පිනි මත
බඹරු(12 වන කොටස)
“ලෝචි෴ ඇයි
රත්තරං...? මේ තරම් ආදරේනම් මට අර විදියෙ ලිව්මක් එව්වෙ.? ම්...”
ඇගේ හිස
අතගාමින් මා විමසන විට ඈ තවත් තදින් මා තුරුලට වූයේ මට ඔයා නැතුව බෑ ලෝචන අයියෙ
කියන්නාක් මෙනි.
“මට සමාවෙන්න
අයියෙ෴”
ඈ මගෙ පපුවට
තුරුල් වෙලාම ඉඳන් හිස හරවල මගෙ ඇස් දෙක දිහා බලාගෙන කීවෙ කවමදාකවත් අමතක කරන්න
බැරි තරම් අහින්සක කමක් ඒ ඇස්වල පුරෝගෙන කියල නම් මට හොඳටම තේරුනා.සමාව ඉල්ලුවෙ
මගෙන් වෙන් වෙන්නද, නැත්නම් ආයෙත් දාල යන්නෙ නෑ කියන අදහසින්ද කියල නම් මට තේරුනේ
නෑ...
“කියන්න... ඇයි
ඔයා එහෙම කතාවක් කීවෙ..? ම්..”
“අයියෙ.. ඒක
ටිකක් දිග කතාවක්..”
ලෝචනා පැවසුවෙ
දිගු සුසුමක් පිට කරමින්.
“හරි ඉතින්..
ටික ටික කියන්න.එතකොට දිග අඩුවෙයි..”
මම එහෙම කීවෙ
ලෝචනා හිනස්සන්නත් එක්ක.ඒත්, ඇගේ මුවින් පිටවුනේ අවඥ්ඥාසහගත සිනහවක්.
“හම්.. මං
හැමදේම කියන්නම්. එතකොට ඔයාටම මාව එපා වෙයි. අපි ටිකක් නිදහස් තැනකට ගිහින් කථා
කරමුද..?”
ලෝචනා යෝජනා
කරේ මහා බැරෑරුම් දෙයක් කියන්න වග මට හොඳින්ම තේරුනා.
“සජ්ජ, මචන්
ලෝචනාට ටිකක් කථා කරන්න ඕනෙලු. ටිකක් නිදහස් තැනකට යමු කියනව. කොහෙද බන් යන්න
තියෙන්නෙ.෴”
මම සජ්ජ ලඟට
ගිහින් ඇහුවෙ කර කියා ගන්න දෙයක් නැතිව.
“හම්.. මේකෙ
ඉවරයක් තියෙන්නත් එපැයි. යමන්. අපි රුවන්වැලි සෑය ලඟට යමු. බලමු.. කියන්න තියන හැම
දේම කියල ඉවරයක් කරන්න කියපන් අදම.. යමු෴”
සජ්ජ තවමත්
කථා කරන්නෙ නම් කේන්තියෙන් කියල මට හොඳටම තේරුන෴
රුවැන්වැලි
සෑයට අපි තුන් දෙනාම ගියත්, කිසිවෙකුත් අතරවත් කථා බහක් නම් සිද්ද උනේ නෑ෴
දැඩි
නිහඬතාවෙකින් පස්සෙ රුවන්වැලි සෑය පිවිසුන් දොරටුවෙනුත් වැලි මලුවට ඇවිත් සජ්ජ
නිහඩතාවය බිඳ දැමුව෴
“ලෝචනා෴ ඔන්න
මම නම් දන්න නිදහස්ම තැන. අපි එහා පැත්තට යමු. කියන්න තිය හැම දෙයක්ම කියල කථා
කරගෙන තීරණයක් ගන්න. මට බෑ උඹල දෙන්නම විඳවනව බලන් ඉන්න෴”
රුවන්වැලි
සෑයේ පිටුපසන වන්නට පිටි ගල් කණු අසල සෙවනට අපි පිවිසියේ සුමුදු සුලං රැලි තව තවත්
අප සිත් සංසුන් කරන මොහොතක
මහා චෛත්‍ය
රාජයානන් දෑස් මානයේම විරාජමාන වන්නට විය. මුදු සුරං රැලි ලෝචනා ගේ අකීකරු
කෙහෙරැලි ඔහේ විසුරුවා හරිද්දි, ඈ චෛත්‍ය සෙවනේ වූ ගල් පතුරක් උඩින් බෑගය තබා බිම
වාඩි උනේ ඉතාම සංවර ලීලාවකින්.
“යමන්. උඹත්
පලයන් එතන්ට. මම මේ කොහෙ හරි ඉන්නම්.”
සජ්ජ මාවත්
ලෝචනා ලට තල්ලු කරල යන්න සැරසුනේ අපට අපේ නිදහසේ තීරණයක් ගන්න ඉඩ දීල වෙන්න ඇති.
ඒත් එයට ඉඩක් ලැබුනේ නෑ.
“සජිත් අයියෙ.
ඔයත් එන්න..”
සජ්ජට කර කියා
ගත හැකි දෙයක් නොවූයෙන් ලෝචනා අසලම මා වාඩි වෙද්දි අප අසලම වාඩි උනා..
කුමක් නමුත්
ලෝචනා කියන්නට යන්නෙ නම් බොහොම සංවේදී දෙයක් බැවි නම් මට හොදින්ම තේරිලා තිබුනෙ.
“කියන්න ඔයාගෙ
කථාව. මම අහන් ඉන්නෙ..”
සජ්ජ මගෙ දිහා
බැලවෙ සිදුවන්නට යන කිසිවකත් තේරුම් ගන්නට බැරිව..
“ලෝචන අයියෙ.
මුලින්ම මට සමා වෙන්න මම මේ ගැන නොකීවට කලින්..”
“මගෙ අම්ම
ඩොක්ටර් කෙනෙක්. තාත්ත ගුරුවරයෙක්. එයාල ගොඩක් වෙනස් අය. පුංචිම කාලෙ ඉදන් එයාලට
ඕනෙ විදියටයි මම හැදුනෙ. ඇදුමක් ගත්තත්, පවුඩර් එකක්, ක්‍රීම් එකක්, සෙරෙප්පු
දෙකක් ගත්තත් මම ගත්තෙ එයාලට ඕනෙ දේවල්. කවදාවත් මට මට ඖනෙ විදියෙ දෙයක් ගන්න
අවසරයක් ලැබුනෙ නෑ. මගෙ ජීවිතේ හැම තීරණයක්ම ගන්නෙ එයාලා. කොටින්ම මම හදාරණ
විශයන්, මම ආස්රේ කරන්න ඕනෙ යාළුවො, මම කන්න ආස කෑම, මේ හැම දේම තීරණේ කලේ එයාලා.
මට ආස දෙයක් ගන්න, ආස දෙයක් කරන්න මට එයාල
ඉඩ දෙන්නෙ නෑ.”
“ඔයා දන්නවද.
එයාලට හොදට සල්ලි තියෙනව. ඒත්, මට ඇදුමක් ගන්න හරි සල්ලි දෙන්නෙ දෙපාරක් හිතල. බස්
එකේ එන්න ක්ලාස් යන්න සල්ලි දෙන්නෙ ගානට.ගෙදරින් මාව ගොඩක් හිර කරල තියන් ඉන්නෙ.
මම දන්නෙ නෑ ඒ ඇයි කියල. මගෙ වයසෙ අනිත් ගෑණු ළමයි දිහා බලද්දි මම හිර කාරියක්
වගේ.”
“ඔයා දන්නවද..
මේ ලඟදින් මගෙ අතින් ගෙදර මල් වාස් එකක් කැඩිල, ඒකටත් මට හොදටම බැන්න. මම වියදමට
සල්ලි තියා ගන්නෙත් බස් එකට දෙන ඒවගෛන් කීය කීය හරි එකතු කරල.ඒවගෙන් දීල මම වාස් එකක් ගෙදරට ගෙනිහින් දුන්න. ඔන්න ඔහොමයි මගෙ
ජීවිතේ...”
“හෝ.. ඉතින්.. මම
ඔයාගෙන් සල්ලි ඉල්ලුවෙ නෑනෙ ලෝචනා..”
මම එහෙම කීවෙ
කියන්න දෙයක් නැති කමට.. සජ්ජනම් බොහොම අවධානෙන් සියල්ල අහගෙන හිටියෙ..
“ඉන්නකො
කියනකම්.. එයාල මගෙ ජීවිතේ මම ගන්න ඕනෙ තීරණත් අරන්..”
“මොකක්.. ඒ
කීවෙ...”
මට මුකුත්ම
හිතා ගන්න බැරි කමටයි මම එහෙම ඇහුවෙ..
“මට මැරි
කරන්නලු දැන්. එක්සෑම් ඉවර නිසා. එයාල කෙනෙක්වත් හොයල..”
“මොකක්.. මේ
මිනිස්සුන්ට පිස්සුද..? ඉතින් ඔයා මොකද කීවෙ...”
“මම බෑ කීව
ලෝචන අයියෙ.. ඒත්.. එයාල ඒ බෝයි ගෙ කට්ටියටත් පහුගිය දවසක අපේ දිහා එන්න කියල.
ගෙදර ආවමයි මම දන්නෙ. එයාල දිනත් දාගෙන අයියෙ.
මට ඕනෙ තව ඉගෙන ගන්න.. “
ලෝචනාගේ දෑස්
කෙමෙන් කදුලින් තෙත් වන වග මට පෙනුනත් ඇගේ සිත හදන්නට හෝ කියන්නට හෝ දෙයක් මසිතට
ගලා නාවේ මන්දැයි මම නොදනිමි..
සජ්ජගෙද
මුහුනෙහි මහා දුකක සේයාවක් ඇදෙමින් තිබිනි.
“කවුද ඒ
කොල්ල.. කොහෙ එකෙක්ද.. මොනව කරන එකෙක්ද...”
ස්ජ්ජ කතා
කරන්නට උනේ සෑහෙන තරහක් හිතේ පුරවගෙන..
“එයා අම්මගෙ
වැඩ කරන තැන ඩොක්ට ඇන්ටි කෙනෙක්ගෙ පුතෙක්ලු. එයා වැඩිපුරම ඉන්නෙ ඇමෙරිකා වලලු.
බිස්නස් කරන කෙනෙක් කියල තමයි කීවෙ..”
“ආහ්..” සජ්ජ එපමනක්
කියල නිහඩ උනේ ඇයි කියල මට තේරුනේ නෑ..
“ලෝචනා.. මේ
අහන්න...”
“අම්මල මේ
දේවල් කරන්නෙ ඔයා සතුටින් ඉන්නව දකින්න ආස නිසානෙ.. එයාලට වෛර කරන්න එපා.. අනික
ගෑණු ළමයෙක් උනාම නිසි වයසෙදි විවාහ නොවුනම ඒකත් ප්‍රස්නයක්.. ඒ බෝයි ට සල්ලිත්
තියෙනව නම්, ප්‍රස්නෙකුත් නෑනෙ. එයාට පුලුවන් වෙයි ඔයාව සතුටින් තියන්න.”
මා කෙසේ
මෙවදන් පැවසුවේදැයි මටම සැතුනත් මට කිව හැකි වෙන යමක් එවෙලෙහි මසිතට නාවේය.
කිසිවක් නොකිය
සජ්ජ මගෙ මුහුන දිහා බලන් හිටියෙ මගෙ තෙත්වන දෑස් දැකල වෙන්න ඇති...
වන්නට යන්නේ
කුමක්ද෴ මේ අය මොන විදියේ තීරණයක් ගනීවිද෴මේ මොවුන්ගේ ආදර අන්දරයේ අවසානයද෴ රැඳී
සිටින්න෴
විදින විදවන
සෙනෙහසක සැබෑ තතු අරන්,
පිනි මත බඹරු
13 වන කොටින් හමුවෙමු..
රචනය:රවීන්
බණ්ඩාර.
0 comments:
Post a Comment