ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Tuesday, February 3, 2015

පිනි මත බඹරු (15 අවසන් කොටස)

පිනි මත බඹරු අවසන් කොටස෴

මචන්. එහෙම දෙයක් නෙමෙයි බන්..

එහෙනම් කියපන්කො සජ්ජ කොහොම දෙයක්ද කියල...තෙපර බාන්නෙ නැතුව..
(මා තුල ළුූයේ දැඩි කෝපයක්)

මචන්.. ලෝචනා නැතිවෙලා..................

මොකක්...............
(පරය.. තෝ, විහිලු කරපන් විහිලු කරන්න ඕනෙ අවස්තා වල.. යකෝ, මට නැති උනත් කමක් නෑ.. ඒ වගේ මූසල කතා කියන්න එපා කාට උනත්...)

(සජ්ජගෙ කොලරයෙන් ඇදල අරන් මම කෑ ගැහුවෙ හිතට ආපු කේන්තියටමයි.. මා හට මළගෙදර නොපැමිනියට, මාව නොසලකා හැරියට පුංචි කේන්තියක් සිතේ නොතිබුනා නොවේ.. නමුදු මා අවංකවම සෙනෙහස පෑ ඈ ගැන විහිළුවට එසේ කියන්නට කිසිවෙකුටවත් අවසර නොමැත..)

මචන්, මං කියන දේ අහපන්.. මං කියන්නෙ බොරු නෙමේ...

මචන්.., උඹේ මලගෙවල් දවස් වල ලෝචනා හිටියෙ හොස්පිට්ල් එකේ..

මොකක්,( හිසට හෙනයක් වැදුනාක් මෙන් මා හට දැනෙන්නට විය..)

ඔව් බන්, ඒක දිග කතාවක්, අද උදේ ලෝචනා නැති වෙලා තියෙන්නෙ.. මටත් දැන් ආරන්චිය ආවෙ බන්..

මා හිටි දැනම බිම හිඳ ගත්තේ දෑත් දෙපා පණ නැතිවී යන්නාක් මෙන් දැනෙන්නට වූ නිසාමය..

දෑසෙන් කඳුරු වැගිරෙද්දීම සජ්ජ කතා කරන්නට විය..

මචන්,

උඹේ තාත්ත නැති උනා කියල එදා පනිවිඩේ ආපු දා අපි ආවට පස්සෙ අපිත් එක්කම ඇවිත් ලෝචනා ගෙදර ගියානෙ.. එදා ගියාට පස්සෙ ලෝචනාට ගොඩක් අමාරු වෙලා.. දවස් තුනක් හොස්පිට්ල් එකේ හිටියෙ.. උඹට අපි කීවෙ නැත්තෙ මේ ප්‍රස්න ඉවර උනාම කියන්න කියල හිතල..අපි මෙහෙ ඉන්න ගමන් ලෝචනා බලන්න ගියා ඒ දවස් තුනේම මචන්..

ඇයි බන් උඹල මට නොකීවෙ.. මොකක්ද ඒකිට තිබුනු ලෙඩේ..

මචන්.. ලෝචනා කියන්නෙ ලියුකේමියා ලෙඩෙක්(ලේ පිළිකා). ලේ දිදී තමයි මෙච්චර කල් ලෝචනාව ජීවත් කරවල තියෙන්නෙ මචන්..
ලෝචනා බලන්න ගිය වෙලාවක ලෝචනාගෙ අම්ම මං එක්ක හැමදේම කිව්ව.. උඹව හම්බුනාට පස්සෙ ඒකි ගොඩක් සතුටින් ඉඳල තියෙන්නෙ.. ඒත්, ඩොක්ටර්ස් ල කියල තියෙනව එයාව ජීවත් කරවන්න බෑ කියල..

ජීවිතේ සියල්ලම නැතිවී ගොස් මෙනි.. මුලුමනින්ම හිස් වූ මානසිකත්වයකින්, හඩා ගන්නට තරම්වත් ශක්තියක් නොමැතිව, මා හුන් තැනම හිටියා විනා, කුමක් කල යුතදැයි දෝ, කිසිත් තේරුම් ගත නොහැකි විය.

ගෙවුනු අතීතයේ සුන්දර සිදුවීම් මොහොතකට මතක් කරමින් එදින රාත්‍රියේ ලෝචනාගේ ගෙදර ගියේ දෑසෙන් වැගිරෙන කඳුලු වලට නිදහසේ කම්මුල් තෙමන්නට ඉඩ හරිමිනි..
“මේක අහල ඔයා දුක් වෙන්නෙ වත්, කලබල වෙන්නෙවත් නෑ කියන්න ලෝචන අයියෙ.. මට පොරොන්දු වෙන්න“
(මෙසේ ලෝචනා කියාගෙන ආවේ මේ කතාව නේද... මට මොහොතකින් සියල්ල වැටහෙන්නට විය..)

දෙයියනේ............... ලෝචනා..........

රෝසපැහැති කම්මුල් අද නිල්පැහැ වී ඇත... දෑස් පියවී, දෑඟිලි එකට බැඳැන් නිසලව ඈ කියා පාන්නේ අනිත්‍ය බවේ යතාර්තය නොවේද...

ඇගේ නිසල සීතල දේහය බදාන කොපමන වේලා හැඬුවදැයි මා නොදනිමි..

පුතේ... දුක් වෙලා වැඩක නෑ........... එයා ඔයාව විතරක් නෙමේ, අපි හැමෝවමත් දාල ගියා...
මගෙ සුදු දුවට මේලෝක එයාගෙ අප්පච්චියි, මායි ඇරුනම වැඩිපුරම ආදරේ කරල තියෙන්නෙ ඔයා..
මට සමා වෙන්න පුතේ.. මට හැමදේම ඔයාගෙ යාළුවො කීව.. අපි දන්නවනම් ඔයාගෙ තාත්තගෙ මල ගෙදර ඇවිත් යන්න එනව.. ඒත්, අපිත් හිටියෙ මේ ගින්දරේනෙ එවලෙත්෴

මැදි විය ඉක්මවූ ලෝචිගේම මුහුනුවර ඇති, ඈ කියාගෙන ගියේ ලෝචන ගේ හිස අතගාමිනි.. ඈ ඇගේ මව බැව් ලෝචනට හැඳින ගත හැකි විය..

ලෝචි අතීතයේ ඇගේ මව ගැන බොහෝ දේ කීවා මතකය..

“මාව හදා ගන්න ගත්ත කෙල්ලෙක්ද මන්ද අයියෙ“ විටෙක ඈ පැවසුවේ එලෙසයි..

නමුදු, ඈ වෙනුවෙන් කොපමන නම් ස්නේහයක් මොවුන්ගේ හිතු තුල තිබෙනවාද, ඈ නිසා අද කොපමන නම් මොවුන් විඳවනවාද.....

පුතේ, ඔයා විතරයි දැන් ඔයාගෙ පවුලෙ අයට ඉන්නෙ.. ඒ නිසා, දැන් මේ හැමදේම අමතක කරල, නංගිලා දෙන්නට උගන්වන්න මහන්සි වෙන්න, අම්මව රැකබලා ගන්න.. ඔයාට දැන් වගකීම් ගොඩක් තියෙනව.. තේරුනාද.. ඒව ගැන හිතල හිත හයිය කරගන්න පුතේ...
(ලෝචනා ගේ මව ඔහුව දිරිමත් කරන්නට උත්සාහ කලේ තම සෙනෙහෙබර දියනියගේ වියෝව කඳුලු මැදින් දරා ගන්නට වෙහෙසෙමිනි..)

සියල්ල සක්සුදක් සේ පැහැදිලි වෙමින් ඇත.. ඈ සිටිනා මේ තත්වය නිසා, ඈව පරිස්සම් කරන්නට ඇත...
ඈ වෙනුවෙන් මේ දෙමාපියන් බොහෝ කැපකිරීම් කරන්නට ඇත..
අවසන,
තම සෙනෙහෙබර දියනිය මරු වෙත පුදා, ඉවසා දරා ගන්නට තරම් මොවුන් පෙර ආත්මයක පව් පුරන්නට ඇත..
මමද ඒ පව් වල කොටස් කරුවෙකු නොවේද..
මගේ සිතිවිලි ඔහේ ගලා යන්නට විය..


ලෝචන යනු, දුක හුරු පුරුදු එකෙකි, නමුදු, උහුලන්නට බැරි තරම් මෙවන් දුකක් උහුලන්නේ කෙසේදැයි ඔහුද නොදනී..

“හිරු දුටු පිණි බුඳුවක්“ සේ ඔවුන් මෙලොවින් සමු ගෙන ගොස් හමාරය.. නමුදු කල යුතු බොහෝ දේ ඉතිරිව ඇත..

පිනි මත රැඳී හුන් බඹරිදු, හිරු කුමරුන්ගේ ආගමනයෙන් වාශ්ප වී යන පිනි දැක ඉවසා දරා හිඳින්නා සේ,

ලෝචන සියල්ල විඳ දරාගෙන තම ආදරණීය මෑණීයන් සහ, සොහොයුරියන් වෙනුවෙන් අභියෝග හමුවේ වුව ජීවිතයට මුහුණ දෙයි..

විඳින ජීවිතයට ආයුබෝවන් කියමින්, ගෙල වැලලාගෙන, කෝචචියට බෙල්ල තබාගෙන, වස බීගෙන මියැදෙන ආත්ම ශක්තිය හීන වූවන් අතර, ලෝචන නම් වූ විඳවන ජීවිතයට ආයුබෝවන් කියන්නට වෙර දරන යෞවනයන්, ඔබට ආදර්ශයක් වනු නොඅනුමානය..


විඳින විඳවන ජීවිතවල සුවඳ,
කැටයුම් වුවත් යුතුරු පුවරුවතුල,
දෑඟිලි වෙහෙස නොබලා,
කියන්නට වෙර දරනුයේ.
පිපෙන පරවෙන කොඳ මල්,
අවිනිශ්චිත ලෝකය කියා පාන වගත්,
සැඩ රල හමුවේ නොසැලෙන ගල් පර,
නිශ්චිත අරමුනු ශාක්ෂාත් කරන බත්,
නොවේද෴???

සමාප්තයි..!!!

රචනය:රවීන් බණ්ඩාර


ප.ලි:
මාගේ මෙම නවකතාව(කොටස් 15 කින් සමන්විත) අනුරාධපුරයේ සත්‍ය කතාවක් පාධක කරගෙන නිර්මානය වූවක් වන අතර, මෙහි සියලුම අයිතීන් කතෘ සතු වේ..
ලේකනයේ අභිවෘර්ධිය උදෙසා. ඔබගේ අව්‍යාජ අදහස් මා අගේ කොට සලකමි...

පිනි මත බඹරු (14 වන කොටස)

පිනි මත බඹරු දහ හතර වන කොටස෴

ඒත්.................................සුසුම්නාව කැඩිල... තාත්තව බේර ගන්න බැරිවෙලා මචන්..

සජ්ජ.. මචන්....

මට මුලු ලෝකෙම කඩා වැටුනා සේ දැනෙන්නට විය.. හිස ගිසනි ගන්නවාක් මෙනි.. පපුව හිර වෙන්නාක් මෙනි..

මුලු ජීවිත කාලෙ පුරාවටම වෛර කරපු., ටික දිනකට මත්තෙන් හරි හැටි තේරුම් ගත්තු, පොල්ගස් නැගල ජීවිතේ ගැට ගහපු, අපේ අහංසක තාත්ත නේද මේ දෙයියනේ...

හීනෙකින් වත් නොසිතූ විරූ ලෙස ජීවිතෙන් සමුගෙන අපවත් අතරමන් කර දමා යන්න ගියේ ඇයි තාත්තෙ...

කියා ගත නොහී සිතුවිලි සමුදායක් මැදින් මා කෙමෙන් මලානික වන්නට විය..

කාලය ගෙවී ගියහ..

දිනෙන් දින වියැකෙන මානසිකත්වයෙන් යුතුව පෙර මන් බලා හිදින්නට වූයේ තාත්තගේ නිසල දේහය නිවෙසට ගෙනෙන තුරුය..

නිවසේ ප්‍රමාණවත් තරම් ඉඩ කඩ නොවුන නිසාවෙන් ගේ ඉදිරිපස ටකරන් ටෙන්ට් එකක තාත්තගේ නිසල දේහය අවසන් ගෞරව සදහා තබා තිබිනි..
ලොකු, සිගිති සහ අම්මා යන තිදෙනාම හැඩූ කදුලින්ම තාත්තා දෙස බලා හිදී.. ඔවුන් බෙහෙවින් අප්‍රානික වී සිටී..

මීලගට කල යුත්තේ කුමක් දැයි මා නොදනී.. ගමේ මිනිසුන් එක්කාසු වී මලගමේ වැඩ කටයුත් ඉෂ්ඨ කරන්නේ මහත් උනන්දුවෙනි..

මාගේ පාසැල් මිතුරන් ටික නොහිටින්න මා හට පිස්සු හැදෙනු ඇත..

ආහ්.. ලෝච.. මචන්.. සුජා ල ඇවිත්..

(රොෂා ඇවිත් කීවෙ තාත්තගෙ නිසල දේහය අසල සිටි සුජාව පෙන්වන ගමන්..)

සුජා අසලට මා යන විට සුජා සහ පිරිස මා වට කර ගත්තෙ සැබෑම මිත්‍ර සෙනෙහයෙන් බැවි මට දැනින..

ලෝචන... අපිට ගොඩක් කණගාටුයි.. ඔයාගෙ තාත්තට උන දේට..

බලන්න සුජා.. මට මගෙ මුලු ලෝකෙම නැතිඋනා..

දුක් වෙන්න එපා ලෝචන.. ඊලගට වෙන්න තියෙන දේවල් කරන්න බලන්න.. ජීවිතේ ඔහොම තමයි ලෝචන..

කෝ ලෝචනා සුජා..

(සුජා මම ලෝචනා ගැන විමසන විටම මුහුන කෙමෙන් අදුරු විය..)

ආහ්.. එයාට පනිවිඩේ කීව.. එයා හෙට එයි.. අද එන්න විදියක් නෑ කීව.. ටිකක් සනීප නෑ කියල..

හම්..

(සුජා ඇතුලු ඇගේ යෙහෙලියන් මාගේ සිත සනසන්නට බොහෝ දේ කියන්නට ඇත.. වෙන අවස්තාවක නම් පිට කරන සෑම වචනයක් පාසා සිනහව කැටි කල ඈ, සැබෑම මිතුරියක සේ මසිත සනසන්නට දරන වෑයම අපිරිමිතය.. නමුදු, පියාගේ සෙනෙහස අහිමි, සදාතනිකවම පියා අහිමි මා, කෙලෙසනම් එවදන් හමුවේ සැනසෙන්නටද..)

කාලයත් සමග තාත්තගේ නිසල දේහයට සමු දෙන්නට සිදුවිය..

මල ගෙදර වැඩ කටයුතු හමාර විනි. සත් දින දානයට පමනක් පිරිස ඉතිරි වී අනෙක් පැමින සිටි සියල්ලන්ම වාගේ තාත්තාගේ මෘත දේහයත් සමගම නිවසෙන් පිට විනි..

“පුතේ... ලොකු එකේ.. මං දන්නව.. උඹ විතරයි මට වතුරු උගුරක් හරි දෙන්න ඉන්නෙ මගෙ කියල..“

(තාත්තගේ මෟත දේහය කර මත තබන් පය ඔසවන පියවරක් පියවරක් පාසා මාගේ මනසේ එවදන් රැව් පිලි රැව් දෙන්නට විය..)

ඔහු, නොපෙනුනවට මා හට ආදරේ කරන්නට ඇත..

කුමක් හෝ හේතුවක් නිසා, බීමට ඇබ්බැහු වුවද, ඔහු, සිය දරුවන්ගේ යුතුකම් යම් ප්‍රමානයකින් හෝ ඉටු කල සල්ලාලයෙකුයැයි කිව නොහැකි, පොල් කැඩුවත්, අවිහිංසක වැදගත් හදවතක් හිමි අව්‍යාජ පියකු බැවි, මා හට නොබියව ඕනෑම තැනක ප්‍රකාශ කල හැක..

මචන් ලෝච.. සජ්ජ දුවගෙන ආවේ කනත්තට ගොස් පැමින මා නිවසට ගොඩ වෙන්නටත් ප්‍රතමයෙනි...

ඇයි බන් සජ්ජ..

(සජ්ජ හිටියෙ ගොඩක් කලබල වෙලා..)

මචන් මේ... මේ..

මොකද බන්.. තටමන්නෙ නැතිව කියපන්.. තවත් සිද්ද වෙන්න දෙයක් නෑනෙ බන්..

ඇත්තටම තව මොනව නම් සිද්ද වෙන්නද.

සිද්ද විය යුතු සිය්ල සිදුවී හමාරය..
ආදරණීය පියානන් සදහටම සමුගෙන ගොසිනි..
ඒ නිකන් නොව, පවුලේ බර එහෙම් පිටින්ම වගකීම් රාශියක්ද සමගින් මා පිට පටවමිනි.
හරිහමන් රැකියාවක්වත් නොමැති මා කෙසේ නම් පවුලේ බර උසුලන්නද. එසේ කියා අම්මාට ම දුක් විඳින්නට තව දුරටත් ඉඩ හල නොහැකිය.
එහෙයින් කල යුතු දේ බොහොමයක් මා හට ඉතිරි වී ඇත.
තව සිදුවන්නට කියා මහා බයානක යැයි කිසිත් මා හට තේරෙන පරිදි නොමැත.෴.

මචන් ලෝචනා................... (සජ්ජ ගොත ගසන්නට විය..)

ඇයි බන් කියපන්.. මළගෙදරටවත් ආවෙ නෑනෙ.. උවමනාවක් තියෙනව නම් එන්න තිබුනනෙ බන් එයාට. මහ ලොකු ආදරේ... කියපන් බන්.. මොකද.. වෙන එකෙක් එක්ක ඉන්නව වත් දැක්කද෴?

(ඇත්තටම මා තුල තිබුනේ කේන්තියකට වඩා දැඩි කලකිරීමකි....)
සජ්ජ ඇස් ලොකු කරන් මා දෙස බලා සිටියේ මා සජ්ජාගේ සිත කියවූවක් මෙන් යැයි මට හැඟිනි..

නමුදු ඔහුගේ ප්‍රතිරූපය ක්‍රමයෙන් වෙනස් වන්නට විය..

හමුවමු,
පිනි මත බඹරු අවසන් කොටසත් සමගින්...
විඳවන සෙනෙහසේ සැබෑ පූර්වාකතනයක් සමගින්, 

තවත් සත්‍ය කතාවක නිමාව සනිටුහන් කරන්නට...

පිනි මත බඹරු (13 වන කොටස)

පිනි මත බඹරු (13 වන කොටස)

මෙතැන් සිට෴

විශේෂම දේ ඒක නෙමේ අයියෙ..

(ලෝචනා කීවෙ ගොඩාක් වෙනස් විදියට.. ඒ වචන වලින්ම මහා බැරෑරුම් දෙයක් කියන්නට යන වග සජ්ජට වගේම මටත් හොඳට තේරුනා)

කියන්න ලෝචනා.. මොකක්ද විශේෂම දේ.. ම්..

මේක අහල ඔයාල කලබල වෙන්නෙ ණෑ කියල මට පොරොන්දු වෙන්න.. ප්ලීස්..

ඇයි.. ඔය කියන්න යන්නෙ අපි කලබල වෙන දෙයක්ද ලෝචනා..?

(සජ්ජ එහෙම ඇහුවෙ කිසිවක් හිතාගන්න බැරිව මං සජ්ජ දිහා බලද්දි)

හම්........ අනේ මන්ද අයියෙ..

(සුසුමක් පිට කරමින් ලෝචනා කියන්නට තැත්කරන්නේ නම් සුලු පටු දෙයක් නොවන වග අපට හොඳන්ම තේරුම් ගියා..)

කියන්නකො බලන්න.. (මා තුල වූයේ දැඩි නොයිවසිල්ලක්)

මම, මම................ මම මේක කියන්න ඉස්සෙල්ල ඔයාගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි ලෝචන අයියෙ..

ඒ මොකක්ද නංගි..?

ඔයා දුක් වෙන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න ඒක අහල..

තෙපර බාන්නෙ නැතුව කියහන්කො බන්..(සජ්ජ කීවෙ බලන්න ඉන්න බැරිම තැන)

හරි... මං පොරොන්දු වෙන්නම්.. කියන්න.. මොකක්ද කාරණේ.. ම්..?

(ගොඩාක් ආදරෙන් මං ඒ දේ අහන්න ඇති කියල මට හිතුනෙ ලෝචනා මගෙ වචන වලට කීකරු උනු විදියෙන්..)

අයියෙ.. මෙකයි................ මං.................

එවිටම සජ්ජගෙ දුරකථනය නාද විය.. මචන් පොඩ්ඩක් හිටපන්.. රොෂා ගන්නව.. ලෝචනා.. පොඩ්ඩක් ඉන්න..

හෙලෝ රොෂා.. කියපන්..

අප්පට සිරි.. (අනෙක් පසින් කතා කල කිසිවක් අපට නෑසුනි)

උඹ සිරාද කියන්නෙ බං රොෂෝ...........

හරි බන්.. ඉඳහන්.. මම ලෝචත් එක්ක එන්නම් මේ දැන්ම..

මච්න් ලෝච.. අපි දැන්ම උඹලගෙ ගෙදර යන්න ඕනෙ.. තාත්තට සනීප නෑ කියල රොෂාට උඹලගෙ නංගි කතා කරල කියල උඹට පනිවිඩේ කියන්න කියල.. යමු ඉක්මනට.. ලෝචනා.. අපි යන්න ඕනෙ දැන්.. අපි වෙන වෙලාවක හම්බ වෙමු..

(සජ්ජ මාවත් ඇදගෙන යන්න පිටත් උනේ ලොකු හදිස්සියකින්)

ලෝචනා.. එන්න..අපිත් එක්ක යමු ටවුන් එකට යනකම්..

ඇයි අයියෙ.. ලෝචන අයියලගෙ තාත්තට මොකද...

(ලෝචි සජ්ජ ගෙන් අහනව මං අහගෙන)

ලෝචන අයියෙ.. මේ මගෙ නම්බර් එක.. තාත්තට මොකද කියල මට බලල කියන්න.. හොදද..

ලෝචනා ඇගේ දුරකතන අංකය ලියූ කඩදාස් කැබැල්ලක් මා අත තැබුවේ සැබෑ පෙම්වතියක් තම පෙම්වතා ගැන සොයා බලන ඉරියව්වෙන්..
ලෝචනාවත් ටවුන් එකට ඇරලවගෙනම අපි මගේ නිවස බලා පිටත් වූයේ දැඩි කුතුහලයකින්..

මොනව වෙලාලුද බන් තාත්තට...

උඹ කලබල වෙන්න එපා බන්.. ඒ හැටි අමාරුවක්නැතිව ඇති..

(සජ්ජගෙ ඒ වචන වල අමුත්තක් තේරුනත් මට කිසිත් සිතා ගන්නට නොහැකිවයි මා සිටියෙ..)

වසර ගානක් තිස්සෙ වැරදියට තේරුම් අරන් හිටපු අපේ තාත්ත වෙනස් උනා පමනයි.. ඇයි දෙයියනේ මේ මනුස්සය අසනීප කරන්නෙ.. මොනව වෙලා ඇද්ද.. බීමත් කම නිසා පෙනහලු, වකුගඩු වත් නරක් වෙලාවත්ද? ලොකු නංගි කතා කරල එන්න කියන්න තරම් හේතුව මොකක්ද෴

නිවස අසලට යන විට ගමේ කිහිප දෙනෙක් නිවස අවට එක් රොක් වී සිටියහ..

සිඟිති පෙරමගට දිව ආවේ මට කිසිත් සිතා ගත නොහැකිව සිටිද්දියි........

කෝ සිඟිති අම්ම.. මොකද උනේ.. කෝ තාත්ත..?

තාත්ත ගහකින් වැටිල.. ඉස්පිරිතාලෙ ගෙනිච්චලු ලොකු අයියෙ...

සිඟිති මාව බදන් අඬන්නට මාව ගොඩක් අසරණ කර ගන්න ගමන්..

මචන්.. පොඩ්ඩක් වරෙන්..

ගමේ මිනිස්සු සමග කතා කර කර උන් සජ්ජ මට කතා කලේ මට කිසිත් කර කියා ගතක නොහැකි ව අසරණ වී සිටි අවස්තාවකයි..
සිඟිති ව මෑත් කර මම සජ්ජ අසලට ගියේ කල යුත්තේ කුමක් දැයි අරමුණක් නැතිවයි..

මච්න්... කලබල වෙන්න එපා.. දැන් ලොකු නංගි කතා කලා මට හොස්පිට්ල් එකේ ඉඳන්.. රොෂා ලත් එහෙලු.. මේ කියන්න යන දේ අහල උඹ කලබල වෙන්න එපා මචන්...

තාත්ත ගහකින් වැටිල කොන්ද වැදිලලු... හොස්පිට්ල් අරන් ගියාලු හැබැයි.......

විඳින විඳවන සෙනෙහසේ සැබෑ තතු රැගෙන.
හමුවමු නැවතත්,

තවත් කොටසක් සමගින්෴

Sunday, December 21, 2014

තරුවක් හැඬුවා෴





සර්, දහම් පාසලට අළුත් ළමයෙක් ඇවිත්෴ සර් ට ලොකු හාමුදුරුවො එන්න කීව එයාව රෙජිස්ටර් කරන්න෴


දුලානි දුවගෙන අවිත් කීවෙ අවිශ්ක දහම් පාසලට ඇවිත් බයික් එකෙන් බහින්නත් කලින්෴


එවිට උසස් පෙළ හදාරා පුද්ගලික පාඨමාලාවක් හදාරමින් සිටි අවිශ්ක ධර්මාචාර්‍ය සමත් පාලි විශේෂ පාඨමාලාවක් ද හැදෑරූ දහම්පාසලේ ගුරුවරයෙකි෴ 


පාලි භාෂාව හදාරා තිබීම නිසා ඔහුට වඩා වයසින් වැඩි මහලු සහ අද්දැකීම් බහුල ගුරුවරුන් සිටියද,  දහම් පාසලේ විශේෂ සැලකිල්ලක් අවිශ්ක ට  හිමිවී තිබිනි෴


ආ... අවිශ්ක පුතා... තෙරුවණ් සරණයි..!!! මේ එනකම් බලාගෙන හිටියෙ..


තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ....!!! ඒ මොකද අපෙ හාමුදුරුවනේ...


මේ.. අළුතෙන් දරුවෙක් දහම්පාසලට සම්බන්ද වෙන්න ඇවිත් අද... අන්න විහාර මලුව පැත්තෙ ඉන්නව.. ලියාපදිංචි කරල පොත් පත්වල වැඩ ටික අහවර කරල හිටියනම්...


එහෙමයි අපෙ හාමුදුරුවනේ...


දුලානි.. පුතේ ගිහින් ඒ ළමයට එන්න කියන්නකො මෙහාට...


අවිශ්ක දහම්පාසලේ 8 ශ්‍රේණිය භාර ගුරුවරයා විදියට කටයුතු කල අතර, අවුරුදු 20ක් පමන වුවද දහම් පාසල් දරුවන්ට පුතේ කියා අමතන්න ට ඔහු අමතක නොකලේ ගරු භූමිකාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමට විය යුතුය..


ඉතා නිහතමානී මෙන්ම අව්‍යාජ චරිතයක් වුවද ඇතැම් විට දරුවන් මෙල්ල කිරීමට ගත් ඇතැම් දරදඬු ක්‍රියා මාර්ග නිසාවෙන්ම දහම්පාසලේ දරුවන් නායක හාමුදුරුවන්ට හැරුනුකොට වැඩිපුරම කීකරු වූයේ අවිශ්කටයි...


සර්... මෙයා තමයි ආවෙ අද..


දුලානි පිටුපා සිටි අවිශ්කට පැවසුවේ යම් කල්පනාවක සිටි අවිශ්කගේ සිතට මද ගැස්මක්ද ඇති කරමිනි..

ආහ්..


ආවිශ්ක ආපසු හැරෙන විට මැදි විය ඉක්මවමින් සිටි කාන්තාවක් සමග සිටි ඈ මොහොතකට අවිශ්කගේ නෙත් සිත් සසල කලහ.. 


ආ.. එන්න වාඩි වෙන්න...


අවිශ්ක දෙදෙනාටම අසල තිබු බංකුව වෙතට  ආරාධනා කලේ මද තැතිගැනීමකිනි..


ඈ සැබැවින්ම සුන්දරය.. දිගු කෙස් කලඹ, නිල්වන් ආකාර්ශණීය නෙත් යුග,  රත් පැහැ ගැන්වී තිබු රෝස පැහැති දෙකොපුල්, නා දළු වන් දෙතොල්, ඇය ළමා සාරියට අපූර්වම සිතුවමක් ගෙනහැර පෑහ...


අව්වට පිච්චී මූණ කළුවි ගොස් තිබුනු, අවල් වි ගිය හිස කෙස් වලින්, ඉතා පීඩිත ජීවිතයක් ගත කරන සේයා පෙන්වන දුක් විඳින නෙත් යුගලක් හිමි මැදි විය ඉක්මවමින් සිටි කාන්තාව අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කලේ කුඩා අවිශ්කට ගුරු ගෞරවයෙන් විය යුතුය...


මොකක්ද පුතේ නම.


සර්... සත්සරණි..


කීය වසරටද...?


8 වසරට...


8 වසරට? ඉස්කෝලෙ කීය වසරෙද෴?


අවිශ්ක නැවත ඇසුවෙ 8 ශ්‍රේණියේ ම දැයි සැක හැර දැන ගන්නට විිය යුතුය.. මන්ද, ඈ පෙනුමෙන් සාපෙළ සිසුවියකගේ තරම් විය.. නමුදු ඇගේ මුහුණුවරෙහි ලාබාල ගතියක්ද විය...


අනෙක් කරුණ නම් ඇය පැමින ඇතතේ විශ්ක ගේම පන්තියට වීම නිසාය...


ඉස්කෝලෙත් 8 වසරෙ තමයි සර්..


එවිට උත්තර දුන්නේ මැදිවියේ කාන්තාවයි..


ආහ්... මම තමයි මෙහෙ 8 පන්තිය භාරව ඉන්නෙ... මේ එතකොට සත්සරණිගෙ අම්මද෴?


ඔව් සර... ඇය පිළිතුරු දුන්නේ මදක් පැකිලෙමින් මෙනි..


ඇතැම් විට ඇය ඇග් මව සිටි විලාසය නිසා ලැජ්ජා වනවා වියත් හැකිය.. කිසිවක් ගනන් නොගෙන අවිශ්ක අව්‍යාජ සිනහවකින් ඈ හට සංග්‍රහ කල නිසා ඈගේ මදකට හෝ සංසුන් වනනට ඇත.....


අම්මෙ.. දුවව දහම්පාසලට ඇතුල් කරන්න හිතපු එක බොහොම හොඳ  දෙයක්.. මේ වෙලාවෙ ඉඳල සත්සරණි අපේ දහම්පාසලේ ශිෂ්‍යාවක්.. දැන් අපි පෙල පොත් ටිකත් දෙනව. අදින් පස්සෙ තියෙන හැම තරඟෙකටම, විශේෂ අත්සව, විභාග, සියල්ලටම සත්සරණිටත් සම්බන්ද වෙන්න පලුවන් හැකියාව අනුව. විශේෂම දේ, අපි බලාපොරොත්තු වෙනව හැමදාම දහම්පාසැල් එන එක..


නායක හාමුදුරුවන්ගේද විශේෂ අනසාසනයකින් පසු ඇගේ මව පිටවී ගිය අතර එදින සිට අවිශ්ක ගේ පන්තියේ ශිෂ්‍යාවක් ලෙස ඇය ඉගෙනුම ආරම්භ කලහ..


සති කීපයකින්ම අවිශ්කට ඈ හඳුනා ගත හැකි විය.. මනා සේ ඈව තේරුම් ගත් අවිශ්කට පැහැදිලි වූයේ, ඈ ඉගනීමට බෙහෙවින් දුර්වල බවයි..


ඇතැම් විට පන්තියේ අනේක් දරුවන්ගේ උසුලු විසුලු වලට පවා බාජනය වන තරමට ඈ අධ්‍යාපනයට දුර්වල විය..


රුවෙන් පොහොසත් ඈ හට අධ්‍යාපනයටද විශේෂ කැපකිරීමක් කලහොත් අද්‍යාපනයද දිනිය හැකි බැවි ක්‍රමයෙන් අවිශ්කට තේරුම් ගියහ..


දහම් පාසලේ ඉහලම ලකුනු මට්ටමේ සිටි අවිශ්කගේ පන්තියේ දරුවන්ට අමතර පන්ති අවශ්‍ය නොවුනි.. නමුදු, සත්සරණි නිසාම අවිශ්ක සතියට දෙවරක් සතියේ දිනවල සවස දහම්පාසලේ නොමිලේ අමතර පන්ති ආරම්භ කලහ...


සත්සරණි, පුතේ... ඉස්සෙල්ලම මට කියන්න.. ඇයි ඔයා නිතරම කල්පනා කර කර ඉන්නෙ.. මොකක්ද ප්‍රස්නෙ..?


දිනක් සත්සරණි කලින් පන්තියට පැමිනි දිනක අවිශ්ක විමසුවේ ඉතාම දයාබර ස්වරයෙනි.. ඇත්තෙන්ම මේ වන විට අවිශ්ක සත්සරණි ගේ ගුරුවරයා මෙන්ම ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුද වී සිටියේ ඈ පන්තියේ කොන් වන ඇතැම් විට ඇගේ පැත්ත ගෙන ඈව දිරිමත් කරන නිසා විය යුතුය...


සර්, මට ලැජ්ජයි කියන්න. ඒත් මම සර් ට කියන්නම්...


ඈ නෙතඟ කඳුලු පුරවාගෙන කියන්නට වෑයම් කරන්නේ මහා දුක් අඳෝනාවක් බැව් අවිශ්කට හොඳින්ම තේරුම් ගියහ...


සර්.. මගෙ තාත්ත බස් කොන්දර කෙනෙක්.. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නව.. අපි ගොඩක් දුප්පත්...

ඔයාගෙ කථාවට මම බාදා කරනව.. දැන් ඇයි ඔයා දුප්පත් කීවෙ..? ම්...

 අපිට සල්ලි නෑ සර්...


පුතේ, ඔයා හිතාගෙන ඉන්න විදිය වැරදියි... මිනිස්සුන්ගෙ දුප්පත්කම මනින්නෙ සල්ලි වලින් නෙමෙයි... 

දැනුමෙන්.. අධ්‍යාපනයෙන්.. හොඳද... මෝඩයො තමයි සල්ලි වලින් දුප්පත්කම මනින්නෙ... අද සල්ලි තියෙන මනුස්සය හෙට සල්ලි නැති වුනොත් දුප්පත් වනව කියමුකො ඔයා කියන විදියට෴ හැබැයි පුතේ අද ලබා ගත්තොත් දැනුමක් ඒක කවදාවත් කාටවත් නැති කරන්න බෑ෴ ඉතින් එහෙම බලද්දි සල්ලි වලින් දුප්පත් පෝසත් කම මනින විදිය වැරදී නේද...?


ඈ මදක් කල්පනා කරන්නට විය.. අවසානයේ දෙකොපුල් දිගේ රූරා වැටුනු කඳුලු පිස දමමින් මද සිනහවකින් යුතුව හිස වනන්නට විය...


හම්, කියන්නකො දැන්...,


ඈ අවිශ්කගේ වචනයට කීකරු වන්නට විය...


මේ වන විට අවිශ්කලාගේ කථාව දුර ඉඳන් ලොකු හාමුදුරුවන්ද ඇහුම්කම් දෙන්නට විය.. අවිශ්කට එය පෙනුනද, ලොකු හාමුදුරුවන්ට පිටුපා වාඩි වී සිටි තත්සරණි එය නොදත්හ෴


අපේ තාත්ත අපට ආදරේ නෑ.. එයා හැමදාම අම්මට බනිනව.. ගහනව.. නංගිලාටත් ගහනව... අම්ම තමයි හැමදේම කරන්නෙ. 


ඈ දිගින් දිගමට දුක් අදෝනාවක්ම කියාගෙන ගියහ.. ඒ ඇතැම් විටෙක, ඈ කුසගින්නේ සිටි අවස්තා, ඇගේ පියාගේ ගුටිබැට හමුවේ වද වේදනා විඳි අවස්තා, පවුලේ අයගෙන්, පාසැලෙන්, සමාජෙන් ගැරහුම් ලද අවස්තා, ආදී බොහෝ දේ කියවුනි...


(දෙයියනේ.. මේ කෙල්ලට ඇතතටම ආදරේ කියන දේ, රැකවරණය කියන දේ ලැබෙන්නෙ ඉතාම ල්ප විදියට නේද.. මේ විඳින තරම් දුක් විඳින අය තව කොච්චර නම් ඇත්ද ලංකාවෙ.. ඒ අතින් අපිට මොන ප්‍රස්නද?) ආදී දහසකුත් සිතුවිලි අවිශ්කගේ උණූ වූ  සිත තුලින් බුර බුරා නැගෙන්නට විය...


සත්සරණි.. මේ අහන්න.. මමත් ගොඩක් දුක් විඳපු කෙනෙක් මේ තත්වෙට එන්න.. හොඳද.. දන්නවද.. මං ඉස්සර පන්තියෙ අන්තිමය..ඒත් ඔයා පන්තියෙ කීප දෙනෙකුට හරි ඉස්සරහින් ඉන්නව. මං ඉස්කෝලෙ ගියෙ, පන්ගියෙ තනියම. ඒත්, ඔයාව එක්ක යන්න අම්මවත් ඉන්නව.. මමත් ගුටි කාපු අවස්තා තියෙනව.. බේර ගන්න කවුරුත් හිටියෙ නෑ.. ඒත් ඔයාව බේර ගන්න අම්ම හරි ඉන්නව.. අනික බලන්න.. ඔයාට නංගිලම දෙන්නෙක් ඉන්නව. කොච්චර ෂෝක්ද.? මට නංගිලත් නෑනෙ.. ඉතින් ඔයාට මට වඩා හොඳට ඉගෙන ගන්න පුලුවන් වෙන්න එපැයි.. ම්..


අවිශ්ක අවිශ්ක විඳි දුක් ගැන බොරුවක් ගොතා කීවේ ඇගේ සිත සනසන්නටය.. ඔහු එසේ දුක් විඳි එකකු නොවේ.. නමුදු සත්සරනි ඔහු වස්වාස කන්නට විය..


අද ඉඳන් හිතට ගන්න. මොන ප්‍රස්න ආවත් පාඩම් කරනව.. මොන දේ උනත් විභාග පාස් කරනව. පන්තියෙ පළමු 10 දෙනා අතර ඉන්නව.. කොහොම හරි කැම්පස් යනව.අද දුක විඳින අම්මට, අද සැර කරන තාත්තට, ඔයාගෙ චූටි නංගිලා දෙන්නට හොඳින් සලකනව. බලා ගන්නව කියල.. ඔයා බලන්නකො. ඔයා හොඳට ඉගෙන ගන්න ගත්තම තතාත්තත් හොඳ කෙනෙක් වෙනව..


අවිහ්ක නිතරම මෙවන් දේ කියන්නට විය.. ඇයව දිරි ගන්වන්නට විය.. ඇයද කෙමෙන් කෙමෙන් අධ්‍යාපනයට යොමු විය.. දිනෙන් දින පංතියේද, බාහිර වැඩ වලද, දහම් පාසලේද ඉදිරියටම එන්නට විය...


දැන් තත්සරණි හොඳට වැඩ කරනව නේද.. අවිශ්කගෙ උත්සාහය අපතෙ ගිහින් නෑ වගේ..


ඇතැම් විට ලොකු හාමුදුරුවන්ද පැවසුවේ ප්‍රශංසනීයවය...


ඈ විටක ගෙදර හෝ දුරකථන කුටියකින් අවිශ්ක ඇමතීය. හේතුවක් ඇතිව හෝ නැතිව සිදුවන, ලැබෙන සියළු අවස්තා සහ සිඳුවීම් පියකුට මෙන් අවිශ්කට කියන්නට ඈ අමතක නොකලහ..


ඇතැම්විට අවිශ්ක පියෙකුද, ගුරුවරයෙකුද, මිතුරෙකුට, නැත්නම් වෙනත් කවරෙකුද යන්න පවා ඈ හට ගැටලුවක් වන්නට ඇත..


සර් මාව බේර ගන්නෝ... දිනක් දහම් පාසැල් ඇරී ළමුන් ගිය පසු ලොකු හාමුදුරුවන්ට නමස්කාර කර නිවසට ඒමට යතුරු පැදියට නගිනවාත් සමගම සත්සරණි කෑ ගසාගෙන දිවවිත් අවිශ්කගේ ඇඟේ එල්ලුනි.. ඈ හඩමින් අවිශ්කගේ අතේ එල්ලී සිටියේ හැහෙන ගතිනි.


ඇයි ඇයි සත්සරණි.. මොකද උනේ.. ඇයි ඔයා බයවෙලා.. 


සර්.. අර අර..


පිරිමි ළමුන් දෙදෙනෙකු යතුරු පැදියක් නවතාගෙන ඈත පාරෙහි විය.. ඔවුන් ගමේම අයවලුන්ය..

ස්... මෙහා එමු පොඩ්ඩක්..


අසාධාරණයේදී යක්ෂයකු මෙන් වූ අවිශ්ක සැරෙන කතා කලේ සත්සරණීවද තිගැස්සවමිනි.. මේ වන විට ලොකු හාමුදුරුවන්ද එතනට විත්ය..


මොකක්ද ප්‍රස්නෙ මල්ලිල෴


නෑ මේ..


නෑ මේ නෙමේ.. මොකක්ද ප්‍රහ්නෙ තමුසෙලට෴


අවිශ්ක කථා කලේ ටිකක් උස මහතින් යුත් කෙනාව කොලරයෙන් අල්ලා දහම්පාසැල් ගේට්ටුවට හේතුත කරමිනි...


ඇත්ත කියපන්.. නැත්නම් කඩනව අත් කකුල්....


නැ මේ.. මේ.. අරූ තත්සරණි ට ටෝක් කරනව.. ඒකි කැමති නෑ.. අද ආවෙ අකමැතිනම් උස්සන්න..

කන හරහා වැරෙන් පහරක් එක්ක කල විශ්ක තත්සරණි පසුපස එවා යැයි කියා පෙන්වූ අනෙකා ලඟට ගියේ කේන්තියෙනි..


වෙන්නට යන්නේ කුමක්දැයි නොදත්තද, මෙවන් වෙලාවට අවිශ්ක පාලනය කිරීමට යෑම තවත් ඔහුගේ කේන්තිය ඇවිස්සිමක් බැවි ලොකු හාමුදුරුවන්  දැන උන් නිසාම නිහඩව සිදුවන දෙය දෙස විමසිල්ලෙන් බලා සිටියහ..


උඹද අනංගය.. ම්.. අහිංසක කෙල්ලෙකුට පාරෙ යන්න දෙන්නෙ නැති අනංගයා.. ඔහුටද වැරෙන් පහරක් එක්ක කල අවිශ්ක  බිම ඇද වැටුනු ඔහු නැගිට්ටුවා නැවත පහරක් ගැසීය..


මෙයාට කොල්ලෙක් නෑ කියල දන්නව අයියෙ.. ඒකයි පස්සෙන් ආවෙ...


ඔහු කෙදිරි ගාමින් පවසන්නට විය..


මොකක්.. කොල්ලෙක් නෑ.. උඹ කොහොමද එහෙම කියන්නෙ..


මං දන්නව.. එයාට කොල්ලෙක් නෑ..


අවිශ්ක සිනා සෙන්නට විය..


සිදුවන්නේ කුමක් දැයි ප්‍රෙහෙලිකාවකි..


යකෝ ගොනෝ... සත්සරණි මාත් එක්ක යාලු වෙලා ඉන්නෙ... උඹේ වැඩක් බලාගෙන පලයන්.. ආයෙ ඒ කෙල්ලට කරදර කරන්න ආවොත්෴...... මරණව.. පලයව්...


ස..සමා වෙන්න අයියෙ. අපි දැනන් හිටියෙ නෑ... අවිශ්ක ඉදිරියේ දෑත් එක්කොට සමාව අයදිමින් ඔව්න් යන්නට විය...


අඬමින් සිටි සත්සරණි දිලිසෙන නෙත් යුග අතරින් වෙනස් ම ආකාරයක සිනහවක් පෑවේ මන්දැන් අවිශ්කට නොතේරුනි.. වෙන කරන්නට යමක් නොවූ නිසා අවිශ්ක එසේ පැවසුවේ ඇගේම ආරක්ෂාවටය...

දින සති ගෙවුනි..


සත්සරණි කෙමෙන් ප්‍රමාණයටත් වඩා අවිශ්කට සමීප විය.. ඈ අවිශ්කගෙන් බොහෝ සේ සෙනෙහස බලාපොරොත්තු විය..


මිතුරියකට, සහෝදරියකට මෙන් අවිශ්ක ඈහට සලකන්නට විය..


ඈ දිනෙන් දින රුවෙන් මෙන්ම ගුණෙන්ද, දැනුමෙන්ද පෝෂණය වන්නට විය...


පුතා, මේ මං ඔයාව හම්බ වෙන්න ඔයාලගෙ ගෙදර යන ගමන්... දිනක්  මහමගදී  හමුවී සත්සරණිගේ මව පවසන්නට වූයේ අවිශ්කට කිසිත් සිතා ගැනීමටවන් නොහැකි ලෙසය..


ඇයි අම්මෙ... මොකක් හරි හදිසියක්ද...?


හදිසියක් නම් තමයි.. මං මේ පුතාගෙන් ඉල්ලන්නෙ, අම්මකෙනෙක් විදියට බුදුන්ට වඳින දෑත් එක් කරල... පිං සිද්ද වෙයි.. මගෙ කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න.. මට මගෙ කෙල්ල හිඟන්නෙකුට හරි බන්දල දෙන්න උන්ට උගන්නගන්න දෙන්න මහත්තයො.. මං කන්නෙ අඳින්නෙ නැතිව උන්ට උගන්නනනෙ..උන්ගෙ තාත්ත කිසිම දෙයක් කරන්නෙ නෑ. මමමයි පුලුවන් හැම හයියක්ම දාල මේ කෙල්ලො තුන් දෙනාට උගන්නන්නෙ.. පිං සිද්ද වෙයි.. මට පොරොන්දු වෙන්න. මගෙ කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ නවත්තනව කියල.. ඈ හඬමින් කියවන්නට විය..


අම්මෙ මේ..


අනේ මහත්තයො.. කථා එපා.. කරුනාකරල.. මං මේ මහත්තයගෙ අම්මයි තාත්තයි හම්බ වෙලා වැඳල ඉල්ලන්න යන්න ගියෙ මහත්තයලගෙ ගෙදර...


කවුද කීවෙ මෙහෙම කතාවක්...


මහත්තය මගෙ කෙල්ල පස්සෙන් කරදර කරන්න ආව කොල්ලො දෙන්නෙකුට ගැහුවලු.. කෙලීව බේර ගත්තට බුදුබව අත් වෙනව මහත්තයො.. ඒත්, මං මේ වගක් දන්නෙ ඒ කොල්ලො දෙන්න ගෙදරටම ඇවිත් කීවම.. මං පස්සෙ කෙල්ලගෙන් ඇහුවම මට හැමදෙම කීව කෙල්ල.. මං දන්නව.. කෙල්ලට නරකක් කරන්නෙ ණෑ කියල ඔයා... ඉගෙන ගන්න කීවලු.. නංගිලට අම්මලට සලකන්න කීවලු෴ මට හැමදේම කීව දරුව.. ඒත්, මට හිඟන්නෙකුට හරි බන්දල දෙන්න මට මේ කෙල්ලට උගන්න ගන්න දෙන්න.. මේ සම්බන්දෙ  නවත්තන්න පොරොන්දු වෙන්න මහත්තය... ආයෙ කෙල්ල දහම්පාසැල් එවන්නෙත් නෑ මං...


හරි හොඳයි... ඒත්........, දරුවව දහම් පාසලට එවන්න. මං ඉන්න එකනම් ප්‍රස්නෙ මම නවතින්නම්....


(අවිශ්ක එපමනක් කීය)  ඔහු සැබැවින්ම සත්සරණිට ආදරේ කරයි.. නමුදු ඒ සහෝදරියකට, සොයුරියකට, දහම්පාසලේ ගෝලයෙකුට මෙනි.. ප්‍රේමයක් ගැන ඔහු සිතාවත් නැති.. එදා එවදන් පිට කලේ ඇගේ ආරක්ෂාවටය.. නමුදු, සෙනෙහසක් සොයමින් සිටි ඈ අවිශ්ක කෙරේ සෙනෙහෙන් බැඳෙන්නට ඇත.. එම වදන් වරදවා වටහා ගන්නට ඇත..


සත්සරණි දහම්පාසැල් ගමන නැවැත්වීය.. කුමන හේතුවක් නිසා හෝ ඈ, පාරකදී මුණ ගැසුනද බිම බලාගෙනම යන්නට විය...


දින සති මාස ගෙවුනි..


සත්සරණිගේ සමු ගැන්මත් සමග අවිශ්ක මානසිකව ඇද වැටෙමින් සිටියහ..


දහම්පාසලට ආයුබෝවන් කී ඔහු ගමෙන්ද කෙමෙන් ඈත විය..


කාලයත් සමග සත්සරණි අපොස සාපෙල ලියන්නට සැරසිනි..


අවිශ්කගේ මතකයේ නිතර ලැගුම් ගත් සත්සරණිට සුභ පතන්නට ඇවැසි වුවද, අවස්ථාවක් වත් නොලැබිනි..


අපොස සාපෙල ලියන පළමු  දින අවිශ්ක විශාග ශාලාව අසලට විත්  ඈට හොරෙන් එක් වරක් ඈ දෙස බලා යන්නට ගියේ සිත් තැවුලෙනි..


නමුදු ආරන්චි වූ සැටියට ඈ අවිශ්ක කී ඔවදන් එලෙසින්ම පිලි පැද ඇති..  ඈ සාපෙලට වාඩි වන විට පන්තියේ 5 වෙනියා වි තිබේ.. ඈ දැන් රූමත් යුවතියකි.. දැකුම්කලු  ඇගෙ නෙත් යුගල වෙනදාටත් වඩා දීප්තිමත්ය..

කාලයත් සමග සාපෙල ප්‍රථිඵල පැමිනියහ.. ඈගේ ප්‍රතිපල ඈ ටත් කලින් පාසැල් දැන්වීම් පුවරුවෙන් බැලුවේ අවිශ්ක වනනට ඇත..


ඔහුගේ උත්සාහය, ඔවදන්, කැපකිරීම ගැන සියුම් සතුටක් බක්ති විඳිමින් අවිශ්ක බලා සිටියේ ඇගේ ඊලඟ තීරණය දෙසය..


අවිශ්කව අමතක වීද නොදනී. නමුදු ඈ හට අවිශ්කගේ ඔවදන් අමතක නැතුවාට සැක නැත..


ඈ වානිජ විශය දාරාවෙන් උසස්පෙළ හැදෑරීමට තීරණය කර ඇත..


ගමේ ඉස්කෝලෙන් ටවුන් එකේ ඉස්කෝලෙකට යන්න ඕනෙ ඔයා.. ඔයාට පුලුවන්.. හොඳට පාඩම් කරන්න. මං ගමේ ඉස්කෝ ලෙ ඉඳල ටවුමට ගියෙ.. ඔයාටත් පුලුවන්.. කොහොමහරි ඒ ලෙවලු පාස් වෙලා ඔයා කැම්පස් යන්න ඕනෙ.. එදාට  ඔයාට වඩා මම සතුටු වෙනව.. හොඳද෴  දිනක් අවිහ්ක ඈ හට කීවා මතකය..


ඈ එය එලෙසම ඉටු කර ඇත..


ඈ නගරෙ පාසලකට ඇතුලත් වී අද්‍යාපනය හදාරමින් සිටී...


ගමේ නගරේ දහසකුත් දෙනා, වරක් දුටුවහොත් දෙවරක් බලන්නට සිතෙන තරම් ස්භාවිකව ලස්සන ඈ පසුපස සෙනෙහස අයදිමින් දිව යන බැව් නොරහසකි. නමුදු දන්නා තරමින් ඈ ද අවිශ්ක මෙන්ම තවමත තිනකඩය..


ස්වභාවිත ලස්සන කීවේ, ඈ හට ක්‍රී ම් වර්ග පුයර වර්ග භාවිතා කරන්නට තරම් වත්කමක් නැති.. විලාසිතා කරන්නට වත්කමක් නැති.. නමුදු ඈ ස්වභාවිකවම මේකප් තට්ටු පිටින් උලන කෙල්ලන්ට වඩා දස දහස් ගුණයෙන් රූමත්ය.. එමෙන්ම ගති පැවතුම් අතින්ද ඉතා වැදගත් එකියක මෙන් බැවි අවිශ්කට දැනගන්නට ලැබී ඇත...


දින කිහිපයකට වතාවක් ඈ අවිශ්කට පාරෙන් හෝ මුණ ගැසේ.. ඇතැම විට අවිශ්ක ඈ දෙස ඈට නොහැඟෙන්නට බලා සිටී.. මූණටම මුණ ගැසුනද නන්නාදුනන එකක් දෙස මෙන් බලා අවිශ්ක පසු කර යන්නේ ඔහුගේ සිත දවා අලුකරලමිනි..


කාලය ගෙවෙමින් ඇත..


ඇය විශ්වවිද්‍යාල පුවේශය ලැබීමට අපේක්ෂා කරන බැවි මිතුරන් මගින් අවිශ්කට දැනගන්නට ලැබී ඇත..

ඉදිරියට වන්නේ කුමක්දැයි නොදනිත්,


නමුදු,


අවිශ්ක ලොවට රහසින් සත්සරණීට ආදරය කරනවා විය හැක...


දිනක සත්සරණී අවිශ්කට කතා කලහොත්,


තවත් සෙනෙහෙ කතන්දරයක සොඳුරු අවසානයක් එය වන්නට පිලිවෙන..


එනමුදු,


කතා නොකලහොත් හෝ තත්සරණී වෙනකකු වෙත ගියහොත්..,


අවිශ්කට කුමක් වේවිද෴

(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
 රචනය: රවීන් බණ්ඩාර

Wednesday, November 12, 2014

සමනළ දඩයම - අවසන් කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- අවසන් කොටස - 

 
නිසල රාත්‍රීයේ නිහැඩියාව බිඳින්නට සමත්වූයේ ඉඳහිට සෑම්ගේ නිවස පසුකර ගිය මෝටරථයක් නඟන හඬ පමණි.සෑම් රිවෝල්වරය කරකවමින් කාමරයේ ඒ මේ අත ඇවිද්දේය. ජෙසිකා බොහෝවේලාවක් තිස්සේ. සෑම්ගේ පොත් රාක්කය පිරික්සමින් සිටියේය.කවුළුව තුළින් සීතළ සුළං ඇදීආවේය.කාමරයේ විදුලි පහන යට කැරකෙන කෘමියෙක්ට කුරුමානම් අල්ලමින් සෑම්ගේ සුරතළ් බල්ලා ඒ මේ අත පනිමින් ඳැඟලුවේය.
අවසානයේ ඌ උඩපැන කෘමියාව ඩැහැගත්‍තේය.එහෙත් දැඩි හඬක් නංවමින් ඌ බිම පතිතවිය.සෑම් ඌව පරීක්ෂාකලේය.මොහොතකින් සුරත්ලා කටින් පෙණ එළියට දමමින් ඳඟ්ළා මියගියේය.
- දෙයියනේ ..ජෙසිකා ඉක්මන්කරන්න.. !
සැම් කෑගස්මින් නිවසින් එළියට පැන අඳුරු විදිය දිගේ දිවගියේය. වීදිය කෙළවර සිට කිසිවකු ඔහුට වෙඩිතැබීය.ජෙසිකා පැමිණෙන විට සෑම්ගේ වෙඩිපහරින් මහාචාර්ය මොරේසියස් බිමවැටීසිටියේය.
* * *
තුවාළ ලබාසිටි මොරේසියස් රෝහලට ඇතුළත් කරනලදී.දින දෙකකට පසු ඔහු ප්‍රකෘති සිහිය ලැබූවේය. පසුව ඔහුවිසින් අපරාධය සම්බන්ධයෙන් පාපොච්චාරණය කරනලදී.
- ෆ්‍රොයිඩ් මට හිටිය හොඳම යාළුවා. මයිකල් ඔහුගේ සේවකයෙක්. ඒත් මයිකල් ප්‍රොයිගෙ මුදල් වංචාකරා.මයිකල්ව මරාදැමුවොත් විශාල මුදලක් දෙන්න ප්‍රොයිඩ් පොරොන්දුවුනා.ඒත් පස්සේ මුදල් ඉල්ලද්දි ඔහු ළඟ මුදල් නැතිබව කිව්වා. දවසක් රෑ මං ප්‍රොයිඩ්ගේ නිවසට ගිහින් මුදල් ඉල්ලලා ඔහුට කරදර කලා.එදා රාත්‍රියේම ඔහු වෙඩිතබාගෙන මියගොස්සිටියා. පස්සේ ඔහුගේ ලිපිගොනු අවුස්සලා බලපුහාම තමයි දැක්කේ.ඔහු ළඟ ඇත්ත්ටම මුදල් තිබුණේ නැහැ කියලා.මයිකල්ගෙ මරණයට රහස්පරීක්ෂක සෑම් මාව සැක කරන බව මට හොඳින්ම පැහැදිලිවුනා.ඒකයි ඔහුව මරාදමන්න සැලසුම් කලේ.
ප්‍රොයිඩ් සහ මම මුළින් විනෝදාංශයක් විදිහට තමයි කෘමීන්ව ඇල්ලුවේ.ප්‍රොයිඩ් ළඟ ලොකු කෘමි එකතුවක් තිබුණා. අපි නිතරම කෘමින් ගැන තොරතුරු හෙව්වා .අන්තිමට මගේ දැනුම පාවිච්චිකරලා විශේෂ කෘමියෙක් නිර්මාණය කලා.මී මැස්සෙකුට වඩා දෙගුණයක් පුංචියි.ඇහැට නොපෙනන තරම් පුංචි පරිපථයකින් ඔවුන් කියාත්මක වෙන්නේ.අව්ශ්‍ය දේට ප්‍රෝග්‍රෑම්කරලා ඔවුන්ව මුදාහරින්න විතරයි තියෙන්නේ. ඔවුන්ගේ ශරීරයේ සයනයිඩ් පොඩිප්‍රමාණයක් ගබඩාකරලා අරන්යන්න පුළුවන්.මයිකල් සිරකුටියෙදි මියගියේ ඒ කෘමියෙකුගේ පහරදීමක් නිසා.

- අවසානයි - 

රචනය: සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi

සමනළ දඩයම - හයවැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව )
- හයවැනි කොටස -



සෑම් සහ ජෙසිකා , ෆ්‍රොයිඩ්ගේ නිවසින් පිටතට පැමිණෙනවිටම වාගේ මහාචාර්ය මොරේසියස්ද එතනට පැමිණියේය. සෑම් ඔහු ඇමතුවේය.
- සුබ උදෑසනක් ප්‍රොෆෙසර් මොරේසියස්. මෙහෙදී ඔබව හමුවීම සතුටක්.
- සුබ උදෑසනක් ඔබටත්. ඒත් ඔබට වැරදීමක් වෙලා වගෙයි.
- නැහැ, මංනම් එහෙම හිතන්නැහැ.මම ඩියුක් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ප්‍රොෆෙසර්ව නිතර දැකලා තියෙයි. කමක් නැහැ, මම සෑම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.මේ මගේ සහයිකාව ජෙසිකා පාකර්
- හ්ම්ම්.. එහෙනම් ඔබ මාව හඳුනාගත්තා. කොහොමවුනත් හමුවීම සතුටක්.
ප්‍රොෆෙසර් මොරේසියස් ඔවුන් දෙදේනාටම අතට අතදී පිළිගත්තේය.
- හැබෑටම ප්‍රොෆෙසර් මේවගේ පිටිසර පළාතක ඔබ මොනවද කරන්නේ.
- මං දැන් පරීක්ෂණවලින් ඉවත්වෙලා.මෙහෙට වෙලා විවේකයෙන් ඉන්නවා.මේ දැනුත් සමනළ්ලු අල්ලන්න යනගමන්. ඒක හරිම විනෝදජනක වැඩක්.
ප්‍රොෆෙසර් තමන් අත තිබූ කෲමීන් ඇල්ලීමට යොදාගන්නා දැලක් පෙන්විය.
- බොහොම හොඳයි ප්‍රොෆෙසර්.අපි දැන් පිටත්විය යුතුයි.ඔබ නගරය පැත්තේ ආවොත් එන්න,උද්‍යානයට යනමාවතේ දෙවනියට හමුවෙන්නේ අපේ නවාතැන.
- හොඳයි දරුවා.. මං නගරයට ආවොත් නොවරදවාම එන්නම්. සුබගමන්.!
* * *
-සෑම් ඒකියන්නේ ඔබ ඔහුව විශ්වවිද්‍යාලයේ ඉන්නකාලේ ඉඳන් හ්ඳුනනවා.
ජෙසිකා මෝටරථයට ගොඩවනවිට සෑම්ගෙන් විමසීය.
- නැහැ. මං ඩියුක් විශ්වවිද්‍යාලයේ පැත්තෙවත් ගිහිල්ලා නැහැ. මිනිහව මුළ්වරට සජීවීව දැක්කේ අදයි.
නමුත් මං මිනිහා ගැන අහළා තිබුණා.පුවත්පත්වල දැකලා තිබුණා.කොහොමද මගේ අනුමාන කිරීම හරියටම හරිගියා.
- ඇත්තටම විශිෂ්ටයි සෑම්.
- ජෙසිකා ඒ මිනිහා කියපු හැමදේම බොරු.
ඔයා දන්නවද මිනිහා නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජේෂ්ඨම මහාචාර්යවරයෙක් ඒත් රජයේ මුදල් බිලියන ගානක් යටකරලා ඔහු කරපු පරීක්ෂණ දිගටම අසාර්ථක වුනා .අන්තිමට ඩියුක් විශ්වවිද්‍යාලයෙන් ඔහුව ඉවත්කරලා දැම්මා.ඊට පස්සේ වසර ගනනක් මිනිහා ගැන කිසිම තොරතුරක් වාර්තාවුනේ නැහැ.
මං අහලා තියන විදිහට මොරේසියස් කියන්නේ කවදාවත් පරීක්ෂණයක් අතරමග නවත්වන කෙනෙක් නෙවෙයි. ඔහු මෙහි විවේකයෙන් ඉන්නවා කියන එක බොරු.ඔහු සමනළ්ලු අල්ලන්නේ මොකක් හරි විශේෂ දෙයකට. අනිත් එක මොරේසියස් කවදාවත් කිසිම කෙනෙක් එක්ක වචනයක් කතාකරන සුහදශීලී කෙනෙක් නෙවෙයි.
ඔහු අපිත් එක්ක කතාකර්පු විදිහ මේ අපරාධ එක්ක මිනිහගේ තියෙන සම්බන්ධය හොඳින්ම පෙන්වනවා.නමුත් මිනිහා මියගිය ෆ්‍රොයිඩ්ගේ හොඳම මිත්‍රයෙක්.
- ඉතින් සෑම් ඇයි ඔහුත් සමග ෆ්‍රොයිඩ්ගෙ මරණය ගැන කිසිමදෙයක් කතානොකලේ. ඔහුට විරුද්ධව අපි ළඟ කිසිම සාක්ෂියක් ඇත්තෙත් නැහැ නේද ?. ඔහුගේ නිවස පරීක්ෂාකරානම් ගොඩක් සාක්ෂි හොයාගන්න පුළුවන්වේවි.
- ජෙසිකා , මොරේසියස් කියන්නේ ඇමරිකාවේ ඉන්න සූක්ෂ්ම බුද්ධියක් තියන කිහිපදෙනාගෙන් කෙනෙක්. ඔහුගෙ නිවස පරීක්ෂාකරත් ලොකු සාක්ෂියක් ලැබෙයිකියලා හිතන්න බැහැ. ඔහු පැහැදිලිවම දන්නවා අපේ ප්‍රධාන සැකකාරයා ඔහු කියලා.
- එහෙමනම් මොකක්ද ඔබේ සැලැස්ම.
- මං දැල එළලා ඉවරයි ජෙසිකා.මං ඔහුට මගේ නවාතැන තියන තැන විතරයි කිව්වේ. අපිට වැඩිය මහන්සිවෙන්න දෙයක් නැහැ.අද රාත්‍රියේ ඔහු නිසැකවම සාක්ෂිත් අරන්ම මහේ නිවසට එනවා.
ඔයත් හවසට මගේ නවාතැනට එන්න. ඉතුරු වුන විස්ක් බෝතලේකුත් තියෙයි..

- මතුසම්බන්ධයි -

රචනය:සෝරෝ෴
https://www.facebook.com/crucezorro?fref=ufi