ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Saturday, November 8, 2014

පණ පිටින් සිටි දරුවා දන් දුන් බෝසත් මව් පියෝ෴

 (සංවේදී අය කියවීමෙන් වලකින්න)
 
මොළේ මැරිල ඇඟ පණ තියෙන දුවගෙ හදවත-වකුගඩු-අක්මාව දන් දුන්නු උත්තම අම්මයි බෝසත් තාත්තයි.


චූටි මල්ලි... මට ලේන්සුව ගෙනත් දෙන්නකෝ පැටියෝ... පන්ති යන්න කියලා මඟක් දුරට ගියපු මගේ දරුවා ආයෙත් හැරිලා ඇවිත් මල්ලිට කියලා ලේන්සුව ගෙන්නව ගත්තා. ඊට පස්සෙ මගේ දුව වචනයක්වත් කතා කළේ නැහැ. අනේ... තව තත්පරයකින්, දෙකකින්... තුනකින්... 

මගේ දුව කතා කරයිද? ඇස් දෙක ඇරලාවත් බලයිද? මගේ දුවගේ එක අතක් ඇඹරිලා ගිහින් තිබුණේ. මං කොහොමද විශ්වාස කරන්නේ මගේ දරුවා ආයේ කවදාවත්ම ඇස් ඇරලා බලන්නේ නෑ කියලා.

එයා අදවත් මගේ දිහා බලයි. මගේ රත්තරන් දුව තවමත් ඇස් පියාගෙන. මේ ‍ෙදාස්තර මහත්තයලා කියනවා මගේ පුතාගේ මොළය මැරිලා කියලා. අනේ මං කොහොමද විශ්වාස කරන්නේ මගේ පුතේ. 

ඉස්පිරිතාලේ ‍ෙදාස්තරලා, මිසීලා සේරම බලන් ඉන්නේ මම දරුවාගේ අක්මාව ඉවත් කරන්න කැමැත්ත දෙනකල්.

මම මගේ දරුවගේ ඇඟට දාලා තිබුණ ෂීට් එක පොඩ්ඩක් අෑත් කරලා බැලුවා. දරුවගේ කකුල් දෙක හොඳටම නිල්පාට වෙලා. ඉදිමිලා. මං පුතාගේ අම්මා. ඒත් පුතේ මගේ හිත කියනවා ඔයාව ජීවත් කරවන්න බෑ කියලා. මං මගේ අහිංසක දරුවගේ කන ළඟට නැමුණා. අනේ... අවුරුදු 17ක් තිස්සේ මගේ තුරුල්ලේ උණුසුම් වුණ දරුවට අද මගේ උණුසුමවත් දැනුණේ නෑ. මං හිත ගලක් කරගත්තා. මං මගේ රත්තරන් දරුවගේ කන ළඟට ළංවෙලා මේ ලෝකේ ඉන්න කිසිම අම්මා කෙනෙක්ට කියන්න බැරි භයානකම වචන ටික මගේ දරුවට කිව්වා.

"අනේ පුතේ... ඔයා ඉන්න එපා. ඔයා යන්න. තේරුමක් නෑ. මම කොහොම හරි හිත හදාගන්නම්. මම කොහොමහරි අමතක කරන්නම් ඔයා යන්න මගෙ රත්තරන් පුතේ"

අන්තිමේදී මගේ දරුවගේ හුස්ම ටික ඩිංග ඩිංග ඉහළ පහළ වැටෙද්දිම මම දරුවගේ අක්මාව ඉවත් කරගන්න වෛද්‍යවරුන්ට අවසර දුන්නා.


පහුගිය 24 වැනිදා හවස 7.40ට විතර දෙපානම අරලිය උයන හන්දියේ කහ ඉර මතදී මේ පුංචි සමනලියගේ සියලු සංවේදනයන් අහිමි විය. අෑ අවසන් වතාවට මිමිණූ­ එකම වචනය ඇගේ තාත්තාගේ නමයි. ඉන්පසු අෑ අගහිඟකම් පිරුණු පුංචි ගෙදර චූටි මල්ලිත් ලොකු මල්ලිත් අම්මාත් තාත්තාත් අතහැර කවුරුත් නොදන්නා ලෝකයකට ගියාය. ඇගේ සිත කොයි ගියාදැයි කිසිවකුත් දැන නොසිටියත් කොයි මොහොතේ හෝ ඒ පුංචි හිත අෑ ළඟට යළිත් පැමිණේවියි කියා බොහෝ දෙනෙක් මඟ බලා සිටියහ.

"අම්මේ... මම කියන දේ තේරුම් ගන්න. මේ දරුවව ජීවත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ 5%යි. මේ දරුවගේ මොළය මැරිලා. බැරිවෙලා හරි සිහිය ආවත් කිසිම හැඟීමක් දැනීමක් නැතිව තමයි ජීවත්වෙන්න සිද්ධවෙන්නේ. අම්මාට දරුවා ජීවතුන් අතර කියලා දැනෙන මහා පුණ්‍යකර්මයක් කරගන්න පුළුවන් දරුවගේ අවයව පරිත්‍යාග කළොත්. බැරිවෙලා හරි මැෂින් වැඩ කරද්දිම දරුවා මියගියොත් අක්මාව ගන්න බෑ."

ආදරණීය අම්මකුට තමන්ගෙ දරුවාගේ අවසන් ගමන ඉක්මන් කළ යුතු බව පැහැදිලි කිරීමේ අතිශය සංවේදී වෑයම වෛද්‍යවරයා තවදුරටත් අත නොහැරියේය. මේ දරුවාගේ අන්තිම හුස්ම ඇබින්දෙන් ජීවය ලබන්නට මේ රෝහලේම තවත් කෙළවරක පණ ගැහෙන ප්‍රාණියෙක් බලාපොරොත්තු සහගතව පසුවෙයි. තව කෙනකුට ජීවය ලබාදී මරණය වැලඳගැනීමට සූදානමින් පුංචි දියණිය තවමත් නිසොල්මනේය.

"ඇත්තටම මොළේ මැරෙනවා කියන එක ගැන මටවත් මහත්තයාටවත් කිසිම අවබෝධයක් තිබුණේ නෑ. මොළේ මැරිලා කිව්වත් අපි හිතුවේ කොයි මොහොතේ හරි දරුවා නැඟිටියි කියලා. අපි දෙන්නා උදේ පාන්දර 5.00ට බුදු පහන තියලා ඉස්පිරිතාලෙට දුවන්නේ අද නම් දරුවට ගුණ ඇති කියලා හිතාගෙන. දවස් එකහමාරක් විතර යනකල් මටයි මහත්තයාටයි දරුවගේ මොළේ මැරිලා කියන කතාව තේරුම් ගන්න බැරිව හිටියා. ‍ෙදාස්තර මහත්තයා තමයි ඒ අවාසනාවන්ත ඇත්ත තේරුම් කරලා දුන්නේ. ඒත් මොන අම්මාටද කියන්න පුළුවන් තමන්ගේ දරුවා ජීවත්වුණා ඇති කියලා..."

මේ ලෝකේ සිටින කිසිම අම්මා කෙනකුට සිහිනයකින්වත් දකින්න බැරි ඒ භයානක ඇත්තට මුහුණ දෙන්නට ගයනි විශාකා ලියනගේ දියණියගේ අම්මාට සිදු විය. අක්මා ආබාධයකින් පෙළෙන 21 හැවිරිදි තරුණියගේ ජීවිතයද එන්න එන්නම දැඩි අවදානමට ලක්වෙද්දී වෛද්‍යවරයා අම්මාගෙත් තාත්තාගේත් හිත හදන්නට යළි යළිත් උත්සාහ ගත්තේය.

රෝද තුනේ වාහනය කැරකෙන තරමට දරුවන්ට හොඳින් උගන්වන්නත් බඩකට පිරෙන්න කන්න දෙන්නත් මැළි නොවූ විශාඛා දියණියගේ තාත්තා දාහත් වසරක දුක් මහන්සියේ ප්‍රතිඵලය දෙස කඳුළු පිරුණු දෑසින් බලා සිටියේය. ගෙවල් ‍ෙදාරවල් ඉඩකඩම්, බඩුමුට්ටු කිසිවක්ම නොවූ විශාකාගේ මවුපියන්ට සිටිය එකම සම්පත ඔවුන්ගේ දරු දෙදෙනාය. අවුරුදු 17ක් තිස්සේ සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණත් බෙහෙත් අරගෙන දී මලක් සේ දැඩි කළ එකම දියණිය දැන් ජීවත්වුණා හොඳටම ඇති කියා තීරණය කරන්නට විශාකාගේ ආදරණීය තාත්තා හිත හදාගත්තේය. ඔහු විශාකාගේ අම්මාගේ වේදනාවෙන් බරිත හදවත අස්වැසුවේය.

"අපිට දුව නැතිවෙලා නෑනේ. දුවගේ හැම අවයවයක්ම තව කෙනෙක්ව ජීවත් කරනවනේ. මේ, වෙලා තියෙන ඇක්සිඩන්ට් එකේ හැටියට කරන්න තියෙන හොඳම දේ... අපි මේකට කැමැති වෙමු. දරුවටත් හොඳ තැනකට යන්න ඒ පින්කම උපකාරයක් වේවි..."

මොළය මියැදුණු මුත් පණ ගැහෙන පුංචි දියණිය දෙස මේ ලෝකයේ සිටින ආදරණීයම තාත්තා තව වරක් බැලුවේය. ඒ කතා කළේ තමන්මදැයි යළි යළිත් සිතුවේය. මොළයත් හදවතත් සියල්ල අක්‍රිය වී ක්ෂණයකට මුළු ලෝකයම එක තැන නතර වූයේය.

තවමත් ඒ දෑඟිලි සුමටය. තවමත් ඒ කොපුළත උණුසුම්ය. තවමත් ඒ ළපටි හදවත ලබ් ඩබ් හඬ නඟන්නේය. ඒත් අවසානයේ දරුවා ජීවතුන් අතර සිටියදීම ඇයගේ සියයට සියයක්ම නිරෝගී සියලු අවයව සිරුරින් ඉවත් කරගන්නට ඒ බෝසත් අම්මාත් තාත්තාත් අවසර දුන්නේය.
"අපි ඒ තීරණය දීලා කෙළින්ම ආවේ පන්සලට. දරුවගේ ඉස්කෝලෙ යාළුවෝ, ගුරුවරු, ගමේ හිතවත් අය, ඥාතීන් හැමෝම පන්සලට ඇවිත් හිටියේ. හරියටම රෑ 10.30ට මගේ රත්තරන් දරුවගේ හුස්ම ටික රඳවගෙන හිටපු මැෂින් ගලවනවා. තව මිනිත්තුවයි... තත්පර තිහයි.... 

අපි ‍ෙදාහොත් මුදුන් දීලා ලොව්තුරා බුදුන්ට වැන්දා. මගේ අහිංසක දරුවා ලෝකේ කොහේ හරි තැනක පින්වන්ත දරුවෙක් වෙලා ඉපදෙන්න... බෝධි පූජාව පටන් ගනිද්දි මගේ දූ තවත් දුවකුට මේ ලෝකේ දකින්න එයාගේ වකුගඩු, අක්මාව, ඇස්... තව බොහෝ දේ පරිත්‍යාග කළා."

බෝධිසත්වයන් ලොව්තුරා බුදු බව පතා එක් එක් භවයන්හිදී ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් බව අපි අසා ඇත්තෙමු. පුංචි විශාකා දියණියද ජීවතුන් අතර සිටියදීම අක්මාව, හෘදය වස්තුව, වකුගඩු, ඇස් ආදී තව බොහෝ ඉන්ද්‍රියයන් දන්දී මතු බුදුවන පෙරුමන් පිරුවාය.


"ඒක හරිම හාස්කමක් වගේ. මගේ දරුවගේ අක්මාව අර දරුණු අක්මා රෝගයෙන් පෙළුණ දරුවට සියයට සියයක්ම ගැළපුණා. ඒ අයත් හරිම දුප්පත් මිනිස්සු. මේ රෝගය නිසාම හුඟක් අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. මගේ දරුවගේ වාසනාවට ඒ දරුවා දැන් ජීවත් වෙනවා. දරුවගේ අනෙක් අවයවත් මේ විදියටම කාට හරි ජීවත් වෙන්න උපකාරී වේවි. ‍ෙදාස්තර මහත්තයා කිව්වා අම්මේ... ඔයාගේ දරුවාගේ මොළය විතරයි මැරිලා තියෙන්නේ. අනිත් හැම අවයවයක්ම සියයට සියයක්ම නිරෝගීයි කියලා. මගේ පින්වන්ත දරුවා ජීවතුන් අතර ඉඳගෙනම මේ වගේ දානයක් කරගත්තා. මගේ දරුවා තව හුඟ දෙනෙක්ට ජීවිතය දුන්නා. දරුවා මියගියත් මගේ දරුවගේ අවයව මේ රටේ කොහේ හෝ තැනක දරුවෙක්ව ජීවත් කරනවා. මායි මහත්තයායි හිත හදාගන්න උත්සාහ ගන්නේ මෙහෙමයි."

ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඒ ඇඳුම පිටින්ම පැය දෙකක් විතර දවසේ විස්තර කිචි බිචි ගගා කිරිල්ලියක් වගේ කියවපු, චූටි මල්ලිව හුරතල් කරපු, හැරෙන්නවත් ඉඩ නැති ගේ පොඩ්ඩ ලොකු ගෙයක් කරගන්න හීන දැකපු, වාණිජ විෂයෙන් ඒ 3ක් අරගෙන රස්සාවක් කරලා මල්ලිලාට උගන්වන්න ප්‍රාර්ථනා කරපු, අගහිඟකම් ඉවසගෙන හුඟාක් දුර යන්න හිතපු, දීපිකාගේත්, චන්නගේත් වැඩිමල්ම දියණිය නොහිතපු වෙලාවක නොහිතපු දුකක් දී මරු තුරුලට ගියාය. ඇගේ මරණයට වගකිවයුතු නොසැලකිලිමත් රියැදුරු සුගතදාස ක්‍රීඩාංගණයේ සභාපතිවරයා තවමත් උසාවි නියෝගය මත රැඳවුම් භාරයේය.

"පසුගිය නඩු වාරයකදී අපේ පැත්තෙන් එක ලෝයර් කෙනයි හිටියේ. අනෙක් පැත්තට ලෝයර්ස්ලා පස්දෙනෙක් හිටියා. පස්සේ දරුවගේ යාළුවෝ, වෛද්‍යවරයා, හිතවත් අය මැදිහත් වෙලා අපිටත් ලෝයර්ස්ලා හතර දෙනෙක් කතා කරලා දුන්නා. උසාවියේදී මගේ දරුවා හප්පපු කෙනාගේ පුතා මගේ ළඟට ඇවිත් සමාවෙන්න කියලා කිව්වා. මට ඒ වෙලාවේ හයියෙන් ඇඬුණා. පුතේ ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ මගේ දරුවගේ මරණයට ඔයාගේ තාත්තා යන්තම් හරි සැලකිලිමත් වුණා නම් අද මගේ දරුවා අතක් පයක් කැඩිලා හරි ජීවත් වෙනවා කියලා මම කිව්වා. මගේ දිහා ඒ වෙලාවේ උසාවියේ හිටපු ලෝයර්ස්ලා හැමෝම බැලුවා. කවදාවත්ම දැකලා නැති ලෝයර්ස්ලා ගොඩක් මගේ ළඟට ආවා. 

අනෙක් පාර්ශ්වයේ ලෝයර්ස්ලාගෙන් එයාලා ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. එයාලා කිව්වා දරුවගේ අභිවෘද්ධියට කටයුතු කරනවා කියලා. ඊට පස්සේ අර සේරම කෑගහලා ඇහුවා දරුවගේ අභිවෘද්ධිය බලන්නේ සොහොනක් හදල දීලාද කියලා... ලෝයර්ස්ලා අර පුද්ගලයාට එදා ඇප ලබාගන්න ඉඩ දුන්නේ නෑ. පසුගිය 12 වැනිදා ගංගොඩවිල උසාවියේදී ආයෙත් නඩුව කතා කළා. එතැනදි මේ අපරාධය කරපු කෙනාට ඇප ලැබුණා. මගේ දරුවාගේ ජීවිතයට වන්දිය විදියට ලැබුණෙ රුපියල් ලක්ෂයයි. ඇප මත වුණත් මගේ දරුවා මරපු කෙනා දැන් නිදහස්. 

ඊයෙ තමයි දරුවාගේ 17 වැනි උපන් දිනය තිබුණෙ අපි ඒ ලක්ෂයෙන් දරුවා සිහිකරලා වජිර ළමා නිවාසෙට දානයක් දුන්නා. නඩුව ආයෙත් ජනවාරි 13ට කල්ගියා. අපිට දැන් අපේ දරුවත් නෑ, උසාවි ගාණෙත් රස්තියාදු වෙන්න වෙලා. රටක් වටින මගේ දරුවාගෙ වටිනාකම උසාවියෙදි ලක්ෂයයි. ඔන්න ඕකයි නීතිය."

පුංචි විශාකා දියණිය සිහින මැව්වේ හැරෙන්නවත් ඉඩ නැති නිවෙස හදාගන්නය. දැන් මේ පවුල සිටි තැනිනුත් පහළට වැටී ඇත. මේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආධාර මුදලක් හෝ ලැබී නැත. ලබන නඩු වාරයේදී අපරාධකරුවාද ඇප මත නිදහස් වූ පසු මේ දියණියගේ කතාවත් අතීතයට එකතු වීමට ඉඩ ඇත. සම්මානනීය රංගන ශිල්පීන්ටත් නිවෙස් පරිත්‍යාග කරන අපට මේ පුංචි දියණියගේ ප්‍රාර්ථනය සඵල කරදීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත. මේ දරුවා මියගියේ තව ජීවිත බොහොමයක් ජීවත් කරවමින් බවද සිහි තබාගෙන අප මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව හොබවන මැති ඇමැතිවරුන්ගෙන් සහ ජනාධිපතිතුමන්ගෙන්ද කාරුණික ආයාචනයක් කරමු. නොසැලකිලිමත් රියැදුරකුගේ වරදින් ජීවිතය අහිමි වූ නමුදු ජීවිත රැසක් ජීවත් කළ විශාකා ලියනගේ දියණියගේ පරිත්‍යාගශිලී මවුපියන් දෙස තව එක්වරක් බලන්න.

වාසනා සුරංගිකා විතානගේ
ඡායාරූප-නුවන් අමරවංශ

(උපුටා ගැනීමකි)
www.facebook.com/SinhalaBuddhist
 

Friday, October 31, 2014

සිහිනයක් වූ ප්‍රේමයක් ෴2





Oya kohenda? Mam kemathi oyawa aduna ganna.. Plz..

එදා ඔහු සංජලාවන්ට එසේ කෙටි පණිවිඩයක් එවා තිබිනි. 

Mama Mathara.

ඇය ගාලු පුරවරයේ වුවද ඇයට මොහුට ඇත්ත කීමට තරම් හේතුවත් නොතිබුනු නිසාම කකට ආ ගමක නමක් කෙටි පණිවිඩයක් බවට පත් කලේ දෙවක් නොසිතාමයි.

Mama chathura. Oya..?

නැවතත් ඈ ගෙන් ප්‍රස්නයක් විමසමින් මොහු උත්සාහ කරන්නේ සංජලාවන් හට ලං වන්නට බැව් නිකමට මෙන් ඈ හට නොසිතුනා නොවේ.

Hm.. Mama Deepika.

සංජලා ඇත්තක් නොකීවද ඔහුගේ කෙටි පණිවඩ වලට ප්‍රතිචාර දක්වන්නට සිතුනේ මන්දැයි ඈ හට නොහැඟුනි.

දිනෙන් දිනම ඔහු හා සංජලා අතර හැඳුනුම්කම වැඩි වන්නට විය. ඔහු සංජලා මාතර යැයි සිතුවද ඔවුන් දෙදෙනාම ගාලු පුරවරයේම වූහ. 

දෙදෙනාම මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදාම් වන්නන් වූ අතර මග තොටේදී මුන ගැසෙන අයෙක්දැයි යන සැකයද සංජලා තුල නොවූවා නොවේ.

අනෙක් සම වයසේ උන් සමග සංසන්දනය කල විට සංජලා යනු වෙන්ස්ම චරිතයකි. ආගමික දේ වෙනුවෙන් දැඩි නැඹුරුවක් වූ ඈ ඉතා සංවර එකියකි. දිනපතා උදේ සවස බුදු පහන තියා මිය ගිය තම පියානන් වෙනුවෙන් පුන්‍යානුමෝදනා කරන ඈ, කුඩා කල සිටම ඇඳුමක් පැළඳුමක් මිලදී ගත්තද සිත වැඩිපුරම ඇළුම් කලේ හාන්ත ස්වේත වර්ණයටයි. 

තාරුණ්‍යෙය් ආදරය යන අකුරු සතරෙහි තේරුමවත් හරි හැටි නොදත් ඈ හට එහි හැඟීමක් හෝ දැනීමක් පිළිබඳව අවබෝදයක් නොවූයේ ඒ පිළිබඳව ඈ හට කැමැත්තක් නොවූ නිසා වන්නට ඇත..

චතුර නම් වූ නන්නාදුන ඔහු දිනෙන් දින දීපිකා ලෙස ඔහු හඳන ගත් සංජලාට ලං වන්නට විය..ඔහු විටෙක සංජලාගෙන් ආදරය ඉල්ලා සිටියහ. සංජලා හට එවන්  අවස්ථාවල පව් නොපිරෙන පංචි බොරුවකින් හෝ එහුව අස්වසාලා ඔහු මග හරින්නට ඇවැසි විය. එනිසාම ඈ 

අනේ සොරි. මට මැරි කරන්න කෙනෙක් ඉන්නව.
 
ලෙස විටෙක පැවසීය. ඔහු එය පිළි නොගත්හ. දිනෙන් දින පිස්සෙකු මෙන් සංජලාගෙන් ආදරය සිඟමන් යැද්දාහ.

අනේ. මට සමා වෙන්න. මං ඇත්තම කියන්නම්. මට හොඳ කරන්න බැරි ලෙඩක් තියෙනව.ප්ලීස්... මාව අමතක කරන්න...

වරක් ඔහුගේ සිත නොරිද්දා ඔහුව ඈත් කරන්නට සිතාගෙන ඇය මෙවැන්නක් ගෙනහැර පෑහ.

ඇගේ උත්සාහයන් ව්‍යර්ත විය. ඔහු කෙමෙන් කෙමෙන් ඇගේ සිතේද ලැගුම් ගන්නට වෙමින් තිබිනි....

කාලය ගෙවී ගියහ..

කෙමෙන් සංජලාටද ඔහුව නැතිව බැරි විය... උදේ පාන්දර අවදි වන්නේ ඔහුගෙන් කෙටි පනිවිඩයක් බලාපොරොත්තුවෙනි. ඔහුගෙන් කෙටි පණිවුට පමා වන විට දුරකථන තිරය දෙස නොයිවසිල්ලෙන් බලා හිඳින වාර අනන්තරය..

Mata sama wenna Deepika.. Mama oyata boruwak kiwwa. Mama chathura nemei. Mage aththa nama “Kasun”.

දිනක් ඔහු පැවසුවේ සංජලාගේ සිතේ විඳවමින් තිබූ ගැටලුවකට විසඳමක් සඳහා අවස්ථාවක් ලබා දෙමිනි. ඇය ඔහුට බොරු කීම පිළිබඳව සිත් තැවුලෙන් සිටියදී ඔහු මෙවන්නක් පැවසීම ඇයටම ඇත්ත පැවසීමට අවස්ථාවක් ලබා දීමක් විය..

Matath sama wenna. Mamath Deepika nemei.

Ehenam…?

Mama Sanjala.

Hm..

Mama Matarath nemei. Gall

අවස්තාවෙන් ප්‍රෙයා්ජන අරගෙන ඈ සියල්ල කියා දැමුවේ කසුන් වෙනුවෙන් හංඟන්නට තරම් දෙයක් දැන් ඈ හට නොවූ නිසාවෙනි.
ඔහු 1992 වසරෙහි උපන් අයෙකු වන අතර  සංජලා 1991 වසරෙහි උපන්නියකි.. ජන්ම දිනයන් අනුව කසුන් වයසින් වසරක් බාල උවවද ඔවුන්ගේ ආදරයට වයස බාදාවක් නොවුනි. 

Api Meet wemu.. Mata oyawa dakinna one.

කසුන් විටෙක පැවසුවේ දුරකතානයට පමනක් සීමා වී තිබූ ඔවුන්ගේ ආදරය මුනගැසීමක් දක්වා දුර දිග ගෙන යාමට ඔහුට ඇවැසි වූ නිසාවෙන් ය.

සංජලා-කසුන් මුණ ගැසෙයිද෴? මුණ ගැසුනහොත් ඔවුන් කවුරන් වේවිද...? ඔවුන්ගේ ආදරය කෙසේ ඉදිරියට ගලා යාවිද... අවසන දක්වා රැඳී සිටින්න.. හමුවමු නොබෝ දිනකින්ම, සංජලා- කසුන් සැබෑ ස්නේහ කතාන්දරයේ තවත් කොටසක් සමගින්....

පන්හිඳ තුඩඟට හසු නොවුවද, යතුරු පුවරුවෙන් කැටයම් වන, අපේ කාලයේ සංජලාවකගේ, සත්‍ය ආදර කථාව෴

තවත් කොටසක් බලාපොරොත්තු වන්න෴
රචනය: රවීන් බණ්ඩාර


Sunday, October 12, 2014

යොවුන් මදය෴



යොවුන් මදය


යොවුන් විය සුන්දර ය; ශක්තිමත් ය. ඒ ගැන වාදයක් නොමැත. ජීවිතයේ සුන්දර ම කාලපරිච්ඡේදය යොවුන් විය යි. දැනට වැඩිහිටි බවට පත් ව සිටින වැඩිහිටියන්ගෙන් විමසුව හොත් ඔවුන් තමන්ගේ යොවුන් විය පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරනු ඇත.

මම කොල්ලා කාලේ හොඳ හොඳ වැඩ කළා...

එහෙත් කාලය කෙමෙන් කෙමෙන් ගත වී යයි. වැඩිහිටියන් සිටින තත්ත්වයට යොවුන් අපටත් ඉතා ඉක්මනින් ම පත් වන්නට සිදු වනවා. 
සාමාන්‍ය පෙළ විභාග අවධියේ අප අපේක්ෂා කරනුයේ උසස් පෙළට සමත් වීමට ය. උසස් පෙළදී අපේක්ෂා කරනුයේ විභාගය ඉහළින් සමත් ව සරසවි වරම් ලැබීමට ය. සරසවි වරම් ලැබූ පසු උපාධිය ඉහළින් කරගැනීමටත් තවත් සුදුසුකම්වලින් රැකියාවකට යෑමටත් සිතති.
ඉන් පසු රැකියාව, විවාහය, දරුවන් දැකීම, දරුවන්ගේ දරුවන් දැකීම... 

මේ ආකාරයට යොවුන් ඔබ - අප නොදැනුවත් ව ම ආච්චි - සීයා බවට පත් වනු ඇත. සමාජ ජීවිතයේ ලබන මෙම අත්දැකීම් ගිහි කාමභෝගීනට බුදු රජාණන් වහන්සේ විසින් කිසි විටෙක තහනම් කොට නැත. ගිහි කාමභෝගී පාඨකයිනි, කම් නැත: ඔබ තෝරාගත් එම මාවතේ ම යන්න: ඒ යන ගමන සාර්ථක, අතිසාර්ථක කරගැනුමට බුදු දහමේ ඕනෑ තරම් උපදෙස් වේ.

මහසයුරේ රළ වෙරළ දක්වා පැමිණ පෙණ කැට විසුරුවා නැවත හැරී මඳ දුරක් ගොස් නැවතත් සුදු පෙණකැට නංවමින් වෙරළට එයි. එය සුන්දර ය. එමෙන් ඉහත සඳහන් කළ ගිහි චර්යාවේ සුන්දර අවධිය ද සුන්දර ම ය. එහෙත් සයුරු රළ විටින් විට වෙරළ සීමාව ඉක්ම ගිය හොත් කොතරම් චණ්ඩ ද, නපුරු ද, සිදු වන විනාශය? අප ජීවිත ද යොවුන් මදයෙන් මත් වුව හොත් සිදු වන්නේ එය ම ය. යොවුන් මදය නම් කුමක් ද?

අපි තව ම තරුණ යි. අනෙක් අය මහලු යි. ඒ අයගේ ජීවිත ප්‍රපාතයක ඇති ගසක් වගෙයි. ඒ වුණාට මම ජීවිතයේ පළමු යොවුන් වියේ සිටිමි. මහලු කාලයේ පින්දහම් කරමි, යනුවෙන් මදයක් වශයෙන් උපන් මානය යොවුන් මදය යි.”(පාටිකවග්ග අටුවාව, සාරත්ථදීපනී ටීකාව).

බුදු රජාණන් වහන්සේටත් යොවුන් වියක් තිබිණි. තමන් වහන්සේ බෝසත් කල යොවුන් විය ගත කළ ආකාරය බුදු හිමියෝ මෙසේ වදාළහ:

මහණෙනි, ඒ මට ප්‍රාසාද තුනක් විය. එකක් හේමන්ත කාලයට. එකක් ගිම්හාන කාලයට. එකක් වැසි කාලයට. මහණෙනි, ඒ කාලයේ මම වැසි කාලයට අයත් මාස හතර වැසි කාලය වෙනුවෙන් තැනූ ප්‍රාසාදයේ පිරිමින් නැති ව ස්ත්‍රීන් විසින් තූර්යයන්ගෙන් පිනවනු ලබනෙම් යට මහලට නොබසිමි.” (අංගුත්තර නිකාය) අප යොවුන් වියත්, යොවුන් මදයෙන් මත් වීමත් මනාව තේරුම්ගත යුතු ය. මිනිසුන්ට මදවශයෙන් ඇත්තේ යොවුන් මදය පමණක් නො වේ. බොහෝ මදඇත.

* උපන් ජාතිය නිසා ඇති වන මදය ජාති මදයයි.

* ගෝත්‍රය නිසා ඇති වන මදය ගෝත්‍රමදය යි.

මේ මදය එක්තරා සියුම් උමතු බවකි. මේ ජාති, කුල, ගෝත්‍ර මදවලින් මත් වී සිටින අය බෙහෙවින් ඇත්තේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ය. එය මේ දෙරටට බලවත් පිරිහීමේ හේතුවක් ව ඇත්තේ ය.” (රේරුකානේ චන්දවිමල හිමි).

* නීරෝගි බව නිසා ඇති වන මදය ආරෝග්‍ය මදයයි.

අනෙක් අයට වඩා මම බොහෝ කල් ජීවත් වුණෙමි, ඉදිරියට ද එසේය,” 
 ආදි වශයෙන් ඇති වන මදය ජීවිත මදනම් වේ. මෙය බොහෝ වැඩිහිටියන්ට ඇති මදයකි.

* ලාභය නිසා ඇති වන මදය ලාභ මදයයි.

* සක්කාර නිසා ඇති වන මදය සත්කාර මදයයි.

* “අනෙක් අයට වඩා මට ගරු සැලකිලි ලැබේ,” යනුවෙන් ඇති වන මදය ගරුකාර මදයයි.

* පිරිවර ඇති විට ඇති වන මදය පරිවාර මදයයි.

* ශෝභමාන වර්ණය (ශරීර වර්ණය) නිසා ද, ගුණ වර්ණනා ආදිය නිසා ද ඇති වන මදය වණ්ණ මදයයි.

* පිණ්ඩපාතයේ ම හැසිරෙන භික්ෂුවකට මම මේ කාරණයෙන් අනෙක් භික්ෂූන්ට වඩා උසස් ය ආදි වශයෙන් ඇති වන මදය පිණ්ඩපාතික මදයයි.

මෙවැනි මද විසිහතක් විභංග පාළියේ සඳහන් වේ. ඉහත සඳහන් කළ මදවලින් මත් වූ මිනිසුන් දෙස විමසිල්ලෙන් බලා සිටින්න. ඔවුන්ගේ ක්‍රියා කලාප සමාජයට විහිළුවකි; උම්මත්තකයින්ගේ ක්‍රියා බඳු ය; සිනහ ඇති කරවයි. එහෙත් එකී මදයෙන් මත් වූ තැනැත්තාට එය නො වැටහේ. 

උගත්කමින්, ලාභ සත්කාරවලින් මත් වී, තම හැකියාව ඉහළින් ප්‍රදර්ශනය කිරීම අන්‍යයන්ට විහිළුවකි. එයින් තේරුම් ගත යුතු, වටහාගත යුතු දෙයක් ඇත. එනම්: ඔවුන්ගේ එම උගත්කම්වල, ධනවත්කම්වල, කුලයන්හි කුමන හෝ අඩුපාඩුවක් තිබේ. උදාහරණයක් වශයෙන් විද්‍යා දදාති විනයංයනුවෙන් පැවසෙන්නේ උගත්කම නිසා හික්මීම ඇති වේයන්න යි. එසේ නම්, යමකු උගත්කමින් මත් වී කටයුතු කරන්නේ නම් ඔහුගේ උගත්කමේ යම් අඩුවක් තිබේ. සැබෑ උගතා අහංකාර නැත. මහා ප්‍රඥාවන්ත සැරියුත් හිමියන් තමන් වහන්සේගේ නිහතමානී බව දක්වන්නේ තමන් වහන්සේ පාපිස්නකට උපමා කරගනිමිනි.


ඉහත සඳහන් අයුරින් ම අප යොවුන් මදය ගැනත් කරුණු තේරුම් ගනිමු. යම් කෙනකු යොවුන් මදයෙන් අධික ව මත් වී ක්‍රියා කරන්නේ නම්, සමාජයට එය විහිළුවකි. එහෙත් මදයෙන් මත් වූ තැනැත්තාට එය නො වැටහේ. සමාජයේ සිටින සියලු වැඩිහිටියෝ මේ යොවුන් විය මෙයට පෙර පසු කළ අය වෙති. යමකු තමන්ගේ යොවුන් බව හේතුකොටගෙන අධික ව මත් වී විප්‍රකාරී දෑ කරයි නම්, කයෙන්, වචනයෙන්, මනසින් දුසිරිතෙහි යෙදෙයි නම්, ඔහු හෝ ඇය පෙන්වන්නට සැරසෙන ශක්තිමත් යොවුන් බවේ ද යම් අඩුපාඩුවක් තිබේ. කයින්, මනසින් නිවැරැදි ලෙස සංවර්ධනය වූ යෞවනයකු තුළ, යෞවනියක තුළ දුසිරිත තිබිය නොහැකි ය; විකාරරූපී ක්‍රියා, වචන නොතිබිය යුතු ය. විශාඛා කුමරිය හොඳ උදාහරණයකි:

ඇතකුගේ බර ඇති පලඳනාවක් පැලඳීමට තරම් ශරීර ශක්තියක් තිබූ විශාඛාව රූපයෙන් ද කථාවෙන් ද සිත් ඇදගන්නා මනහර තරුණියක් වූවා ය. දිනක් ඇය යෙහෙළියන් සමඟ නැකැත් කෙළියට ගොස් එන විට වර්ෂාව වැටෙන්නට විය. යෙහෙළියෝ තෙමෙන බැවින් ඉක්මනින් දිවගොස් ශාලාවකට පිවිසුණහ. එහෙත් විශාඛා කුමරිය පමණක් තෙමෙමින් හෙමිහිට පැමිණ ශාලාවට ගොඩ වූවා ය. එතැන සිටි පිරිස ඔබ හරියට මහලු කාන්තාවක් වගේ නේ!යැ යි පැවසූ කල ඇය පවසන්නේ, “සළු නම් දුර්ලභ නො වේ. මගේ ගෙදර සළු සුලභ යි. 

වැඩිවියට පත් ස්ත්‍රීන් වෙළෙඳ බඩු වගෙයි. මිනිස්සු අත් හෝ පාද හෝ කැඩී අංගවිකල වූ ස්ත්‍රිය පිළිකුල් කරමින් කෙළගසා යති. ඒ නිසා හෙමිහිට ආවෙමියනුවෙනි.

විශාඛා කුමරිය තමා කොතරම් ශක්තිමත් වුව ද රූපවත් වුව ද ක්‍රියා කළේ කුමරියකට, යොවුන් තරුණියකට ගැළපෙන අයුරිනි. ඒ මගින් පෙනීයන්නේ ඇයගේ පෞරුෂවත් භාවය යි. ඒ නිසා ඇය දෙලොව ජය ගත්තා ය. එහෙත් කෙනකු තුළ ඇති එම පෞරුෂය හීන වී, යොවුන් මදයෙන් මත් වී ක්‍රියා කළොත්, දුසිරිතෙහි යෙදුණ හොත් සිදු වන්නේ මහත් විනාශයකි. ඒ බව ඉසීදාසී ථේරීගාථා වලින් පෙනේ:

පෙර ඒරකච්ඡ නම් නුවර රන්කරුවෙක් විය. යොවුන් මදයෙන් මත් වූ ඔහු පරදාර සේවනයෙහි යෙදුණේ ය. ඒ නිසා ඔහු නිරයේ ඉපිද දීර්ඝ කාලයක් පැසුණේ ය. ඉන් පසු වැඳීරියක කුස උපන්නේ ය. ඉපදී සත් දවසකින් මහ වඳුරෙක් පැමිණ අණ්ඩකෝෂ හපා විනාශ කළේ ය. ඉන් පසු සින්ධව ආරණ්‍යයෙහි කණ වූ කුදු වූ එළියක කුස ඉපදිණි. එහිදී කර අඹවනු ලැබ මහ බර පිට තබාගෙන දොළොස් අවුරුද්දක් මෙහෙ කරන්නට සිදු විය. 

අවසන වණ සෑදී පණුවන් ගසා දුක්ඛිත ව මිය ගියේ ය. ඉන් පසු වස්සකු ව ඉපදී යළිදු කර අඹවා බර වැඩට යොදවනු ලැබී ය. ඉන් පසු ජීවිතයේදී නපුංසක ව ඉපදිණි. ඊළඟ භවයේදී ස්ත්‍රියක් වූවා ය. මේ ආකාරයට යොවුන් බවින් මත් වීමෙන් බොහෝ දුක් පීඩා විඳින්නට ඒරකච්ඡට සිදු විය.

යොවුන් මදයෙන් මත් වී යොවුන් වියේදී කළ යුතු කටයුතු නොකිරීමෙන් පසු තැවෙන්නට සිදු වේ.

අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා ව ක්ධායන්ති - බීණමච්ඡේව පල්ලලේ.

බඹසර වාසය කළ හැකි තරුණ වියෙහි බඹසර නොවැස (පැවිදි නොවී), ධනය ඉපයීමට හැකි යොවුන් වියේදී ධනය නූපයා, ප්‍රමාදී ව විසූ අනුවණයෝ ජලය සිඳී ගිය බැවින් මසුන් නැති විලක මඬ පිට හිඳ තැවෙන (ගොදුරු ඇති විලකට යාගැනීමට ද නොහැකි) මහලු කොස්වාළිහිණියන් මෙන් තැවෙති.” (ධම්මපදය).

යොවුන් වියේදී කළ යුතු දැයෙහි නියුක්ත වීමට ප්‍රමාද වීම පසුතැවීමට හේතු වේ. අදාළ කාලයන්හිදී කළ යුතු දෑ කළ යුතු ය.

අතීතයොබ්බනෝ පෝසෝ - ආනේති තිම්බරුත්ථනිං,
තස්සා ඉස්සා න සූපති - තං පරාභවතෝ මුඛං.

යොවුන් විය ඉක්මගිය පුරුෂයෙක් තිඹිරි පල වැනි පියොවුරු ඇති තරුණ දැරියක ආවාහ කොට ගනී ද ඔහු ඇයට ඊර්ෂ්‍යාවෙන් (තරුණිය මහල්ලා සමඟ රතියට ද සංවාසයට ද අකැමැති වේ. ඒ නිසා ඔහු මැය තරුණයකු ප්‍රාර්ථනා නොකෙරේවා! යි ඊර්ෂ්‍යාවෙන්) නොනිදා ඇය රකියි. එය පිරිහීමට දොරටුවකි.” (පරාභව සූත්‍රය).

එම මහලු පුරුෂයා කාමරාගයෙන් ද, ඊර්ෂ්‍යාවෙන් ද තැවේ. මේවා යොවුන් වියේ කිරීමට ඇති දෑ නොකිරීමේ විපාක ය. මේ නිසා අලස බවින්, කුසීත බවින් හා යොවුන් මදයෙන් මත් වී ක්‍රියා නොකළ යුතු ය.
මහණෙනි, යොවුන් මදය, නීරෝගි බව නිසා ඇති වන මදය, දිගු කලක් ජීවත් වීම නිසා ඇති වන මදය යනුවෙන් මද තුනක් තිබේ. මහණෙනි, ධර්මය අසා නැති පෘථග්ජනයා යොවුන් මදයෙන් මත් වී කයින් දුසිරිතෙහි හැසිරෙයි, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි, මනසින් දුසිරිතෙහි හැසිරෙයි. ඔහු කයින් දුසිරිතෙහි හැසිරී, වචනයෙන් දුසිරිතෙහි හැසිරී මරණින් මතු සැප නැති, දුකට ගති වූ නිරයට පැමිණෙයි... (අංගුත්තර නිකාය).

යොවුන් බවින් මත් වීමෙන් දුසිරිතෙහි හැසිරීමෙන් අපායට ගමන් කිරීම වැනි දරුණු විපාක පවා ලැබේ. පැවිද්ද වැනි උතුම් අවස්ථා අහිමි වේ. එබැවින් යොවුන් විය ප්‍රමාදයට පත් කර නොගෙන යෞවනත්වයේ වටිනාකම තේරුම් ගත යුතු ය.

මහණෙනි, භික්ෂුව ජරාවෙන් මැඩී දිරා ගියේ වෙයි. මහණෙනි, ප්‍රධන් වීර්යය කිරීමට (වීර්යයෙන් භාවනා කිරීමට) නුසුදුසු කාලය මෙය යි.
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තරුණ, කළු කෙස් ඇති, සොඳුරු යෞවනයෙන් ද පළමු වයසින් ද සමන්විත වූ තරුණයෙක් වෙයි. 

මහණෙනි, ප්‍රධන් වීර්යය කිරීමට සුදුසු පළමු කාලය මෙය යි.” (අසමය - සමය සූත්‍රය).

මේ ආකාරයට යොවුන් මදයෙන් මත් නොවී, යොවුන් ශක්තියෙන් ප්‍රයෝජන ගනිමින් ලබාගත යුතු දෑ, කළ යුතු දෑ බොහෝ ය.

* ඉගෙනීම
* යහපත් රැකියාව
* යහපත් විවාහය
* දෙමව්පිය ආදි යුතුකම් ඉටු කළ යුතු අයට යුතුකම් ඉටු කිරීම
* සමාජයට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම
* කල්‍යාණ වූ යහපත් ධර්මයන් සමාදන් වීම
* තෙරුවන් සරණ ගොස් සිල්වත් වීම
* පරිත්‍යාගය
* ධර්ම මාර්ගයේ හැසිරීම
* ප්‍රඥාවන්ත වීම

ශීලාචාර වූ ධාර්මික යෞවනයන්ට ධාර්මික සුවයක් විඳිය හැකි ය. එය අධාර්මික සුවයට වඩා සැපවත් ය; පසුවටත් සැප විපාක ම ලබා දෙයි. ජීවිතයේ ඒ ඒ අවස්ථාවන්වලදී ඇති වන මදයන් තේරුම් ගෙන ශීලාචාර වීමෙන් පැහැදිලි වන්නේ ඒ පුද්ගලයා සතු වන නුවණ ය. ඔහුට සමාජයේ සැමදෙනා ම, වැඩිහිටියන්, දෙවියන් පවා ගෞරව කරයි; බුදු සසුනෙන් ලද හැකි උතුම් අම පල ලැබිය හැකි ය. යෞවන මදය මුළුමනින් ම ප්‍රහාණය කිරීමට හෝ තුනී කරගැනීමට බුදු රජාණන් වහන්සේ මෙසේ අවවාද දී තිබේ:

මහණෙනි, කුමන අර්ථයක් නිසා නිතර ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි, ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් වෙමි,’ යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ද?

මහණෙනි, සත්ත්වයන්ට යෞවනයෙහි යෞවන බව අරභයා ඇති වූ මදයක් තිබේ. ඒ නිසා මේ සත්ත්වයෝ යෞවන මදයෙන් මත් වී කයින් දුසිරිත් කරති; වචනයෙන් දුසිරිත් කරති; මනසින් දුසිරිත් කරති. මේ නිසා මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි, ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් වෙමි, යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කරන පුද්ගලයාගේ යෞවනයෙහි යෞවන බව අරභයා ඇති වූ යොවුන් මදය සම්පූර්ණයෙන් ප්‍රහීණ වීම හෝ තුනී වීම සිදු වෙයි. (ඨාන සූත්‍රය).
මේ නිසා අපිදු මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි; ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගියෙමි; ඉදිරියේදී ජරාවට පත් වන්නෙමියනුවෙන් නිතර ප්‍රත්‍යවේක්ෂා කරමු. මේ වටිනා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ලද ශක්තිමත් යොවුන් වියේදී කළ යුතු දෑ කිරීමට ප්‍රමාදී නොවෙමු. ප්‍රමාදී වී පසු නොතැවෙමු. 

(රේරුකානේ චන්දවිමල හිමියන්ගේ කෙලෙස් එක් දහස් පන්සියයකෘතිය ද ඇසුරු කැරිණ).

මූණු පොතෙන් උපුටා ගන්නා ලදී෴