ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Saturday, October 11, 2014

ලාංකීය බ්ලොග් අඩවි අතර හොඳම නිර්මාණාත්මක (දෙවන ස්ථානය)

ඇගයුමට ඇගයුමක්෴!
 
ලාංකීය දහස් සංඛ්‍යාත බ්ලොග් අඩවි අතර හොඳම නිර්මානාත්මක බ්ලොග් අඩවි අතරින් දෙවන ස්තානය Freegetlanka.com අප දිනාගත් බැව් සතුටින් දැනුම් දෙන්නෙමු෴

රේඩියෝ කළුතර සහ එකතුව ෆෝරමය එක්ව සංවිධානය කල,
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහිදී,
මේ අඟනා අවස්තාව අප හිමිකර ගනු ලැබුවේ පාඨක ඔබගේ නොමද ප්‍රථිචාර සහ සහයෝගය නිසාවෙන්මය෴

ලෝකයේ සිදුවන, ඇසි දිසි සත්‍ය සිදුවීම්ම පමනක්,
තාරුණ්‍යෙය් හෟර්දස්පර්ශය අරඹයාම,

යතුරු පුවරුවෙන් සිංහල බසින් කැටයම් කරනු වස්,
රැඩිකල් බ්ලොග් කථාවේ වෙනස් මං පෙතක දිව යන,
අප අඩවියට,
මෙවන් ස්ථෘනයක් හිමි කර දුන්
පාඨක ඔබ සැමටත්,
රේඩියෝ කළුතර ආයතනයටත්,
එකතුව ෆෝරමයට සහ එහි සංවිදායක මඩල්ලටත්,
තරිඳු ප්‍රභාත් පින්නදූව සහෘර්දයානන්ටත්,
අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු෴

වෙනස් වන ලෝකයේ සැබෑ සිදුවීම,
නෙතඟ කඳුලු පිසලමින්,
සෙනෙහසින් කියවන්නට,
සැමදාමත් රැඳී සිටින්න,
Freegetlanka.com
අප සමගින්ම෴
රචනය: රවීන් බණ්ඩාර

Wednesday, October 8, 2014

සිහිනයක් වූ ප්‍රේමයක්෴

    සිහිනයක් වූ ප්‍රේමයක්෴

හෙලෝ.. 
ආහ් මේ සමන්තද..?
සොරි.. රෝන් නම්බර්....
ඈ දුරකථන ඇමතුම විසන්දි කලේ දෙවරක් නොසිතාමයි..
ඈ නමින් සංජලා විය.. අද්විදීය ගාලු කොටු පවුර විරාජමාන වන ඓතිහාසික ගාලු  පුරවරයේ සොදුරු ගම්මානයක මානුෂීය හදවත් ඇත්තවුන් දෙදෙනෙකුගේ පවුලේ බාල දියණිය ලෙස උපන් ඈ සැබැවින්ම සුන්දර චරිතයකි෴
ඇගේ දුක සැප දෙකටම සිටි එකම සහෘර්ධයා වූ ඇගේ එකම සහෝදරයා වූ එක්කුස උපන් අයියා හැරුනු‍‍කොට ඇයට ඇගේ ජීවිතයේ වටිනාම සම්පත වූයේ ආදරණීය අම්මයි තාත්තයි විතරමයි෴
ඇයට වයස 18ක් තරම් වන විට පිලිකා රෝගයෙන් පෙලුණු ඇගේ ආදරණීය පියානන් හදිසියේම සංජලා ඇතුලු මුළු පවුලම අතැර දමා අවසන් ගමන් ගියේ පවුලේ සියළුම බර ඇගේ සහෝදරයා පිට පටවමින්෴
වෘර්ථියෙන් කරණවෑමියෙකු වූ ඇගේ සහෝදරයාට පවුල වෙනවෙන් කලයුතු මහා යුතුකම් කන්දරාවක් විය෴
මෙලෙස කෙමෙන් කාලය ගත වෙමින් තිබිනි෴
දිනෙන් දින පියකරු වෙමින්  සිටි  සොදුරු සංජලාවන් ගමේ සැමගේ ආදරය රිසි සේ දිනා ගන්නට සමත් වූයේ ඇගේ රුව මෙන්ම ගුණයෙහිද අඩුවක් නොවූ නිසා වන්නට ඇත෴
සුදු දූ෴ මෙන්න ඔයාට කෝල් එකක්... 
කව්ද අම්මා෴
දන්නෙ නෑ පුතේ. ඔයාම බලන්න...
අන්දර යායේ වැව් තාවුල්ලේ...
සක්මන් කරනා අප්පච්චී෴....
ඒ ඇගේ සුපුරුදු දුරකථන නාදය විය. ඇගේ ආදරණීය පියානන් අහිමි වූ දින පටන් ඇගේ හද බැඳි ගීතය වූ කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ ඒ සොඳුරු ගීතයයි.
දුරකථන තිරයේ වූ හඳුනා නොගත් අංකයෙහි පුංචි මතකයක් සිතෙහි තිබුනද එය පැහැදිලි සේයාවක් නොවූයෙන් සංජලා දුරකථනයට අතට හත්හ෴
හෙලෝ෴
අනෙක් පසින් ප්‍රථිචාරයක් නොවුනි...
හෙලෝ... 
ප්‍රථිචාරයක් නොලැබුනු තැන සංජලා දුරකථනය විසන්දි කලහ..
Hi..
අඳුනා නොගත් එම අංකයෙන් කෙටි පනිවිඩයක් පැමැනියහ.෴
Oyage katahada lassanai..
එම අංකයෙන්ම නැතවතත් මැසේජ් එකක්..
මේ ඈ හට උදේ පැමැනි රොන් නම්බර් එක බැවි ඇයට මතක් විය..
Oya kawda? Karadara karanna epa. Plz..
සංජලා ආපසු පනිවිඩයක් යැව්වේ පසුවට මෙම අංකය කරදරයක් විය හැකි යැයි සුතුනු නිසාමය..
Sorry.. ath oya kawda?
යලිත් ආපසු කෙටි පණිවිඩයක් පැමැනියේය.
ඇය එයට ප්‍රථිචාර නොදක්වා නිහඬ වූයේ පසුවට කරදරයක් වේ යැයි සිතුනු නිසාම විය යුතුය..
කාලය කෙමෙන් ගතවන්නට විය..
දිනකට වරක් දෙවරක් නන්නාදුනන එම අංකය දුරකථන තිරයේ දිස් වූයේය. නමුත් එය සංජලාට හින්සාවක් නොවූයේ ඇයට වදකාරී කරදර කාරී කිසිඳු දෙයක් ඔහුගේ කෙටි පණිවිඩයකින් හෝ සිදු නොවූ නිසාය.
කාලයත් සමග එම අංකයට ඉඳ හිට හෝ ආපසු පණිවිඩයක් යැවීමට සංජලා පුරුදු වූයේ ඇයි දැයි ඈම නොදනී.
Oya koheda? Mama gall..
විටෙක මෙවැනි විස්තර අසා පණිවිඩ පැමිනියත් සංජලා ප්‍රතිචාර නොදක්වීය..
Ochchara adambara wenna epa.. Api yaluwo wemu.
ඔහු කවුරුන්දැයි නොදනී.. කුමක් අරඹයා මෙසේ කෙටි පණිවිඩ එවන්නේ දැයි සංජලා නොදනී.. නමුත් සංජලා ඉඳහිට හෝ ප්‍රතිචාර දැක්වූයේ ඔහු හොඳ අයෙකුයැයි කාලයත් සමග තේරුම් ගිය නිසා වන්නට ඇත.
පන්හිඳ තුඩඟට හසු නොවුවද, යතුරු පුවරුවෙන් කැටයම් වන, අපේ කාලයේ සංජලාවකගේ, සත්‍ය ආදර කථාව෴
තවත් කොටසක් බලාපොරොත්තු වන්න෴
රචනය: රවීන් බණ්ඩාර

Saturday, September 13, 2014

ඈ නිසා෴


                                          ඈ නිසා෴

එදා ශනිදාවක්෴

කොල්ලො කෙල්ලො රංචු පිටින් විදුලිිය වෙත පිය මැන්නෙ දහසකුත් එකක් බලාපොරොත්තු පොදු බැදන්෴


මාස තුනක පොදු භාෂා පාඨමාලාවකින් පසු අප මෙසේ එකතු වන්නේ අපේ පරම බලාපොරොත්තුව වවූ දෙවන වසර අධ්‍යන කටයුතු ආරම්භය සොයාගෙන෴


ජීවිතේ දහසක් ගැටලු මොහොතකට පසෙක තබා අධයාපනය තුලින් ලෝකය දකිින්නට වෙර දරන්නන් අතර මමත් මූලිිකව කතයුතු කලා.෴
අඩෝ.. අළුත් කෑලි ගොඩාාායි෴
එකෙක් මගෙ උසහිසට පහරක් ගසා කීවෙ සියල්ලන්ගේම අවධානය ඒ වෙත යොමු කරමින්෴


අප්පට සිරි෴ පට්ට පට පට... සුපිරි මචෝ... සූටි නගාල නේ්........


තවකෙක් කලින් කථාවම අනුමත කරන්නට වූයෙ ටිකක් තාලෙට ඇදල පැදල෴


කට්ටිය කිියන නිිසාම මාද ඒ දෙස බැලුවේ නිකමට මෙනි.
ඇස් අදහා ගන්නට නොහැකි විය෴


ඒ ඈමය෴


සිතේ ඇඳී තිබු වසර ගණනාවක රැව මා දෑස් අභියස විය෴
යාන්තමට පිනි අතරින් පායා එන හිරු රශ්මියට ඇගේ වත රත් පැහැ ගැන්වී තිබිනි෴
ඈ සුන්දරය෴
සැබැවින්ම සුන්දරය෴
ඈ දෙස බලන අයෙකුට තවත් වරක් හැරී බලන්නට සිතෙන තරමටම ඈ සොඳුරු විය෴


ආදරේ යනු කුමක් දැයි මා නොහඳුනමි෴


බොහෝ ඇත්තියන් මා කෙරේ සෙනෙහසින් විවිදවූ ආකාරයෙන් ඒ අරමුණු පෙන්වන්නට දැරූ උපක්‍රම අනන්තය෴අප්‍රමානය෴
ඒ මන්දැයි මා නොදනිමි෴


නමුදු ආදරයක් තියා වෙනස් වූ කිසිදු හැඟීමක් මසිතේ හට නොගත්තේ මා හට ආදරය අතයාවශ්‍ය නොවූ නිසා වන්නට ඇත෴


නමුදු,


මේ දුටු සුදු මුහුණ මාගේ සිතට තදින්ම කා වැදී ඇත෴


ඒ මන්ද෴
ඈ වෙනුවෙන් සිතේ ඇතිවූ හැඟීම කුමක්ද.෴
ඒ ආදරයද෴
ඈ කාගේ කවුද෴
කොහෙ සිටන් පැමිනියේද෴
ප්‍රස්න මහා ගොන්නක් මසිතේ ලැගුම් ගනිමින් තිබිනි෴


කාලය නපුරු විය෴


උදෑසන ජාතිික ගීය වාදනය වීමෙන් අනතුරුව පාඨමාලා ආරම්භ විය.෴

දිවා විවේකය ලැබෙන තුරු නොයිවසිල්ලෙන් පසු වූයේ ඈ දකිින්නටය෴

සිත තුල සෑහෙන වෙනසක් සිදු වෙමින් පැවතිනි෴


ඈ ලිත් දිවා විවේකයේදී මුහුණටම මුණ ගැසිනි෴


ඒ කළුපාට වතුර බෝතලයක් සහ කෑම පැකට්ටුවක් ද අතැතිවය෴

ඈ උපැස් පලඳින්නියකි෴
ඈ සැබැවින්ම සුන්දරය෴
ශ්වේත වර්ණ ඇගේ කෙස් කළඹ ඈ තවස් සොඳුුරු කරවීය෴
ඉතා සංවර ලෙස මා අසලින් ඇවිද ගිය ඈ මා හල සිනහවකිින් සංග්‍රහ කරන්නට අමතක නොකලහ෴

ඒ සිනහව මසිතෙහි දෝංකාර දෙන්නට විය෴


දින සති මාස ගෙවී යන්නට විය෴


ඈ කෙමෙන් සිනහවෙන් කථාවෙන් මා සමග සමීප විය෴


ඇගේ සෑම ඉරියව්වක්ම පාසා මා අධ්‍යනය කලෙමි෴


වැදගත් පවුලක හැදුනු වැදගත් කෙල්ලෙක් මචන්:
පට්ට කෙල්ල බන්.පට්ටම ඩීසන්ට්:
උඹට මාර සෙට් බන්.ඒ කෙල්ල මාර අන්ඩස්ටෑනින් කෙල්ලෙක් වගේ:
ඕක උඹට අනිව සෙට් වෙනව මචන්.ඒකි උඹට කැමතියි ලොවෙත්:

එකට ඉන්න ඇතැමෙක් ඈ හැඳින්වූයේ එලෙසය෴

කාලය ගෙවී ගියහ. තෙමසක් අවසන් වී තිබිනි.


මා ඇයට ආදරය කරනා වට මා හට තේරුම් යමින් තිබිනි. ඈ හටද එය නොතේරෙනවා විය නොහැකිය.


එදා අඳුරු අහසෙහි යාන්තමින් හිිරු පායා එමින් තිබිනි. වෙනදා නැති අමුත්තක් පරිසරය ගිලගෙන තිබුනත් මා හට එය තේරුම් ගත නොහී විය.

ආන්න උඹේ සුදු මැනික කැන්ටිමේ ඉන්නව. අදවත් ගිහින් කියපන‍ෙ හිතේ තියන දේ.

එකෙකු දිවවිත් කීවේ ඇගේත් මගේත් ආදර කථාව සනිටුහන් කරන්නට විය යුතුය.


මා ඇය හමුවිය. නමුද විශේෂ දෙයක් කථා කර ගන්නට තරම් සිත ශක්තිිමත් නොවිය.

හවස ඕක අහල උත්තරේ ගනින්. ෂික් බලපන්..උඹල දෙන්නම දෙපැත්තට වෙලා බලන් ඉන්නව. අහල ඉවරයක් කරපන් බන්.පව්.. ඒකිත් බලන් ඉන්නෙ උඹ අහනකම් වෙන්න ඕනෙ මචන්..

යහළුවන් තීවෘරව කියා සිටියේ ඈ මා කෙරෙහි දැක්වූ ප්‍රතීචාර නිසා විය යුතුය..


ඇය මා හට මා මෙන්ම ආදරය කරනා බැව් මටද දැනෙමින් තිබිනි....


සැම අතින්ම ගැලපෙනා ඈ මා හට නොගැලපෙනවානම් ඒ මට වඩා ඈ ආර්ථිකමය අතින් ටිකක් පහල මට්්ටමක සිටීය..

නමුදු මුදල් හෝ දේපල බලාපොරොත්තු නොවන මා හට එය ගැටලුවක් නොවිනි. මන්ද මා හට ඇයටද සරිලන්නට ඒ දේවල් තිබෙන නිසාවෙනි.. නමුදු එබැව් මා අඈ හට කියන්නට නොගියෙමි..


නංගිි.. අපි අඳුනගෙන දැනට මාස 3යි. ඔයා මාවවත් මං ඔයාවවත් හොඳටම දන්නව දැන්..

මං කැමතියි මගෙ ජීවිතේ වැදගත්ම තීරණයක් අද ගන්න..


බොහොම අමාරුවෙන් ඈ හා ඇවිද යමින් මා වචන ගැට ගසන්නට වීය...

ඈ ඒ හැම වදනකටම හම් කීවා හැරෙන්නට කිසිත් නොකීවහ..

ඔයා ගොඩක් වැදගත්, විශේෂ කෙනෙක් කියල මට දැනෙනව..ඒ නිසා මං කැමතියි ඔයාව මගෙ ජීවිතේට ලං කර ගන්න..

ඇත්තටම මං ඔයාට ආදරේ කරනව...


වෙව්ලන වදනින් ඈ හට ප්‍රකාශ කර ගන්නට මා හට හැකි වූයේ කෙසේදැයි වත් මා නොදන්නමුත් මා ඒ මහා ක්‍රියාව සිදු කලහ...


අයියෙ මේ... ඔයා එක්ක කථා කල පලියට, ඔයාට හිනා උන පලියට ඔයා හිතන්න එපා මං ඔයාට කැමතියි කියල....

හිසට අකුණක් ගැසුවාක් මෙන් අඇගෙන් පිටවූ වදන් පෙල හමුවේ මා යන මගම නැවතිනි..

කර කියා ගන්නට කිිසිත් නොවීය.. 


ජීවිතේ පළමු වරට මෙතරම්ම අසරණ වී ඇත්තේ මන්දැයි මා නොදන්නෙමි..


කිිසිවක් සිතා ගත නොහී මා වට පිට බලන්නට විය...

මට සමා වෙන්න.. ඔයා හැමදාම සතුටින් ඉන්න..


ඈවෙත අවසන් වදන් පෙල එසේ තැබීමට මට ශක්තියක් ලැබිනි...
ඈ යන්නට ගියත් මා තවම හිටි වනමය..

මිතුරන් සියල්ම වටවිය..

අඩෝ මේ.. අද උඹ ගානෙ කේක් කෑල්ලක් කන්ඩම වෙනව හරි..
එහෙනම් සුභ පැතුම් ඈ....


කොල්ලන් ටික මාව බදාගෙන ඔල්වරසන් දෙන්නට විය...


මාගේ දෙනෙත් කෙමෙන් තෙත් වන්නට විය.. කඩා වැටුනු කඳුලු කැට නවතා ගන්නට මට නොහැකි විිය..


සියල්ලෝම නිහඬවී තුෂ්නිම්භූතව බලා සිටින්නට විය...


අඩෝ.. ඇයි බන්...
එකෙකු ඇසුවේ සෙනෙහසිනි...


ඒකි බෑ කීව බන්...


කෙමෙන් සියල්ලන්ගෙම මූණූ වෙනස් වන්නට විය...


පරට්ටි..
මාසෙ තුනක් උඹට ඔන් එක දීල අද බෑ කීව..
මේකි හිතන් ඇති කොල්ලො කියන්නෙ සෙල්ම් බඩු කියල෴
වරෙන් යන්න..
අද ඕකිය ආයෙ කොලේජ් නොඑන්නම චොර කරන්ඩ෴


එකෙකු එසේ කියන විට සියල්ලන්ම කෝපයෙන් වෙව්ලන්නට විය...


මචන්... එපා.. ඒකි මට කැමති නැතිව ඇත. ඒත්... මට බෑ ඒකිට රිද්දන්න...
මං වෙනුවෙන් ඒකිව අතෑරපල්ල..
ඕහෙ ඉඳල කෝස් එක කරගෙන ගියාපුවාවෙ..ප්ලීස් මචන්... ප්ලීස්..

මගේ මුවින් පිටවුනේ එවදන් ඉතා අසරණවය..

මට වෙන කරන්නට දෙයක් නැත..
කොල්ලො ටික දැන් ගියොත් ආයෙ කවදාවත් ඇයට මේහි පැමිනෙන්නටවත් නොහැකි වන තරමට සමාජයේ නොන්ඩි වනු ඇත...

නමුත් ඒ මා ආදරය කල එකියයි.. මට නැතත් ඒකිට හෝ යහපතක් විය යුතුය..

එතැනින් සියල්ල නිමා විිය....

ඈ සුපුරුදු පරිදි විද්‍යාලයට පැමිනෙයි...
නමුදු කිසිවෙකුදු ඈ ගනන් නොගනී...
එනමුදු, ඈ හට අවැඩක් සිදු නොවන්නේ මා නිසා බැව් ඈ නොදනී෴


වැරදි වැටහීමක් නිසා ඇතිවූ ආදරයේ පවට මා තවමත් විඳවයි...
අනාගතයේ සිදුවන් දේ දෙස මා අවධානයෙන් බලා හිඳී෴

ඔබේ තේරීම කවුරුන්දැයි මා නොදනී෴
මා කවුරුන්දැයි නොදැන ඔබ ගත් තීරණය ඔබේ ජීවිතයේ ගත් වැරදිම තීරණය බැවි මා හොඳින්ම දනී෴


විඳවන ජීවිතයක් ඉදිරිපිට, විඳින්නට ලැබේවායි එක සිතින් පතමි෴

සත්‍ය සිදුවීමක් ඇසුරිනි෴
රචනය: Raveen Bandara
(ඔබේ තවත් මෙවැනි අද්දැකීම් අපට කියන්න.. FREEGETLANKA අප ඔබ සමගයි..)
http://www.freegetlanka.com/

Monday, September 8, 2014

පිනි මත බඹරු(12 වන කොටස)෴

                         පිනි මත බඹරු(12 වන කොටස)


ලෝචි෴ ඇයි රත්තරං...? මේ තරම් ආදරේනම් මට අර විදියෙ ලිව්මක් එව්වෙ.? ම්...
ඇගේ හිස අතගාමින් මා විමසන විට ඈ තවත් තදින් මා තුරුලට වූයේ මට ඔයා නැතුව බෑ ලෝචන අයියෙ කියන්නාක් මෙනි.
මට සමාවෙන්න අයියෙ෴
ඈ මගෙ පපුවට තුරුල් වෙලාම ඉඳන් හිස හරවල මගෙ ඇස් දෙක දිහා බලාගෙන කීවෙ කවමදාකවත් අමතක කරන්න බැරි තරම් අහින්සක කමක් ඒ ඇස්වල පුරෝගෙන කියල නම් මට හොඳටම තේරුනා.සමාව ඉල්ලුවෙ මගෙන් වෙන් වෙන්නද, නැත්නම් ආයෙත් දාල යන්නෙ නෑ කියන අදහසින්ද කියල නම් මට තේරුනේ නෑ...
කියන්න... ඇයි ඔයා එහෙම කතාවක් කීවෙ..? ම්..
අයියෙ.. ඒක ටිකක් දිග කතාවක්..
ලෝචනා පැවසුවෙ දිගු සුසුමක් පිට කරමින්.
හරි ඉතින්.. ටික ටික කියන්න.එතකොට දිග අඩුවෙයි..
මම එහෙම කීවෙ ලෝචනා හිනස්සන්නත් එක්ක.ඒත්, ඇගේ මුවින් පිටවුනේ අවඥ්ඥාසහගත සිනහවක්.
හම්.. මං හැමදේම කියන්නම්. එතකොට ඔයාටම මාව එපා වෙයි. අපි ටිකක් නිදහස් තැනකට ගිහින් කථා කරමුද..?
ලෝචනා යෝජනා කරේ මහා බැරෑරුම් දෙයක් කියන්න වග මට හොඳින්ම තේරුනා.
සජ්ජ, මචන් ලෝචනාට ටිකක් කථා කරන්න ඕනෙලු. ටිකක් නිදහස් තැනකට යමු කියනව. කොහෙද බන් යන්න තියෙන්නෙ.෴
මම සජ්ජ ලඟට ගිහින් ඇහුවෙ කර කියා ගන්න දෙයක් නැතිව.
හම්.. මේකෙ ඉවරයක් තියෙන්නත් එපැයි. යමන්. අපි රුවන්වැලි සෑය ලඟට යමු. බලමු.. කියන්න තියන හැම දේම කියල ඉවරයක් කරන්න කියපන් අදම.. යමු෴
සජ්ජ තවමත් කථා කරන්නෙ නම් කේන්තියෙන් කියල මට හොඳටම තේරුන෴
රුවැන්වැලි සෑයට අපි තුන් දෙනාම ගියත්, කිසිවෙකුත් අතරවත් කථා බහක් නම් සිද්ද උනේ නෑ෴
දැඩි නිහඬතාවෙකින් පස්සෙ රුවන්වැලි සෑය පිවිසුන් දොරටුවෙනුත් වැලි මලුවට ඇවිත් සජ්ජ නිහඩතාවය බිඳ දැමුව෴
ලෝචනා෴ ඔන්න මම නම් දන්න නිදහස්ම තැන. අපි එහා පැත්තට යමු. කියන්න තිය හැම දෙයක්ම කියල කථා කරගෙන තීරණයක් ගන්න. මට බෑ උඹල දෙන්නම විඳවනව බලන් ඉන්න෴
රුවන්වැලි සෑයේ පිටුපසන වන්නට පිටි ගල් කණු අසල සෙවනට අපි පිවිසියේ සුමුදු සුලං රැලි තව තවත් අප සිත් සංසුන් කරන මොහොතක
මහා චෛත්‍ය රාජයානන් දෑස් මානයේම විරාජමාන වන්නට විය. මුදු සුරං රැලි ලෝචනා ගේ අකීකරු කෙහෙරැලි ඔහේ විසුරුවා හරිද්දි, ඈ චෛත්‍ය සෙවනේ වූ ගල් පතුරක් උඩින් බෑගය තබා බිම වාඩි උනේ ඉතාම සංවර ලීලාවකින්.
යමන්. උඹත් පලයන් එතන්ට. මම මේ කොහෙ හරි ඉන්නම්.
සජ්ජ මාවත් ලෝචනා ලට තල්ලු කරල යන්න සැරසුනේ අපට අපේ නිදහසේ තීරණයක් ගන්න ඉඩ දීල වෙන්න ඇති. ඒත් එයට ඉඩක් ලැබුනේ නෑ.
සජිත් අයියෙ. ඔයත් එන්න..
සජ්ජට කර කියා ගත හැකි දෙයක් නොවූයෙන් ලෝචනා අසලම මා වාඩි වෙද්දි අප අසලම වාඩි උනා..
කුමක් නමුත් ලෝචනා කියන්නට යන්නෙ නම් බොහොම සංවේදී දෙයක් බැවි නම් මට හොදින්ම තේරිලා තිබුනෙ.
කියන්න ඔයාගෙ කථාව. මම අහන් ඉන්නෙ..
සජ්ජ මගෙ දිහා බැලවෙ සිදුවන්නට යන කිසිවකත් තේරුම් ගන්නට බැරිව..
ලෝචන අයියෙ. මුලින්ම මට සමා වෙන්න මම මේ ගැන නොකීවට කලින්..
මගෙ අම්ම ඩොක්ටර් කෙනෙක්. තාත්ත ගුරුවරයෙක්. එයාල ගොඩක් වෙනස් අය. පුංචිම කාලෙ ඉදන් එයාලට ඕනෙ විදියටයි මම හැදුනෙ. ඇදුමක් ගත්තත්, පවුඩර් එකක්, ක්‍රීම් එකක්, සෙරෙප්පු දෙකක් ගත්තත් මම ගත්තෙ එයාලට ඕනෙ දේවල්. කවදාවත් මට මට ඖනෙ විදියෙ දෙයක් ගන්න අවසරයක් ලැබුනෙ නෑ. මගෙ ජීවිතේ හැම තීරණයක්ම ගන්නෙ එයාලා. කොටින්ම මම හදාරණ විශයන්, මම ආස්රේ කරන්න ඕනෙ යාළුවො, මම කන්න ආස කෑම, මේ හැම දේම තීරණේ කලේ එයාලා. මට ආස දෙයක්  ගන්න, ආස දෙයක් කරන්න මට එයාල ඉඩ දෙන්නෙ නෑ.
ඔයා දන්නවද. එයාලට හොදට සල්ලි තියෙනව. ඒත්, මට ඇදුමක් ගන්න හරි සල්ලි දෙන්නෙ දෙපාරක් හිතල. බස් එකේ එන්න ක්ලාස් යන්න සල්ලි දෙන්නෙ ගානට.ගෙදරින් මාව ගොඩක් හිර කරල තියන් ඉන්නෙ. මම දන්නෙ නෑ ඒ ඇයි කියල. මගෙ වයසෙ අනිත් ගෑණු ළමයි දිහා බලද්දි මම හිර කාරියක් වගේ.
ඔයා දන්නවද.. මේ ලඟදින් මගෙ අතින් ගෙදර මල් වාස් එකක් කැඩිල, ඒකටත් මට හොදටම බැන්න. මම වියදමට සල්ලි තියා ගන්නෙත් බස් එකට දෙන ඒවගෛන් කීය කීය හරි එකතු කරල.ඒවගෙන් දීල මම වාස්  එකක් ගෙදරට ගෙනිහින් දුන්න. ඔන්න ඔහොමයි මගෙ ජීවිතේ...
හෝ.. ඉතින්.. මම ඔයාගෙන් සල්ලි ඉල්ලුවෙ නෑනෙ ලෝචනා..
මම එහෙම කීවෙ කියන්න දෙයක් නැති කමට.. සජ්ජනම් බොහොම අවධානෙන් සියල්ල අහගෙන හිටියෙ..
ඉන්නකො කියනකම්.. එයාල මගෙ ජීවිතේ මම ගන්න ඕනෙ තීරණත් අරන්..
මොකක්.. ඒ කීවෙ...
මට මුකුත්ම හිතා ගන්න බැරි කමටයි මම එහෙම ඇහුවෙ..
මට මැරි කරන්නලු දැන්. එක්සෑම් ඉවර නිසා. එයාල කෙනෙක්වත් හොයල..
මොකක්.. මේ මිනිස්සුන්ට පිස්සුද..? ඉතින් ඔයා මොකද කීවෙ...
මම බෑ කීව ලෝචන අයියෙ.. ඒත්.. එයාල ඒ බෝයි ගෙ කට්ටියටත් පහුගිය දවසක අපේ දිහා එන්න කියල. ගෙදර ආවමයි මම දන්නෙ. එයාල දිනත් දාගෙන අයියෙ.  මට ඕනෙ තව ඉගෙන ගන්න..
ලෝචනාගේ දෑස් කෙමෙන් කදුලින් තෙත් වන වග මට පෙනුනත් ඇගේ සිත හදන්නට හෝ කියන්නට හෝ දෙයක් මසිතට ගලා නාවේ මන්දැයි මම නොදනිමි..
සජ්ජගෙද මුහුනෙහි මහා දුකක සේයාවක් ඇදෙමින් තිබිනි.
කවුද ඒ කොල්ල.. කොහෙ එකෙක්ද.. මොනව කරන එකෙක්ද...
ස්ජ්ජ කතා කරන්නට උනේ සෑහෙන තරහක් හිතේ පුරවගෙන..
එයා අම්මගෙ වැඩ කරන තැන ඩොක්ට ඇන්ටි කෙනෙක්ගෙ පුතෙක්ලු. එයා වැඩිපුරම ඉන්නෙ ඇමෙරිකා වලලු. බිස්නස් කරන කෙනෙක් කියල තමයි කීවෙ..
ආහ්..      සජ්ජ එපමනක් කියල නිහඩ උනේ ඇයි කියල මට තේරුනේ නෑ..
ලෝචනා.. මේ අහන්න...
අම්මල මේ දේවල් කරන්නෙ ඔයා සතුටින් ඉන්නව දකින්න ආස නිසානෙ.. එයාලට වෛර කරන්න එපා.. අනික ගෑණු ළමයෙක් උනාම නිසි වයසෙදි විවාහ නොවුනම ඒකත් ප්‍රස්නයක්.. ඒ බෝයි ට සල්ලිත් තියෙනව නම්, ප්‍රස්නෙකුත් නෑනෙ. එයාට පුලුවන් වෙයි ඔයාව සතුටින් තියන්න.
මා කෙසේ මෙවදන් පැවසුවේදැයි මටම සැතුනත් මට කිව හැකි වෙන යමක් එවෙලෙහි මසිතට නාවේය.
කිසිවක් නොකිය සජ්ජ මගෙ මුහුන දිහා බලන් හිටියෙ මගෙ තෙත්වන දෑස් දැකල වෙන්න ඇති...

වන්නට යන්නේ කුමක්ද෴ මේ අය මොන විදියේ තීරණයක් ගනීවිද෴මේ මොවුන්ගේ ආදර අන්දරයේ අවසානයද෴ රැඳී සිටින්න෴
විදින විදවන සෙනෙහසක සැබෑ තතු අරන්,

පිනි මත බඹරු 13 වන කොටින් හමුවෙමු..
රචනය:රවීන් බණ්ඩාර.



Thursday, August 21, 2014

ආයුවඩ්ඪන කුමාරයාගේ කථා වස්තුව෴

ආයුවඩ්ඪන කුමාරයාගේ කථා වස්තුව


"අනතුරුවලින් බේරෙන මග..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට මේ ජීවිතයේදී ලැබී තිබෙන සෑම යහපත් දෙයටම මුල් වෙලා තියෙන්නේ පිනමයි.පින රැස් කරන කෙනා ලොකු අනතුරුවලින් මිදෙනවා.කරදරවලින් බේරෙනවා.යහපත උදා කර ගන්නවා.පින රැස් කිරීම හේතුවෙන් භයානක අනතුරකින් මිදී යහපතක් උදා කරගත් පින්වත් කුමාරයකු ගැනයි අපි දැන් ඉගෙන ගන්නේ.

ඉස්සර දඹදිව දීඝලංඝික කියලා එකතරා නගරයක් තිබුණා.එහි වාසය කළ බ්‍රාහ්මණවරු දෙන්නෙක් තාපස පැවිද්දෙන් පැවිදි වුණා.හතළිස් අට අවුරුද්දක් තපස් රැක්කා.ඔවුන් අතරින් එක්කෙනෙකුට මෙහෙම හිතුණා.'මේ බ්‍රාහ්මණ වංශය ලෝකයේ උතුම් වංශයක්.ශ්‍රේෂ්ඨ පරපුරක්.මම මේ විදිහට තපස් රැකගෙන හිටියොත් මේ වංශය රැකෙන්න මගෙන් උදව්වක් ලැබුණේ නෑ වෙනවා.ඒ නිසා මං දරුවෙක්ව මේ පරම්පරාවට ලබා දෙන්න ඕන.'

මෙහෙම හිතලා ඔහු බ්‍රාහ්මණ සමාජයේ මැදට ගිහින් මෙහෙම කිව්වා.

"එම්බා බ්‍රාහ්මණවරුනි, මං හතළිස් අට අවුරුද්දක් උග්‍ර වූ තපස් රැකලා තියෙනවා.මහා බලසම්පන්න පින් රැස් කරගෙන තියෙනවා.දැන් මට මේ බ්‍රාහ්මණ පරම්පරාව පවතින්න දරුවෙකුත් බමුණු සමාජයට දායාද කිරීමේ ආසාවක් තියෙනවා.කවුරුන් හෝ මට ගවයන් සියයකුත්, මසුරන් සියයකුත්, මානවිකාවකුත් දෙනවා නම් මං මෙතෙක් කලක් පුරාවට කළ තපසේ අනුසස් ඔහුට අනුමෝදන් කරනවා."

මෙයට බමුණන් කැමති වුණා.ඔහු සිතපු දේ ඔහුට ලැබුණා.ටික දවසකින් මේ පවුලට දරු සිඟිත්තෙක් එකතු වුණා.මේ බමුණා සමග තපස් කළ අනෙක් බමුණා මොහු වාසය කරන ප්‍රදේශයට පැමිණුනා.අලුත් බමුණු පවුලට හරි සතුටුයි.

"සොඳුරී....මගේ යහළු බ්‍රාහ්මණතුමා ඇවිදින් ඉන්නවා.අපි එතුමාව බලන්න යමු.අපේ දරුවාවත් එතුමාට පෙන්නමු."

ඉතින් මේ බමුණු ජෝඩුව තම පුතුත් රැගෙන තාපසතුමා බැහැදකින්න ගියා.ගිහින් දරුවා බැමිණිය අතට දීලා බමුණා වන්දනා කළා.දෙදෙනාටම 'බොහෝ කලක් ජීවත් වේවා' කියලා තාපසතුමා සෙත් පැතුවා.

ඊට පස්සේ දෙදෙනාම පොඩි දරුවා ලවා තාපසතුමාව වැන්දෙව්වා.එතකොට තාපසතුමා නිශ්ශබ්දව හිටියා.සෙත් පැතුවේ නෑ.ඒ ගැන බමුණා විමසුවා.

"අපි දෙදෙනා ඔබතුමාට වන්දනා කළා.දෙදෙනාටම සෙත් පැතුවා 'බොහෝ කලක් ජීවත් වේවා' කියලා.නමුත් මේ දරු සිඟිත්තා ලවා ඔබතුමාට වන්දනා කරවද්දී ඔබතුමා මේ දරුවා දෙස බලාගෙන සිටියා විතරයි.සෙත් පැතුවේ නෑ.එයට විශේෂ හේතුවක් තියෙනවාද?"

"ඔව් යහළුවා....මේ දරුවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන බව පේනවා.මේ දරුවාගේ ආයුෂ අඩුයි වගේ."

"ඒ කියන්නේ මේ දරුවා අවුරුදු කීයක් ජීවත් වේවිද?"

"අවුරුදු ගණනක් කියන්න අමාරුයි.මට තේරෙන හැටියට දවස් හතකට වැඩිය ජීවත් වෙන එකක් නෑ."

"අනේ...! තාපසතුමනි, එහෙම වෙන්න හේතුව මොකක්ද? මේකෙන් බේරෙන්න පිළිවෙලක් නැද්ද?"

"අනේ...යාළුවා, මේකෙ හේතුව මට හොයාගන්න බෑ.මේකෙන් බේරෙන්න පුළුවන්කමක් තියෙනවාද කියලා මට තේරෙන්නෙත් නෑ.හැබැයි මං අහලා තියෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වන්දනා කරගෙන බණ ඇසූ සක් දෙවිඳුත් මිනිස් ලොව ආයු ගණනින් තුන් කෝටි හැටලක්ෂයක් අවුරුදුවලට ආයුෂ ලබාගෙන නැවත් සක්‍ර තනතුරට පත්වුණා කියලා.මේ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නම් මේ කාරණය විසඳාවි කියලයි මං හිතන්නේ."

"අමේ යාළුවා...ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ මේ තපස් ක්‍රමවලට එච්චර කැමැත්තක් නෑ නෙව.ඒ නිසා උන්වහන්සේ මේ ගැන සැලකිල්ලක් දක්වන එකක් නැහැ.."

""යහළුවා....මේ වගේ වෙලාවකවත් ඔය තපස් මාන්නය අත්හැර ගනින්! මේ ළමයා ගැන හිතපන්! තපස ගැන පස්සේ හිතන්න බැරියැ."

ඊට පස්සේ මේ දෙදෙනා දරුවන් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.පළමුවෙන්ම මේ දෙදෙනා වන්දනා කළා.බුදුරජාණන් වහන්සේ 'බොහෝ කලක් ජීවත් වේවා' කියලා ඒ දෙදෙනාට සෙත් පැතුවා.ඊට පස්සේ අර දරුවා ලවා වන්දනා කෙරෙව්වා.බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව හිටියා.

එතකොට අර බමුණු ජෝඩුව පුදුමයෙන් වගේ එකිනෙකාගේ මූණු බලාගත්තා.කලබලයට පත්වුණා.

"අනේ ස්වාමීනි, අපිට සෙත් පැතුවා වගේම මේ දරුවාටත් සෙත් පතනා සේක්වා."

"පින්වත්නි, මේ දරුවාට ආයුෂ තියෙන්නේ සත් දවසකටයි.සසරේ වෛර බැඳගත් අවරුද්ධක නම් යක්ෂයෙක් තව දින හතකින් මේ දරුවා සොයාගෙන එනවා.ඇවිදින් මොහුව බිලිගන්නවා.මේ දරුවාට ඇති අනතුර මෙයයි."

අර දෙදෙනා මහ හඬින් විලාප දෙන්න පටන් ගත්තා.

"අනේ ස්වාමීනි....අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි මේ දරු සිඟිත්තා හදාගත්තේ....අනේ අපට ඒ යක්ෂ උපද්‍රවයෙන් මේ දරුවාව බේරා දෙන සේක්වා!"

"එහෙමනම් පින්වත්නි, ඔබ නිවසේ මණ්ඩපයක් තනවන්න.ආසන පිළියෙල කරන්න.මාගේ ශ්‍රාවකයන් මං ඔබ නිවසට වැඩමවා දෙන්නම්.උන්වහන්සේලා මා විසින් ලෝකයාට හිතසුව පිණිස දෙසූ සූත්‍ර දේශනා සතියක් පුරාවට සජ්ඣායනා කරාවි.ඒ තුළින් රැස් වෙන පිනෙන් ආරක්ෂාව සැළසෙනවා."

ඉතින් අර බ්‍රාහ්මණයා තම නිවසේ බුදුරජුන් වදාළ අයුරින්ම කටයුතු කළා.දින් හත් ගෙවී යද්දී, අවසන් දිනයේදී බුදුරජාණන් වහන්සේත් වැඩම කළා.අනන්ත බුද්ධානුභාවය නිසා සියලු සක්වළ දෙවියෝත් පැමිණුනා.අර යක්ෂයාට අවසර තිබුණේ ඒ දිනයේදී බිලි ගැනීමට පමණයි.යක්ෂයා ඇවිදින් ඈතින් බලා සිටියා.ඔහුට කරකියාගත හැකි කිසිවක් තිබුණේ නෑ.බුදුරජාණන් වහන්සේ දකින විට ඔහු බියට පත්වුණා.

'හප්පේ.....! මං කොහොමද මේ නරපැටියාව බිලිගන්නේ...ලෝකනාථ වූ මහේශාක්‍ය වූ මහානුභාව සම්පන්න වූ ශාස්තෘන් වහන්සේ ළඟ නෙව අර නරපැටියා ඉන්නේ....බිලිගන්නවා තියා මට දොළොස් යොදුනකින්වත් එතැනට ළංවෙන්න පිළිවෙලක් නෑ.මට බිලිගන්න බැරි විදිහට මොවුන් පින් රැස් කළා නෙව.කමක් නෑ....මං වෛරය අත්හරිනවා.....මේ බිල්ල ගන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ මමයි.'

යකා යන්නම ගියා.නැවත ආවේ නෑ.අටවෙනි දින උදේ අර දෙදෙනා දරුවා ලවා බුදුරජුන්ට වන්දනා කෙරෙව්වා.

"පින්වත් දරුව, ඔබට දිගාසිරි ලැබේවා!" කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා.

"අනේ භවත් ගෞතමයන් වහන්ස, අපේ දරුවා කොතෙක් කලක් දිගාසිරි විඳීද?"

"පින්වත්නි, ඔබේ මේ දරුවා අවුරුදු එකසිය විස්සක් දිගාසිරි විඳිනවා."

එදායින් පසු මේ දරුවා 'ආයුවඩ්ඪන කුමාරයා' ලෙස ප්‍රසිද්ධ වුණා.ඔවුන් සියලු දෙනා ඉතා ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගියා.ධර්මාවබෝධ කළා.

පස්සෙ කාලෙක භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇතිවුණා.

"ඇවැත්නි, හරි පුදුමයි නෙව.අර කුමාරයාට ආයුෂ තිබුණේ දවස් හතකටයි.දැන් ඒ ළමයා ලොකු වෙලා උපාසකවරු පන්සීයක් සමග පින්දහම් කරමින් වාසය කරනවා.මෙයින් පෙනෙන්නේ මේ සත්වයන් හට ආයුෂ වැඩිවෙන්නත් කාරණා තියෙන බවයි."

මෙය සැලවූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

"පින්වත් මහණෙනි, ආයුෂ පමණක් වැඩිවෙලා නවතින්නේ නෑ.වීතරාගී ගුණවතුන්ට වන්දනා මානන කරද්දී කරදර කම්කටොලුත් නැතිවෙනවා.ආයුෂත්, සැපයත්, බලයත්, කියන මේ හතරම වැඩෙනවා."

එසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවත් වදාළා.

109.10.

අභිවාදනසීලිස්ස
නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්තී
ආයු වණ්ණෝ සුඛං බලං

සිල් ගුණදම් වලින් සපිරි - වැඩිහිටි ගුණ නුවණින් යුතු
යහපත් උතුමන්ට යමෙක් - නිතර කරත් නම් වැඳුමන්
ආයුෂ හා පැහැපත් බව - සැප හා බලයෙන යුතු බව
යන මේ සිව් කරුණු ඔහුට - නිරතුරුවම ලැබෙන්නේය

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය සල්ලි වලින් ආඩම්බර වෙනවා.උගත්කමෙන් ආඩම්බර වෙනවා.බලයෙන් ආඩම්බර වෙනවා.බලයෙන් ආඩම්බර වෙනවා.සමාජ තත්වයෙන් ආඩම්බර වෙනවා.සිල්වතුන්, ගුණවතුන් දැක්කත් 'මේ උදවිය අපි වගේ උගත් නැත.අපට තරම් මුදල් නැත.මේ උදවියට කිසි බලයක් නැත.මේ උදවියට කිසි පිළිගැනීමක් නැත' කියලා නොසලකා ඉන්නවා.ගරුසරු කරන්නේ නෑ.

නමුත් අර සියලු දෙනාට වඩා ඒ නූගත්, දිළිඳු කෙනා සිල්වත් නම්, ගුණවත් නම්, උදාර ගුණයෙන් යුක්ත නම් එබඳු කෙනෙකුට වැඳීමෙන් ලැබෙන පින ඔවුන්ට අහිමි වෙනවා.

සමහරු සිල්වතුන් මනින්නේ ඔවුන් වළඳන දේ දිහා බලලයි.එතකොට මෝඩ අය සැලකිලි සම්මාන ලබන අදහසින්ම වළඳන දේවල් නම් කරගන්නවා.එතකොට සීලය හැටියට හිතන්නේ ආහාරයක් අනුභව කිරීම ගැනයි.

නමුත් ඉන්ද්‍රීය සංවරය, කය වචනය සිත හික්මුණු බව, අකුසලයේ නොයෙදුණු බව, ඊර්ෂ්‍යා නැතිබව, කුහක නැතිබව, දුෂ්ට නැතිබව, ක්‍රෝධ නොකරන බව, පළිනොගන්නා බව කෙනෙකුට ඇත්නම් ඔහු සිල්වතෙක්මයි.ඔහුගේ ගුණවත්කම තියෙන්නේ හදවතේ මිස වළඳන ඉඳුල්වල නොවෙයි.එනිසා සිල්වතුන්ට, ගුණවතුන්ට වන්දනා කිරීමෙන් රැස් වෙන පින රැස් කරගැනීමේදී පොදුවේ සිත පහදවාගෙන වඳින්න.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 8 ( සහස්ස වර්ගය )
 

Wednesday, June 25, 2014

නුඹේ නමින් උපන් පෙමින්෴

මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,

"සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි"

මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා

"අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.

ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා

"ඒ අංකල් කියපු දේ හරි බබෝ ඔයා ලග මේ බෝනික්කව ගන්න සල්ලි නෑ"

මම කියපු දේ අහපු දරුවගේ මූන දුකින් මැලවුනත් අතේ තිබුනු බෝනික්කව අත්නොහැරිය ඔහු මගේ දිහාත් සාප්පුවේ මුදල් අයකැමිවරයා දිහාත් මාරුවෙන් මාරුවට අසරණ විදියට බැලුවා.අවසානයේ දරුවාට කිට්ටු වුන මම ඔහුගෙන් ඇහුවේ මේ බෝනික්කව මිලදී අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද කියලයි.

"මේ මගේ නංගි ගොඩාක්ම ආස කරපු බෝනික්කා...එයා හැමදාම මේ බෝනික්කව ඕනේ කියලා අම්මට කරදර කරනවා...මට මේ බෝනික්කව එයාගේ උපන් දිනේට තෑගි කරන්න ඕනේ" පිරිමි දරුවා දිගටම කතා කලා

"මට මේ බෝනික්කව අම්මට දෙන්න ඕනේ,එතකොට අම්මා එහාට ගිහාම මේ බෝනික්කව නංගිට දෙන්න පුලුවනි"මෙහෙම කියනකොට ඔහුගේ මුහුන දුකින් මැලවුනා

"මගේ නංගි දිව්‍යලෝකෙ ගිහිල්ලා ඉන්නේ...තාත්තා කිව්වා අම්මත් ලගදිම දිව්‍යලෝකේ යනවා කියලා.ඉතින් මම මේ බෝනික්කව අම්මට දුන්නොත් අම්මා නංගිට ගිහින් දේවි"

මගේ හදවත මොහොතකට නැවතුනා,පිරිමි දරුවා දිගටම කතා කලා.

"මම තාත්තට කිව්වා අම්මට දැන්ම දිව්‍යලෝකේ යන්න එපා කියන්න කියලා,ඒ නිසා මම බෝනික්කව අරගෙන එනකම් අම්මා බලාගෙන ඉදීවි "

ඉන්පසු කලිසම් සාක්කුවට අතදමා ඡායාරූපයක් ගත් ඔහු එය මට පෙන්නුවා,එම ඡායාරූපය ඔහුගේම එකක්.

"මම අම්මට මේ ෆොටෝ එකත් ගෙනියන්න දෙනවා,එතකොට නංගිට කවදාවත් මාව අමතක වෙන එකක් නෑ. මම අම්මට ගොඩක් ආදරෙයි,මම කැමති නෑ අම්මා මාව දාලා දිව්‍යලෝකේ යනවට,ඒත් තාත්තා කියනවා නංගි ලගට අම්මා ඉක්මනටම යන්න ඕනේ කියලා" පැවසූ ඔහු යලිත් දුක්බර ඇස් වලින් බෝනික්කා දිහා බලාගෙන හිටියා.

ඉක්මනින් මගේ පසුම්බියෙන් බෝනික්කා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අතට ගත් මම

"අපි ආපහු ඔයා ලග තියන සල්ලි ගැනලා බලමු බබෝ සමහර විට කලින් අපට වැරදුනාද දන්නේ නෑනේ" පැවසුවා

"හා අංකල්...මම හිතන්නේ මගේ ලග තියන සල්ලි ඇති "පැවසූ ඔහු එම මුදල් මට ලබා දුන් අතර ඔහුට නොදැනෙන ලෙස මගේ මුදල් එයට එකතු කිරීමට මම වගබලා ගත්තා. නැවතත් එම මුදල් ඔහුත් සමග ගැන්න විට එහි අවශ්‍ය කරන ප්‍රමානයටත් වඩා මුදල් තිබූ අතර ඒ බව දුටු ඔහු සතුටින් ඉපිලුනා.

"මට දැන් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවනි...අම්මා ගොඩාක් ආසයි සුදු රෝස වලට" පැවසූ ඔහු බෝනික්කා මිලදී ගෙන අසල තිබූ මල් අලෙවි සැලක් වෙත ගියා.

මද වේලාවකින් මම යලිත් නිවස බලා පිටත් වූ අතර මොහොතකටවත් මගේ මතකය ඒ කුඩා පිරිමි දරුවාගෙන් මිදුනේ නෑ. හදිසියේම මගේ මතකයට පැමිනියේ දින දෙකකට කලින් ප්‍රාදේශීය පුවත්පතක පල වූ පුවතක්.එහි සදහන් වූයේ බීමත් රියදුරෙකුගේ ට්‍රක් රියක හැපී අනතුරට පත් වූ තරුණ මවක් සහ ඇගේ කුඩා දියණිය පිලිබද පුවතක්,අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දියණිය මියගොස් සිටි අතර තරුණ මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබුනා. පුවත්පතේ සදහන් වූ ආකාරයට ඒ වන විට ඇය ජීවත් වුනේ යන්ත්‍ර ආධාරයෙන්. ඔවුන් කුඩා පිරිමි දරුවාගේ මව සහ සොයුරිය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව මට වැටහුනා.

තවත් දින දෙක තුනක් ගෙවී ගියා. කුඩා පිරිමි දරුවා සම්බන්ධ තවත් පුවතක් පත්‍රයේ පල වී තිබුනා,එහි සදහන් වී තිබුනේ පිරිමි දරුවාගේ මවගේ අභාවය පිලිබද දුක්බර පුවතයි. ඒ දුටු මට ඇගේ අවමගුලට සහභාගී නොවී සිටීමට නොහැකි වුනා,සුදු රෝස මල් කලබක් රැගෙන මම එයට සහභාගී වුනා.

ඇගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර ඇයගේ පපුව මත සුදු රෝස මලක් තිබුනා,මිනී පෙට්ටියේ පසෙකින් තිබුනේ කුඩා පිරිමි දරුවා තම සොයුරිය වෙනුවෙන් මිලදී ගත් බෝනික්කා සහ ඔහුගේ ඡායාරූපයයි. කදුලු පිරුනු දෙනෙතින් මම එම ස්ථානයෙන් පිට වූ අතර එම කුඩා පිරිමි දරුවා ජීවිතය පිලිබද වූ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට හේතු වූවා.

තම මව සහ කුඩා සොයුරිය වෙනුවෙන් ඔහු තුල වූ අප්‍රමාන සෙනෙහස අද වන තෙක් මට සිතා ගැනීමට අපහසුයි. නමුත් එක් ක්‍ෂණයකින් බීමත් රියෙදුරෙකු ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන තිබෙනවා.

කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා!!!

1. බීමතින්,නොසැලකිලිමත් ලෙස සහ අධික වේගයෙන් රිය පැදවීමට පෙර දෙවරක් සිතා බලන්න
2. කතාව හදවතට දැනුනා නම් මෙය SHARE කරන්න

¤*¨¨*¤.¸¸ . ...¸.
\¸.★ℓιкє★муωσя∂ '.¸¸.
.\¸.¤*¨¨*¤ .¸¸.¸.¤
..\
☻/
/▌
/ \
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ĴŐĨŃ ŴĨŤĤ ÚŚ ŐŃ Ŧβ >--->★¢ℓι¢к★тнє★↑↓ℓιкє★муωσя∂↑↓
www.facebook.com/NubawenuwenUpanmagelokaya
▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥