ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Sunday, November 10, 2013

සිතකට සිතුනි෴

ජීවිතේ හරි පුදුමාකාරයි. විටෙක සිනහව, තවත් විටෙක කඳුල, සුසුම මො‍හොතකට කල්පනා ලෝකයට ගියෙමි. කෙතෙක් නම් දෙනා අප වට කර සිටියද අවසානයට තමාට තමා පමනක් යැයි විටෙක මා හට සිතුනි.

කුඩා කාලයේ පටන් මා දහසකුත් දුක් වේදනා විඳ ඇත්තෙමි. දුක් කම්කොටුලු මැද ජීවිතය සොයන්නට වෙර ගතිමි. සඳට ගිය මිනිසෙකු පිළිබඳ කථා පුවතක් මා අසා ඇත. සුව කරන්නට බැරි පිළිකා රෝගයෙන් පෙළෙන පිළිකා රෝගියෙකු ප්‍රංශ පා පැදි සවාරියේ ශූරයා වූ කථා පුවත මා අසා ඇත. දුගී පැලේ ජීවත්ව ඇමරිකාවෙහි ධවල මන්ධිරයට ගොස් විටෙක නායකයෙකු වූ එඩිතර මිනිසෙකු පිළිබඳ කතා පුවතක් මාගේ මතකයට නැගේ.

මාද උත්සා‍හ කරන්නේ මාගේ ජීවිතය ගොඩ නගා ගන්නටය. නැතහොත් එය ජය ගන්නටය. නමුත් නොයෙක් දුක් කම්කටොළු අප කරා පැමිනෙනු ඇත. ජීවිතයේ එක් කාලයක යාළුවන් අසීමිත පිරිසක් මා වටා එක් රැස් වී කාලය ගත කරපු ආකාරය මට මතක් වේ. එහෙත් අද මා සමග ඉන්නේ යහළුවන් කිහිප දෙනෙකි. ඔවුන් මාගේ පණ වැනි යැයි විටෙක මට සිතේ.
අධ්‍යාලනය අතරතුරේ මා හට නොයෙකුත් ප්‍රස්න පැන නැගුනි. එහෙත් මා ඒවා යම් තරමකින් ජය ගතිමි. ඒ මාගේ උත්සාහය නිසා යැයි මට සිතේ. 

නිවසේ ප්‍රශ්න නිසා තනිවූ විටෙක ප්‍රේමයක් සොයා ගියෙමි. එයත් නොලැබී ගිය විට මාගේ සිත බොහෝ සෙයින් දුර්වල විනි. මා කෙසේ හෝ ශක්තිමත් වී අධ්‍යාපනයට යොමු වී අද සමාඩයේ යම් තරමක් දුරට යම් දෙයක් කර කියා ගත හැකි තරමේ පුද්ගලයකු ලෙස ජීවත් වෙමි. සෙනෙහස නිසා අපමන ලෙස සිතින් දුක් විඳින මා විඳවුවම ජීවිතය කරගෙන සිටිමි. 

අද මා හට හොඳ යහළුවන් තිදෙනෙකු සිටිති. මට දැනෙන්නේ අප්‍රමාන සතුටකි. අකැප සමාජයෙන් මා බේරා ගන්නටත් ජීවිතය දිනන්නටත් ඔවුන් උදව් කරන්නේ අව්‍යාජ සතුටකිනි. මා හට මෙවන් සතුටත් මින් පෙර මේ ලොව උරුම වී නැත.

ප්‍රේමය නිසා සිතින් වැටෙන්නට ඔවන් කිසිදා මා හට ඉඩ නොදේ.  ඔවුන්ගේ ජංගම දුරකථන වල තිබූ සුනිල් එදිරිසිංහ නම් වූ විශිෂ්ඨ කලා කරුවා ගායනා කරන්නා වූ ගීතයක මෙසේ තිබුනු පද පෙලක් මට මතකය.. මා එය සෙව්වෙමි..එය ඉතා ගැඹුරු අරුතක් පසක් කර දෙයි.

 ඉසුරු මුණියේ නුඹ තැනූ....
    පෙම්බරිය කොතැනද කියා....
    මා ඇසූ විට හිනැහුනේ ඔහු....
තවම තනිකඩ යැයි කියා...

මහත් පුදුමාකාර වචන පෙලකි මෙහි ගැබු වී ඇත්තේ. තනිව ජීවිතයට මුහුණ දීමේ අරුත මෙයින් මනාව විදහා පායි. අජීවී ගල් පර්වතයකට ජීවිතය ලබා දුන් මේ සුවිසල් උත්සාහ වන්ත පුද්ගලයාද තවම තනිකඩ අයෙකි. තනිකඩයා කියා සමාජයේ පිරිහෙන්නට ඔහු නොගියේය.  ඔහු සිතේ ශක්තිය දෑතින් කැටයම් කර කළු ගලකට ජීවිය දුනි. 

කාන්තාවකගෙන් ලබන්නා වූ ප්‍රේමයට වඩා සොයුරු පෙම සොඳුරු යැයි මාගේ සිත කීවෙමි. සිතින් දුක් විඳිනවාට වඩා සොයුරන් සමග තුටින් කල් ගෙවීම හොඳයැයි ප්‍රේමයෙන් දුක් විඳිනා සිතකට සිතුනි.

රචනය:
ක්‍රිශාන් දනුශ්ක
(FreeGetLanka.com වෙනුවෙනි)
අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්

Wednesday, November 6, 2013

දයාබර ලොකු අම්මේ෴

දයාබර ලොකු අම්මේ....


ගහක් ගලක් වගේ හිටපු උඹ සුදු වතින් සරසවලා පෙට්ටියක උඩුකුරුව සයනය කරලා හිටපු හැටි මට අද වගේ මතක් වෙනවා. පන්සලේ කඨින පෙරහැර උඹලගේ ගේ ලඟින් යනකොට භක්තිය වැඩි කමට උඹ හිමිදිරි පාන්දරම කරුවලේ දුවගෙන පාරට යනකොටපය පැටලිලා වැටුන පාර උඹ ආයේ නැගිට්ටෙම නෑ. පිරිසුදු ආසන්න කර්මයකින් උඹ පරලොව ගියේ. 

අපි පොඩි එවුන් සන්දියේ නිදහසක්, ඉසිඹුවක් ලැබුනු හැම වෙලාවකම ඉපනැල්ල පිරුණු වෙල් යායේ මැද මහ නියර දිගේ දුවගෙන යන්නේ මහගෙදර පිටිපස්සේ බිත්තියට හේත්තු කරලා තියන උණ බට පිත්තත් අරගෙන වෙලට දුවන්නේ මම වගේම මහගෙදර දුවගෙන ආපු අපේ ලොකු අප්පච්චිගේ, බාප්පගේ, නැන්දම්මගේ, මාමණ්ඩිගේ ළමයිත් එක්ක එල්ලේ ගහන්න. 

පිත්තත් අරගෙන දුවනකොට කොල්ලෝ මොනවහරි කාලා පලයං කියලා කියන්නේ පුරුද්දට වගේ උනත් හදවතින්ම. අප නැවතුනොත් බතල මඤ්ඤොක්කා කෑල්ලක් හරි, සම්බෝලයක් එක්ක බත් පිඟානක් හරි වැරදුනේ නෑ.

උඹට මොන තරම් වැඩ තිබුනත් පතුරු ගැලවෙන සුදුපාට බෙලෙක් ජෝගුවේ වතුර එකක් එවනවා බෙලෙක් කෝප්පෙකුත් එක්ක. අර කොල්ලෝ අව්වේ දඟලනවා... මේක ගිහින් දීපන්... එතනට එන කාට හරි උඹ කියනවා..

බෝල් ගහලා හැනි හැම්ම වෙලා ආපුවම උයපු මොනවහරි හැමදෙනාටම බෙදලා දෙන එක උඹේ සිරිතක්. කාගේ දරුවා උනත් උඹේ දරුවා හැටියට තමයි උඹ සැලකුවේ. ආදරය, කරුණාව, දයාව, ළෙංගතුකම, පරාර්ථකාමීත්වය, සමානාත්මතාව අපි ඉගෙන ගත්තේ උඹේ ප්‍රායෝගික පාඩම් වලින්.බෝල් ගහන්න ගිහිල්ලා දුවන්න ගිහින් වැටිලා තුවාල උනොත් උඹ දුවගෙන යන්නේ උඹට වෙච්ච කරදරයක් වගේ. මොකදෑ කොල්ලො කර ගත්තේ..? උඹ අහන ප්‍රස්නේ කෝ බලන්න... හප්පේ... පතුරු ගහගෙන.. වට පිට බලලා නිදිකුම්බා ගහක් ගලවාගන තලලා තුවාලෙට තියනවා.  දොස්තරලා චැනල් කෙරුවේ නැතිවට ප්‍රයිවෙට් සාප්පුවට දිව්වේ නැතිවට කවදාවත් ආයේ ඒ තුවාලේ පැසෙව්වේ නෑ. මං හිතන්නේ උඹේ අත් දෙකේ මොණර කොල තැවරිලා අපවිත්‍ර වෙලා නැති නිසා වෙන්න ඇති ඒ අත්ගුණය.

අනේ ලොකු අම්මේ .... උඹට මොකද මේ උනේ. උඹ නිසලව පපුවට තියාගෙන තද කරගෙන හිටපු උඹේ අත් දෙකෙන් මොන තරම්නම් අපි වෙනුවෙන් බත් තම්බලා ඇත්ද? උඹට ඉන්නේ එක දරුවයි.ඒත් වේලකට දහයකට, පහලොවකටබත් තැම්බුවේ මොන තරම් නම් ළෙංගතුකමකින්ද? උඹ වෙනුවෙන් උඹේ දුව කඳුලක් හෙලුවේ නැතත් ඇවිත් හිටපු හුඟ දෙනෙකුගේ කඳුලු ගංඟාවක් උඹේ දෙන සහිත පෙට්ටිය අපේ කර පිටින් කනත්තට අරගෙන ගියා.

අතීතය, වර්ථමානය, අනාගතය හීනයක් වගේ. අපි බොහොම බක්තියෙන් උඹේ හත් දවසෙ දානෙට ආවෙ. උඹේ දුව පොඩි මැණිකා.... (දැන් ඒතිගෙ නම වෙනස් කරගෙනනේ..) උඩටත් නැති, යටටත් නැති විලිසංගේ නැති ඇඳුමක් ඇඳගෙන සක බඹරයක් වගේ එහාට මෙහාට කැරකුනේ. අනේ අප්පච්චියේ.. මේ අඹේම දුවද? මේකිට නෑදෑකමුත් අමතක වෙලා එක පාරක් මට අංකල් කියාපි. එක අතකට රටක් වටින උඹ තනි කරලා කොළඹ රටේ ගිහින් හිටපු එකී මට අංකල් කීවාම මොකෝ?

 ගමේ දානයක් පිංකමක් වුනාම උඹ, උඹේ අත් දෙකෙන් මොන තරම්නම් උයලා පිහලා ඇත්ද? උඹ කඩියෙක් වගේ එහාට මෙහාට කැරකුනේ මොන තරම් වැදගත් ‍දේටද? එදා දානේ උයවාගෙන තියෙන්නෙත් කේටරින් සර්විස් එකකට දීලා. ගමේ උදවිය එකතුවෙලා දානේ ටිකයි එන අයට කෑම ටිකයි උයන්න හදනකොට කිලීන් මදි කීවා කියලා පහළ ගෙදර නැන්දා කීවේ කම්මුලට අතක් තියාගෙන. උඹට තිබුනු ගෞරවේ නිසා ඔහේ හිටියා මිසක් උඹට පිං පමුණුවලා මම පිටත් උනේ කොටියක් වටින උඹේ වහලෙ යට ඉඳගෙන කොටරින් සර්විස් එකේ බත් කන්න මට හිත දුන්නෙම නැති හින්දා. එන්ඩ පිටත් වෙලා බීපු වතුර උගුරත් හරියට උගුරෙන් පහලට වැටුණේ නෑ ලොකු අම්මේ.

යුග පුරුෂයෙක් වගේ හිටපු උඹ නිවන් දකිනවා ඒක සිකුරුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු අභි ධර්මේ සරල කරලා ප්‍රායෝගිකව උඹ අපට කියලා දුන්නා. උඹත් ඒවා පිලි පැද්දා. අප අදටත් ඒවා අදහනවා. මම දන්නවා . මේ ලියුම උඹට බලන්න බැරි බව. ඒ නිසාමයි මම මේක ලීවෙත්. උඹට බැරි උනාට මේක කවුරුහරි දකින්න ඕනෙ. එක අතකට ඊලඟ පරම්පරාවේ කෝලං දකින්නේ නැතිව උඹ මැරුණ එක හොඳා. ඒත් මට දුක උඹ ලඟ තිබුනු මහා ගුණ කන්දරාව ඊළඟ පරම්පරාවට නොගිහින් උඹත් එක්කම එදා වැළලුන එක ගැන. 

මට මතකයි දවසක් පුංචි කාලෙ විභාගෙට යන්න උඹඨ වඳිනකොට  උඹ උපදිසාපති කෙනෙක් වෙයන් මගෙ පුතේ කීවා. උඹේ ආශිර්වාදය ලබාගෙන මම අද එහෙම කෙනෙක් වෙලා ඉන්නවා. මගේ යාළු කොළඹින් ආපු උප දිසාපත් කෙනෙක් දවසක් මගුල් ගෙදරකදි කීවා පුංචි කාලේ කන්ඩ නැති හින්දා කෑවෙ නෑ... දැන් ලෙඩ හින්දා කන්ඩ තිබුනත් කන්ඩ හොඳ නෑ කියලා.. මේ ටික උඹට ලීවෙ වෙන මොකටවත් නෙමෙයි. උඹලා අපට පුංචි කාලෙ වස කැව්වෙ නැති හන්දා අදත් ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙනවා.෴

උඹට නිවන් සැපම ලැබේවා..!!!

මම පාරෙ ගෙද පුංචි එකා..
 ටී.එම්.ජී.තෙන්නකෝන්.
 සහකාර ලේකම් වයඹ ප්‍රධාන අමාත්‍යංශය
 උපුටා ගැනීම: ලංකාදීප රසවිත අතිරේකය

Sunday, November 3, 2013

ස්තූප

ස්ථූප


හැඳින්වීම

මෘත ශරීර භූමදානයෙන් පසු ඒ මත පස් ගොඩැලි සෑදීම සහ ඒවා ප්‍රදේශවාසීන්ගේ බුහුමන්වලට ලක්වීම ස්ථූප තැනීමේ මූලාරම්භය විය. පසු කාලයක දී ස්ථූප පිදීම බෞද්ධ ආගමේ ද අංගයක් විය. ස්ථූප වේද සමයේ ඉන්දියාවේ සුසාන (ශ්මශාන) නිසා ඇති වුයේ යයි යන මතය මීට අවුරුදු 117කට පමණ පෙර ෆර්ගසන් මහතා විසින් ඉදිරිපත් කරන ලද මතයකි. ශ්මශාන හෙවත් සුසාන චතුරස්‍රාකාර හැඩයෙන් හා වෘත්තාකාර හැඩයෙන් ද යුක්ත ය. වෘත්තාකාර ශ්මශාන අසුරයන්ගේ වන අතර චතුරස්‍රාකාර ශ්මශාන දෙවියන්ගේ ය. ස්ථූප තුළ ඇති ධාතු ගර්භය චතුරස්‍රාකාර ය. එය වසා තැනෙන ස්ථූපය සාමාන‍්‍යයෙන් වෘත්තාකාර ය.

බෞද්ධ ජාතක කතාවලට අනුව ප්‍රාග් බෞද්ධ හෝ බෞද්ධ සමකාලීන ස්ථූප විශේෂයක් විය. ඒවායේ තැන්පත් කර තිබුණේ ද කිසියම් මළ කෙනෙකුගේ ශාරීරික අවශේෂයන් ය. ජාතක කතාවල සඳහන් විස්තරය ද ෆර්ගසන්ගේ මතය හා සැසඳේ. එහෙත් ඒවා බෞද්ධ ස්ථූප ලෙස සැලකීම අපහසු ය.

මෙම මතයට විරුද්ධ මතයක් වී.ඇස්. අග්‍රාවල මහතා ඉදිරිපත් කර ඇත. ඔහු විශ්ව ලෝකය වෛදික හිරණ්‍ය ස්ථූපය ප්‍රභව කොට ඇති වූවක් බව පෙන්වා දෙන ලදී. හිරණ්‍ය ස්ථූ‍පයේ මහා පුරුෂ (වෛදික බ්‍රාහ්මන් ) සංකේතවත් වන බවත් ඒ අනුව බුදුන් වහන්සේ සංකේතවත් කිරීම පිණිස බෞද්ධයන් අතරට ස්ථූපය පැමිණි බවත්‍ පෙන්වා දෙන ලදී.

බෞද්ධ ස්ථූපයේ ප්‍රභවය

Ruwanveli.gif

බෞද්ධ ස්ථූපය ද මහා පුරුෂ ඇදහීම සම්බන්ධයෙන් ඇති වූ සංකේතයකි. මහා පුරුෂ ගණයට සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අර්හත් ශ්‍රාවක, චක්‍රවර්තී රාජ යන සිව්දෙනා අයත් වේ. චක්‍රවර්තී රජුගේ ද ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ය. පරිනිර්වාණයෙන් පසු බුදුහු ධර්මකාය ස්වරූපයෙන් සදාකාලික වෙති. බෞද්ධ ස්ථූපය තුළ ඒ බුදුහු ජීවමාන ව වැඩ සිටිති. ස්ථූපය සියලු බුදුවරුන් වැඩ සිටින මණ්ඩලයක් ලෙස තාන්ත්‍රික බෞද්ධයෝ ද සලකති. බුද්ධ වංශයේ බුදුරදුන් ථූපයට සමාන ලෙස සලකා තිබීමෙන් මෙය තවදුරටත් තහවුරු වේ.

මහායාන සම්ප්‍රදායට අනුව සම්භෝගය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසීතානුව්‍යඤ්ජනවලින් සමන්විත ය. ධර්මකායේ සම්භෝග අවස්ථාව ඉන් දැක්වේ. මේ අනුව ධර්මකාය හෙවත් බුදුරදුන් හෝ එය මානවරූප ව සංකේතවත් කෙරෙන සම්භෝගකාය හෝ ධ්‍යානී බුදුවරු තැන්පත් කොට ස්ථූප තැනීම ‍ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප තැනීම ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන ලදී.

ථෙරවාදීහු ‍ඓතිහාසික සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඇතුළු පශ්චිම භවික මානුෂී බෝධිසත්වයන්ට ද මහා පුරුෂත්වය ආරෝපණය කළහ. මෙසේ දෙපක්ෂය ම මහා පුරුෂ සංකල්පය පිළිගෙන ඇති බවත් මහා පුරුෂයන් සිටින ස්මාරකයන් ලෙස හෝ මහා පුරුෂ සංකේතයක් වශයෙන් ස්ථූපය දෙපක්ෂය ම පිළිගෙන ඇති බව අනාවරණය ‍වෙයි. ‍මේ තත්ත්වය අනුව බෞද්ධ ස්ථූප වෛදික මහා පුරුෂ සංකල්පය බැඳි හිරණ්‍ය ස්ථූප ප්‍රභව කොට ඇති බව අග්‍රාවාලගේ මතය නිවැරදි සේ පෙනේ.

බෞද්ධ ස්ථූපයේ ඉතිහාසය

බෞද්ධ ස්ථූප ගොඩනැඟීම ආරම්භ වූයේ බුදුන් ජීවමාන ව සිටියදී ම ය. බුදුන් ජීවමාන ව සිටියදී ම පිරිනිවන් පෑ ශාරිපුත්ත, මොග්ගල්ලාන අගසව් දෙනමගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථූප තනන ලදී. ඒ සඳහා උපදෙස් දෙන ලද්දේ බුදු රජාණන් වහන්සේ ය. 

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආනන්ද හිමියන් විමසන ලදුව තමන් වහන්සේ පිරිනිවීමෙන් පසු ව මෘත දේහය සක්විති රජෙකුගේ මෘතදේහයට මෙන් සලකා ආදාහනය කොට සිව් මංසන්ධියක ස්ථූපයක් තනවා ප්‍රදක්ෂිණා කිරී‍මෙන් මල්දම් පැළඳවීමෙන් සුවඳසුණු ගැල්වීමෙන් එය පූජා කරන ලෙස පැවසූ බව මහා වග්ගයෙහි සඳහන් වේ. මෙය ප්‍රාග් බෞද්ධ චක්‍රවර්තී වන්දනාව අනුගමනය කිරීමකි. මේ දෙකෙන් ම මහා පුරුෂ වන්දනාව අදහස් කෙරේ.

සර්වාස්තිවාදි වි‍නයෙහි දැක්වෙන පරිදි අනාථ පිණ්ඩික ද බුදු රජාණන් වහන්සේගෙන් කෙස් හා නිය ලබා ගෙන ඒවා තැන්පත් කොට ස්ථූපයක් තැනීමට බුදු රජාණන් වහන්සේගෙන් අවසර ලබා ගෙන ඇත. එම ස්ථූපය බිත්ති රතු, කළු, සුදු වර්ණ ආලේප කිරීමට ද මෛතුන රූප හැර වෙනත් ඕනෑ ම රූපයක් ඇඳීමට ද දොරටුවලට දොරවල් සවි කිරීමට ද දොරටු ඉදිරිපිට ‍වටේට ගරාදි වැට තැනීමට ද විමානවල කුඩා ස්ථූප තැනීමට ද කුළුණු යෙදීමට හා ඒවා පාට කිරීමට ද ඔහු බුදුන්ගෙන් අවසර ලබා ගෙන ඇත.

මහා සාංඝික විනයෙහි එන පරිදි බුදුරදුන් විසින් ම කාශ්‍යප බුදුරදුන් උදෙසා ස්ථූපයක් තනවන ලදී. ගඩොලින් තනන ලද එම ස්ථූපය රන් හා රිදී තහඩුවලින් වසන ලදී. එම ස්තූපය යොදුනක් උස ය. එහි අර්ධ විෂ්කම්භය යොදුන් භාගයකි. ලෝකඩවලින් ගරාදි වැට තනන ලදී. මේ ස්ථූපය තැනීම සඳහා අවුරුදු 7 දින 7 ක් ගත වී ඇත. ස්ථූපයේ හතර පැත්තේ විමාන සිංහ හා ඇත් රෑප ද විය.

කාකි රජු විසින් කරවන ලද ස්ථූපයක් ගැන මහා සාංඝික විනයෙහි සඳහන් වේ. බුදුරදුන් උපන්, බුදු වූ, දම්සක් පැවැත් වූ, පිරිනිවන් පෑ තැන්වල ද චෛත්‍ය තනවනු ලැබී ය.

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්ව‍ය ලබා සති හතක් ගිය තැන උන්වහන්සේට පළමු ආහාරය පිදූ තපස්සු හා භල්ලුක යන වෙළඳ සහෝදරයන් දෙදෙනා උන්වහන්සේගෙන් ලබා ගත් කෙස් ශ්‍රී ලංකාවට ගෙනැවිත් නැගෙනහිර වෙරළේ තිරියාය නමින් ප්‍රසිද්ධ ස්ථානයේ ස්ථූපයක් කරවා එහි තැන්පත් කළ බවට සෙල්ලිපියක සඳහන් වේ.

තවද බුදුහු මුලින් ම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ සමන්තකූටය වාස භවනය කරගත් මහා සුමන දෙවියෝ බුදුන්ගෙන් ලබාගත් කේශ ධාතු තැන්පත් කර මහියංගන චෛත්‍ය කර වූ බව මහා වංශයේ සඳහන් වේ.
‍‍ගෞතම බුදුරජාණන් වහන්සේට ජ්‍යෙෂ්ඨ සමකාලිකයෙක් වූ මහාවීර තුමන්ගේ නායකත්වයෙන් පහළ වූ ජෛන ආගමේ ද ස්ථූප වන්දනාව පිළිගෙන තිබේ. එම ස්ථූප බෞද්ධ ස්ථූපවලට සමාන බව සී.එස්.ෂා පවසයි. එම නිසා බෞද්ධයන් බුදුරදුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථූප තැනීමට පෙර ජෛනයන් මහාවීර තුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප තනන ලද බව සිතිය හැකි ය.

බුදු රජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ භෂ්මාවශේෂ කොටස් අටකට බෙදා රටවල් අටකට භාර දෙන ලදී. ඒ භෂ්මාවශේෂ ලබාගත් රජගහනුවර අජාසත්ත, වේසාලියෙහි ලිච්ඡවීහු, කපිලවස්තුවේ ශාක්‍යයෝ, අල්ලකප්පයෙහි බුලයෝ, පාචෙය්‍යයෙහි මල්ලවයෝ, කුසිනාරාවේ මල්ලවයෝ ශාරීරික ධාතු කොටස් තැන්පත් කොට ස්ථූප තනා පිදූහ. ධාතු බෙදූ බඳුන (කුම්භය) තැන්පත් කොට ස්ථූපයක් තනා පිදුවේ ය. පිප්ඵලී වනයේ මෞරවයෝ බුදුරදුන්ගේ මෘතදේහය දැවූ සෑයේ අඟුරු ලබා ගෙන ඒවා තැන්පත් කොට ස්ථූපයක් තනා පිදූහ. මේ අනුව බුද්ධ පරිනිර්වාණයට අනතුරුව බෞද්ධ ස්ථූප දහයක් තනා පුදනු ලැබු බව අනාවරණය වෙයි.

රාමගාමයෙහි ස්ථූපයේ තැන්පත් කර තිබූ ධාතු පසු ව මාඤ්ජේරික නාග භවනයෙහි ඝරයක් සහිත ස්ථූපයක තැන්පත් කර තිබී ක්‍රි.පූ.2 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දුට්ඨගාමිණී රජු විසින් ලබා ගෙන මහා ථූපයේ (රුවන්වැලි සෑයෙහි) තැන්පත් කරන ලද බව මහා වංශයේ සඳහන් වේ.

ස්ථූප ඉන්දියාවෙන් ප්‍රභවය ලැබූවක් නොවිය හැකි ය. සුමේරියානු වාස්තු විද්‍යාවේ මෙම ස්මාරක විශේෂයට සමාන සිග්ගුරත් නමින් ගොඩනැඟිලි විශේෂයක් වෙයි. චන්චායු යන දෙවියන් වැඳීමට හා මළවුන් ඇදහීමට එය සම්බන්ධ වේ. පිරමිඩ්ස් ද ස්ථූප විශේෂයකි. ක්‍රි.පූ. යුගයට අයත් ස්ථූප රෝමයේ ඉටුය්කන්හි තිබේ. ඒවා බෞද්ධයන්ගේ වෘත්තාකාර ස්ථූපවලට බෙහෙවින් සමාන ය. මේ අනුව සලකන කල්හි ස්ථූපය නමැති ගොඩනැඟිලි වර්ගය අවුරුදු දහස් ගණනක් අතීතයට විහිදී ගිය පෙර අපර දෙදිග ම රටවලට උරුම වූවක් වේ.

ආකෘතිය අනුව ස්ථූප වර්ග

  1. ධාන්‍යාකාර
  2. පද්මාකාර
  3. ඝණ්ඨාකාර
  4. බුබ්බුලාකාර
  5. පලාණ්ඩවාකාර
  6. ඝඨාකාර
  7. ආමලාකාර
  8. අණ්ඩාකාර
  9. චතුරස්‍රාකාර
  10. සිලින්ඩරාකාර

ධාන්‍යාකාර

කැළණිය
වී ගොඩක හැඩය අනුව සැලසුම් කර ඇති ස්ථූප ධාන්‍යාකාර නමින් හැඳින් වේ. ක්‍රි.පූ. 3 වන සියවසේ දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය කරවන ලද්දේ මෙම ආකෘතියට අනුව ය. පසු ව කරන ලද ප්‍රතිසංස්කරණවල දී වෙනස් වී වර්තමානය වන විට ඝණ්ඨාකර හැඩය ගෙන තිබේ. කැළණිය, කැබැල්ලෑ ලෙන, පණික්කින්කුලම යන ස්ථානවල පිහිටි ස්ථූප මේ වර්ගයට අයත් වේ.


පද්මාකාර

දෙමළමහාසෑය

සී.ඊ. ගොඩකුඹුරේ මහතා දැදිගම කොටවෙහෙර ධාතු ගර්භයක තිබී ගඩොලින් තනා තිබුණු පද්මාකාර හැඩයෙන් යුත් ස්ථූපයක් සොයා ගෙන තිබේ. මේ හැර පොළොන්නරුවේ දෙමළ මහා සෑය, යුදගනා යන ස්ථූප මේ වර්ගයට අයත් බව පරණවිතාන මහතා පවසයි.

ඝණ්ඨාකාර

ඝණ්ඨාවක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. ක්‍රි.ව. 8-10 සියවස්වල දී ලංකාවේ ප්‍රචලිත ව තිබුණු ස්ථූප වර්ගයක් බව පරණවිතාන මහතා පවසයි. මහියංගන ස්ථූපය මෙම වර්ගයට අයත් බව රෝලන්ඩ් සිල්වා මහතා පවසයි.

බුබ්බුලාකාර

දිය බුබුලක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ‍ය. ක්‍රි.පූ. 2 වන සියවසේ දී දුට්ඨගාමිණී අභය රජු මහා ථූපය (රුවන්වැලි සෑය) කර වූයේ මේ හැඩයෙන් යුක්තව ය. දැනට රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ද මෙම ආකෘතියට අනුව ය. පොළොන්නරුවේ කිරිවෙහෙර, රන්කොත් වෙහෙර ‍මේ ගණයට අයත් ය.

පලාණ්ඩවාකාර

ළූනු ගෙඩියක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය මේ හැඩයේ මැටි ස්ථූප ලංකාවෙන් සොයා ගෙන තිබේ. නැදිගම්පොල ස්ථූපය මෙම හැඩයෙන් යුක්ත යයි‍ රෝලන්ඩ් සිල්වා මහතා පවසයි.

ඝඨාකාර

කිරිවෙහෙර
කළයක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය මේ වර්ගයට අයත් කරඬුවක් තිස්සමහාරාමයෙන් ලැබී තිබේ. කතරගම කිරිවෙහෙර, විල්ලුව අසල ඇති සෝමාවතී චෛත්‍යය, සිතුල්පව්ව හා මඟුල් මහා වෙහෙර ද මේ වර්ගයට අයත් යයි රෝලන්ඩ් සිල්වා මහතා පවසයි.

ආමලාකාර

‍ නෙල්ලි ගෙඩියක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. දෙවන අග්ගබෝධි රජු ක්‍රි.ව. 604-614 ආම්තල චේතිය නමින් එකල ප්‍රසිද්ධ ව තිබූ ස්ථූපයක ඡත්‍රය කර වූ බව චූල වංශයේ සඳහන් වේ. දැදිගම කොටාවෙහෙරින් මේ වර්ගයට අයත් ධාතු කරඬුවක් ලැබී ඇත. ඉන්දියාවේ මෙම වර්ගයට අයත් ස්ථූප ඇත.

අණ්ඩාකාර

බිත්තරයක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. ඉඳිකටු සෑය වැනි ස්ථූප මේ වර්ගයට අයත් බව සැලකේ. රුවන්වැලි සෑයෙන් ලැබුණූ කරඬුවක මේ හැඩය ගෙන තිබේ.

චතුරස්‍රාකාර

ගර්භය පමණක් නොව මුළු ගොඩනැඟිල්ල ම යට සිට ඉහළට යන විට ක්‍රමයෙන් කුඩා වන සේ චතුරස්‍රකාර යෙන් යුත් ස්ථූප මේ ගණයට අයත් වේ. මහායාන බෞද් රටවල ඇති පැගෝඩා මේ ආකෘතියෙන් යුක්ත ය. 12 වැනි සියවසට අයත් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නමින් හැඳින්වෙන මහල් 7 කින් යුත් ස්ථූපය මෙයට නිදසුන් ය. අනුරාධපුරයේ නබා වෙහෙර මේ වර්ගයට අයත් තවත් නිදසුනකි. මේ වර්ගයට අයත් තවත් ස්ථූප දෙකක් අභයගිරි විහාරයෙහි වෙයි. දුටුගැමුණු ස්ථූපය ලෙස හැඳින‍්වෙන ස්ථූපය ඉන් එකක් වෙයි. එය රත්න ප්‍රාසාදයට නිරිත දෙසින් වෙයි. අනෙක අභයගිරි විහාරයෙහි බටහිර සී‍මාවේ ඇති අංක 1 දරණ ආරාමයේ ස්ථූපය යි. ඉහත සඳහන් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය කාම්බෝජයේ ප්‍රාසාත් ගොඩනැඟිලි සමඟ සැසඳෙන බව සී.පී. බෙල් මහතා පවසයි. මේ වර්ගයේ ස්ථූප බෞද්ධයන්ට පමණක් ‍සීමා නොවී ය.

සිලින්ඩ‍රාකාර

මේ වර්ගයේ ස්ථූප ලංකාවේ සුලභ නොවේ. අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගල මේ වර්ගයට අයත් බව විමල් විජේරත්න මහතා පවසයි.
එහෙත් වැඩි වශයෙන් ප්‍රචාරයට පත් ව ඇත්තේ ඝණ්ඨාකාර, ආමලාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ඝඨාකාර යන වර්ග හය පමණි.

අනුරාධපුර යුගයේ චෛත්‍යය

රුවන්වැලි සෑය

Ruwanweli full.jpg
රුවන්වැලි සෑය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදී. මෙය මහා ථූපය නමින් ද හැඳින් වේ. රුවන් වැලි දාගැබ සඳහා වේදිකා දෙකක් තැනූ බව මහා වංශයේ සඳහන් වේ.ඉන්දියාවේ පැරණි දාගැබ්වල මෙන් ම මුදුන් පේසාව මධ්‍යයෙහි ධාතු ගර්භයක් පිහිට වූ බව ද මහා වංශයේ සඳහන් වේ. දාගැබේ ප්‍රධාන දිසා හතරට මුහුණලා මලසුන් ගෙවල් හතරක් හා වාහල්කල 4 ක් ඉදි කර තිබේ. දාගැබේ මුළු උස අඩි 300 කි.

අභයගිර දාගැබ

අභයගිරි චෛත්‍යය
අභයගිරි දාගැබ වලගම්බා රජු ක්‍රි.පූ. 89-77 කාලයේ දී කරවන ලද බව සදහන් වේ. මේ ස්ථානයේ කලින් පැවතියේ නිගණ්ඨ ආශ්‍රමයකි. වලගම්බා රජු එය කඩා බිඳ දමා මේ චෛත්‍යය එතැන කරවීය. අභයගිරියේ ද පැරණි දාගැබක ලක්ෂණ පිළිබිඹු කෙරේ. මළුවට පිවිසෙන දොරටු 4 ක් තිබේ. පඩි පෙළක්, සඳකඩපහණක්, දොරටුපාල රූප දෙකක්, මුරගලක් යන චෛත්‍යාගයන්ගෙන් යුක්ත ය.

ජේතවනාරාමය

මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 276-303 කාලයේ දී ජෝති වනෝද්‍යානයෙහි කරවන ලද්දකි. මෙහි පටී ධාතුව නිධන් කරන ලද බව පූජාවලියේ සඳහන් වේ. උස අඩි 231 කි. දොරටු හතරේ කැටයම් සහිත ගල් වැටකි. කැටයම් කළ ගල්කණු හා දොරටුපාල රූප ද ඇත. මලසුන් ගෙයක තිබී මායා දේවිය දුටු සිහිනය දක්වන කැටයම් පුවරුවක් ද හමු වී එය දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

මහියංගනය

මහියංගන චෛත්‍යය
ශ්‍රී ලංකාවේ ආදි ම ස්ථූපය වශයෙන් වංශ කථාවල සඳහන් වන්නේ මහියංගන චෛත්‍යය යි. සුමන දෙවියන් විසින් කේශ ධාතු නිධන් කොට නිල්මිණියෙන් සත් රියන් කොට බඳවන ලද බව සඳහන් වේ. මහියංගනයෙහි වම් අකුධාතුව නිදන් කළ බවට ද මතයක් පවතී. මෙය දෙවනපෑතිස් රාජ්‍ය ස‍මයේ උද්ධ චූලාභය කුමරු ලවා දෙතිස් රියන් කොට බඳවන ලද බව ද කියයි.
 
ගිරිහඬු සෑය ත්‍රිකුණාමලයට සැතපුම් 29 ක් උතුරින් තිරියාය නම් ගමෙන් සොයා ගෙන තිබෙන චෛත්‍යය ගිරිහඬු සෑය නම් වේ. තපස්සු භල්ලුක ‍දෙදෙනා විසින් කේශ ධාතු නිදන් කොට කරවන ලද බව සෙල්ලිපියක සඳහන් වේ.

ථූපාරාමය

ථූපාරාමය
ශ්‍රී ලංකාවේ පැරණි ම චෛත්‍යය ථූපාරාමය යයි වංශ කථාවල සඳහන් වේ. දේවානම්පියතිස්ස රජු විසින් ක්‍රි.පූ. 307-267 කාලයේ දී දකුණු අකු ධාතුව නිදන් කර ධාන්‍යාකාර හැඩයෙන් නිමවන ලදැයි සඳහන් වේ.

මාගම කැළණි - සේරුවාවිල - තිස්සමහාරාමය

මහානාගයන්ගේ බලය රුහුණේ පැවති සමයෙහි කැළණියේ නා රජු විසින් තැන වූ කැළණි චෛත්‍යයත්, මාගම රජුන් විසින් කරවන ලද තිස්සමහාරාමයත්, සේරුවිල චෛත්‍යයත් ප්‍රාදේශීය රජුන් විසින් කරවන ලදී. සේරුවිල චෛත්‍යයේ ලලාට ධාතු නිදන් කරන ලද බව සඳහන් වේ.

මිරිසවැටිය

අනුරාධපුරයේ මිරිසවැටි සෑය දුටුගැමුණු රජු විසින් ක්‍රි.පූ. 161-137 කාලයේ දී ප්‍රථ‍මයෙන් කරවන ලද බව සඳහන් වේ. මෙය රජතුමාගේ ජය කොන්තය නිදන් කරන ලද බව සඳහන් වේ. මෙහි දක්නට ලැබෙන වාහල්කඩ පැරණි ම වාහල්කඩ වේ.

දීඝවාපී චෛත්‍යය

මෙම ‍චෛත්‍යය සද්ධාතිස්ස රජු ක්‍රි.පූ.137-119 කාලයේ දී කරවන ලද බව සඳහන් වේ.

සේල චෛත්‍යය

රුවන්වැලි සෑයටත්, ජේතවනාරාමයටත් අතර පිහි‍ටි මෙම සෑය පිළිබඳ ඉතිහාස පුවත් පැහැදිලි නැත. සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් කරවන ලද බව ඇතමෙක් කියති. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස රජු (ක්‍රි.පූ. 119-109) විසින් කරවන ලදැයි තවත් මතයකි. මෙහි උස අඩි 10 කි. අලංකාර සඳකඩපහණ දෙකක් හා පෙන හතකින් යුත් දොරටුපාල නාග රූපයන්ගෙන් ද සමන්විත මුරගල් දෙකක් ඇති පඩි පේළි දෙකක් චෛත්‍යය දෙපස දක්නා ලැබේ.
කණ්ඨක චෛත්‍යය, ඉඳිකටු සෑය, ලංකාරාමය හා අත්තනගල්ල වෙහෙර ද අනුරාධපුර ස‍මයේ ඉදි කරන ලද දාගැබ් වේ. 

අන්තර්ජාල උපුටා ගැනීමකි.

Saturday, November 2, 2013

පොපි මලේ ඉතිහසය ෴

"පොපි මලේ ඉතිහසය "
 

1918 වසරේ නොවැම්බර් 11 වැනි දින 11 පැයට එතෙක් පැවති බිහිසුණු අත්දැකීම් ලොවට දායාද කරමින් පළමු ලෝක යුද්ධය නිමාවිය.

ලෝක යුද්ධයට සම්බන්ධවී සිටි රාජකීය කැනේඩියානු යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ සේවය කල ලුතිතන් කර්නල් ජෝන් මැක්ක්රේ මෙම මිනිස් ජිවිත විනාශ කරන කුරිරු යුද්ධය නිසා මහත් කම්පාවට පත්ව සිටි අතර 1918 දෙසැම්බර් මස 08 දින මිය ගිය අතර මිය යන අවස්ථාවේදී ඔහුගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළ වූයේ “කියන්න ඔවුන් හට මියැදුන අප කෙරෙහි විශ්වාසය කඩ කළොත් ඔබ වැඩුනත් පොපි ප්ලාන්ඩර් බිම් යායේ නිදි නොගන්නෙමු සදහටම අපි” යන්නය.

පළමු ලොක යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ දේහයන් මිහිදන් කළ සොහොන් මත ඇතිරුණ පස් කඳු මත රත් පැහැයෙන් වර්ණ ගැන්වුණ පොපි මල් ලක්ෂ ගණනක් එක යායට පිපී මඳ සුළඟේ නැළවෙන්නට විය. බිම් බෝම්බ හෙළු, සොහොන් වලවල් මතින් ගොඩ වූ අලුත් පසෙහි මේ මල් සීරුවට පිපෙන්නට විය.( ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි)

මින් අනතුරුව පළමුවරට යුද්ධයෙන් මියගිය විරුවන් සිහිකල දිනයේදී ලුතිතන් කර්නල් මැක්ක්රේගේ සේවය ඇගයිමට ලක් කරමින් ඇමරිකානු තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කල මොයිනා මිචෙල් මහත්මිය විසින් පොපි මලක් පැලැඳගෙන මිතුරන් අතරේ පොපි මල් විකුණා ඉන් ලද මුදල මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සදහා යොදවන ලදි.

පොපිමල් දිනයේ ඉතිහාසය මෙලෙස ආරම්භ වූ අතර මහා බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ පොපි මල් විකිණීම 1921 ප්‍රථම වතාවට ආරම්භ විය.අඛණ්ඩව ඔවුන් මෙම සත්කාරය මේ දක්වා නොකඩවා පවත්වාගෙන එන ලදි. 1919 වසරේදී ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියකු වන එඩ්වඩ් ජෝර්ජ් හොනී විසින් යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සඳහා විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් රැකීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යොජනාව සම්මත කරමින් එම වසරේදීම 5 වන ජෝර්ජ් රජු විසින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් රැකිය යුතු බවට නොවැම්බර් 7 වැනි දින නියෝග කළ අතර එතැන් පටන් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්ද එසේ නිශ්ශබ්දතාවය සුරකමින් වාර්ෂිකව යුද්ධයෙන් මියගිය අය සිහි කරමින් පොපිමල් දිනය සමරණු ලබයි.
 
උපුටා ගැනීම:
මූණු ෙපාත: වි ෙශ්ෂ කාර්ය බලකා පිටුව.

Tuesday, October 29, 2013

පිනි මත බඹරු (7 වන කොටස)

විභාගේ කටයුතු අදින් අවසන් වෙන බව මතක් කරමින් හැමෝම විභාගෙ  ලීවේ  වෙනදට වඩා වෙනස් සතුටකින්.  

ජීවිතේ ඒකම වරක් පමනක් දැනෙන මේ අමුතුම හැඟීම හැමෝටම දැනෙමිනුයි තිබුනෙ.

ආදරේ  කියන්නෙ මොකක්ද වත් නොදැන හිටපු මට අද උදේ සිද්ද උනේ මොකක්ද?

මට තාමත් උදෑසන සිදුවූ සියල්ලක්ම හීනයක් වගේ...

ෂැහ්... මුන් දෙන්න  ගිහින් තියන දුරක් ආහ්...?

උදේ පාන්දර ලෝචි මෙගේ පපුවට තුරුල්ෙවෙලා ඉද්දි දැකල සජ්ජ කීවේ මගේ ලැජ්ජ නහර මොකාක්දෝ කරමින්. මතක් වෙද්දිත් මට පොලව පලාගෙන යන්න හිතෙනවා..  

ඒත් ඉතින් මම වරදක් කෙරත් නෑනේ... මම මොකටද අවුල් ගහන්නේ...

මොනව උනත් දැන් මම ප්‍රේම වන්තෙයක්.. දැන් වෙනදට වඩා වැදගත් විදියට ජීවිතේට මූණ දේන්න ඔනෑනේ .. 

වෙනද වගේ සෙට් ඒකත් ඒක්ක චාටර් වෙලා ලෝචිට අපහසුතාවක් වෙන විදියේ වැඩ කරන්න හොද නෑ... පව්.. මොනව උනත් ඒ කෙල්ලත් ජීවිතේ ගොඩක් විදවනව...

මගේ  ජීවිතේ පලමු වරට අහම්බෙන් දැකල ඇතිවුනු ආදරේ අහම්බෙන්ම අපව පෙම්වතුන් කරා..

ඒහේන් තාත්තත් දැන් ගොඩක් වෙනස් වෙලා..

මෙගේ ජීවිතේ ඇත්තටම ලස්සන කාලයක් ලබල කියල මට හිතෙන්නේ..

සීනු නාදයත් සමග විභාගේ ඉවර උනා... විභාග ශාලාව පුරාම මහා ගෝශාවක් පිරී ඉතිරී ගියා..

විභාගේත් ඉවර එකේ මුකුත් කියන්න ඒපා...

විභාග ශාලා පරීක්ෂක වරෙයක් කාටදෝ කියනව මට යාන්තමින් ඇහුන...

ලෝචන... යමුද වැව පැත්තට..

ලෝචි ලඟටම ඇවිල්ල කරපු අාරාධනාව මට ටිකක් අමුතුයි... මීට කලින් කිසිම දවසක් කොල්ලෙක්  මිසක් කෙල්ලෙක් මෙහෙම ඇරයුමක් මට ගෙනවිත් නෑ...

ම්... යමු.... (ඒ වචන මගේ කටින් පිටවුනේ ගොඩාක් ආදරෙන් බව මට තේරුනා..)


යාළුවොත් ඒක්ක ඒන්න අයියේ.. අපි අදුන ගත්ත කියල හැමදාම ලඟින් හිටපු යාළුවෝ අමතක කරන්න ඒපා..

ම්... (මට ලෝචි ගැන දැනුනේ පුදුමම පැහැදීමක්.. මම හිතුවෙ හැම කෙල්ලම තමන්ගේ ලෝකේ වෙනුවෙන් තමන්ගේ කොල්ලගේ යාළුවන්ට වෙනස්කම් කරනව කියල..එත් ලෝචි වගේ කෙනෙක් ලබන්න තරම් මම කොයි තරම් පිං කරල ඇත්තේද?)

මචා... යමුද වැව පැත්තට... 

ම්... යමං යමං... ලොචනාත් වැව පැත්තට යනව කීවෙන නේද?
උඹල කොහොමද ඒක දන්නේ?

අපි කන් කෙට් දාගෙන නේන්නම් බන් ලෝචන ඉන්නේ ... උබේ කෙල්ලනම් පට්ට කෙල්ලෙක් බන්... සිරා කියන්නෙ.. උඹ වවගේම මාරම ගතිගුණ තියන ඒකියක් බන්.. උඹ මාර ලකී...

ඇයි..? 

මං මේ තරම් කෙල්ලෝ සෙට් කර ගත්ත බං... ඔය වගේ කොල්ලොන්ගේ යාලුවෝ ගැන හිතන ඒකියක් දැක්කමයි බං..

ආහ්... ඒකද? ඒහෙම තමයි ඉතින් අපි තේරුවොත්...(මම කීවේ කොලර් ඒකත් උස්සල ටිකක් ආඩම්බර ලීලාවෙන්)

පල පල ඩො යන්න.. අපි නොහිටින්න තාමත් ගෙම්බ වලේ...

හරි හරි... වලේ බැරිනම් අහවල් එකේ හරි.. යමං යමං... සජ්ජ ඉස්සර උනේ තව ටිකක් තර්ක කෙලාත් කෙලවර වීම කොතැනින්දැයි සියල්ලන්ටම සැක සහිත නිසා විය යුතුයි...

අඩෝ මේ... මේ වැවේ ගල් මල් නැද්ද දන්නෙ නෑ නේද බං...
සජ්ජ කීවේ අපි හැමෝවම හිනා ගස්සමින්...

මොකක්..? උඹට මොලේ කරාවේලාද හාවෝ.. වැව්වල කොහෙන්ද යකෝ ගල්මල්...

මම කීවේ සජ්ජෙග ගොන් කථාවට හිනාව නතර කර ගන්නත් බැරුව..
නෑ නෑ බං... මේ වැව්වල තමයි පුල්ලි තියන ගල් මල් තියෙන්නේ... අර බලපන් අර..

කස්ටියම වැවට ඒබුනේ සජ්ජ කියපු ගල් මල බලන්න.. ඇයි හත් දෙයියෙන්... වැව් වල කොහෙන්ද ගල් මල්...

තොට පිස්සුද ඔටුවෝ... කොයි ගල් මල්...

ඇයි බන් අර තියෙන්නේ.. මට වම් කෙනන් පෙන්වියහැකි...

කස්ටියම සජ්ජෙග වම් පසට නෙත් යොමු කරේ මේ යකා කියන කුනුහරුපෙ තේරුම් ගන්න බැරිව..

අප්පට හුඩු....


කස්ටියම බඩවල් අල්ලෙගන හිනා වෙන්න ගත්තමයි මට සීන් ඒක පැහැදිලිවම දර්ශනේ උනේ...

සජ්ජ කලින් විහිළු කරපු කළු නැව සජ්ජගේ විහිළු දරා ගන්න බැරිවද කොහෙද පව්ඩර් ටින් ඒකක් විතර නාල ඇවිත්... දාඩියට තැනින් තැන පවුඩර් පාරවල් පෙඟිල.. 

ඒ බං.. හරියට ඇතිලියකට පුල්ලි තියල වගේ නේද බං...

රොෂාගේකථාවට ආයෙත් කස්ටියට බඩ පැලෙන්න හිනා...

ඒ අතෙර තමයි මම දැක්කෙ ලෝචි මට ඇහින් ඉඟි කරනව ඉස්සරහට යමු කියල...

මචන්... මම ලෝචනාත් ඒක්ක පොඩ්ඩක් කථා කරල ඒන්නම් බං...
ඒ ඒ .. මේ... එහෙම බෑ... වරෙල්ල දෙන්නම මෙහාට...

ලොචනාවයි මාවයි කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි ඉන්න තැනට අරන් කස්ටියම අපිව වට කර ගත්ත...

මොන මගුලක්ද මුන් මේ කරන්ඩ හදන්නේ..

මචන් මේ... හදාගෙන යන කූඩුවනම් කඩන්ඩ ඒපා මචන් ඈ...

මම සජ්ජට කීවේ  ටිකක් ඇත්තටම බයෙන්... මොකද මුන් ෂුවර් නැති සත්තු..

හ්ම්.. ලෝච... උඹට මතකද? මගේ 4 වෙනි ලව් ඒක සෙට් උන වෙලාවේ.. උඹ මට දුන්නු රැග් ඒක..

මොකක්... 4 වෙනි ලව් ඒක... දැන් අයිය දුවන්නෙ කී වෙනි ඒකද?  

(කෙල්ලෝ ටික ඇහුවේ රොෂාන්ගේ අතම ගව්රවයද මොකක්ද ඒක බිම දාල පාගන ගමන්...

ආහ්... නංගි මේකයි... ඔය ගල් මල්, බිම් මල් වගේ පොඩි පොඩි කේස් අරපුවාම මේ දවස්වල ට්‍රයි ඒක 8 වෙනි ඒකකට...

කස්ටියම ආයෙත් හිනා පැන්නේ ගල් මල් කතාවට වෙන්න ඕනේ...ඒ කෙල්ලනම් හිටියේ පුල්ලි පිටින්ම හතරට පහට පැලෙන්න පුපුර පුපුර..  ඒත් ඉතින් මමයි ලෝචියි නම් හිටියෙ පුදුම බයකින්...

හරි... මෙහමයි.. දැන් ඉතින් සැදෑ බඩගිනි හැදෙන යාමේනි... දෙන්න දෙමහල්ලෝ ඒකතු වෙලා අපට ආන්න අර පේන අයිස්ක්‍රීම් මාමගෙන් අයිස්ක්‍රීම් අරන් දුන්නනම්... (සෑහෙන්න හොදයි නේද සුභා...)

ම් ම්... ඒක හොද අදහස... කෙල්ලෝ ටිකත් රොෂාන්ගේ කීම අනුමත කොරා... දැන් දීපන්කො අයිස් ක්‍රීම්.. අතේ සත පහක් නෑ... ගෙදර තියෙන ප්‍රස්න දන්නෙ මම විතරයි...

ලෝචන... අපි මොකද කරන්නේ... ලෝචි මගේන් ඇහුවේ කර කියා ගන්න දෙයක් නැතිව... 

අනේ මන්ද ලෝචි.. මගෙ අතේ අද සල්ලිත් නෑ...

ඒකට කමක් නෑ අයියේ... මං සල්ලි දෙන්නම්... අපි ගිහින් ගේමු.. ම්...

(ලෝචි හරියට මාව මැරි කරල වගේ... ලෝබ කමක් නැතිව, මටත් අසරණ නොවෙන ඒයා කියන හැම වචනයක්ම මගේ ජීවිතේම හොරා ගන්නව වගේ මට දැනුන.. ඒ ආදරේ හිතා ගන්න බැරි තරමටම මේ ඒක දවසට වැඩි වෙමිනුයි තිබුනේ...)

ආ මෙන්න සල්ලි... ගිහින් දෙන්නම අරන් ආවනම් හොදයි..

සජ්ජ මගේ අතේ විස්සේ කොල ගොඩක් තිබ්බේ අපි දෙන්නවම අන්ද මන්ද කරමින්... මොකක්ද බන් මේ..

අපි එහෙමයි... අපි මේ වැඩේ දවල් ප්ලෑන් කරල සල්ලිත් ඒකතු කරලයි තිබුනේ...

මොකක්.. දැන් එතකොට උඹල අයිස්ක්‍රීම් කන්නෙ උඹගෙම සල්ලි වලටද?

නෑ... නමට අපේ... වැඩේ උබේ... යකෝ... උඹ අපේ ඒකා... දැන් ලොචිත් අපේ ඒකී... ඉතින් මේ හැම සතයක්මත් උබේ වගේ තමයි බන්... 

මාව බදා ගන්න ගමන් රොෂයි සජ්ජයි කීවේ උන්ගෙ බැදීම කොයි තරම්දැයි පපුවටම දනවමින්...

ඔයාගෙ යාළුවොනම් හරි පුදුමයි අයියෙ... 

ලෝචි අයිස්ක්‍රීම් ගන්න ගමන් මට කීවෙ මගෙ යාළුවො ගැන ගොඩාක් පැහැදීමෙන් කියල මට දැනුන..

කස්ටියටම අයිස්ක්‍රීම් බෙදුවට ලැබුනු සුභපැතුම් ඒකතු කරෙගන ලොචියි මායි වැව අයිනෙ මාර ගහ යට කළු ගල් බැම්මෙ හෙවනෙ වාඩි උනේ කිසිම කථා බහක් නැතිව..

මොකද මේ ඈතට වෙලා... කෝ.. එන්න...

ටිකක් දුරින් ඉදගෙන හිටපු ලොචිගේ අතින් ඇදල ලඟට ගත්තෙ ගොඩාක් ආදරෙන්..

මේ හොලා අයිස්ක්‍රීම් ඒක කෑවොත්.. ඒකයි දුරින් ඉදගත්තේ... 

ලඟින් ඉදන් හුරතල් වෙන මේ පුංචි කුමාරිකාව ගිය ආත්මේ මගේම වෙන්න ඇති... එකයි මේ තරම් අපි ලඟ..

මට දැනෙන ආදරේ වචන කරන්න ඕනේ උත් මට ඒ ආදරේ කියන්න තරම් සිංහල භාෂාව පොහොසත් නෑ කියලයි මට හිතුනෙ...

ම්.. ආ... මගෙ අයිස්ක්‍රීම් එකෙන් චුට්ටක් කවද්දි ආදරෙන් මා දිහා බලල හිනා වුනේ දිලිසෙන නිල් නෙත් වලින් ඇය මට ගොඩාක් කියන ගමන්...
ම්... මේ ඔයාට.. ඇයත් මට අයිස්ක්‍රීම් කැව්ව... හැබැයි ඒ වේලාවෙනම් ඇය මගෙ උරහිසට හිස තියාගෙන ලොකූ සුසුමක් හෙලුව.. ඒ සුසුමෙ ගොඩාක් දේවල් ගැබ් වී ඇති බැව් මට හොදින්ම දැනුන...

මං ගොඩාක් දුක් වින්ද ලෝචන... මම හිතින් ගොඩාක් දුක් වින්ද.. ඒත්... 
 දැන් මට ජීවත් වෙනව කියල දැනෙනව... මාව කවදාවත් දාල යන්නෙ නෑ නේද?

සත්තයි... නෑ මගෙ රත්තරං... ඔයයි දැන් මගෙ මුළු ජීවිතෙම... මගෙ අම්ම තාත්ත නංගිට වගේම ඔයාටත් මම ගොඩක් ආදරෙයි..

මං එක දන්නව අයියෙ..

ඒත්... ඒක ප්‍රස්නයක් අපට තියෙනව ලෝචි...

ඒ මොකක්ද? (ලෝචි උරහිසෙන් හිස ඉවතට අරෙගන ඇහුවේ ගොඩාක් බැරෑරුම් විදියට...)

ඔයා හිතනවට වඩා මම ගොඩාක් දුප්පත්... හරියට ගෙයක්වත් නෑ අපට...

අයියෙ... ඔයා ඇයි ඔහොම කියන්නෙ... මට සල්ලි, ගෙවල්, වාහන උපතින්ම ලැබුන තමයි... ඒත්... මගෙ සතුට තිබුනෙ ඔයා ලඟ.. සල්ලි වාහන සහ අනිත් හැමදේම කොයිවෙලාවේ හොයන්න බැරිද අයියෙ... 

 ඒත්, ආදෙර්, සතුට, හිතේ සැනසීම සල්ලි වලට ගන්න බෑ අයියෙ...
හම්.................................... (සුසුමක් හෙලා හිත සැහැල්ලු කර ගන්නවා හැර මට වෙන කියන්න දෙයක් ඇය ඉතිරි කලේ නෑ...)

ආයේ කොහොමද අපි හම්බ වෙන්නේ ලෝචි.....?

මම ලබන සතියෙ ඉදන් කම්පියුටර් ක්ලාස් ඒකකට යනව.. ඔයත් ඒන්න...

ලෝචි... තරහ වෙන්න ඒපා... මට ක්ලාස් යන්න තරම් සල්ලි නෑ රත්තරනේ... මම ජොබ් ඒකක් හොයා ගන්න ඉන්නෙ රිසාල්ට් ඒනකම්...

අනේ....  හරි... ඔයා ආරම්භක සම්මන්ත්‍රනයට විතරක් ඒන්නකො... ඒදාට සල්ලි බදින්න ඕනේ නෑ...

බලමු... ම්..

ප්ලීස්... මං වෙනුවෙන් ඒන්න... මට දැන් ඔයා බලන්නෙ නැතිව ඉන්න බෑ...

හා... මං ඒන්නම් ඒදාට... ම්..

හා...(ඇය ඒවිට හිනා වුනේ මුලු ලෝකෙම දිනුව වගේ... පව්.. මම දැන් කොහොමද මේ කෙල්ලගේ පැතුම් බොද කරන්නේ. )

තවත් කොටසක් බලා පොරොත්තු වන්න

මෙම කථාවේ සියළුම හිමිකම් FreeGetLanka සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...