙට වගේම දුකට කියල මම හොඳටම දැනන් හිටිය.
“අයිම් සොරි
ලෝචන.. මට විනාඩියක් කතා කරන්න ඕනෙ. හැමෝටම හොරෙන් ඔයා මීට් වෙන්න මගට ආවෙ ඒකයි..”
ලෝචිගෙ අසරණ
මූණ දිහා බලාගෙන මට ඒ ඉල්ලීම ප්‍රථික්ශේප කරන්න හයියක් තිබුනෙ නෑ..
“සජ්ජ.. මචන්..
මට විනාඩි පහක් දියන්...”
සජ්ජ
කේන්තියෙන් මදක් එහාට ගියෙ මගෙ ඉල්ලීමට පිටුපාන්න බැරි කමට කියල මට හොඳටම තේරුන...
“ලෝචනා...
කියන්න..තව මොනවද ඔයාට කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ නංගි..?”
ඇය හිටියෙ බිම
බලාගෙන.. ඒ මුහුණෙ මහා දුකක් ගැබු වෙලා කියල මට බැලූ බැල්මටම පෙනුන. ඒත්, ඒ දුක මම
දුන්නු දුකක් නෙමෙයි. ඒ මුහුණ නිසා මටයි දුකක් ඇති වෙලා තියෙන්නෙ... මම හිටියෙ
කිසිවත් කර කියා ගන්න බැරි තරම් අසරණ තත්වෙක.
“අයියෙ... මට
ඔයාට කියන්න දෙයක් තියෙනව...”
ඇය කීවෙ ඉවත
බලාගෙන ඇස්වල කඳුලු පුරවගෙන...
“මොකක්ද
ලෝචනා.. කියන්න...”
ඈ කුලු පිරුණු
දෑසින් මා දෙස නැවතත් බලා ඉවත බලාගෙන කල්පනා කරන්න පටන් ගත්ත... කියන්නෙ කුමක්
වුවත් එය බොහොම බරපතල දෙයක් බැව් මට හොටම තේරුම් ගිහිල්ලයි හිටියෙ.
“අයියෙ... ඔයා මම එවපු ලිවුම කියව්වනෙ. ඒ හැමදේම ඇත්ත. ඒත්,
ඔයාව අඳුන ගත්තට පස්සෙ මගෙ හිත මටත් නොදැනී ඔයාට ගොඩාක් ලන් උනා... සත්තයි. මට
ඔයාට බොරු කියන්න බෑ. ඔයා එදා ග්රවුන්ඩ් එකේදි බත් කවපු වෙලේ ඉඳන් මට මේ ලෝකෙ මගෙම
කියල කෙනෙක් ඉන්නව නේද කියල දැනුන. ඔයාගෙ දුප්පත් කම නිසා මම ඔයාව විහිළුවට ගත්ත
කියල හිතන්න එපා..”
“සත්තයි.. ඔයා
තමයි මම දැකපු මේ ලෝකෙ පෝසත්ම කෙනා ලෝචන අයියෙ.. ඔයාගෙ හදවත ඔයාගෙ ගතිගුණ ගොඩාක්
පෝසත්. ඒ වගේම මම මේ ලෝකෙ දැකපු හොඳම
යාළුවො සෙට් එක ඉන්නෙත් ඔයාට..”
“අපේ අම්ම කියන
කථාව ඇත්ත ලෝචන අයියෙ. මම වගේ අවාසනාවන්ත කෙල්ලෙකුට වාසනාව පෙනෙන්නෙ නෑ...”
ලෝචනාගෙ
ඇස්වලින් කඳුළු වැටෙන්න උනේ ඈ කියවාගෙන යද්දිමයි.. කෙමෙන් කෙමෙන් ඇගේ හඬ ඉකිබිඳුමක්
බවට පෙරලෙන්නට විය..
“මට සමා වෙන්න
අයියෙ...”
ඈ දෑත් එක්කර
මට වඳින්නට මෙන් මා අභියස පහත් වන්නට විය. මා ඇගේ දෙව්රෙන් අල්ලා නැගී සිටුවන්නට
සදත්ම ඈ මගේ පපුවට ගුලිවී හඬන්නට වූයේ මා අන්ද මන්ද කරමිනි.. වටපිට බලන විට සජ්ජද
කිසිත් තේරුම් ගත නොහැකිව මීටර් 50ක් පමන ඈතින් මේ සිදුවීම් සමුදාය දෙස දෑස් අයා
බලා සිටින වග මට පෙනිනි..
“මට සමා වෙන්න
රත්තරං......”
ලෝචි කීවෙ
ඉකිබිඳුම් අතරින්..
මා ඈ හට
ඇතිතරම් හඬා දුක තුනී කර ගන්නට හැර නිහඬව සිටියේ ඈ මගේද නැතහොත් මේ අපේ කථාවේ
අවසානයද යන්න තේරුම් ගන්නට බැරිව දෙලොවක් අතර අතරමන් වෙමිනි..
හමුවෙමු යලිත් විඳින විඳවන සෙනෙහසක සැබෑ තතු
අරන්
පිනි මත බඹරු 12 වන කොටස සමගින්...
රැඳී සිටින්න අප සමග.
රචනය: රවීන් බණ්ඩාර
0 comments:
Post a Comment