Wednesday, November 12, 2014

සමනළ දඩයම - හයවැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- හයවැනි කොටස -



සෑම් සහ ජෙසිකා , ෆ්‍රොයිඩ්ගේ නිවසින් පිටතට පැමිණෙනවිටම වාගේ මහාචාර්ය මොරේසියස්ද එතනට පැමිණියේය. සෑම් ඔහු ඇමතුවේය.
- සුබ උදෑසනක් ප්‍රොෆෙසර් මොරේසියස්. මෙහෙදී ඔබව හමුවීම සතුටක්.
- සුබ උදෑසනක් ඔබටත්. ඒත් ඔබට වැරදීමක් වෙලා වගෙයි.
- නැහැ, මංනම් එහෙම හිතන්නැහැ.මම ඩියුක් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ප්‍රොෆෙසර්ව නිතර දැකලා තියෙයි. කමක් නැහැ, මම සෑම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.මේ මගේ සහයිකාව ජෙසිකා පාකර්
- හ්ම්ම්.. එහෙනම් ඔබ මාව හඳුනාගත්තා. කොහොමවුනත් හමුවීම සතුටක්.
ප්‍රොෆෙසර් මොරේසියස් ඔවුන් දෙදේනාටම අතට අතදී පිළිගත්තේය.
- හැබෑටම ප්‍රොෆෙසර් මේවගේ පිටිසර පළාතක ඔබ මොනවද කරන්නේ.
- මං දැන් පරීක්ෂණවලින් ඉවත්වෙලා.මෙහෙට වෙලා විවේකයෙන් ඉන්නවා.මේ දැනුත් සමනළ්ලු අල්ලන්න යනගමන්. ඒක හරිම විනෝදජනක වැඩක්.
ප්‍රොෆෙසර් තමන් අත තිබූ කෲමීන් ඇල්ලීමට යොදාගන්නා දැලක් පෙන්විය.
- බොහොම හොඳයි ප්‍රොෆෙසර්.අපි දැන් පිටත්විය යුතුයි.ඔබ නගරය පැත්තේ ආවොත් එන්න,උද්‍යානයට යනමාවතේ දෙවනියට හමුවෙන්නේ අපේ නවාතැන.
- හොඳයි දරුවා.. මං නගරයට ආවොත් නොවරදවාම එන්නම්. සුබගමන්.!
* * *
-සෑම් ඒකියන්නේ ඔබ ඔහුව විශ්වවිද්‍යාලයේ ඉන්නකාලේ ඉඳන් හ්ඳුනනවා.
ජෙසිකා මෝටරථයට ගොඩවනවිට සෑම්ගෙන් විමසීය.
- නැහැ. මං ඩියුක් විශ්වවිද්‍යාලයේ පැත්තෙවත් ගිහිල්ලා නැහැ. මිනිහව මුළ්වරට සජීවීව දැක්කේ අදයි.
නමුත් මං මිනිහා ගැන අහළා තිබුණා.පුවත්පත්වල දැකලා තිබුණා.කොහොමද මගේ අනුමාන කිරීම හරියටම හරිගියා.
- ඇත්තටම විශිෂ්ටයි සෑම්.
- ජෙසිකා ඒ මිනිහා කියපු හැමදේම බොරු.
ඔයා දන්නවද මිනිහා නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජේෂ්ඨම මහාචාර්යවරයෙක් ඒත් රජයේ මුදල් බිලියන ගානක් යටකරලා ඔහු කරපු පරීක්ෂණ දිගටම අසාර්ථක වුනා .අන්තිමට ඩියුක් විශ්වවිද්‍යාලයෙන් ඔහුව ඉවත්කරලා දැම්මා.ඊට පස්සේ වසර ගනනක් මිනිහා ගැන කිසිම තොරතුරක් වාර්තාවුනේ නැහැ.
මං අහලා තියන විදිහට මොරේසියස් කියන්නේ කවදාවත් පරීක්ෂණයක් අතරමග නවත්වන කෙනෙක් නෙවෙයි. ඔහු මෙහි විවේකයෙන් ඉන්නවා කියන එක බොරු.ඔහු සමනළ්ලු අල්ලන්නේ මොකක් හරි විශේෂ දෙයකට. අනිත් එක මොරේසියස් කවදාවත් කිසිම කෙනෙක් එක්ක වචනයක් කතාකරන සුහදශීලී කෙනෙක් නෙවෙයි.
ඔහු අපිත් එක්ක කතාකර්පු විදිහ මේ අපරාධ එක්ක මිනිහගේ තියෙන සම්බන්ධය හොඳින්ම පෙන්වනවා.නමුත් මිනිහා මියගිය ෆ්‍රොයිඩ්ගේ හොඳම මිත්‍රයෙක්.
- ඉතින් සෑම් ඇයි ඔහුත් සමග ෆ්‍රොයිඩ්ගෙ මරණය ගැන කිසිමදෙයක් කතානොකලේ. ඔහුට විරුද්ධව අපි ළඟ කිසිම සාක්ෂියක් ඇත්තෙත් නැහැ නේද ?. ඔහුගේ නිවස පරීක්ෂාකරානම් ගොඩක් සාක්ෂි හොයාගන්න පුළුවන්වේවි.
- ජෙසිකා , මොරේසියස් කියන්නේ ඇමරිකාවේ ඉන්න සූක්ෂ්ම බුද්ධියක් තියන කිහිපදෙනාගෙන් කෙනෙක්. ඔහුගෙ නිවස පරීක්ෂාකරත් ලොකු සාක්ෂියක් ලැබෙයිකියලා හිතන්න බැහැ. ඔහු පැහැදිලිවම දන්නවා අපේ ප්‍රධාන සැකකාරයා ඔහු කියලා.
- එහෙමනම් මොකක්ද ඔබේ සැලැස්ම.
- මං දැල එළලා ඉවරයි ජෙසිකා.මං ඔහුට මගේ නවාතැන තියන තැන විතරයි කිව්වේ. අපිට වැඩිය මහන්සිවෙන්න දෙයක් නැහැ.අද රාත්‍රියේ ඔහු නිසැකවම සාක්ෂිත් අරන්ම මහේ නිවසට එනවා.
ඔයත් හවසට මගේ නවාතැනට එන්න. ඉතුරු වුන විස්ක් බෝතලේකුත් තියෙයි..

- මතුසම්බන්ධයි -

රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

0 comments:

Post a Comment