ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Monday, September 8, 2014

පිනි මත බඹරු(12 වන කොටස)෴

                         පිනි මත බඹරු(12 වන කොටස)


ලෝචි෴ ඇයි රත්තරං...? මේ තරම් ආදරේනම් මට අර විදියෙ ලිව්මක් එව්වෙ.? ම්...
ඇගේ හිස අතගාමින් මා විමසන විට ඈ තවත් තදින් මා තුරුලට වූයේ මට ඔයා නැතුව බෑ ලෝචන අයියෙ කියන්නාක් මෙනි.
මට සමාවෙන්න අයියෙ෴
ඈ මගෙ පපුවට තුරුල් වෙලාම ඉඳන් හිස හරවල මගෙ ඇස් දෙක දිහා බලාගෙන කීවෙ කවමදාකවත් අමතක කරන්න බැරි තරම් අහින්සක කමක් ඒ ඇස්වල පුරෝගෙන කියල නම් මට හොඳටම තේරුනා.සමාව ඉල්ලුවෙ මගෙන් වෙන් වෙන්නද, නැත්නම් ආයෙත් දාල යන්නෙ නෑ කියන අදහසින්ද කියල නම් මට තේරුනේ නෑ...
කියන්න... ඇයි ඔයා එහෙම කතාවක් කීවෙ..? ම්..
අයියෙ.. ඒක ටිකක් දිග කතාවක්..
ලෝචනා පැවසුවෙ දිගු සුසුමක් පිට කරමින්.
හරි ඉතින්.. ටික ටික කියන්න.එතකොට දිග අඩුවෙයි..
මම එහෙම කීවෙ ලෝචනා හිනස්සන්නත් එක්ක.ඒත්, ඇගේ මුවින් පිටවුනේ අවඥ්ඥාසහගත සිනහවක්.
හම්.. මං හැමදේම කියන්නම්. එතකොට ඔයාටම මාව එපා වෙයි. අපි ටිකක් නිදහස් තැනකට ගිහින් කථා කරමුද..?
ලෝචනා යෝජනා කරේ මහා බැරෑරුම් දෙයක් කියන්න වග මට හොඳින්ම තේරුනා.
සජ්ජ, මචන් ලෝචනාට ටිකක් කථා කරන්න ඕනෙලු. ටිකක් නිදහස් තැනකට යමු කියනව. කොහෙද බන් යන්න තියෙන්නෙ.෴
මම සජ්ජ ලඟට ගිහින් ඇහුවෙ කර කියා ගන්න දෙයක් නැතිව.
හම්.. මේකෙ ඉවරයක් තියෙන්නත් එපැයි. යමන්. අපි රුවන්වැලි සෑය ලඟට යමු. බලමු.. කියන්න තියන හැම දේම කියල ඉවරයක් කරන්න කියපන් අදම.. යමු෴
සජ්ජ තවමත් කථා කරන්නෙ නම් කේන්තියෙන් කියල මට හොඳටම තේරුන෴
රුවැන්වැලි සෑයට අපි තුන් දෙනාම ගියත්, කිසිවෙකුත් අතරවත් කථා බහක් නම් සිද්ද උනේ නෑ෴
දැඩි නිහඬතාවෙකින් පස්සෙ රුවන්වැලි සෑය පිවිසුන් දොරටුවෙනුත් වැලි මලුවට ඇවිත් සජ්ජ නිහඩතාවය බිඳ දැමුව෴
ලෝචනා෴ ඔන්න මම නම් දන්න නිදහස්ම තැන. අපි එහා පැත්තට යමු. කියන්න තිය හැම දෙයක්ම කියල කථා කරගෙන තීරණයක් ගන්න. මට බෑ උඹල දෙන්නම විඳවනව බලන් ඉන්න෴
රුවන්වැලි සෑයේ පිටුපසන වන්නට පිටි ගල් කණු අසල සෙවනට අපි පිවිසියේ සුමුදු සුලං රැලි තව තවත් අප සිත් සංසුන් කරන මොහොතක
මහා චෛත්‍ය රාජයානන් දෑස් මානයේම විරාජමාන වන්නට විය. මුදු සුරං රැලි ලෝචනා ගේ අකීකරු කෙහෙරැලි ඔහේ විසුරුවා හරිද්දි, ඈ චෛත්‍ය සෙවනේ වූ ගල් පතුරක් උඩින් බෑගය තබා බිම වාඩි උනේ ඉතාම සංවර ලීලාවකින්.
යමන්. උඹත් පලයන් එතන්ට. මම මේ කොහෙ හරි ඉන්නම්.
සජ්ජ මාවත් ලෝචනා ලට තල්ලු කරල යන්න සැරසුනේ අපට අපේ නිදහසේ තීරණයක් ගන්න ඉඩ දීල වෙන්න ඇති. ඒත් එයට ඉඩක් ලැබුනේ නෑ.
සජිත් අයියෙ. ඔයත් එන්න..
සජ්ජට කර කියා ගත හැකි දෙයක් නොවූයෙන් ලෝචනා අසලම මා වාඩි වෙද්දි අප අසලම වාඩි උනා..
කුමක් නමුත් ලෝචනා කියන්නට යන්නෙ නම් බොහොම සංවේදී දෙයක් බැවි නම් මට හොදින්ම තේරිලා තිබුනෙ.
කියන්න ඔයාගෙ කථාව. මම අහන් ඉන්නෙ..
සජ්ජ මගෙ දිහා බැලවෙ සිදුවන්නට යන කිසිවකත් තේරුම් ගන්නට බැරිව..
ලෝචන අයියෙ. මුලින්ම මට සමා වෙන්න මම මේ ගැන නොකීවට කලින්..
මගෙ අම්ම ඩොක්ටර් කෙනෙක්. තාත්ත ගුරුවරයෙක්. එයාල ගොඩක් වෙනස් අය. පුංචිම කාලෙ ඉදන් එයාලට ඕනෙ විදියටයි මම හැදුනෙ. ඇදුමක් ගත්තත්, පවුඩර් එකක්, ක්‍රීම් එකක්, සෙරෙප්පු දෙකක් ගත්තත් මම ගත්තෙ එයාලට ඕනෙ දේවල්. කවදාවත් මට මට ඖනෙ විදියෙ දෙයක් ගන්න අවසරයක් ලැබුනෙ නෑ. මගෙ ජීවිතේ හැම තීරණයක්ම ගන්නෙ එයාලා. කොටින්ම මම හදාරණ විශයන්, මම ආස්රේ කරන්න ඕනෙ යාළුවො, මම කන්න ආස කෑම, මේ හැම දේම තීරණේ කලේ එයාලා. මට ආස දෙයක්  ගන්න, ආස දෙයක් කරන්න මට එයාල ඉඩ දෙන්නෙ නෑ.
ඔයා දන්නවද. එයාලට හොදට සල්ලි තියෙනව. ඒත්, මට ඇදුමක් ගන්න හරි සල්ලි දෙන්නෙ දෙපාරක් හිතල. බස් එකේ එන්න ක්ලාස් යන්න සල්ලි දෙන්නෙ ගානට.ගෙදරින් මාව ගොඩක් හිර කරල තියන් ඉන්නෙ. මම දන්නෙ නෑ ඒ ඇයි කියල. මගෙ වයසෙ අනිත් ගෑණු ළමයි දිහා බලද්දි මම හිර කාරියක් වගේ.
ඔයා දන්නවද.. මේ ලඟදින් මගෙ අතින් ගෙදර මල් වාස් එකක් කැඩිල, ඒකටත් මට හොදටම බැන්න. මම වියදමට සල්ලි තියා ගන්නෙත් බස් එකට දෙන ඒවගෛන් කීය කීය හරි එකතු කරල.ඒවගෙන් දීල මම වාස්  එකක් ගෙදරට ගෙනිහින් දුන්න. ඔන්න ඔහොමයි මගෙ ජීවිතේ...
හෝ.. ඉතින්.. මම ඔයාගෙන් සල්ලි ඉල්ලුවෙ නෑනෙ ලෝචනා..
මම එහෙම කීවෙ කියන්න දෙයක් නැති කමට.. සජ්ජනම් බොහොම අවධානෙන් සියල්ල අහගෙන හිටියෙ..
ඉන්නකො කියනකම්.. එයාල මගෙ ජීවිතේ මම ගන්න ඕනෙ තීරණත් අරන්..
මොකක්.. ඒ කීවෙ...
මට මුකුත්ම හිතා ගන්න බැරි කමටයි මම එහෙම ඇහුවෙ..
මට මැරි කරන්නලු දැන්. එක්සෑම් ඉවර නිසා. එයාල කෙනෙක්වත් හොයල..
මොකක්.. මේ මිනිස්සුන්ට පිස්සුද..? ඉතින් ඔයා මොකද කීවෙ...
මම බෑ කීව ලෝචන අයියෙ.. ඒත්.. එයාල ඒ බෝයි ගෙ කට්ටියටත් පහුගිය දවසක අපේ දිහා එන්න කියල. ගෙදර ආවමයි මම දන්නෙ. එයාල දිනත් දාගෙන අයියෙ.  මට ඕනෙ තව ඉගෙන ගන්න..
ලෝචනාගේ දෑස් කෙමෙන් කදුලින් තෙත් වන වග මට පෙනුනත් ඇගේ සිත හදන්නට හෝ කියන්නට හෝ දෙයක් මසිතට ගලා නාවේ මන්දැයි මම නොදනිමි..
සජ්ජගෙද මුහුනෙහි මහා දුකක සේයාවක් ඇදෙමින් තිබිනි.
කවුද ඒ කොල්ල.. කොහෙ එකෙක්ද.. මොනව කරන එකෙක්ද...
ස්ජ්ජ කතා කරන්නට උනේ සෑහෙන තරහක් හිතේ පුරවගෙන..
එයා අම්මගෙ වැඩ කරන තැන ඩොක්ට ඇන්ටි කෙනෙක්ගෙ පුතෙක්ලු. එයා වැඩිපුරම ඉන්නෙ ඇමෙරිකා වලලු. බිස්නස් කරන කෙනෙක් කියල තමයි කීවෙ..
ආහ්..      සජ්ජ එපමනක් කියල නිහඩ උනේ ඇයි කියල මට තේරුනේ නෑ..
ලෝචනා.. මේ අහන්න...
අම්මල මේ දේවල් කරන්නෙ ඔයා සතුටින් ඉන්නව දකින්න ආස නිසානෙ.. එයාලට වෛර කරන්න එපා.. අනික ගෑණු ළමයෙක් උනාම නිසි වයසෙදි විවාහ නොවුනම ඒකත් ප්‍රස්නයක්.. ඒ බෝයි ට සල්ලිත් තියෙනව නම්, ප්‍රස්නෙකුත් නෑනෙ. එයාට පුලුවන් වෙයි ඔයාව සතුටින් තියන්න.
මා කෙසේ මෙවදන් පැවසුවේදැයි මටම සැතුනත් මට කිව හැකි වෙන යමක් එවෙලෙහි මසිතට නාවේය.
කිසිවක් නොකිය සජ්ජ මගෙ මුහුන දිහා බලන් හිටියෙ මගෙ තෙත්වන දෑස් දැකල වෙන්න ඇති...

වන්නට යන්නේ කුමක්ද෴ මේ අය මොන විදියේ තීරණයක් ගනීවිද෴මේ මොවුන්ගේ ආදර අන්දරයේ අවසානයද෴ රැඳී සිටින්න෴
විදින විදවන සෙනෙහසක සැබෑ තතු අරන්,

පිනි මත බඹරු 13 වන කොටින් හමුවෙමු..
රචනය:රවීන් බණ්ඩාර.



Thursday, August 21, 2014

ආයුවඩ්ඪන කුමාරයාගේ කථා වස්තුව෴

ආයුවඩ්ඪන කුමාරයාගේ කථා වස්තුව


"අනතුරුවලින් බේරෙන මග..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට මේ ජීවිතයේදී ලැබී තිබෙන සෑම යහපත් දෙයටම මුල් වෙලා තියෙන්නේ පිනමයි.පින රැස් කරන කෙනා ලොකු අනතුරුවලින් මිදෙනවා.කරදරවලින් බේරෙනවා.යහපත උදා කර ගන්නවා.පින රැස් කිරීම හේතුවෙන් භයානක අනතුරකින් මිදී යහපතක් උදා කරගත් පින්වත් කුමාරයකු ගැනයි අපි දැන් ඉගෙන ගන්නේ.

ඉස්සර දඹදිව දීඝලංඝික කියලා එකතරා නගරයක් තිබුණා.එහි වාසය කළ බ්‍රාහ්මණවරු දෙන්නෙක් තාපස පැවිද්දෙන් පැවිදි වුණා.හතළිස් අට අවුරුද්දක් තපස් රැක්කා.ඔවුන් අතරින් එක්කෙනෙකුට මෙහෙම හිතුණා.'මේ බ්‍රාහ්මණ වංශය ලෝකයේ උතුම් වංශයක්.ශ්‍රේෂ්ඨ පරපුරක්.මම මේ විදිහට තපස් රැකගෙන හිටියොත් මේ වංශය රැකෙන්න මගෙන් උදව්වක් ලැබුණේ නෑ වෙනවා.ඒ නිසා මං දරුවෙක්ව මේ පරම්පරාවට ලබා දෙන්න ඕන.'

මෙහෙම හිතලා ඔහු බ්‍රාහ්මණ සමාජයේ මැදට ගිහින් මෙහෙම කිව්වා.

"එම්බා බ්‍රාහ්මණවරුනි, මං හතළිස් අට අවුරුද්දක් උග්‍ර වූ තපස් රැකලා තියෙනවා.මහා බලසම්පන්න පින් රැස් කරගෙන තියෙනවා.දැන් මට මේ බ්‍රාහ්මණ පරම්පරාව පවතින්න දරුවෙකුත් බමුණු සමාජයට දායාද කිරීමේ ආසාවක් තියෙනවා.කවුරුන් හෝ මට ගවයන් සියයකුත්, මසුරන් සියයකුත්, මානවිකාවකුත් දෙනවා නම් මං මෙතෙක් කලක් පුරාවට කළ තපසේ අනුසස් ඔහුට අනුමෝදන් කරනවා."

මෙයට බමුණන් කැමති වුණා.ඔහු සිතපු දේ ඔහුට ලැබුණා.ටික දවසකින් මේ පවුලට දරු සිඟිත්තෙක් එකතු වුණා.මේ බමුණා සමග තපස් කළ අනෙක් බමුණා මොහු වාසය කරන ප්‍රදේශයට පැමිණුනා.අලුත් බමුණු පවුලට හරි සතුටුයි.

"සොඳුරී....මගේ යහළු බ්‍රාහ්මණතුමා ඇවිදින් ඉන්නවා.අපි එතුමාව බලන්න යමු.අපේ දරුවාවත් එතුමාට පෙන්නමු."

ඉතින් මේ බමුණු ජෝඩුව තම පුතුත් රැගෙන තාපසතුමා බැහැදකින්න ගියා.ගිහින් දරුවා බැමිණිය අතට දීලා බමුණා වන්දනා කළා.දෙදෙනාටම 'බොහෝ කලක් ජීවත් වේවා' කියලා තාපසතුමා සෙත් පැතුවා.

ඊට පස්සේ දෙදෙනාම පොඩි දරුවා ලවා තාපසතුමාව වැන්දෙව්වා.එතකොට තාපසතුමා නිශ්ශබ්දව හිටියා.සෙත් පැතුවේ නෑ.ඒ ගැන බමුණා විමසුවා.

"අපි දෙදෙනා ඔබතුමාට වන්දනා කළා.දෙදෙනාටම සෙත් පැතුවා 'බොහෝ කලක් ජීවත් වේවා' කියලා.නමුත් මේ දරු සිඟිත්තා ලවා ඔබතුමාට වන්දනා කරවද්දී ඔබතුමා මේ දරුවා දෙස බලාගෙන සිටියා විතරයි.සෙත් පැතුවේ නෑ.එයට විශේෂ හේතුවක් තියෙනවාද?"

"ඔව් යහළුවා....මේ දරුවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන බව පේනවා.මේ දරුවාගේ ආයුෂ අඩුයි වගේ."

"ඒ කියන්නේ මේ දරුවා අවුරුදු කීයක් ජීවත් වේවිද?"

"අවුරුදු ගණනක් කියන්න අමාරුයි.මට තේරෙන හැටියට දවස් හතකට වැඩිය ජීවත් වෙන එකක් නෑ."

"අනේ...! තාපසතුමනි, එහෙම වෙන්න හේතුව මොකක්ද? මේකෙන් බේරෙන්න පිළිවෙලක් නැද්ද?"

"අනේ...යාළුවා, මේකෙ හේතුව මට හොයාගන්න බෑ.මේකෙන් බේරෙන්න පුළුවන්කමක් තියෙනවාද කියලා මට තේරෙන්නෙත් නෑ.හැබැයි මං අහලා තියෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වන්දනා කරගෙන බණ ඇසූ සක් දෙවිඳුත් මිනිස් ලොව ආයු ගණනින් තුන් කෝටි හැටලක්ෂයක් අවුරුදුවලට ආයුෂ ලබාගෙන නැවත් සක්‍ර තනතුරට පත්වුණා කියලා.මේ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නම් මේ කාරණය විසඳාවි කියලයි මං හිතන්නේ."

"අමේ යාළුවා...ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ මේ තපස් ක්‍රමවලට එච්චර කැමැත්තක් නෑ නෙව.ඒ නිසා උන්වහන්සේ මේ ගැන සැලකිල්ලක් දක්වන එකක් නැහැ.."

""යහළුවා....මේ වගේ වෙලාවකවත් ඔය තපස් මාන්නය අත්හැර ගනින්! මේ ළමයා ගැන හිතපන්! තපස ගැන පස්සේ හිතන්න බැරියැ."

ඊට පස්සේ මේ දෙදෙනා දරුවන් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.පළමුවෙන්ම මේ දෙදෙනා වන්දනා කළා.බුදුරජාණන් වහන්සේ 'බොහෝ කලක් ජීවත් වේවා' කියලා ඒ දෙදෙනාට සෙත් පැතුවා.ඊට පස්සේ අර දරුවා ලවා වන්දනා කෙරෙව්වා.බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව හිටියා.

එතකොට අර බමුණු ජෝඩුව පුදුමයෙන් වගේ එකිනෙකාගේ මූණු බලාගත්තා.කලබලයට පත්වුණා.

"අනේ ස්වාමීනි, අපිට සෙත් පැතුවා වගේම මේ දරුවාටත් සෙත් පතනා සේක්වා."

"පින්වත්නි, මේ දරුවාට ආයුෂ තියෙන්නේ සත් දවසකටයි.සසරේ වෛර බැඳගත් අවරුද්ධක නම් යක්ෂයෙක් තව දින හතකින් මේ දරුවා සොයාගෙන එනවා.ඇවිදින් මොහුව බිලිගන්නවා.මේ දරුවාට ඇති අනතුර මෙයයි."

අර දෙදෙනා මහ හඬින් විලාප දෙන්න පටන් ගත්තා.

"අනේ ස්වාමීනි....අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි මේ දරු සිඟිත්තා හදාගත්තේ....අනේ අපට ඒ යක්ෂ උපද්‍රවයෙන් මේ දරුවාව බේරා දෙන සේක්වා!"

"එහෙමනම් පින්වත්නි, ඔබ නිවසේ මණ්ඩපයක් තනවන්න.ආසන පිළියෙල කරන්න.මාගේ ශ්‍රාවකයන් මං ඔබ නිවසට වැඩමවා දෙන්නම්.උන්වහන්සේලා මා විසින් ලෝකයාට හිතසුව පිණිස දෙසූ සූත්‍ර දේශනා සතියක් පුරාවට සජ්ඣායනා කරාවි.ඒ තුළින් රැස් වෙන පිනෙන් ආරක්ෂාව සැළසෙනවා."

ඉතින් අර බ්‍රාහ්මණයා තම නිවසේ බුදුරජුන් වදාළ අයුරින්ම කටයුතු කළා.දින් හත් ගෙවී යද්දී, අවසන් දිනයේදී බුදුරජාණන් වහන්සේත් වැඩම කළා.අනන්ත බුද්ධානුභාවය නිසා සියලු සක්වළ දෙවියෝත් පැමිණුනා.අර යක්ෂයාට අවසර තිබුණේ ඒ දිනයේදී බිලි ගැනීමට පමණයි.යක්ෂයා ඇවිදින් ඈතින් බලා සිටියා.ඔහුට කරකියාගත හැකි කිසිවක් තිබුණේ නෑ.බුදුරජාණන් වහන්සේ දකින විට ඔහු බියට පත්වුණා.

'හප්පේ.....! මං කොහොමද මේ නරපැටියාව බිලිගන්නේ...ලෝකනාථ වූ මහේශාක්‍ය වූ මහානුභාව සම්පන්න වූ ශාස්තෘන් වහන්සේ ළඟ නෙව අර නරපැටියා ඉන්නේ....බිලිගන්නවා තියා මට දොළොස් යොදුනකින්වත් එතැනට ළංවෙන්න පිළිවෙලක් නෑ.මට බිලිගන්න බැරි විදිහට මොවුන් පින් රැස් කළා නෙව.කමක් නෑ....මං වෛරය අත්හරිනවා.....මේ බිල්ල ගන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ මමයි.'

යකා යන්නම ගියා.නැවත ආවේ නෑ.අටවෙනි දින උදේ අර දෙදෙනා දරුවා ලවා බුදුරජුන්ට වන්දනා කෙරෙව්වා.

"පින්වත් දරුව, ඔබට දිගාසිරි ලැබේවා!" කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා.

"අනේ භවත් ගෞතමයන් වහන්ස, අපේ දරුවා කොතෙක් කලක් දිගාසිරි විඳීද?"

"පින්වත්නි, ඔබේ මේ දරුවා අවුරුදු එකසිය විස්සක් දිගාසිරි විඳිනවා."

එදායින් පසු මේ දරුවා 'ආයුවඩ්ඪන කුමාරයා' ලෙස ප්‍රසිද්ධ වුණා.ඔවුන් සියලු දෙනා ඉතා ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගියා.ධර්මාවබෝධ කළා.

පස්සෙ කාලෙක භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇතිවුණා.

"ඇවැත්නි, හරි පුදුමයි නෙව.අර කුමාරයාට ආයුෂ තිබුණේ දවස් හතකටයි.දැන් ඒ ළමයා ලොකු වෙලා උපාසකවරු පන්සීයක් සමග පින්දහම් කරමින් වාසය කරනවා.මෙයින් පෙනෙන්නේ මේ සත්වයන් හට ආයුෂ වැඩිවෙන්නත් කාරණා තියෙන බවයි."

මෙය සැලවූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

"පින්වත් මහණෙනි, ආයුෂ පමණක් වැඩිවෙලා නවතින්නේ නෑ.වීතරාගී ගුණවතුන්ට වන්දනා මානන කරද්දී කරදර කම්කටොලුත් නැතිවෙනවා.ආයුෂත්, සැපයත්, බලයත්, කියන මේ හතරම වැඩෙනවා."

එසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවත් වදාළා.

109.10.

අභිවාදනසීලිස්ස
නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්තී
ආයු වණ්ණෝ සුඛං බලං

සිල් ගුණදම් වලින් සපිරි - වැඩිහිටි ගුණ නුවණින් යුතු
යහපත් උතුමන්ට යමෙක් - නිතර කරත් නම් වැඳුමන්
ආයුෂ හා පැහැපත් බව - සැප හා බලයෙන යුතු බව
යන මේ සිව් කරුණු ඔහුට - නිරතුරුවම ලැබෙන්නේය

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය සල්ලි වලින් ආඩම්බර වෙනවා.උගත්කමෙන් ආඩම්බර වෙනවා.බලයෙන් ආඩම්බර වෙනවා.බලයෙන් ආඩම්බර වෙනවා.සමාජ තත්වයෙන් ආඩම්බර වෙනවා.සිල්වතුන්, ගුණවතුන් දැක්කත් 'මේ උදවිය අපි වගේ උගත් නැත.අපට තරම් මුදල් නැත.මේ උදවියට කිසි බලයක් නැත.මේ උදවියට කිසි පිළිගැනීමක් නැත' කියලා නොසලකා ඉන්නවා.ගරුසරු කරන්නේ නෑ.

නමුත් අර සියලු දෙනාට වඩා ඒ නූගත්, දිළිඳු කෙනා සිල්වත් නම්, ගුණවත් නම්, උදාර ගුණයෙන් යුක්ත නම් එබඳු කෙනෙකුට වැඳීමෙන් ලැබෙන පින ඔවුන්ට අහිමි වෙනවා.

සමහරු සිල්වතුන් මනින්නේ ඔවුන් වළඳන දේ දිහා බලලයි.එතකොට මෝඩ අය සැලකිලි සම්මාන ලබන අදහසින්ම වළඳන දේවල් නම් කරගන්නවා.එතකොට සීලය හැටියට හිතන්නේ ආහාරයක් අනුභව කිරීම ගැනයි.

නමුත් ඉන්ද්‍රීය සංවරය, කය වචනය සිත හික්මුණු බව, අකුසලයේ නොයෙදුණු බව, ඊර්ෂ්‍යා නැතිබව, කුහක නැතිබව, දුෂ්ට නැතිබව, ක්‍රෝධ නොකරන බව, පළිනොගන්නා බව කෙනෙකුට ඇත්නම් ඔහු සිල්වතෙක්මයි.ඔහුගේ ගුණවත්කම තියෙන්නේ හදවතේ මිස වළඳන ඉඳුල්වල නොවෙයි.එනිසා සිල්වතුන්ට, ගුණවතුන්ට වන්දනා කිරීමෙන් රැස් වෙන පින රැස් කරගැනීමේදී පොදුවේ සිත පහදවාගෙන වඳින්න.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 8 ( සහස්ස වර්ගය )
 

Wednesday, June 25, 2014

නුඹේ නමින් උපන් පෙමින්෴

මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,

"සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි"

මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා

"අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.

ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා

"ඒ අංකල් කියපු දේ හරි බබෝ ඔයා ලග මේ බෝනික්කව ගන්න සල්ලි නෑ"

මම කියපු දේ අහපු දරුවගේ මූන දුකින් මැලවුනත් අතේ තිබුනු බෝනික්කව අත්නොහැරිය ඔහු මගේ දිහාත් සාප්පුවේ මුදල් අයකැමිවරයා දිහාත් මාරුවෙන් මාරුවට අසරණ විදියට බැලුවා.අවසානයේ දරුවාට කිට්ටු වුන මම ඔහුගෙන් ඇහුවේ මේ බෝනික්කව මිලදී අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද කියලයි.

"මේ මගේ නංගි ගොඩාක්ම ආස කරපු බෝනික්කා...එයා හැමදාම මේ බෝනික්කව ඕනේ කියලා අම්මට කරදර කරනවා...මට මේ බෝනික්කව එයාගේ උපන් දිනේට තෑගි කරන්න ඕනේ" පිරිමි දරුවා දිගටම කතා කලා

"මට මේ බෝනික්කව අම්මට දෙන්න ඕනේ,එතකොට අම්මා එහාට ගිහාම මේ බෝනික්කව නංගිට දෙන්න පුලුවනි"මෙහෙම කියනකොට ඔහුගේ මුහුන දුකින් මැලවුනා

"මගේ නංගි දිව්‍යලෝකෙ ගිහිල්ලා ඉන්නේ...තාත්තා කිව්වා අම්මත් ලගදිම දිව්‍යලෝකේ යනවා කියලා.ඉතින් මම මේ බෝනික්කව අම්මට දුන්නොත් අම්මා නංගිට ගිහින් දේවි"

මගේ හදවත මොහොතකට නැවතුනා,පිරිමි දරුවා දිගටම කතා කලා.

"මම තාත්තට කිව්වා අම්මට දැන්ම දිව්‍යලෝකේ යන්න එපා කියන්න කියලා,ඒ නිසා මම බෝනික්කව අරගෙන එනකම් අම්මා බලාගෙන ඉදීවි "

ඉන්පසු කලිසම් සාක්කුවට අතදමා ඡායාරූපයක් ගත් ඔහු එය මට පෙන්නුවා,එම ඡායාරූපය ඔහුගේම එකක්.

"මම අම්මට මේ ෆොටෝ එකත් ගෙනියන්න දෙනවා,එතකොට නංගිට කවදාවත් මාව අමතක වෙන එකක් නෑ. මම අම්මට ගොඩක් ආදරෙයි,මම කැමති නෑ අම්මා මාව දාලා දිව්‍යලෝකේ යනවට,ඒත් තාත්තා කියනවා නංගි ලගට අම්මා ඉක්මනටම යන්න ඕනේ කියලා" පැවසූ ඔහු යලිත් දුක්බර ඇස් වලින් බෝනික්කා දිහා බලාගෙන හිටියා.

ඉක්මනින් මගේ පසුම්බියෙන් බෝනික්කා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අතට ගත් මම

"අපි ආපහු ඔයා ලග තියන සල්ලි ගැනලා බලමු බබෝ සමහර විට කලින් අපට වැරදුනාද දන්නේ නෑනේ" පැවසුවා

"හා අංකල්...මම හිතන්නේ මගේ ලග තියන සල්ලි ඇති "පැවසූ ඔහු එම මුදල් මට ලබා දුන් අතර ඔහුට නොදැනෙන ලෙස මගේ මුදල් එයට එකතු කිරීමට මම වගබලා ගත්තා. නැවතත් එම මුදල් ඔහුත් සමග ගැන්න විට එහි අවශ්‍ය කරන ප්‍රමානයටත් වඩා මුදල් තිබූ අතර ඒ බව දුටු ඔහු සතුටින් ඉපිලුනා.

"මට දැන් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවනි...අම්මා ගොඩාක් ආසයි සුදු රෝස වලට" පැවසූ ඔහු බෝනික්කා මිලදී ගෙන අසල තිබූ මල් අලෙවි සැලක් වෙත ගියා.

මද වේලාවකින් මම යලිත් නිවස බලා පිටත් වූ අතර මොහොතකටවත් මගේ මතකය ඒ කුඩා පිරිමි දරුවාගෙන් මිදුනේ නෑ. හදිසියේම මගේ මතකයට පැමිනියේ දින දෙකකට කලින් ප්‍රාදේශීය පුවත්පතක පල වූ පුවතක්.එහි සදහන් වූයේ බීමත් රියදුරෙකුගේ ට්‍රක් රියක හැපී අනතුරට පත් වූ තරුණ මවක් සහ ඇගේ කුඩා දියණිය පිලිබද පුවතක්,අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දියණිය මියගොස් සිටි අතර තරුණ මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබුනා. පුවත්පතේ සදහන් වූ ආකාරයට ඒ වන විට ඇය ජීවත් වුනේ යන්ත්‍ර ආධාරයෙන්. ඔවුන් කුඩා පිරිමි දරුවාගේ මව සහ සොයුරිය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව මට වැටහුනා.

තවත් දින දෙක තුනක් ගෙවී ගියා. කුඩා පිරිමි දරුවා සම්බන්ධ තවත් පුවතක් පත්‍රයේ පල වී තිබුනා,එහි සදහන් වී තිබුනේ පිරිමි දරුවාගේ මවගේ අභාවය පිලිබද දුක්බර පුවතයි. ඒ දුටු මට ඇගේ අවමගුලට සහභාගී නොවී සිටීමට නොහැකි වුනා,සුදු රෝස මල් කලබක් රැගෙන මම එයට සහභාගී වුනා.

ඇගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර ඇයගේ පපුව මත සුදු රෝස මලක් තිබුනා,මිනී පෙට්ටියේ පසෙකින් තිබුනේ කුඩා පිරිමි දරුවා තම සොයුරිය වෙනුවෙන් මිලදී ගත් බෝනික්කා සහ ඔහුගේ ඡායාරූපයයි. කදුලු පිරුනු දෙනෙතින් මම එම ස්ථානයෙන් පිට වූ අතර එම කුඩා පිරිමි දරුවා ජීවිතය පිලිබද වූ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට හේතු වූවා.

තම මව සහ කුඩා සොයුරිය වෙනුවෙන් ඔහු තුල වූ අප්‍රමාන සෙනෙහස අද වන තෙක් මට සිතා ගැනීමට අපහසුයි. නමුත් එක් ක්‍ෂණයකින් බීමත් රියෙදුරෙකු ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන තිබෙනවා.

කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා!!!

1. බීමතින්,නොසැලකිලිමත් ලෙස සහ අධික වේගයෙන් රිය පැදවීමට පෙර දෙවරක් සිතා බලන්න
2. කතාව හදවතට දැනුනා නම් මෙය SHARE කරන්න

¤*¨¨*¤.¸¸ . ...¸.
\¸.★ℓιкє★муωσя∂ '.¸¸.
.\¸.¤*¨¨*¤ .¸¸.¸.¤
..\
☻/
/▌
/ \
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ĴŐĨŃ ŴĨŤĤ ÚŚ ŐŃ Ŧβ >--->★¢ℓι¢к★тнє★↑↓ℓιкє★муωσя∂↑↓
www.facebook.com/NubawenuwenUpanmagelokaya
▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥▬♥

Friday, May 30, 2014

පිනි මත බඹරු (11 වන කොටස)




ලෝච.. මේ... යමන් යන්න.. අපිට එයා එක්ක කථාවක් නෑ...

සජ්ජ මාව ඇදගෙන ලෝචනා ඉදිරිපටටම ගියේ ඇය මගහැර යන්න. ඒ ඇයත් එක්ක සජ්ජ කතා කලොත් මගෙ හිත තවත් පෑරෙන වග ඌ දැනන් හිටි නිසා වෙන්න ඕනෙ. ඒ වගේම සෙට් එකේම උන් ලෝචි ට තමන්ගෙම සහෝදරියකට මෙන් සලකපු එකත් ඒකට එක් හේතුවක් වෙන්න ඇති..

ලෝචන...

ලෝචිගෙ හඬ හමුවෙ ඇය පසුකර යෑමේ අධිෂ්ඨානය එහෙමම නැතීවී ගියේ ඈ කෙරෙහි හිතේ තිබුනු ස්නේහය එ‍හෙමම මසිතේ රැඳී තිබූ නිසාම වෙන්නැති.

කියන්න..

බිමට බරවෙලා තිබිනු ඒ මලානික මුහුණ දෙස බලාගෙන අපහසුතාවෙන් වුවත් පැවසුවෙ හදවතින් ආපු ඉකිබිඳුම නවත්ත ගන්න උත්සාහ ගනිමින්.

මේ... ලෝචනා... කරුනා කරල අපට අපේ පාඩුවෙ යන්න දෙන්න.. ඔයාල වගේ බෝනික්කන්ට සෙල්ලම් කරන්න අපේ ජීවිත සෙල්ලම් බඩු නෙමේ.. අපි ගොඩක් දුප්පත් අහිංසක අම්මල තාත්තලගෙ දරුවො..

සජ්ජ ටිකක් සැරෙන් කීවෙ හිතට ආපු ආවේගෙට වගේම දුකට කියල මම හොඳටම දැනන් හිටිය. 

අයිම් සොරි ලෝචන.. මට විනාඩියක් කතා කරන්න ඕනෙ. හැමෝටම හොරෙන්  ඔයා මීට් වෙන්න මගට ආවෙ ඒකයි..

ලෝචිගෙ අසරණ මූණ දිහා බලාගෙන මට ඒ ඉල්ලීම ප්‍රථික්ශේප කරන්න හයියක් තිබුනෙ නෑ..

සජ්ජ.. මචන්.. මට විනාඩි පහක් දියන්...

සජ්ජ කේන්තියෙන් මදක් එහාට ගියෙ මගෙ ඉල්ලීමට පිටුපාන්න බැරි කමට කියල මට හොඳටම තේරුන...

ලෝචනා... කියන්න..තව මොනවද ඔයාට කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ නංගි..?

ඇය හිටියෙ බිම බලාගෙන.. ඒ මුහුණෙ මහා දුකක් ගැබු වෙලා කියල මට බැලූ බැල්මටම පෙනුන. ඒත්, ඒ දුක මම දුන්නු දුකක් නෙමෙයි. ඒ මුහුණ නිසා මටයි දුකක් ඇති වෙලා තියෙන්නෙ... මම හිටියෙ කිසිවත් කර කියා ගන්න බැරි තරම් අසරණ තත්වෙක.

අයියෙ... මට ඔයාට කියන්න දෙයක් තියෙනව...

ඇය කීවෙ ඉවත බලාගෙන ඇස්වල කඳුලු පුරවගෙන...

මොකක්ද ලෝචනා.. කියන්න...

ඈ කුලු පිරුණු දෑසින් මා දෙස නැවතත් බලා ඉවත බලාගෙන කල්පනා කරන්න පටන් ගත්ත... කියන්නෙ කුමක් වුවත් එය බොහොම බරපතල දෙයක් බැව් මට හොටම තේරුම් ගිහිල්ලයි හිටියෙ.

අයියෙ...  ඔයා මම එවපු ලිවුම කියව්වනෙ. ඒ හැමදේම ඇත්ත. ඒත්, ඔයාව අඳුන ගත්තට පස්සෙ මගෙ හිත මටත් නොදැනී ඔයාට ගොඩාක් ලන් උනා... සත්තයි. මට ඔයාට බොරු කියන්න බෑ. ඔයා එදා ග්රවුන්ඩ් එකේදි බත් කවපු වෙලේ ඉඳන් මට මේ ලෝකෙ මගෙම කියල කෙනෙක් ඉන්නව නේද කියල දැනුන. ඔයාගෙ දුප්පත් කම නිසා මම ඔයාව විහිළුවට ගත්ත කියල හිතන්න එපා..
 
සත්තයි.. ඔයා තමයි මම දැකපු මේ ලෝකෙ පෝසත්ම කෙනා ලෝචන අයියෙ.. ඔයාගෙ හදවත ඔයාගෙ ගතිගුණ ගොඩාක් පෝසත්.  ඒ වගේම මම මේ ලෝකෙ දැකපු හොඳම යාළුවො සෙට් එක ඉන්නෙත් ඔයාට..

අපේ අම්ම කියන කථාව ඇත්ත ලෝචන අයියෙ. මම වගේ අවාසනාවන්ත කෙල්ලෙකුට වාසනාව පෙනෙන්නෙ නෑ...

ලෝචනාගෙ ඇස්වලින් කඳුළු වැටෙන්න උනේ ඈ කියවාගෙන යද්දිමයි.. කෙමෙන් කෙමෙන් ඇගේ හඬ ඉකිබිඳුමක් බවට පෙරලෙන්නට විය..

මට සමා වෙන්න අයියෙ...

ඈ දෑත් එක්කර මට වඳින්නට මෙන් මා අභියස පහත් වන්නට විය. මා ඇගේ දෙව්රෙන් අල්ලා නැගී සිටුවන්නට සදත්ම ඈ මගේ පපුවට ගුලිවී හඬන්නට වූයේ මා අන්ද මන්ද කරමිනි.. වටපිට බලන විට සජ්ජද කිසිත් තේරුම් ගත නොහැකිව මීටර් 50ක් පමන ඈතින් මේ සිදුවීම් සමුදාය දෙස දෑස් අයා බලා සිටින වග මට පෙනිනි..

මට සමා වෙන්න රත්තරං...... 
ලෝචි කීවෙ ඉකිබිඳුම් අතරින්..

මා ඈ හට ඇතිතරම් හඬා දුක තුනී කර ගන්නට හැර නිහඬව සිටියේ ඈ මගේද නැතහොත් මේ අපේ කථාවේ අවසානයද යන්න තේරුම් ගන්නට බැරිව දෙලොවක් අතර අතරමන් වෙමිනි..

හමුවෙමු යලිත් විඳින විඳවන සෙනෙහසක සැබෑ තතු අරන්

පිනි මත බඹරු 12 වන කොටස සමගින්...

රැඳී සිටින්න අප සමග.
රචනය: රවීන් බණ්ඩාර

Sunday, May 25, 2014

ගෞතම බුදු සිරුර ආදාහනයෙන් පසු ඉතිරි වුනු ධාතූන් වහන්සේලා෴


ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේසික ධාතු ලෙස කොටස් තුනක ට බෙදිය හැක. ශාරීරික ධාතු යනු බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය. පාරිභෝගික ධාතු යනු බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍ර, සිවුරු ආදී වස්තූන් ය. සිරිපා සටහන් ද මෙයට ම අයත් වේ. උද්දේසික ධාතු යනු බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි. මෙහි විස්තර කරනු ලබන්නේ ශාරීරික ධාතු හා පාරිභෝගික ධාතු පිළිබදව මූලික කරුණු ස්වල්පයකි.
ශාරීරික ධාතූන් වහන්සේලා
ලලාට ධාතූන් වහන්සේ
අකු ධාතූන් වහන්සේලා දෙනම
ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්)
ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
කේශ ධාතූන් වහන්සේලා
නඛ (නිය) ධාතූන් වහන්සේලා
ඌර්ණ රෝම ධාතූන් වහන්සේ
භින්න ධාතූන් වහන්සේලා

පාරිභෝගික ධාතූන් වහන්සේලා
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
සිරිපා සටහන්
පටී ධාතූන් වහන්සේ
ජලසාටිකා ධාතූන් වහන්සේ
පාත්‍රා ධාතූන් වහන්සේ
01 ලලාට ධාතූන් වහන්සේ

නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට " උණ්හීස " යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි.
සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ " උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය " යනුවෙනි.

" මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න "
ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ " යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ " රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ " යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ " ස්වාමිනී, එසේනම් ගනු මැනවැ " යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ.
එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා " නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ " යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක.
මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ.
මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය.
ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.

එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත.
බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.

02 අකු ධාතූන් වහන්සේලා
අකු ධාතු දෙනම ද නොවිසිරුනු ධාතු අතරට අයත් වේ. අකු ධාතුව යනුවෙන් හදුන්වන්නේ අකු ඇටයයි. ( Clavicle/Collar bone). පාලි භාෂාවෙන් අකු ඇටයට "අක්ඛකට්ඨි" යනුවෙන් කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් "අක්ෂකාස්ථි" යනුවෙන් කියනු ලැබේ. වම් හා දකුණු ලෙස අකු ඇට දෙකකි.
ස්ර්ව්ඥ අකු ධාතු දෙනම ගෙන් දකුණු අකු ධාතූන් වහන්සේ මුලින්ම වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේය. පසුව මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් රජුගෙන් දකුණු අකු ධාතුව ලබා ගෙන ලක් දිවට පැමිණියහ.

දේවානම්පියතිස්ස මහ රජු ස්ර්වඥ දකුණු අකු ධාතුව නිධන් කර අනුරාධපුරයේ ස්ථූපයක් කලේය. මේ ස්ථූපය "ථූපාරාම මහා සෑය" ලෙස හදුන්වනු ලැබේ. ලක්දිවට බුදු දහම වැඩම කරවීමෙන් පසුව ඉදි වූ මුල්ම ස්ථූපය මෙයයි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී දැන් මේ ථූපාරාමය පිහිටා ඇති ස්ථානයේ ද පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ.
( එපමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ බුදුරජුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරජුන් ගේ පටී ධාතුව ද කාෂ්‍යප බුදුරජුන් ගේ ජලසාටිකා ධාතුව ද තැන් පත් කර තිබුනේ දැන් මේ ථූපාරාම මහ සෑ පිහිටා ඇති ස්ථානයේම ය. )
දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහ සෑයේ පිහිටුවන දිනයෙහි බුදුරදුන් ගේ අදිටනකට අනුව ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහර දක්වා ඇත.
දෙවැනි අග්බෝ රජු සමයේ දී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකු ධාතූන් වහන්සේ ඉන් පිටතට වැඩම කිරීමට සිදු විය. මේ බව චූල වංශයේ දැක්වේ. එම කතා පුවත මෙසේ යි.
දිනක් ජෝතිපාල තෙරුන් වහන්සේ ථූපාරාම මහා සෑය වන්දනා කරන කල්හි සෑයෙන් භාගයක් කඩාගෙන වැටුණි. මෙයින් දුකට පත් ජෝතිපාල තෙරුන් රජතුමා කැදවා එය පෙන්වීය. රජු කඩා වැටී ඇති සෑය දැක බියට පත්ව දකුණු අකු ධාතූන් වහන්සේ පිටතට වැඩම කරවා ලෝවාමහාපායේ සුරක්ෂිතව තැන්පත් කර සෑය පිලිසකර කර වීමට කටයුතු යෙදුවේය. ඒත් ඒ කටයුතු පමා විය.
එකල්හි ථූපාරාමයේ දෙවතාවෝ ආරාමිකයන් මෙන් රජුට සිහිනන් පෙනී "සෑය තැනීමට තවත් පමා වෙනවා නම් අපි ධාතූන් වහන් සේ ගෙන වෙනත් තැනකට යමු" යි කීහ. මෙයින් බියට පත් වූ අග්බෝ රජු වහ වහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ලෝවාමහාපායේ වැඩ සිටි සර්වඥ දකුණු අකු ධාතුව ගෙණ ථූපාරාම සෑයේ තැන්පත් කර එහි සියලු වැඩ කටයුතු අවසන් කරවා මහා පූජාවක් කලේය.
මෙසේ ගෞතම බුදුරජුන් ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ලක් දිව ථූපාරාම මහ සෑයේ වැඩ සිටිති. එසේ නම් වම් අකු ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ කොහි ද?
බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.

03 දාඨා ධාතූන් වහන්සේලා
සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. "දළදා" යනුවෙන් හදුන් වන්නේ "රදනක" (Canine) නම් වූ දත් විශේෂයයි.
රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට "දාඨා" යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.
සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට "දාඨා ප්‍රභා" යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි.

ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදන අවස්තාවේ දී සගවා ගත් දළදාවන් තුන් නමට සිදුවූයේ කුමක්ද?
ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක "සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?" යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක "මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?" යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන "මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි" යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.
අනෙක් දකුණු දළදාවට සිදු වූයේ කුමක් ද?
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව "අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි" සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය "සෝමාවතී මහ සෑය" නම් වෙයි.

මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි.
සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම ධාතු ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත. සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය.

වම් උඩු දළදාවට සිදුවූ යේ කුමක් ද?
ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.
ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.

වම් යටි දළදාවට සිදුවූ යේ කුමක් ද?
දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.
පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328)
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත.

අනෙකුත් දන්ත ධාතූන්, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ට සිදු වූයේ කුමක් ද?
මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදු රජුන් ගේ අනෙකුත් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවෝ ගෙන ගොස් ඇත. බුදුරදුන් පිරිනිවීමට පෙර දෙවි මිනිසුන් සහිත ලෝකයාට වැද පුදා ගෙන පින් සිදු කර ගැනීමට මේ ධාතු ශේෂ වීමට අදිටන් කල බව පාළි ධාතු වංශයේ සදහන් වේ. ඊට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
ඒත් හියුං සියං හිමියන් ඉන්දියාවේ හා අෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තවේ සදහන් කර තිබේ.
එහි සදහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියන් දේශයේ එක් විහාරයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් හැරුණු විට පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ දන්ත ධාතූවක් ද සක්විති රජ කෙනෙකුගේ දන්තයක් ද තැන්පත් කර තිබුනි. ඇෆ්ගනිස්ථාන්යේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරු ගේ කිරිදතක් තැන්පත් කර තිබුණි.
ෆාහියන් හිමියන් ඛල්චා දේශයේ වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්නනිස්ථානයේ නගරහාර දේශය තුල වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් තම වාර්තාවේ සදහන් කර ඇත. ඒත් එම ධාතූන් වහන්සේලා එම ප්‍රදේශ වලට ලැබුන ආකාරය ගැන විස්තර සදහන් කර නැත.
මෙසේ ඉන්දියාවේ ත් ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව සදහන් කර තිබුණ ත් මේ වන විට එම දන්ත ධාතූන් වහසේලා කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නොහැක.
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුවක් තැන්පත් කර තිබේ. "චීන දළදාවහන්සේ" යැයි ප්‍රකට මේ ධාතුන් වහන්සේ 1961 වසරේ දී ලංකාවට වැඩම කරවා ප්‍රදර්ශනය කර ඇත.

04 ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
කොඳු ඇට පෙලේ ඉහලින්ම් ඇති අස්ථි සත " ග්‍රෙවී කශේරුකා " නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස ද හදුන්වයි.
බුද්ධ ශරීරය ආදාහනය කරණ කල්හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ " සරභූ " නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙණ අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළහ.
වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙහි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කලහ.
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කර වීය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවීය.

(මෙහි සියලු තොරතුරු උපුටා ගත්තේ ලද්දේ ගයාන් චානුක විදානපතිරන මහතා විසින් බුදු රදුන්ගේ ධාතූන් වහන්සේලා පිලිබද විස්තර කරමින් රචිත "ධාතු විස්තරය" නම් වූ ග්‍රන්තයෙනි.)
පුණ්‍යානුමෝදනාව : සමාධි සිල්වා

Tuesday, May 13, 2014

පිංබර වෙසක් පෝ දිනක් වේවා෴


අති උතුම් බුදු තෙමගුල සිදුවූ මේ පිංබර වෙසඟේ සියළු සිතුම් පැතුම් සාර්ථක වී, පව් නැතිවී, පිං මතුවී, නිවන් සුව කරා යන මග එලි පෙහෙලි වේවා෴

ඔබට තෙරුවන් සරණයි෴!!!