Tuesday, April 29, 2014

දුකම පතාගෙන ආපු නිසා... දුකම සදා මට උරුම උනා....



දුකම පතාගෙන ආපු නිසා... දුකම සදා මට උරුම උනා....


උදේ පාන්දරම නාගරික වෙළද සංකීර්ණයට ගියෙ ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගන්න කියල හිතාගෙන.. 

අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය කීපයකුත් අරගෙන ඇවිදල ඇවිදලම හෙම්බත් වෙලා හිටපු නිසා පොඩ්ඩක් වෙහෙස නිවා ගන්නයි පැත්තකින් තිබුනු රවුම් තරප්පු පේලියෙ සුදු යකඩ වැඩට හේත්තු වුනේ.

එක එක ජාතියෙ මිනිස්සු කඩි මිඩියෙ එහෙ මෙහ ගියෙ හරියට තව මොහොතකින් වෙළද සංකීර්ණයේ සියළුම භාන්ඩ අහර වෙනවා යැයි කියන්නාක් වගේ..

කොන්ඩ ස්ට්‍රේට් කරපු අක්කල, ඇන්ටිල, ඩෙනිම් ඇදල බාට කෑලි දෙකක් දා ගත්තු පන්ති යන මල්ලිල, අගල් හතර හමාරෙ සාය කෑලි ඇදගත්තු ලිෆ්ටික් වලින් තොල් දෙක වහගෙන කියුටෙක්ස් වලින් ඇගිලි වලට විගඩම් කරපු ගෑණු ළමයි, ගවුමක් ඇදගෙන බෑග් එකක් දාගෙන පිලිවෙලකට පන්ති යන සමහර වැදගත් නංගිල, වගේ බොහෝ දෙනා ඔය අතරෙ උනා..

මේ හැම කෙනෙක්ම වගේ හිටියෙ එක එක්කෙනාට වෙන් වුනු වෙන වෙනම මානසිකත්ව වල..

මම මේ ටික ලීවෙ ඕක කියන්න නම් නෙමේ..

ඔය අතරෙ ඔතනට ආව බිම ගෑවෙන තරමට දුඹුරු පාට සායක් සහ අත අගිස්සෙන් බාගෙට ඉරුනු පැල්ලම් ඉහිරුනු ලා කොල පාට බ්ලවුසයක් ඇදගෙන අඩිය පෑදෙන්න ගෙවුනු රතුපාට කකුලෙ ප්‍රමාණෙට වඩා කුඩා සෙරෙප්පු දෙකක් දා ගත්තු, කොන්ඩෙ අවුල් වුනු, කණේ කරාඹු දෙක වෙනුවට පුංචි කෝටු කෑලි දෙකක් ගහපු මැදිවියේ කාන්තාවකුයි, නිල්, දුඹුරු කහට ඉහිරුනු කහපාට ටීෂර්ට් එකකුයි, සුදු වෙන්නම පාඩ පිච්චුනු වාටියෙ පැත්තක් ලිහුනු ශෝට කලිසක් ඇදල, ඔහේ වැවුනු තෙල් ටිකක්, පනාවක් කාලෙකින් නොදැකපු අවුල්වී ගිය හිසකෙස් වලින් හෙබි වයස අවුරුදු 8ක විතර පුංචි එකෙකුයි.

විස්වාස කරයිද මන් දන්නෙ නෑ.. මේ දරුව දාගෙන හිටපු ඒ නිල්පාට බාට කෑලි දෙකේම විළුඹ ගාවින් අගල් එක හමාරක විතර විශ්කම්භයක් ගත්තු විශාර සිදුරු දෙකක්.. 

ඔහු පොලවට අඩිය ලගසන විට විළුඹ කෙලින්ම බිම වදිනව..
මට මතක් උනේ මීට ටික දවසකට කලින් අපේ අල්ලපු ගෙදර සිදුවූ සිදුවීමක්...

උවුන් ටිකක් යමක් කමක් තිබෙන පවුලක්..

පාසැලේ  8 වසරේ ඉගෙනුම ලබන ගැහුණු ළමයකු ඔවුන්ගේ බවුලේ එකම දිරුව. ඇයගේ සපත්තුවේ ඉදිරියෙන් අඩිය තබන විට නැමෙන තැන පුංචි පැලීමක් සිදුවූවා කියා, ඔවුන් එවලේම ටවුන් එකට ඇවිත් රුපියල් දහස් ගනනක් වටිනා සපත්තු ජෝඩවක් ගෙනැවිත් දුන්නේ ඒ පුංචි මිලි මීටර දෙකේ පැලීම ඇයට අගෞරවයකැයි සිතා මෙනි..

මෙවන්  දේ සිදුවන සමාජයක මෙවැනි අසරණ උනුත් ජීවත් වන වග මට සිදුනේ සිතට මහා සන්තාපයක් එක් කරන ගමන්...

අම්මෙ... මට බඩගිනී...

මම හේත්තු වී සිටි සුදු යකඩ වැටටම හේත්තු වුනු මැදිවියේ ගැහැණියගෙන් පුංචි කොළු පැටියා ආයාචනාත්මක ඉල්ලා සිටියේ කුසට අහරකි.. බැලූ බැල්මෙන්ම ඔවුන්ට රජ බොජුන් බුක්ති විදීමට වත්කම් නැති..

කන්ඩ ගත්තොත් අපට මෙහෙ තමයි ඉන්ඩ වෙන්නෙ.. දැන් තාත්ත බලල අත්තම්ම එයි ඉස්පිරිතාලෙ ඉදන්.. අත්තම්ම ආවම බලමුකො.. ම්...

දෙයියනේ.. මෙච්චර දුප්පත් අසරණ මිනිස්සුන්ටමයි කරදර..

මට එහෙම හිතනෙ ඒ ජීවිත වල තිබුනු මහා දුක් අදෝනා වලින් අල්පයක් හෝ මගෙ දෙසවනට වැටුනු නිසා...

ඒ අතරෙන ඈතින් පේන ප්ස්ට්‍රි ශොප් එකේ මේ වයසෙම පුංචි එකියක් මයිලෝ එකක් බිබී, සබ්මැරීන් එකක් ගිල දමන අයුරු ආසාවෙන් කුසට අත ගසාගෙන පොඩි එකා බලාගෙන ඉන්නව දකිද්දිනම් මගෙ පපුව හෝස් ගාල ගියා...

ඇත්තේ එසේය... නැත්තෝ මෙසේය... කියා මට සිතුනේ ඇස් ඉදිරිපිටම දැකපු මේ වික්ශිප්ත දසුන් නිසාමය...

පුංචි එකා දෑස් දල්වා බලන් ඉදල බම් බලා ගත්තෙ මහා ලොකුවට සුසුමක් පිට කරන ගමන්..

ඒ සුසුමින් මලා ලොකු කතා ගොඩක් නොතේරුම් කමට මුත් පොඩි එකා පිට කල වගනම් මට හොද හැටි තේරුම් ගියා..

සමා වෙයන් පුතේ.. මගෙ අතෙත් සල්ලි නෑ.. තිබුනු අන්තිම සතේටත් බඩු ගත්ත... මම එතනින් පිට උනේ.. මටම එහෙම කියා ගන්න ගමන්...

සටහන්: @රවීන් බණ්ඩාර. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

0 comments:

Post a Comment