Wednesday, November 12, 2014

සමනළ දඩයම - තෙවන කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- තෙවන කොටස -


ඉතා සෙමින් ආ මෝටරථයක් ෆ්‍රොයිඩ්ගේ නිවසට මීටර් 50ක් පමණ දුරතියා නතරවිය.ඒ තුළ රහස්පරීක්ෂක සෑම් සහ ඔහුගේ සහයිකාව ජෙසිකා විය.
මොහොතකින් ෆ්‍රොයිඩ්ගේ මෝටරථයද මාර්ගයේ එහා කොනෙන් වේගයෙන් ඇතුළුවී නිවස ඉදිරිපිට නතරවිය. ෆ්‍රොයිඩ් ගෙට ඇතුළුවී දොර වසාගත්තේය. අනතුරුව නිවසේ විදුලිපහන් කිහිපයක් දැල්වුනි. රහස්පරීක්ෂක සෑම් අදෝරක්ත දුරදක්නය දෑස්මත තබා ගත්තේය.
- ජෙසිකා , ඔබට විශ්වාසද මිස්ටර් ෆ්‍රොයිඩ් මේගෙදර තනියම ඉන්නවා කියලා. මට තවත් කෙනෙක් පේනවා , උඩ තට්ටුවේ පුටුවක වාඩිවෙලා ඉන්න කෙනෙක්.
- නැහැ සෑම්, ඔහු ඉන්නේ තනියම තමයි.කෝ දෙන්න බලන්න.
ජෙසිකා දුරදක්නය ගෙන පරීක්ෂාකරබැලීය.
- ඔන්න ෆ්‍රොයිඩ් කාමරයට ඇතුළ්වුනා.
ම්ම්ම්.. ඒදෙන්නා කතාකරනවා වගේ.
- කවුද මේ කෙනා.
- සෑම් ,මේ කෙනා කොහොමටත් ගෙදර කෙනෙක් වෙන්න බැහැ.
ෆ්‍රොයිඩ් සහ අමුත්තතා අතර සාකඡාව වැඩිවෙලා නොපැවතුනි.ඔවුන්ගේ සංවාදය බහින්බස්වීමකට පෙරලුණි.මොහොතකින් නිවසේ දොර විවර විය.දෙදෙනාම එළියට බැස එකිනෙකාට බැනගත්හ.අමුත්තතා නිවස පිටුපසින් වනාන්තරය දෙසට තිබූ කුඩා දොරටුව දක්වා ගොස් යළිත් ෆ්‍රොයිඩ් දෙසට හැරී බනින්නට පටන්ගත්තේය.නිවසේ විදුලිපහන් වල දුබල ආලෝකය රහස්පරීක්ෂකයන්ට අමුත්තතාගේ මුහුණ හඳිනාගැනීමට බාධාකලේය.අවසානයේ ෆ්‍රොයිඩ් ගෙටගොස් වේගයෙන් දොරවසා විදුලිපහන් නිවාදැමීය. අන්ධකාරය යළි පැතිරුණි. අමුත්තතා අඳුර තුළින් නොපෙනීගියේය.
- සෑම් ඔහු කොහෙටද ගියේ .
- මේකට අහුවෙන්නැහැ. පුදුමයි. සෑම් දුරදක්නය දෑස් මත තබාගෙන මෝටරථයෙන් බැස අවට පරීක්ෂාකර බැලීය.
- වනාන්තරය පැත්තට යන කෙනෙක් පේනවා..ඒ ඔහු වෙන්න ඕන
- සෑම් , අපි ඔහුව ලුහුබඳිමු..!
- වැඩක් නැහැ. ඔහු දැනටමත් සෑහෙනදුර ගිහින්.
සෑම් මෝටරථය පනගන්වා නගරය දෙසට ධාවනය කලේය.

- මතුසම්බන්ධයි -
රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

0 comments:

Post a Comment