ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Friday, October 25, 2013

කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ

කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ


අවුරුදු බර ගාණකට ඉස්සර කාලෙක.

"තාත්තේ!"

"හ්ම්."

"තාත්තේ, කතන්දරයක් කියන්නකෝ!"

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

"ඔන්න එකමත් එක රටක හිටිය මහ කිරි ඉබ්බෙකුයි, මහ කිරි ඉබ්බියෙකුයි. මේ දෙන්නට හිටියා පොඩි කිරි ඉබ්බො පැටවු තුන් දෙනෙක්."

"අනේ තාත්තේ, ඔය කතාව අපි දන්නවා, වෙන එකක් කියන්නකෝ."

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

"ඔන්න එකමත් එක රටක හිටිය මහ ගල් ඉබ්බෙකුයි, මහ ගල් ඉබ්බියෙකුයි. මේ දෙන්නට හිටියා පොඩි ගල් ඉබ්බො පැටවු තුන් දෙනෙක්."

"අනේ තාත්තෙ, අපිට එපා ඔය ඉබි කතා. තාත්ත හැමදාම කියන්නේ ඔය ඉබි පැටව් තුන්දෙනාගෙ කතාවමයි නේ."

"හ්ම්."

"අනේ තාත්තෙ, වෙන කතාවක් කියන්නකෝ, ඉබ්බො පැටවු නැති එකක්."

"හ්ම්."

"අනේ තාත්තේ කියන්නකෝ!"

* * * *

පසුගිය අඟහරුවාදා පාන්දරඃ

"තාත්තේ!"

"හ්ම්."

"තාත්තේ, මාව අඳුනන්න පුළුවන්ද?"

"හ්ම්."

"තාත්තේ, මං තමයි අර කිරි ඉබ්බො පැටවු තුන් දෙනාගෙන් ලොක්කා."

"හ්ම්."

"තාත්තේ"

හ්ම්.

කතන්දරකාරයා
ප/ලිඃ මගේ තාත්තාට ඉක්මන් සුව පැතූ සියළු දෙනාටම "තෑන්ක් යූ" කියමි.


උපුටා ගැනීමකි:
http://kathandara.blogspot.com/ බ්ලොග් පිටුවෙන්..
(මෙම ලිපිය හිතන්නට ඔබට යමක් ඉතිරි කරන ලිපියක් බැවින් වටිනාකම තේරුම් ගන්නවුන් උදෙසා උපුටා ගත් බව කරුණාවෙන් මතක් කරමි)

Saturday, October 19, 2013

ගුරු පුටුව෴



෴ගුරු පුටුව෴

-ජෝශුවා වොග්-

ආදරණීය මිසිස් වෙල්ටන්...,

ඔබ තුමිය 4 ශේණීයේ පන්තියේ ඉදිරියේ පාලක පුටුවට වෙලා ඉඳගෙන හිටි හැටි මට තවම මතකයි. 1991 ෆ්ලොරිඩාවේනයිස්විල් වල රොකී බායෝ ක්‍රිස්තියානි පාසලේ දීකිසිම දවසක ඔබ හැර වෙනත් කෙනෙක් එම පුටුවේ ඉඳ ගන්නේ නෑ.

ඔබ හඳුන්වන ආකාරයේ මගේ හුරු බුහුටි වචනවලින් ඒ වෙනකොටත් දෙපාරක්ම පන්තියට බාදා කරලා තිබුනු නිසා අප්‍රසාධය පල කරන ආකාරයෙන් ඔබ මා දිහා එබී බැලුවා.

මගේ අත් දෙක මේසේ දිගේ ලිස්සා යවමින් සහ වෙහෙස ඉස් මතු කර පෙන්වීමට ඔළුව පැත්තකට ඇල කරමින් මේක හරිම කම්මැලියි කියා මං පැමිණිලි කළා.

ඔබේ සිහින් ඇහිබැමි ඉහල ගියා. සමහර විට ඔයාම මෙතනට ඇවිත් පන්තියට ඉගැන්නුවොත් කොහොමද?

පෙළඹවීමක්ද පුදුමයක්ද එක්ක ඔබේ යෝජනාව මගේ සිත් ගත්තා. වයස අටේදී උපහාස සංකල්පය අවබෝධ කර නොගෙන මම මගේ පුටුවෙන් පැන කළු ලෑල්ල ඉදිරිපිට ඔබ ඉඳගෙන උණ් තැනට ආවා. මම හැරිලා පන්තියට මුහුණ ලෑවා. මම අභියෝගය බාර ගන්නකොට ඒ ගොල්ලෝ දෑස් අයාගෙන පැතිරුනු සිනාවෙන් බලා‍‍ගෙන සිටියා.

එසේ කරාවියි ඔබ මගෙන් බලාපොරොත්තු නොවුනත් සැලකිල්ලෙන් යුතුව ඔබ හිස සැලුවා. මම නැවතුනා. ඔබ එවැනි ආරාධනයක් නොකලාදෝ යන බියෙන් සහ තද කරගත් හිනාවෙන් උන් මගේ පන්තියේ සඟයින් වෙත. පන්තියේ පේලි අතරින් මාව හරවා යවාවී යන ලැජ්ජාවෙන්.

ඇතිවූ නිහඬතාවයේ දී කවුරු හරි පැන්සලක් බිම දැම්මා. එය පොළවේ වැදිලා රෝල් උණා. ඒ වුනත් කවුරුත් ඒක අහුල ගත්තෙ නෑ. ඊළඟට ඔබ නැගිටලා, කාමරයේ කෙළවර තිබිච්ච ඔබේ මේසයට ගමන් ගත්තා.  කාර්මික විප්ලවයයි කපු නෙළීමයි ගැන විස්තර අඩංගු වුණු පෙරළුනු ලිටු තිබියදී ඔබ ඔබේ ගුරු අත් පොත මේසය මත දමා ගියා.

මම ඔබේ පුටුවට මාරු වී මා‍ව එහි රැ‍ඳෙව්වා. වෙව්ලන්නට උණු මගේ අත් හංග ගන්න, බර පොත මගේ උකුළට ඇද ගත්තා. ම උගන්නන්න පටන් ගත්තා.

මං කීවේ මොනවාදැයි අද වන තුරු මගේ මතකයට නගා ගන්න බැරි වුණා. ගුරු අත් පොතෙන් හොරෙන් බලා දැනගත් කරුණුයි ඉතිහාසය ගැන මං හිතින් මවා ගත්ත ඒවයිවල මිශ්‍රණයක් විදියට ඒක පිට වුණා. කොහොම වුණත් මගේ විස්තරය වඩා ප්‍රියජනක වුණැයි කියලා මම හැම වෙලාවෙම හිතුවා. දුර්ලභ ඝනයේ නිහඬතාවයකින් පන්තියම අහගෙන හිටියා. කීප සැරයක්ම අමුතු නමුයි ලොකු වචනයි නිසා පැටලුණා. ඔබ පැත්තක ඉඳගෙන මම ඒවා හරියට උච්චාරණය කරනකන් මතක් කර දුන්නා.

පන්තියේ සීනුව වැදුණහම අමාරුවෙන් පුටුවෙන් බැහැගෙන යහළුවන්ගේ විසිළුයි සුභ පැතීමුයි අහගෙනම මගේ ආසනයට ආයෙත් ආවා. මා යන ආකාරය ඔබ බලා සිටියා.  උදාර ලෙස ස්තූති කරමින් ඔබ හිස සැලුවා.

පන්තිය අවසන් ඔබ කිව්වා. හෙටට ගෙදර වැඩ නෑ මොකද ටීචර්ට ගෙදර වැඩ මොනවාහරි පවරන්න අමතක වුණා.

මගේ උත්සාහය ගැන ඔබේ අදහස් මා දැනගත්තේ අවුරුදු ගණනකට පසුවයි. නමුත් එදිනම සවස මගේ අම්මා මාව පාසලෙන් රැගෙන යෑමට පැමිණි විට ඔබ අම්මාට ඒ ගැන පවසා තිබුනා.

එයා හොඳට කලා. ඔබ ඇයට කීවා.

එදා එම පන්ති වෙලාවේදී, මම කියන්නේ කවුද කියලා ගණන් නොගෙන බියෙන් තොරව පිරිසක් ඉදිරියේ නැගී සිටීමේ හැකියාව මුළු ජීවිතකාලේටම ඔබ මට ලබා දුන්නා. වචන සහ පරිකල්පන භාවිතා කරමින් අවනක් අයගේ සිත් තුලට දැනුම කා වැද්දීම දැනෙන්නේ කොහොමද කියලා අවබෝධ කර ගන්න ඔබ මට උදව් කළා.

මිසිස් වෙල්ටන්, ඔබ අපේ ඉගෙනීම ගැන අවංක හැඟීමෙන් අපට ඉගැන්නුවා. නමුත් ඊට වඩා කාමරේ පිරිලා හිටි හතර ශේණියේ චණ්ඩීන්ට - ඔවුන්ගේ සිහින රැක බලා දුන්නා - බට පිඹිමින් තුණ්ඩු අතින් අත යවමින් පාඩමට පාධා කිරීම් ඔවුන් කරගෙන ගියත්,

මට ඉගැන්වීමට ඉඩ හැරීමෙන් ඔබ මට හොඳම දේ ඉගැන්නුවා.

සැමදා තුති සමගින්
ජෝගුවා වොෂ්
ඩෙන්වර්(කොලරාඩෝ)

**ජෝගුවා වොෂ් කොලරාඩෝවේ ජීවත් වෙයි. මෑතකදී කොලරාඩෝවේ ක්‍රිස්තියානි විශ්ව විද්‍යාලයෙන් ඔහු ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.**


මගේ ටීචර්(හසිත ඉන්දීවර දාසවත්ත)(පිටු 69-71)

උපුටා ගැනීම

ද ටීචර්ස් වොයිස් සඟරාව

පිනි මත බඹරු (6 වන කොටස)



උදේ පාන්දරම ලෑස්ති උනේ විභාග ප්‍රස්න ටිකේ අවසානයක් දකින්න හිතාගෙන.



අදින් විභෘගෙ ඉවරයි නේද ලොකූ...

ඔව් අම්මෙ.... අදින් පස්සෙ කොල්ල කුරුල්ල වෙනව....

හ්ම්... කුරුල්ල වුනාට කමක් නෑ... ප්‍රථිඵල ආපු දාට තමයි කුරුල්ලගෙ තටු කපන්නෙ මේ අම්ම.

අප්පටහුඩු... මෑණියන්ගෙ රෙස්පොට්.... යකඩෝ...... මමයි ඉස්කො‍්ලෙ ගියෙ, කටු කෑවෙ, පාඩම් කරේ, විභෘග ලීවෙ. ඒත් විභාග ප්‍රථිඵල විතරක් මට අයිති නෑ.... මේ මොන හුට්ටප්පර කථාවක්ද කියල මටනම් තේරෙන්නෙ නෑ...

සෑහෙන බර ක්පනාවක ඉඳගෙන මහ පාරටම කොල්ල සේන්දු වෙලා කියල තේරුනේ පට්ට පරන ලේලන්ඩ් ලඩියක් කන පැලෙන්ඩ හෝන් පාරක් ගහල මාව පාර අයිනටම විසි කරාට පස්සෙ.....

ලේලන්ඩ් අංකල් හෝන් පාර දුන්නෙ නැත්නම් මම මහ පාරටම ප්ලැට් වෙනව ඒකෙ තිබුනු පොල්ලෙලි ලෝඩ් එකේ හැටියට...

ආහ්... ලෝචන... ගුඩ් මෝනිං....

තිස්තුන් කෝටයක් දෙවිවරු හිමිදිරි පාන්දරට මිහිමතට වඩිනව කීව එකාගෙ කටට රත්තකරං දාන්ඩ එපැයි යකෝ.... මේ මගෙ ලෝචිය නොවැ...

වෙරි ගුඩ් මෝනිං ලෝච්....

ආහ්.. මෙයා අද හරි සතුටින් වගේ... මොකක්ද වෙනස......?/ලෝචි ඇහුවෙ ඔලුව පැත්තකට බැර කරල හරි දඟකාර විදියට.

ම්.... අනේ මන්ද ලෝචි. ඔයාවනෙ උදේම මීට් උනේ... ඒක නිසා වෙන්න ඇති....

අනේ යන්න බොරු නොකිය... මම ඒ තරම් වාසනාවන්ත නෑ... ලෝචි... ඇයි ඔයා එහෙම කියන්නෙ..? ඇත්තටම ඔයා වා‍සනාවන්ත, සිරියාවන්ත කෙල්ලෙක් ලෝචි...

මම ඉතින් කියල දැම්මෙ හිතට දැනුන අකලංක හැඟීම..

ඇත්තටම මට විහිළු කරන්න එපා ලෝචන...මම ඕවට කැමති නෑ.. අපේ අම්මත් මට කියන්නෙ මම හරි මූසල කෙල්ලෙක් කියල...

මල හුට්ටප්පරයක්... මේ මොකක්ද යකෝ මේ කෙල්ල මේ කියපු කථාව... මට එකපාරටම හිතුනෙ එහෙම.. ඒත්, ලෝචි දිහා හැරිල බලද්දියි කථාවෙ බරපතල කම දැනුනෙ.. ඇස්වල කඳුලු පුරෝගෙන එයා හිටියෙ බිම බලාගෙන...

අපි කථාවෙන් කථාවෙන් ක්‍රීඩි පිට්ටනිය පැත්තටම ඇවිදන් ආවෙ විභාගෙ පටන් ගන්න තවත් වෙලා තිබුනු නිසා.. ඇස්වලින් කඳුලු කැට කඩන් වැටෙද්දිම ලෝචි ඇවිදින එක නැවැත්තුව.. මොහොතකට ඒ ඇස් මගෙ දෑස් තුල නතර වුනා.... මම ඒ නිල් නෙතු යුග තුලින් දැක්කෙ කියා ගන්න බැරි තරම් මහා දුකක්...  

ඒ ඇයි...? ලෝචනා ඇයි එහෙම කීවෙ... එහෙම කියන්න හේතුව මොකක්ද? මේ කෙල්ල බොරුවක් කරනව වෙන්න බෑ,.. එහෙම ‍බොරුවක් කරනවනම් ඇයි මේ ඇස් වලින් කඳුලු කඩා වැටෙන්නෙ...? මට කිසි දෙයක් හිතා ගන්න බැරිවයි හිටියෙ...

ප්ලීස්... අඬන්න එපා... ඇයි මේ ඇස් වල කඳුලු...ඇයි මේ තරම් දුකින්... ම්....

මම ඇයි අසලටම ලංවී ඇගේ දෑත් යුග අල්ලා ගත්තෙ ඒ හිත හදන්න හිතාගෙන...

ම්... කෝ ඉතින්... හොඳ ළමය වගේ ඔය කඳුලු පිහදාගන්න... (මම පුංචි එකියකගෙ දෑසෙ කඳුලු පිහ දාන්නාක් මෙන් ඇගේ නෙත් කෙවෙනි වලින් කඩා හැලෙමින් තිබුනු කඳුලු පිහ දැම්මෙ ඇත්තටම ලොකු ස්නේහයකින්... මට මතක් උනේ සිඟිති පුංචි කාලෙ වැටිල අඬනකොට ඒපුංචි ඇස් වල කඳුලු පිහ දාපු විදිය. ඒ නම් මගෙම නංගි... ඒත් ලෝචි... තවම මගේම නොවේනි... යන හැඟීම හිතේ නොතිබුනාම නොවේ...)

ලෝචන... ඇත්තටම මම මූසල කෙල්ලෙක්ද අයියෙ...?

එකවරම ඈ එසේ අසා ඇය මාව බදාගෙන මගේ පපුවට මුහුණ තද කරන් ඉකි බිඳ බිඳ හඬන්නට විය. ඈ කෙරෙන් හමා ආ රෝස මල් සුවඳ මගේ හිතට දැනුනෙ මොකක්දෝ හුරු පුරුදු බවක්... මගෙ හිතට දැනුන ඒ වෙනස් හැඟීමට ආදරේ කියන වචනෙට මහා අරුතක් එක් කරන්නට පුලුවන් වෙන්න ඇති.. ඒ රෝස පාට කම්බුල් රතු වෙනකම් ඈ ඉකි ගස ගස මගේ පපුවට තුරුලු වී ඉකි ගසද්දි මම ඈව තවත් පපුවට තදකර ගත්තෙ කියා ගන්න බැරි තරම් අසීමිත ස්නේහයකින්..

මම ආදරෙයි රත්තරං....

මට ඒ වචන ටික කියවුනේ කොහොමදවත් මම දන්නෙ නෑ... ඒ වචන වලට ලෝචි එක් වරම ඉකි බිඳුම නවත්තල මගෙ තුරුලෙම ඉඳන් ඔලුව හරවල මගෙ ඇස් දිහා බැලුවෙ කියා ගන්න බැරි තරම් අහිංසක ආදරණීය බැල්මකින්. දිලිසෙන කඳුලු කැට අතරින් ඒ නිල් නුවන් මට ආදරෙයි කියල කියපු වග මට තේරුම් ගන්න බැරි උනේ නෑ..

මමත්...

ඈ තවත් තදින් මගෙ පපුවටම ගුලි වෙමින් කීවෙ මගෙ මුලු ආත්මයම ඇය හොරකම් කර ගන්න ගමන් බව මට හොඳින්ම තේරුනා..

තවත් කොටසක් බලාපොරොත්තු වන්න..
මෙහි සියළුම අයිතීන් freegetlanka සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...
කථාව ගැන ඔබේ අදහස් අපට කියලම යන්න 

Wednesday, October 9, 2013

පිනි මත බඹරු (5 වන කොටස)

අඩෝ ලෝච... උඹටත් හරි ගියා නේද බං....

ඇයි අපි ඔටුවොද? මම කීවෙ ආඩම්බරයක් මවාගෙන...

අප්පටහුඩු මුගෙ ගනං.... බලපංකො සජ්ජ... (‍රොෂා මාව තල්ලු කලේ ටිකක් රිදිල වගේ....)

අපි එකිනෙකා වෙන්වෙලා ගෙවල් ලට ගියේ පසු දින උදයේම ආයෙත් හමු වෙන්න බලාපොරොත්තු දෙමින්...


ආහ්... උඹ ආවද ලොකු එකෝ....

අප්පට හුඩු ඩැඩා චූන් වෙලා නේද?

මෙහෙ වරෙන්... මෙහෙ...ට වරේ....න්...

යකෝ ඩැඩා මට කථා කරන්නෙ මොකද කවදාවත් නැතිව... බෝතලයක්වත් ගෙනල්ලද දන්නෙ නෑ...
(දෙන්නත් එක්කම ගහමු ලොකු එකෝ කියයිද? බඩුම තමයි එහෙම උනොත්...)

අයියෙ... ආන් තාත්ත ඔයාට කථා කරනව... (සිඟිති කාමරේට එබිල කෑ ගැහුවෙ මම දැන් නොගියොත් පියතුමා විසින් විශ්ව ශබ්ධ කෝෂය එලි දක්වන වග නගා හොඳින්ම දන්න නිසා වෙන්න ඇති...)

ඇයි ඇයි... මොකද? (ටිකක් සද්දෙට සැරෙන් අහගෙන තාත්ත ලඟට ගියෙ මොන බාල්දියක් පෙරෙලේදෝයි දැඩි සැකෙන්...

ආහ්... උඹ ආවද? උඹ කාලද මගෙ කොල්ලො...?

දවල්ටද රෑටද?
(ආයෙත් මම කඩා පැන්නෙ හිතේ තිබුනකු කේන්තියට...) කන්ඩ දෙයක් නෑ... අඳින්න ඇඳුමක් නෑ... උදේ ඉඳන් රෑ වෙනකම් බීල බීල ඇවිත් දැන් අහනව කෑවද කියල... (මට හිතින් හිතුනෙ එහෙම)

මේ මිනිහට ලැජ්ජ නැතිව අහනවනෙ... ෂික්... කොහේ හරි කන මදය වගේ බීල බීල හැම සතේම අරක්කු කරයෙකුට පූජ කරල හතර ගාතෙන් ගෙද ඇවිත් දැන් අහනව කෑවද කියල කොල්ලගෙන්...

අම්ම නිකටට අත ගසාගෙන සැරෙන් ඇහුවෙ හිතේ පැසවන දුකට කියල මම දැනන් හිටිය....

ලොකු එකෝ... මෙහෙට ඇවිත් ඉඳ ගනින්කෝ....

කවදාවත් නැතිව ළඟින් ඉඳගන්න කරන ආරාදනාවනම් වැඩිය සුභ ලකුනක් නොවේ කියලයි මට හිතුනෙ... කවුද දන්නෙ හොඳවගෙන් පුරවල කනේ පාරක් දෙන්නද කියල... අම්මගෙයි නංගිගෙයි මූණු දිහා බලපුවම ඒ තත්වෙ තවත් ස්තිර උනා...

තාත්ත සරම පැත්තකින් උස්සල පොල් ගස් ගඳ ගහන කිලිටි කලිසම් කබලෙන් ඇදල ගත්තු මොකක්දෝ මුලක් දිග හරින්න උනා... සිගරට් කොල කැබලි වල ලියූ දුරකථන අංක කීපයක්, තාත්තගෙ හැඳුනුම්පත, අම්මගෙ පරන කළු සුදු ෆොටෝ එකක්, පොකට් කැලැන්ඩර් කෑල්ලක් වගේ සුළු සුලු දේවල් කීපයකට වඩා වැඩි යමක් එහි පෙනෙන්නට වූයේ නෑ...

හෙට දවල්ට කාපන් කියල මොණරෙක්වත් දෙයිද දන්නෙ නෑ,..
මට නිකමට වගේ එහෙමත් හිතුන...

ම්...ඉඳා‍... මේක ගනින්... (තාත්ත හතරට පහට නවපු කොල මිටියක් මගෙ අතේ තිබ්බෙ මගෙ බලාපොරොත්තු සුනු විසුනු කරමින්..

මොකක්ද යකෝ මේ... කෙල්ලෙක් හිටියෙ නැති නිසා ලිවුම් මිටියක් වෙන්ඩත් බෑ... මොන මගුලක්ද එහෙනම් මේ.... (මමනම් හිටියෙ දෙලෝ රත් වෙලා... මොකද ඉතින් මට පෙරලෙන බාල්දිවල අඩුවක් නැතුවා...)

මොනවද මේ.... (මම හිමිහිට තාත්තගෙන් ඇහුවෙ අතට දුන්න කොල මිටිය දිගාරින්නෙවත් නැතිව...)

ඕක දිගෑරල බලපන්... මොන විකාරයක්ද කවුද දන්නෙ ලොකු පුතේ.....

කාන්තා ආධිපත්‍ය ඉස්සර උනේ තාත්තට කිසිවක් කියන්න ඉඩ නොදී...

දෙවියන්ට ඔප්පු වෙච්චාවෙ කීවලු... මේ බණ්ඩාර මුදලාලි ගාව උගසට තියල තිබුනු සින්න වෙන්න ගිය අපේ ඉඩම් ඔප්පුව නේද?

ඔන්න මම උගස බේරුව... මගෙ කොල්ලගෙ නමට ඔප්පුවත් හැරෙව්ව....

දෙයියනේ... ඇත්ත නේන්නම්... ඉඩම් හිමිකරුගේ නම විදියට ලෝචන සේනාත් ගුණතිලක ලෙස සටහන්ව තිබිනි...

අම්ම මගෙ අතින් ඔප්පුව උදුරල අරන් කියවන්න උනේ කිසිවක් සිතා ගත නොහැකිව පුදුමෙන්....

අම්මගෙ ඇස් වලට කඳුලු ඉනුවෙත් සිඟිතිගෙ දෑස් බිමට බර උනෙත් දුකටද සතුටටද කියල මට හිතා ගන්න බෑ... ඒත් මට තිබුනෙනම් ලොකු පුදුමයක්....

තාත්තෙ.... ඇයි තාත්තගෙ නමට තිබුනු ඔප්පුව මගෙ නමට ලීවෙ... කොහෙන්ද ඔප්පුව බේරන්න සල්ලි....

උඹ මගෙ එකා... ගුණතිලක පවුල ගෙනියන්න ඉන්න එකා... පවුලෙ ලොකු එකා... මම දන්නව පුතේ මම මැරෙන්න වැටුනු දාක මට වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ උඹ විතරයි....

තාත්ත වෙරි මරගාතෙ උනත් කියවාගෙන ගියෙ මහා බැරෑරුම් දෙයක් බැවි මට හොඳින්ම තේරුනා....

තාත්ත හරි අසරණ විදියට මගෙ ඔලුව අතගාල කියපු ඒ කතාවට මගෙත් ඇස් වලට කඳුලු එන්න ඇති. ඒකයි අම්ම මං දිහා බලල බිම බලා ගත්තෙ...


ඇති යාන්තං... ගෙදරට කියල දෙයක් කලා... කොහෙන්ද හැබෑටම ඔප්පුව බේරන්ඩ සල්ලි....?

අම්ම ප්‍රශ්ණ පත්තරේ දිගෑරියට මොකද අම්මට වගේම මටත් ඒකනම් ලොකු ප්‍රස්නයක් වෙලයි තිබුනෙ....

පහුගිය ටිකේ... උඹලට කන්ඩවත් නොදී වත්තෙ මහත්තය ලඟ වැඩ කරල හම්බ කරපු සල්ලි තමයි ඔය...  උඹලට ඉහට වහලයක් නැතිවෙයි කියලයි බඩගින්නෙ හරි තියල උඹලව ඔහොම කලේ....

පවු... තාත්තගෙ බීමත් කම නිසා ඔය සුන්දර හදවතට කොතරම්නම් නිගා කරන්න ඇත්ද? ගරහන්ඩ ඇත්ද? ඒත් තාත්ත කොයි තරම් උතුම් මනුස්සයෙක්ද?

ජීවිතේ පලමු වතාවට මට එහෙම හිතුනෙ ඇයි කියලනම් මම දන්නෙ නෑ... ඒත්, හැම තාත්තෙක්ම වගේ බීමට ඇබ්බැහි වෙලා ඉන්නෙ කුමක් හෝ හේතුවක් නිසා වෙන්න ඇති... ඒත් ඒ හැම තාත්තෙක්ම මගෙ තාත්ත වගේම දරුවන් ගැන හිතනව ඇති... මට ඒක විස්වාසයි... නොපෙන්නුවත් ඒකයි සැබෑව....

උඹල බල බල හිටපු ටී.වී එක විකුන්නෙත් සල්ලි අඩු පාඩුව හදා ගන්න... ඒක විකුන්නෙ නෑ... උගස් කරේ... ඒකත් මම බේරල දෙනව...  මම ඒ සල්ලි වලට අරක්කු බීවෙ නෑ ලොකු පුතේ....

තාත්තගෙ හ‍ඬෙ ගැබ් වෙලා තිබුනු ඉකිබිඳුම මට තේරුම් ගන්න අපහසු වුනේ නෑ,...

ඇත්තටම මෙවන් පියෙකුගේ පුතකු වීම ආඩම්බරයක් යැයි ජීවිතයේ පලමු වතාවට මට දැනෙන්නට උනා....

තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

ඔබේ අදහස් අපට ලියල යන්න...

මෙහි සියළුම හිමිකම් FreegetLanka සතු වන අතර උපුටා ගැනීම සපුරා තහනම් වේ....


Monday, October 7, 2013

වාහනයට පෙට්‍රල් ගසන්නට පෙර෴෴


ඔබත් වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවද?  
සමහරු ඉන්ධනහල් වලට ගියාම වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා. සමහරවිට ඔබත් එහෙම කරනවා ඇති.  
අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක.  
ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..  
මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...  
පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු පොම්පය ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.  
මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා.  
නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය.. එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත
 ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත. එබැවින් ඊලඟ පාර ෆුල් ටෑන්ක් කරද්දී මතක ඇතුව පොම්පකරුට කියන්න පොම්පය ස්වංක්‍රීයව නැවතුනාම තෙල් ගහන එක නවත්වන්න කියලා.. (මාරු සල්ලි ළඟ තියාගන්න )  
තෙල් ගහන්න වෙලාවක් තියනවද ?  
හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..  
අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි. තෙල් පොම්ප කරන වේගය? හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්.  
නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
  ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය. හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය.. 
 බවුසරයෙන් ආපු ගමන්ම තෙල් ගහන එක හොඳද? ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
  හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා
 මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ තෙල් ටැංකියට ලබාගැනීමට හැකියාවක් තියනවා..
  මෙම ලිපියෙන් ඔබ අලුතින් යමක් ඉගෙනගත්තා නම් තවත් යාලුවන්ට දැනගන්න Share කරන්න අමතක කරන්න එපා... 
අන්තර්ජාලය ඇසුරින්

Saturday, October 5, 2013

දුරකථන පෙම




මිනිසුන්ගෙ ජීවිතවල ඉරණම මොන විදියකට විසඳෙයිද කියල අපි කාටවත් කල් ඇතිව කියන්න බැහැ... පුංචි කාලෙ ඉඳන් දහදුක් විඳගෙන ජීවිතයේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට ආවහම අපි කවුරුත් හිතන්නෙ හරි, දැන් අපිට ඕන විදියට අපේ ඉරණම විසඳගන්න පුළුවන් කියලා... ඒත්, අපි කවුරුත් නොහිතන විදියට අපේ ඉරණම අපිටම කුරිරු වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.

අකුරැස්ස, උෟරුමුත්ත ප්‍රදේශයේ ජීවත්වෙලා හිටිය නිසංසලාත් තමන්ගෙ ජීවිතේ ගැන හිතුවෙ අන්න ඒ විදියට... කිසිම බරක් පතළක් නැතිව තරුණ වයසට එනකොට නිසංසලාත් හිතුවෙ එයාගේ ජීවිතේ ඉදිරිගමන හදාගන්න ඕන එයාට ඕන විදියට කියලයි.


මේ විදියට ඉන්නකොට තමයි නිසංසලාගේ උරුමක්කාරයා හමුවෙන්නෙ. ටික කාලයක් ප්‍රේම කරපු නිසංසලයි අරුණයි එකවහලක් යටට වුණු දවසෙ ඉඳලම නිසංසලා එයාගෙ අනාගත හීන මාලිගාව ගැන ගොඩාක් හීන එයාගෙ සැමියටත් කියන්න ගත්තා. 


මේ දෙන්නගෙ ආදරය, කුරුලු ජෝඩුවක් වගේ ගෙවපු ජීවිතය අහල පහළ කාටවත් රහසක් වුණේ නැහැ.... ඔය විදියට අවුරුදු කිහිපයක් යනකොට මේ පුංචි පවුලට පුංචි පැටවු දෙදෙනකුත් එකතු වුණා. 

හැබැයි මේ අම්මයි, තාත්තයි පැටව් දෙන්නයි ටික කාලයයි සතුටින් එක වහලක් යට ජීවත් වුණේ... නිසංසලාගෙ සැමියාට නිතර නිතර බිරියගෙ වැරැදි අඩුපාඩු පේන්න ගත්තා. අන්තිමේදී වුණේ දරුවො දෙන්නවයි නිසංසලාවයි තනිකරලා දාපු නිසංසලාගෙ සැමියා වෙන අතක් බලාගත්තු එක.
තරුණ වයසෙදිම දරුවො දෙන්නෙක් එක්ක හසරක් නොදන්න ජීවිතයේ අතරමං වුණ නිසංසලා දරුවො දෙන්නව ජීවත් කරවන්න හිතාගෙන කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවයට ගියා. වැඩිවියට පත්වුණු දුවෙක් ඉන්න අම්ම කෙනෙක්වත්, අවුරුදු 38ක ගැහැනියක්වත් කියලා බැලූ බැල්මට නම් නිසංසලා දිහා බලපු කෙනකුට කියන්න බැරි වුණා.


දරුවො හිටියට, සැමියා දාල ගියාට නිසංසලාගෙ හිතෙත් තරුණ වයසෙ ඇතිවෙන හැඟීම් දැනීම් ඒ විදියටම ඇතිවෙනකොට නිසංසලා කළේ ගොඩාක් අය වගේ ජංගම දුරකතනයේ පිහිට පතන එක. මේ දවස්වල නිසංසලාටත් ජංගම දුරකතනයෙන් තොර ජීවිතයක් තිබුණෙම නැති තරම්. මේ නිසාම එයා සහෝදර ඇඟලුම් සේවිකාවන් අතරෙත් ජනප්‍රිය චරිතයක් වුණා.


මේ විදියට ටික දවසක් යනකොට තමයි නිසංසලාගේ ජංගම දුරකතනයේ නාද වුණු නවීන පන්නයේ ගීතය වරක් දෙවරක් විතර ශබ්ද කරල නැවතුණේ. ෆෝන් එක අතට ගත්තු නිසංසලා දෙපාරක්ම ඇවිත් තිබුණු මිස් කෝල් එකට ආපහු සැරයක් රින්ග් කරල බැලුවෙ මේ එයාගේ ජීවිතේ වෙනස් කරන තීරණාත්මක සිදුවීමට මුල කියලා හිතාගෙන නෙවෙයි වෙන්න ඇති. ඒත් එහා කොනින් ඇහුණු තරුණයාගෙ කටහඬ නිසංසලාව ආයෙත් පාරක් එයාගේ ප්‍රේමණීය අතීතයට ගෙනයන්න සමත් වුණා.

මොහොතකට කලින් නමක් ගමක්වත් නොදන්න මේ නන්නාඳුනන අවුරුදු 19ක තරුණයා එක්ක මේ දුරකතන සාකච්ඡාවෙන් පස්සේ නිසංසලා ගොඩාක්ම සමීප වුණා. ඒ සංවාදෙන් පස්සෙත් කිහිප සැරයක්ම ෆෝන් එක හරහා මේ දෙන්නා ගොඩාක් සමීප වුණා. අන්තිමේ දෙන්නාට දෙන්නා නොදැක ඉන්න බැරිතැනටම මේ සම්බන්ධෙත් දුරදිග ගියා. 


දරුවො දෙන්නගෙ අනාගතේ ගැනවත් වගකීමෙන් නොහිතපු නිසංසලාට ඕන වුණේ අන්තිමේ මේ දුරකතන පෙම්වතාගේ චාටු පෙම් බස් සහ ප්‍රේමණීය හමුවීම් විතරයි. 

උෟරුබොක්ක ප්‍රදේශයේ තරුණයෙක් වුණු නිසංසලාගේ දුරකතන පෙම්වතාටත් අන්තිමේ ඇයව නිතර නිතර මුණගැහෙන එක තෘප්තියක් වුණා. මේ හින්දම මේ දෙන්න නිතර නිතර මුණ ගැහිල ප්‍රේමණීය හෝරාවන් කිහිපයක්ම ගත කළේ ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලවත් හිතන්නෙ නැතිව.

දෙන්නට දෙන්න අතරෙ හොඳ විශ්වාසයක් ඇතිකර ගත්තට පස්සෙ දවසක් පෙම්වතා නිසංසලාට අපූරු යෝජනාවක් කළා....


“එක දිගට රස්සාව කරල ඔයාටත් එපා වෙලා ඇතිනෙ. අපි හෙට මාතරදි ටිකක් මීට් වෙමු.” 


“මාත් කාලෙකින් ඔයාව දැක්කෙ නැහැ...”


 පෙම්වතා මේ විදියට කියද්දි නිසංසලත් ඒකට කැමැති වුණේ එක පයින්. 

නිසංසලා පසුගිය 29 වැනිදා දුරකතන පෙම්වතාව හමුවෙන්න මාතරට යමින් ගමනුයි හිටියෙ. එක පාරටම නාදවෙන්න ගත්ත ෆෝන් එක එහා කෙළවරින් නිසංසලාට ඇහුණෙ පෙම්වතාගෙ කටහඬ....


“අනේ රත්තරන්, මම ආපු ත්‍රීවීලර් එක මේ මඟදි කැඩුණනෙ. ඔයාට පුළුවන්ද තරහ නැතිව අකුරැස්සටම එන්න.... අපි එහෙ ගිහින් ඇතාමල ඇල්ල බලන්න යමු... මාත් ත්‍රීවීල් එක හදාගෙන අකුරැස්සට එන්නම්....” 


ඇයට මේක අදහාගන්නවත් බැරි යෝජනාවක් වුණා.

 ආදරයේ පිපාසාවෙන් හිටිය නිසංසලාට මේකට අකැමැති වෙන්න කිසිම හේතුවක් තිබුණෙ නැහැ. නිසංසලාත් දෙපාරක් හිතන්නෙ නැතිව කෙළින්ම ගියේ අකුරැස්සට. ඒ පෙම්වතාව මුණ ගැහෙන්න.

ඇතාමල ඇල්ල කියන්නෙ ඉරිදා දවස්වලට තරුණ ජෝඩුවලට ගොඩාක් නිදහසක් ලැබෙන තැනක්. ඒකටම හරියන ගල්ගුහා ලඳු කැලෑ ඇතාමල ඇල්ල ප්‍රදේශයේ එමටයි. ඉතින් එදා නිසංසලාටත් මේ ස්ථානය තමන්ගෙ සිතැඟි ඉටු කරගන්න හොඳම තැනක් වුණා.


හවස දෙකට විතර ඇල්ල ළඟට ආපු මේ දෙන්නව බස්සවපු ත්‍රීවීලරය ආපහු යන්න ගියා. නිසංසලා හිතුවෙ එයාගෙ ප්‍රේමවන්තයා, ආරක්ෂකයා ඉන්න තැන එයාට කිසිම දේකට බයවෙන්න ඕන නැහැ කියලයි. ඒත් මේ වෙලාවෙ දුරකතන පෙම්වතාගෙ හිතේ නම් ක්‍රියාත්මක වුණේ වෙනමම අදහසක්. දෙන්නත් එක්ක පෙම්සුව විඳින අතරතුරේ පෙම්වතා නිසංසලාට හොරෙන් තමන්ගේ අරමුණ ක්‍රියාත්මක කරන්නට වුණා.


“ඉක්මනට වරෙන් බං. දැන් හවස් වෙනකොට මේකි යන්න දඟලයි. උඹලට මං කියන වෙලාවට එන්න බැරිනම් ඉතින් මම දන්නෙ නෑ... ආයෙ නම් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ...” 


දුරකතන පෙම්වතා එයාගේ මිතුරන් කිහිපදෙනාට නිතරම නිතරම දුරකතනයෙන් කතා කර කිව්වා.

“දැන් ගොඩාක් හවස් වෙලා... අපි යමු.” 


නිසංසලා පෙම්වතාට කියන කොට තවත් ටිකක් ආදරණීය වුණු පෙම්වතා කිව්වෙ තව ටික වෙලාවක් ඉඳලා යමුයි කියලා... මේ විදියට මිතුරො ටික ඇල්ල ළඟට එනකල් කල් මරපු දුරකතන පෙම්වතා අන්තිමට තවත් අමානුෂික විදියට තමන්ගෙ සැලසුමේ ඉතිරි හරියත් ක්‍රියාත්මක කරන්න වුණා.

“පල්ලෙහාට යනකොට කොල්ලො ඉන්නවා. උන් මේ වෙලාවට බීලත් ඇත්තේ. හවස් වෙලත්නෙ ගොඩාක්. ඔයා ඉස්සර වෙලා යන්න. මම පස්සෙන් එන්නම්” 


කියූ පෙම්වතා නිසංසලාට යන්න ඇරියා. පහළට යනකොට ත්‍රීවීලරයක තරුණයො හය දෙනෙක් ඉන්නව දැකපු නිසංසලා ටිකක් තිගැස්සුණත් පස්සෙන් පෙම්වතා ඉන්නවනෙ කියලා හිතාගෙන ඉස්සරහටම ගියා... 

ඒ අතරෙ තමයි ඔවුන් අතරෙ හිටිය එක තරුණයෙක් නිසංසලාට අයුතු යෝජනාවක් කළේ. මේකෙන් එයා ටිකක් බයවෙලා ආපහු හැරිල යන්න හදන කොටයි එයා දැක්කෙ එයාගෙ දුරකතන පෙම්වතා එයාව අතරමං කරල දාලා මාරුවෙලා කියලා.... ඒත් එක්කම ආපස්සට දුවන්න හදපු නිසංසලාට තරුණයන්ගෙන් තර්ජනයක් ආවා.

“ඔහොම නැවතියන්... නැත්නම් උඹව මෙතැනම මරා දානවා....” 


නිසංසලාට මේ තර්ජනයත් එක්ක එයාගෙ දරුවො දෙන්නව මතක් වුණා. ජීවිතේ වටිනාකම සිහිපත් වුණා... 

“කරන්න දෙයක් නැහැ. මුන් කියන දෙයක් කරන්න වෙනවා....” 

නිසංසලා එහෙම හිතාගෙනයි නැවතුණේ....

අන්තිමේ ඇල්ල ළඟ ජල විදුලි බලාගාරයක් සඳහා ඉදිකරලා අතහැරලා දාපු ටැංකියක් ගාවදි නිසංසලා මේ තරුණයො හය දෙනාගෙන් කිහිප දෙනෙකුගේම අතින් දූෂණයට ලක් වුණා... 


 එතැනිනුත් නිසංසලාව අත් නොහැරපු මේ නරුමයො ටික ඊළඟට කළේ ඒ ළඟ තිබුණු තේ වත්තකට ඇයව අරගෙන ගිහින් එක තරුණයෙක් ඇයත් එක්ක ඉන්නකොට තවත් එකෙක් ජංගම දුරකතනයෙන් ඒක වීඩියෝ කරන එක. අවසානයේ නිසංසලාට මුහුණ දෙන්න වුණු මේ සියලුම සිදුවීම් එක පෙළට චිත්‍රපටයක් වගේ ජංගම දුරකතනයේ වීඩියෝ වෙලා තිබුණා.

මේ විදියට තමන්ගෙ මුළු ආත්මෙම විනාශ කරපු මේ තරුණයන්ගෙන් බේරෙන්න නිසංසලා තේවත්ත දෙවනත් වෙන්න කෑගැහුවා. ඒ කෑ ගැසීම ඇහුණු තේ වත්තෙ වැඩකරපු කෙනෙක් මොරවක පොලිසියේ සැරයන් රණතුංග මහතාට මේ ගැන දුරකතන ඇමතුමකින් කියා සිටියා. 


ඒ අනුව පොලිස් ස්ථානාධිපති ආර්.ඇම්.අයි.බී. රත්නායක මහතා දැනුම්වත් කිරීමෙන් පස්සේ ඔහුගේ උපදෙස් මත පො.කො. නන්ද කුමාර (52606), පො.කො. ඩයස් (68884), කා.පො.කො. කරුණරත්න (5333) කියන නිලධාරීන් එක්ක සිද්ධිය වූ ස්ථානයට ගියා. 

පොලිසිය එනව දැකපු හතර දෙනෙක් ඒ වෙනකොටත් පැනල ගියත් නිසංසලාට කරදර කරපු තුන් දෙනෙක් සහ ඔවුන් ආපු ත්‍රීවීලරය අත්අඩංගුවට ගත්තු පොලිසිය සිද්ධියම වීඩියෝ වී තිබුණු ජංගම දුරකතනයත් අත්අඩංගුවට ගත්තා. පොලිසියට අහුවුණු මේ තුන්දෙනාම අවුරුදු 19-21 අතරෙ වයසෙ පසුවුණු තරුණයො. මේ අය ඊඳඩුකිත, රඹුකන, කොඩිකාරගොඩ පදිංචි අය කියලයි පොලිසිය කිව්වෙ.

අන්තිමේ මේ සිදුවීම් වීඩියෝ කළ 20 හැවිරිදි තරුණයා 30 වැනිදා රෑ තමන්ගේම ගෙදර මිදුලෙ තිබුණු මිල්ල ගහක ගෙල වැලලාගෙන මියගොස් සිටියා. තවත් සිද්ධියට සම්බන්ධ පාසල් සිසුවෙක් 02දා උදේ මොරවකදී අත්අඩංගුවට ගත්තා. නිසංසලාගෙ දුරකතන පෙම්වතාවයි තවත් තරුණයෙක්වයි පොලිසිය තවමත් හොයනවා.

මිස් කෝල් එකකින් සුහද වෙලා අනියම් පෙම්සුව විඳින්න ගිය නිසංසලාට අන්තිමේ වුණේ පෙම්වතාගෙ යාළුවො අතින් දූෂණය වෙලා රෝහලට යන්න. පෙම්වතාට වුණේ හැමදාමත් පොලිසියට බයේ කට්ටි පනින්න. මේ අධම වැඩේට හවුල් වුණු නරුමයො ටිකට වුණේ මේ මාසෙ 14 වැනිදා වෙනකල් හිර කූඩුවේ කූරු ගනින්න. තරුණ වයසෙ හිතට එන අදහස් ඒ විදියටම ක්‍රියාත්මක කරන්න ගියාම දවසක මේ වගේ දේවලුත් වෙනව කියලා නොහිතපු එකෙන් මේ හැමෝගෙම ජීවිත අඳුරට වැටුණා. නිසංසලාගෙ දරුවන්ටත් වුණේ සමාජයේ ගැරහුම්වලට මූණ දෙන්නම විතරයි.



මව්බිමෙන් උපුටාගැනීමක් 

www.geek.lkවෙබ් පිටුව ඇසුරෙනි.
විශේෂ ස්තූතිය. (vinode77)