ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Wednesday, November 12, 2014

සමනළ දඩයම - අවසන් කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- අවසන් කොටස - 

 
නිසල රාත්‍රීයේ නිහැඩියාව බිඳින්නට සමත්වූයේ ඉඳහිට සෑම්ගේ නිවස පසුකර ගිය මෝටරථයක් නඟන හඬ පමණි.සෑම් රිවෝල්වරය කරකවමින් කාමරයේ ඒ මේ අත ඇවිද්දේය. ජෙසිකා බොහෝවේලාවක් තිස්සේ. සෑම්ගේ පොත් රාක්කය පිරික්සමින් සිටියේය.කවුළුව තුළින් සීතළ සුළං ඇදීආවේය.කාමරයේ විදුලි පහන යට කැරකෙන කෘමියෙක්ට කුරුමානම් අල්ලමින් සෑම්ගේ සුරතළ් බල්ලා ඒ මේ අත පනිමින් ඳැඟලුවේය.
අවසානයේ ඌ උඩපැන කෘමියාව ඩැහැගත්‍තේය.එහෙත් දැඩි හඬක් නංවමින් ඌ බිම පතිතවිය.සෑම් ඌව පරීක්ෂාකලේය.මොහොතකින් සුරත්ලා කටින් පෙණ එළියට දමමින් ඳඟ්ළා මියගියේය.
- දෙයියනේ ..ජෙසිකා ඉක්මන්කරන්න.. !
සැම් කෑගස්මින් නිවසින් එළියට පැන අඳුරු විදිය දිගේ දිවගියේය. වීදිය කෙළවර සිට කිසිවකු ඔහුට වෙඩිතැබීය.ජෙසිකා පැමිණෙන විට සෑම්ගේ වෙඩිපහරින් මහාචාර්ය මොරේසියස් බිමවැටීසිටියේය.
* * *
තුවාළ ලබාසිටි මොරේසියස් රෝහලට ඇතුළත් කරනලදී.දින දෙකකට පසු ඔහු ප්‍රකෘති සිහිය ලැබූවේය. පසුව ඔහුවිසින් අපරාධය සම්බන්ධයෙන් පාපොච්චාරණය කරනලදී.
- ෆ්‍රොයිඩ් මට හිටිය හොඳම යාළුවා. මයිකල් ඔහුගේ සේවකයෙක්. ඒත් මයිකල් ප්‍රොයිගෙ මුදල් වංචාකරා.මයිකල්ව මරාදැමුවොත් විශාල මුදලක් දෙන්න ප්‍රොයිඩ් පොරොන්දුවුනා.ඒත් පස්සේ මුදල් ඉල්ලද්දි ඔහු ළඟ මුදල් නැතිබව කිව්වා. දවසක් රෑ මං ප්‍රොයිඩ්ගේ නිවසට ගිහින් මුදල් ඉල්ලලා ඔහුට කරදර කලා.එදා රාත්‍රියේම ඔහු වෙඩිතබාගෙන මියගොස්සිටියා. පස්සේ ඔහුගේ ලිපිගොනු අවුස්සලා බලපුහාම තමයි දැක්කේ.ඔහු ළඟ ඇත්ත්ටම මුදල් තිබුණේ නැහැ කියලා.මයිකල්ගෙ මරණයට රහස්පරීක්ෂක සෑම් මාව සැක කරන බව මට හොඳින්ම පැහැදිලිවුනා.ඒකයි ඔහුව මරාදමන්න සැලසුම් කලේ.
ප්‍රොයිඩ් සහ මම මුළින් විනෝදාංශයක් විදිහට තමයි කෘමීන්ව ඇල්ලුවේ.ප්‍රොයිඩ් ළඟ ලොකු කෘමි එකතුවක් තිබුණා. අපි නිතරම කෘමින් ගැන තොරතුරු හෙව්වා .අන්තිමට මගේ දැනුම පාවිච්චිකරලා විශේෂ කෘමියෙක් නිර්මාණය කලා.මී මැස්සෙකුට වඩා දෙගුණයක් පුංචියි.ඇහැට නොපෙනන තරම් පුංචි පරිපථයකින් ඔවුන් කියාත්මක වෙන්නේ.අව්ශ්‍ය දේට ප්‍රෝග්‍රෑම්කරලා ඔවුන්ව මුදාහරින්න විතරයි තියෙන්නේ. ඔවුන්ගේ ශරීරයේ සයනයිඩ් පොඩිප්‍රමාණයක් ගබඩාකරලා අරන්යන්න පුළුවන්.මයිකල් සිරකුටියෙදි මියගියේ ඒ කෘමියෙකුගේ පහරදීමක් නිසා.

- අවසානයි - 

රචනය: සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - හයවැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- හයවැනි කොටස -



සෑම් සහ ජෙසිකා , ෆ්‍රොයිඩ්ගේ නිවසින් පිටතට පැමිණෙනවිටම වාගේ මහාචාර්ය මොරේසියස්ද එතනට පැමිණියේය. සෑම් ඔහු ඇමතුවේය.
- සුබ උදෑසනක් ප්‍රොෆෙසර් මොරේසියස්. මෙහෙදී ඔබව හමුවීම සතුටක්.
- සුබ උදෑසනක් ඔබටත්. ඒත් ඔබට වැරදීමක් වෙලා වගෙයි.
- නැහැ, මංනම් එහෙම හිතන්නැහැ.මම ඩියුක් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ප්‍රොෆෙසර්ව නිතර දැකලා තියෙයි. කමක් නැහැ, මම සෑම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.මේ මගේ සහයිකාව ජෙසිකා පාකර්
- හ්ම්ම්.. එහෙනම් ඔබ මාව හඳුනාගත්තා. කොහොමවුනත් හමුවීම සතුටක්.
ප්‍රොෆෙසර් මොරේසියස් ඔවුන් දෙදේනාටම අතට අතදී පිළිගත්තේය.
- හැබෑටම ප්‍රොෆෙසර් මේවගේ පිටිසර පළාතක ඔබ මොනවද කරන්නේ.
- මං දැන් පරීක්ෂණවලින් ඉවත්වෙලා.මෙහෙට වෙලා විවේකයෙන් ඉන්නවා.මේ දැනුත් සමනළ්ලු අල්ලන්න යනගමන්. ඒක හරිම විනෝදජනක වැඩක්.
ප්‍රොෆෙසර් තමන් අත තිබූ කෲමීන් ඇල්ලීමට යොදාගන්නා දැලක් පෙන්විය.
- බොහොම හොඳයි ප්‍රොෆෙසර්.අපි දැන් පිටත්විය යුතුයි.ඔබ නගරය පැත්තේ ආවොත් එන්න,උද්‍යානයට යනමාවතේ දෙවනියට හමුවෙන්නේ අපේ නවාතැන.
- හොඳයි දරුවා.. මං නගරයට ආවොත් නොවරදවාම එන්නම්. සුබගමන්.!
* * *
-සෑම් ඒකියන්නේ ඔබ ඔහුව විශ්වවිද්‍යාලයේ ඉන්නකාලේ ඉඳන් හ්ඳුනනවා.
ජෙසිකා මෝටරථයට ගොඩවනවිට සෑම්ගෙන් විමසීය.
- නැහැ. මං ඩියුක් විශ්වවිද්‍යාලයේ පැත්තෙවත් ගිහිල්ලා නැහැ. මිනිහව මුළ්වරට සජීවීව දැක්කේ අදයි.
නමුත් මං මිනිහා ගැන අහළා තිබුණා.පුවත්පත්වල දැකලා තිබුණා.කොහොමද මගේ අනුමාන කිරීම හරියටම හරිගියා.
- ඇත්තටම විශිෂ්ටයි සෑම්.
- ජෙසිකා ඒ මිනිහා කියපු හැමදේම බොරු.
ඔයා දන්නවද මිනිහා නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජේෂ්ඨම මහාචාර්යවරයෙක් ඒත් රජයේ මුදල් බිලියන ගානක් යටකරලා ඔහු කරපු පරීක්ෂණ දිගටම අසාර්ථක වුනා .අන්තිමට ඩියුක් විශ්වවිද්‍යාලයෙන් ඔහුව ඉවත්කරලා දැම්මා.ඊට පස්සේ වසර ගනනක් මිනිහා ගැන කිසිම තොරතුරක් වාර්තාවුනේ නැහැ.
මං අහලා තියන විදිහට මොරේසියස් කියන්නේ කවදාවත් පරීක්ෂණයක් අතරමග නවත්වන කෙනෙක් නෙවෙයි. ඔහු මෙහි විවේකයෙන් ඉන්නවා කියන එක බොරු.ඔහු සමනළ්ලු අල්ලන්නේ මොකක් හරි විශේෂ දෙයකට. අනිත් එක මොරේසියස් කවදාවත් කිසිම කෙනෙක් එක්ක වචනයක් කතාකරන සුහදශීලී කෙනෙක් නෙවෙයි.
ඔහු අපිත් එක්ක කතාකර්පු විදිහ මේ අපරාධ එක්ක මිනිහගේ තියෙන සම්බන්ධය හොඳින්ම පෙන්වනවා.නමුත් මිනිහා මියගිය ෆ්‍රොයිඩ්ගේ හොඳම මිත්‍රයෙක්.
- ඉතින් සෑම් ඇයි ඔහුත් සමග ෆ්‍රොයිඩ්ගෙ මරණය ගැන කිසිමදෙයක් කතානොකලේ. ඔහුට විරුද්ධව අපි ළඟ කිසිම සාක්ෂියක් ඇත්තෙත් නැහැ නේද ?. ඔහුගේ නිවස පරීක්ෂාකරානම් ගොඩක් සාක්ෂි හොයාගන්න පුළුවන්වේවි.
- ජෙසිකා , මොරේසියස් කියන්නේ ඇමරිකාවේ ඉන්න සූක්ෂ්ම බුද්ධියක් තියන කිහිපදෙනාගෙන් කෙනෙක්. ඔහුගෙ නිවස පරීක්ෂාකරත් ලොකු සාක්ෂියක් ලැබෙයිකියලා හිතන්න බැහැ. ඔහු පැහැදිලිවම දන්නවා අපේ ප්‍රධාන සැකකාරයා ඔහු කියලා.
- එහෙමනම් මොකක්ද ඔබේ සැලැස්ම.
- මං දැල එළලා ඉවරයි ජෙසිකා.මං ඔහුට මගේ නවාතැන තියන තැන විතරයි කිව්වේ. අපිට වැඩිය මහන්සිවෙන්න දෙයක් නැහැ.අද රාත්‍රියේ ඔහු නිසැකවම සාක්ෂිත් අරන්ම මහේ නිවසට එනවා.
ඔයත් හවසට මගේ නවාතැනට එන්න. ඉතුරු වුන විස්ක් බෝතලේකුත් තියෙයි..

- මතුසම්බන්ධයි -

රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - පස්වැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- පස්වැනි කොටස - 
 

ෆ්‍රොයිඩ් මියගොස් දින කිහිපයකට පසු උදෑසනක සෑම් ජෙසිකා සමග ඔහුගේ නිවස පරීක්ෂාකිරීම සඳහා පිටත්විය.එහෙත් ඔවුන් එහි යන්නට පෙර කිසිවකු ෆ්‍රොයිඩ්ගේ නිවසට ඇතුළු වී ඇතිබවට සලකුණු පෙනෙන්නට තිබුණි.
- සෑම්, අපිට කලින් කවුරුහරි මෙහෙට ඇවිත් වගෙයි. බඩු මුට්ටු හැමදෙයක්ම පෙරලලා දාලා.
ඒත් මේ බලන්න ෆ්‍රොයිඩ්ගේ වටිනා අත්ඔරලෝසුවත් එහෙම්මම තියෙනවා.
එතකොට මෙච්චර ගේ පෙරලලා හොයලා තියෙන්නෙ මොනවද ?
- ජෙසිකා , ආපුකෙනා කවුරු උනත් හොයලා තියෙන්නෙ මේක .
සෑම් දෙකට මැදින් ඉරා. පොඩිකර මුල්ලකට වීසිකර තිබූ ලිපිගොනුවක් ජෙසිකාවෙත දිගුකලේය.
- මේක ෆ්‍රොයිඩ්ගේ බැංකු ගිණුම් ලියකියවිලි වගයක්.
බලන්න ෆ්‍රොයිඩ්ගේ ගිණුමේ ශේෂය ඩොලර් ලක්ෂයක් වත් නැහැ. ඔහු ගත්තු ණය කිහිපයක වාරික ගෙවීම පහැර හැරීම ගැන බැංකු කිහිපයකින්ම එවපු ලියුම් මෙතන තියේ.
- සෑම් , මිස්ටර් ෆ්‍රොයිඩ් තමයි ඇමරිකාවේ හිටපු තුන්වැනි කෝටිපතියා. මේක විශ්වාසකරන්න පුළුවන්ද ?
- ජෙසිකා.. ඔබට අමතකද හිරේදි මියගිය මයිකල් ෆ්‍රොයිඩ්ගෙ ධනයෙන් බිලියන ගානක් වංචාවකරපු විත්තිය.මිනිහා ඊට පස්සේ බංකොලොත් වුනා. ගේ පෙරලලා හොයපු දේ මොනාඋනත් ,ඒ කෙනාට ෂුවර් එකටම ෆ්‍රොයිඩ්ගෙන් මුදලක් අයවිය යුතුව තිබුණා. ඔහුට මේ ටික දැක්කම යකානැගලා තියෙනවා.
- හ්ම්ම්..මිස්ටර් ෆ්‍රොයිඩ් දිවිනසාගන්න හේතුවත් මේක වෙන්න ඇති.
- අනිවාර්යයෙන්ම හේතුව මේක තමයි.
- එතකොට සෑම් ,අපේ රාජකාරිය මෙතනින් ඉවරද මයිකල්ව ඝාතනය කිරීමට පෙළබීමට තරම් සාධාරණ හේතු ෆ්‍රොයිඩ්ට තිබුණා කියලා පැහැදිලියි.
ඒත් මයිකල් ඝාතනයකල විදිහ තාමත් අභිරහසක්. මං අපරාධ විද්‍යාව හදාරපු අවුරුදු පහටම කොයිතරම් අපරාධ විශ්ලේෂණය කරාද. ඒත් සිරමැදිරියෙදි සිදුවෙච්ච මයිකල්ගේ ඝාතනයවගේ සූක්ෂ්ම අපරාධයක් හමුවෙලා නැහැ. අපරාධකරු කිසිම සාක්ෂියක් ඉතුරුකරලා නැහැ.
- අපේ රාජකාරිය දැන්ම අවසන්වෙන්නෙ නැහැ ජෙසිකා.
මයිකල්ගේ ඝාතකයා,ෆ්‍රොයිඩ්ගේ දිවිනසාගැනීමට හේතුවූ කෙනා ඒ වගේම මේ ගේ පෙරලලා ලිපිගොනුව ඉරලාදාපු කෙනා මට නම් මේ වෙලාවෙත් පැහැදිලව පේනවා තව මොහොතකින් ඔහු මෙතනට එනවා. ඒ වගේම එදා ෆ්‍රොයිඩ් එක්ක රණ්ඩුවුනෙත් මේ කෙනාම තමයි.
- සෑම්.. ඔබ කොහොමද ඔච්චර දෙයක් කියන්නෙ.මට හිතාගන්න බැහැ. මටනම් කවුරුත් පෙනෙන්නෙත් නැහැ.
- ජෙසිකා හොඳින් බලන්න අර වනාන්තරය පැත්තේ ඉඳන් මෙහාට එන මිනිහා.
ඔහු තමා මහාචාර්ය මොරේසියස්..!
එන්න.. ඉක්මනට පහලට බහිමු ජෙසිකා . ප්‍රොෆෙසර් බොහොම සුහදශීලී කෙනෙක්. ඒත් අපිව අදුනාගැනීමට නම් කැමතිවෙනඑකක් නැහැ.

- මතු සම්බන්ධයි -

රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - සිව්වන කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- සිව්වන කොටස -

 
උදෑසන 8.20ට පමණ ජෙසිකාගේ නිවස අසලදී සෑම් ඇයව මෝටරථයට නංවාගත්තේය.
- සුබ උදෑසනක් සෑම්. අද ඔබේ සැලැස්ම මොකක්ද .උදෙන්ම මිස්ට ෆ්‍රොයිඩ් හමුවෙලා ඊයෙ සිද්ධිය ගැන ප්‍රශ්ණකලොත් හොඳනැද්ද.?
- එහෙම කරන්න තිබුණා ඒත් අපි පරක්කු වැඩියි.ඊයේ රෑ ප්‍රොයිඩ් වෙඩිතබාගෙන මියගිහින්.
- මොනවා.
- ඔව් , ඒක තමයි සිද්දවෙලාතියෙන්නේ.
ෆ්‍රොයිඩ් තමාගේ කාමරය තුළ ඔහුගේ පෞද්ගලික පිස්තෝලයෙන් වෙඩිතබාගෙන මියගොස් සිටියේය.එය දිවිනසාගැනීමක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
ප්‍රොයිඩ්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවස අවට පදිංචි කිහිප දෙනෙක්ගෙන්ම ප්‍රශ්නකොට සාක්ෂි සටහන් කළත් කිසිදු වැදගත් යමක් අනාවරණය නොවීය.ඔවුන් වැඩිදෙනෙක් පැවසූ පරිදි ප්‍රොයිඩ් හුදකලා ජීවිතයක් ගතකල අතර ඔහුට මිතුරන්ට සිටියේ පොලිස් සිරමැදිරිය තුළ මියගිය මයිකල් ඇතුළු කිහිපදෙනක් පමණි.
- සෑම් , ප්‍රශ්ණය තවත් අවුල්වුනා විතරයි. මටනම් මේක ලිහාගන්න පොටක් හොයාගන්න අමාරුයි.
- ඔව්,මටත් එහෙමයි.උත්සාහකලොත් බැරිවෙන එකක් නැහැ. අපිට තවකෙනෙක් ඉතුරුවෙලා ඉන්නවා කියලා අමතකකරන්න එපා.

- මතුසම්බන්ධයි -

රචනය: සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - තෙවන කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- තෙවන කොටස -


ඉතා සෙමින් ආ මෝටරථයක් ෆ්‍රොයිඩ්ගේ නිවසට මීටර් 50ක් පමණ දුරතියා නතරවිය.ඒ තුළ රහස්පරීක්ෂක සෑම් සහ ඔහුගේ සහයිකාව ජෙසිකා විය.
මොහොතකින් ෆ්‍රොයිඩ්ගේ මෝටරථයද මාර්ගයේ එහා කොනෙන් වේගයෙන් ඇතුළුවී නිවස ඉදිරිපිට නතරවිය. ෆ්‍රොයිඩ් ගෙට ඇතුළුවී දොර වසාගත්තේය. අනතුරුව නිවසේ විදුලිපහන් කිහිපයක් දැල්වුනි. රහස්පරීක්ෂක සෑම් අදෝරක්ත දුරදක්නය දෑස්මත තබා ගත්තේය.
- ජෙසිකා , ඔබට විශ්වාසද මිස්ටර් ෆ්‍රොයිඩ් මේගෙදර තනියම ඉන්නවා කියලා. මට තවත් කෙනෙක් පේනවා , උඩ තට්ටුවේ පුටුවක වාඩිවෙලා ඉන්න කෙනෙක්.
- නැහැ සෑම්, ඔහු ඉන්නේ තනියම තමයි.කෝ දෙන්න බලන්න.
ජෙසිකා දුරදක්නය ගෙන පරීක්ෂාකරබැලීය.
- ඔන්න ෆ්‍රොයිඩ් කාමරයට ඇතුළ්වුනා.
ම්ම්ම්.. ඒදෙන්නා කතාකරනවා වගේ.
- කවුද මේ කෙනා.
- සෑම් ,මේ කෙනා කොහොමටත් ගෙදර කෙනෙක් වෙන්න බැහැ.
ෆ්‍රොයිඩ් සහ අමුත්තතා අතර සාකඡාව වැඩිවෙලා නොපැවතුනි.ඔවුන්ගේ සංවාදය බහින්බස්වීමකට පෙරලුණි.මොහොතකින් නිවසේ දොර විවර විය.දෙදෙනාම එළියට බැස එකිනෙකාට බැනගත්හ.අමුත්තතා නිවස පිටුපසින් වනාන්තරය දෙසට තිබූ කුඩා දොරටුව දක්වා ගොස් යළිත් ෆ්‍රොයිඩ් දෙසට හැරී බනින්නට පටන්ගත්තේය.නිවසේ විදුලිපහන් වල දුබල ආලෝකය රහස්පරීක්ෂකයන්ට අමුත්තතාගේ මුහුණ හඳිනාගැනීමට බාධාකලේය.අවසානයේ ෆ්‍රොයිඩ් ගෙටගොස් වේගයෙන් දොරවසා විදුලිපහන් නිවාදැමීය. අන්ධකාරය යළි පැතිරුණි. අමුත්තතා අඳුර තුළින් නොපෙනීගියේය.
- සෑම් ඔහු කොහෙටද ගියේ .
- මේකට අහුවෙන්නැහැ. පුදුමයි. සෑම් දුරදක්නය දෑස් මත තබාගෙන මෝටරථයෙන් බැස අවට පරීක්ෂාකර බැලීය.
- වනාන්තරය පැත්තට යන කෙනෙක් පේනවා..ඒ ඔහු වෙන්න ඕන
- සෑම් , අපි ඔහුව ලුහුබඳිමු..!
- වැඩක් නැහැ. ඔහු දැනටමත් සෑහෙනදුර ගිහින්.
සෑම් මෝටරථය පනගන්වා නගරය දෙසට ධාවනය කලේය.

- මතුසම්බන්ධයි -
රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - දෙවන කොටස-

සමනළ දඩයම ( විද්‍යා ප්‍රබන්ධය )
- දෙවන කොටස -

පසුදින පුවත්පත් බොහොමයක් මෙම මරණය සම්බන්ධයෙන් වාර්තාකොට තිබුණි. ඒ සියල්ල එකින් එක සුපරික්ෂාකාරීව කියවාබැලූ ෆ්‍රොයිඩ් පොලිස් ස්ථානයට ළඟාවනවිට පෙරවරු 10.00 පසුවී තිබුණි.
විශේෂ මැදිරියක් තුළදී පොලීස් නිලධාරින් කිහිපදෙනෙක් විසින් ඔහුගෙන් ප්‍රශ්නකිරීම් සිදුකර සටහන් කරගන්නා ලදී.
- ප්‍රොයිඩ් මහත්මයා මේ සම්බන්ධයෙන් අපිට සැකකරන්න පුළුවන් එකම කෙනා ඔබ.මොකද මියගිහින් ඉන්නෙ ඔබේ නඩුවේ විත්තිකරු. ඒ හින්දා දන්න දෙයක් තියෙනවානම් දැම්මම කියනඑක හොඳයි. මේක ඉතාම සූක්ෂ්ම විදිහට සැලසුම් කරපු මිනීමැරුමක්.සයනයිඩ් එන්නත් කිරීමක් වැනිදෙයක් සිදුවෙලා. ඒත් කැමරාවල කිසිම කෙනෙක් සිරමැදිරියට ඇතුළ්වෙනවා පෙන්නන් නැහැ. එන්නත් කටු වගේ කිසිමදෙයක් එතනින් හමුවුනෙත් නැහැ.
- ඉන්ස්පෙක්ටර්, මට මිනිහව මරන්න උවමනාවක් තිබුණනම් ඒක කරන්නේ මීට ගොඩක් කලින්. මේකට මාව සැකකරන එක වැරදියි. ඔබටම පේනවනේ මට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ.මේවගේ දෙයක් කරන්න පුළුවන් අදුශ්‍යමාන බලවේගයකට විතරයි.
පැය ගනනාවක් දිග්ගැස්සුනු ප්‍රශ්නකිරීම් වලින් කිසිදු වැදගත් කිසිවක් අනාවරණය නොවීය. වෙහෙසටපත් ෆ්‍රොයිඩ් ඇඳිරිවැටීගෙන එනවිට නිවසට ළඟාවිය..
අන්ධකාරය රජකල ඔහුගේ කාමරය තුළ ඔහු එනතුරු කිසවකු බලාසිටින බව ප්‍රොයිඩ් නොදත්තේය.
 
- මතුසම්බන්ධයි -
රචනය: සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi