Wednesday, November 12, 2014

සමනළ දඩයම - පස්වැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- පස්වැනි කොටස - 
 

ෆ්‍රොයිඩ් මියගොස් දින කිහිපයකට පසු උදෑසනක සෑම් ජෙසිකා සමග ඔහුගේ නිවස පරීක්ෂාකිරීම සඳහා පිටත්විය.එහෙත් ඔවුන් එහි යන්නට පෙර කිසිවකු ෆ්‍රොයිඩ්ගේ නිවසට ඇතුළු වී ඇතිබවට සලකුණු පෙනෙන්නට තිබුණි.
- සෑම්, අපිට කලින් කවුරුහරි මෙහෙට ඇවිත් වගෙයි. බඩු මුට්ටු හැමදෙයක්ම පෙරලලා දාලා.
ඒත් මේ බලන්න ෆ්‍රොයිඩ්ගේ වටිනා අත්ඔරලෝසුවත් එහෙම්මම තියෙනවා.
එතකොට මෙච්චර ගේ පෙරලලා හොයලා තියෙන්නෙ මොනවද ?
- ජෙසිකා , ආපුකෙනා කවුරු උනත් හොයලා තියෙන්නෙ මේක .
සෑම් දෙකට මැදින් ඉරා. පොඩිකර මුල්ලකට වීසිකර තිබූ ලිපිගොනුවක් ජෙසිකාවෙත දිගුකලේය.
- මේක ෆ්‍රොයිඩ්ගේ බැංකු ගිණුම් ලියකියවිලි වගයක්.
බලන්න ෆ්‍රොයිඩ්ගේ ගිණුමේ ශේෂය ඩොලර් ලක්ෂයක් වත් නැහැ. ඔහු ගත්තු ණය කිහිපයක වාරික ගෙවීම පහැර හැරීම ගැන බැංකු කිහිපයකින්ම එවපු ලියුම් මෙතන තියේ.
- සෑම් , මිස්ටර් ෆ්‍රොයිඩ් තමයි ඇමරිකාවේ හිටපු තුන්වැනි කෝටිපතියා. මේක විශ්වාසකරන්න පුළුවන්ද ?
- ජෙසිකා.. ඔබට අමතකද හිරේදි මියගිය මයිකල් ෆ්‍රොයිඩ්ගෙ ධනයෙන් බිලියන ගානක් වංචාවකරපු විත්තිය.මිනිහා ඊට පස්සේ බංකොලොත් වුනා. ගේ පෙරලලා හොයපු දේ මොනාඋනත් ,ඒ කෙනාට ෂුවර් එකටම ෆ්‍රොයිඩ්ගෙන් මුදලක් අයවිය යුතුව තිබුණා. ඔහුට මේ ටික දැක්කම යකානැගලා තියෙනවා.
- හ්ම්ම්..මිස්ටර් ෆ්‍රොයිඩ් දිවිනසාගන්න හේතුවත් මේක වෙන්න ඇති.
- අනිවාර්යයෙන්ම හේතුව මේක තමයි.
- එතකොට සෑම් ,අපේ රාජකාරිය මෙතනින් ඉවරද මයිකල්ව ඝාතනය කිරීමට පෙළබීමට තරම් සාධාරණ හේතු ෆ්‍රොයිඩ්ට තිබුණා කියලා පැහැදිලියි.
ඒත් මයිකල් ඝාතනයකල විදිහ තාමත් අභිරහසක්. මං අපරාධ විද්‍යාව හදාරපු අවුරුදු පහටම කොයිතරම් අපරාධ විශ්ලේෂණය කරාද. ඒත් සිරමැදිරියෙදි සිදුවෙච්ච මයිකල්ගේ ඝාතනයවගේ සූක්ෂ්ම අපරාධයක් හමුවෙලා නැහැ. අපරාධකරු කිසිම සාක්ෂියක් ඉතුරුකරලා නැහැ.
- අපේ රාජකාරිය දැන්ම අවසන්වෙන්නෙ නැහැ ජෙසිකා.
මයිකල්ගේ ඝාතකයා,ෆ්‍රොයිඩ්ගේ දිවිනසාගැනීමට හේතුවූ කෙනා ඒ වගේම මේ ගේ පෙරලලා ලිපිගොනුව ඉරලාදාපු කෙනා මට නම් මේ වෙලාවෙත් පැහැදිලව පේනවා තව මොහොතකින් ඔහු මෙතනට එනවා. ඒ වගේම එදා ෆ්‍රොයිඩ් එක්ක රණ්ඩුවුනෙත් මේ කෙනාම තමයි.
- සෑම්.. ඔබ කොහොමද ඔච්චර දෙයක් කියන්නෙ.මට හිතාගන්න බැහැ. මටනම් කවුරුත් පෙනෙන්නෙත් නැහැ.
- ජෙසිකා හොඳින් බලන්න අර වනාන්තරය පැත්තේ ඉඳන් මෙහාට එන මිනිහා.
ඔහු තමා මහාචාර්ය මොරේසියස්..!
එන්න.. ඉක්මනට පහලට බහිමු ජෙසිකා . ප්‍රොෆෙසර් බොහොම සුහදශීලී කෙනෙක්. ඒත් අපිව අදුනාගැනීමට නම් කැමතිවෙනඑකක් නැහැ.

- මතු සම්බන්ධයි -

රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

0 comments:

Post a Comment