Friday, December 6, 2013

වැදගත් ගූගල් වැදගත් පියවරක් ගනී෴

ඔබ දන්නවාද?

ඕනෑම දරුවෙකුට අන්තර්ජාලයට ප්‍රවිශ්ඨ වී, බයකින් සැකයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වන පරිදි,
අන්තර්ජාලයේ තිබූ භයානකම දෝෂයක් වූ නිල් චිත්‍රපට, වීඩියෝ දර්ශන සහ චායාරූප,
ගූගල් සෙවුම් යන්ත්‍ර මගින් සෙවීම අත් හිටුවා ඇත....


ළමයින් යොදාගෙන සිදුකෙරන ලිංගික අපයෝජනයන් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර වලින් සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සමාගම සැරැසෙයි. මේ සදහා ගූගල් සමාගම නවතම තාක්ෂණයක් ද හදුන්වා දී තිබේ. 
එයින් සිදුවන්නේ ළමා අපචාර හෝ ලිංගික ක්‍රියාකාරකම් සොයා කිසිවෙකුත් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට යන්නේ නම් එය සෙවුම් යන්ත්‍රය හදුනාගෙන සෙවුම් ප්‍රතිඵල ලබාදීම අත්හිටුවීමයි. සෙවුම් යන්ත්‍රයකින් සෙවුම් ප්‍රතිඵල ලබා ගැනීමට සෙවුම් වදන් භාවිතා කළ යුතුවේ. 
ළමා අපයෝජනයන් ඇතළත් වේ යැයි සිතිය හැකි සෙවුම් වදන් 13000 කට අධික ප්‍රමාණයක් ගූගල් සමාගම තම සෙවුම් යන්ත්‍ර පද්ධතියට එක් කර ඇති අතර එම එක් සෙවුම් වදනක් හෝ අන්තර්ජාලය භාවිතා කරන්නෙකු සෙවුම් යන්ත්‍රයේ සටහන් කළහොත් එය වහාම හඳුනාගන්නා පද්ධතිය අන්තර්ජාලයේ සෙවුම් සිදුකිරීම අත්හිටුවා දමා භාවිතා කරන්නාට අනතුරු ඇගවීමකුත් නිකුත් කිරීමේ සමත් ය. 



දැනට ගූගල් සමාගමේ 'ගූගල්' සෙවුම් යන්ත්‍රයේත් මයික්‍රොසොෆ්ට් සමාගමේ 'බ්ලින්ග්' සෙවුම් යන්ත්‍රයේත් මෙය ක්‍රියාත්මක අතර ඉදිරියේ දී අනෙක් සෙවුම් යන්ත්‍රත් මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට නියමිත ය. 

මිට අමතරව ගූගල් සමාගම විශේෂයෙන් පුහුණු කෙරූ මෘදුකාංග ඉංජිනේරුවන් අනතර්ජාල විමර්ෂකයින් ලෙස පත්කිරීමටත් සැළසුම් කර ඇත. ඔවුන්ගෙන් සමාගම බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලයේ ඇති ළමා අපයෝජන ක්‍රියා ඇතුළත් වීඩියෝ හා ඡායාරූප ඉවත් කිරීමය. 

ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් ඉවත් කිරීමේ වගකීම භාරදිය යුත්තේ මිනිසුන්ටම මිස පරිගණක වලට නොවන බව ගූගල් සමාගමේ මතය යි. 

මන්ද ඡායාරූපයක් හෝ විඩියෝවක් අපයෝජනයක් වේදැයි හෝ නොවේදැයි යන්න පරිගණක වලටම හදුනාගත හැකි තාක්ෂණයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින් ය. 


මුල දී ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් දෙකම තති මතයක පිහිටා අන්තර්ජාලයේ සෙවුම් සීමා කිරීම යනු අන්තර්ජාලයට වාරණයක් පැනවීම වැන්නකයි ද එය අන්තර්ජාලය පිහිටුවීමේ අරමුණ උල්ලංඝණය කරන්නක් යැයිද පැවසූ අතර නමුත් ලොව රටවල්වලින් එල්ල වන්න්ට ගත් පීඩනය නිසා මෙසේ ඔවුන් දැරූ ස්ථාවරය වෙනස් කරගෙන ඇත. 

දැනට තෝරාගත් රටවල් කිහිපයක මෙම වාරණය ක්‍රියාත්මක අතර ඉදිරි මාස 6 ක කාලයේ දී ලොවම ආවරණය කිරීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් සැළසුම් කර ඇත.

උපුටා ගැනීම: http://www.lankaegossipnews.com/2013/11/blog-post_9602.html

ලිපිය වැදගත්නම් ඔබේ අදහස් කියලම යන්න..
ඔබගේ අදහස් අපට මෙන්ම මෙම අඩවියේ රචකයින්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි..

1 comment:

  1. ඇත්තටම මේක ගූග්ල්ල ගත්ත ඉතා වැදගත් තීරණයක් කියලා කියන්න පුලුවන්.

    ඇත්තටම මමත් මේ දේ නිසා බ්ලොග් පොස්ට් එකක් ලීවා කැමතිනම් මෙකත් බලන්න..

    ReplyDelete