ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Tuesday, May 13, 2014

ෙසාඳුරිය මට නොකියාම ගියා෴

සොඳුරිය මට නොකියාම ගියා..!
දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ
මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ
දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න
වෙනවා...

ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට
බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න
ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා
නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ
අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්
තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්
වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය
ඤාතියාට ගෞරව කරන්න...

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න
වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට
ගීතවත් වෙන්නෙ...
·
එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.......

Thursday, May 8, 2014

දයාබර රෝසි෴






හීනියට වැටුනු උදේ මල් වැස්ස අතරින් එයා ඇවිදන් ආවෙ පුංචි හිම කුමාරියක් හිම අතරින් පාවෙලා එනව වගේ෴
උදේම රෝස පාට කුඩ පොඩිත්තට නම් නිවනක් නැතුවම තනි රකින්න වැහි පොඩිත්තො පතිත උනේ හරියට ඔයාව බය කරන්න හිතාගෙන වගේ෴
ලස්සනම ලස්සන ලා දම් පාට මල් වැටුනු රෝසපාට ගව්මෙ වාටිය ආසන්නයෙට වෙන්න වගේ මඩ පැල්ලම් කීපයක් වැටිල තිබුනෙ, අඩි උස නැති සෙරෛප්පු දෙක කල දඟකාරකම් වලට වෙන්න ඇති෴
අහම්බෙන් බස් එකේදි දැකපු මේ සුන්දර මුව කමල රෑට රෑට මැවි මැවී පේන්න උනේ පෙර කුමක් හෝ තිබුනු පුරුද්දකට කියලයි මටනම් හිතෙන්නෙ෴
දවස් ගනනාවක්,ඔයා නැගපු බස් එක්, ඔයාව දැකපු වෙලාවට ඇවිත්, හොයල හොයල තමයි ඔයා මේ යන පන්තියයි, ඔයාට පන්ති තියෙන වෙලාවයි හොයා ගත්තෙ෴
ඒත් මම දන්නෙ නෑ ඔයා කාගෙ කවුද , කොහෙද ඉන්නෙ කියලනම්෴
නමුත්, මම එක දෙයක් හොඳාකාරවම දන්නව රෝසියෙ, ඔයා ගොඩාක් වැදගත් විදියට, ලැජ්ජ බයට හැදුනු, ආදරේ කරන්න තරම් වටින කෙනෙක් කියල෴
මෙච්චර දුරක් ගෙවාගෙන, මෙච්චර දුක් විඳගෙන, අද ඔයාව බලන්න මෙහෙම ඇවිත් මේ වැස්සෙ තෙමෙන්නෙ, ඒ වටිනාකම තේරුම් ගත්ත නිසා෴
මගෙ හිත ඔයාව දැකපු දවසෙ ඉඳන්ම මොකක්දෝ අමුතු දෙයක් කියන්න හදනව෴
ඒත්, මට බයයි,මේ දේ කියන්න ගිහින් නන්නාඳුනන එකෙකුට මෙන් මට තිළිණ කරන ඔයාගෙ අවිහිංසක සිනාවවත් මට නැති වෙයි කියල෴
ඔයා දිහා බලන් ඉන්න තප්පර කීපයත් මට මහා වටිිනා කාාලයක් වගේ රෝසි෴
මම දන්නෙ නෑ, හරියට කිසිම දෙයක් නොදන්න ඔයා ගැන මම ඇයි මෙහෙම හිතන්නෙ කියල෴
ඇත්තටම මම ඔයාට ගොඩාක් ආදරෙයි රෝසි෴

එක්ස්කියුස් මී මචන්:
මම තිගැස්සිලා බැලුවෙ තරුණයෙකුගේ අසලින්ම ඇසුනු කටහඬට෴
යස්:
මම ආපස් උත්තර දුන්නෙ මම හිටපු බස් හෝල්ට් එක අසල කිසිවෙකුත් නොවූ නිසා, ඔහු මටම කථා කල බවක් තහවුරු වූ නිසාමයි෴
මචන් මෙතනින් දැන් ඔය ක්ලාස්  එකට සුදු, මටි ගර්ල් කෙනෙක් ගියාද:
බස් හෝල්ටය ඉදිරිපස වූ පෞද්ගලික පන්ති පැවැත්වෙන ආයතනය දෙසට අත දිගු කරමින් ඔහු ඇසුවේ කවුරුන් ගැනදැයි මට එකරම සිතාගන්නට නොහැකි වුනා෴
කොන්ඩය ස්පයික් ආකාරයට සකසාගෙන, ගොල වැසෙන තරමටම සුදු යකඩ දම්වැල් 4ක් 5ක් ඔතාගෙන, දකුනු අතේ බාගයක් විතර වැහෙන්න රබර් වලලු බොහෝ ප්‍රමාණයක් පැළඳගෙන සිටි ඔහු, බැලූ බැල්මටම වැදගත් පවුලක වැදගත් එකෙකුයැයි කියා මට නොසිතිනි෴
ඇහි බැමක් සිදුරු කර යකඩ උලක් ඒ හරහා ඇතුල් කර තුබුනු අතර, ඔහුගේවම් කනේ සුදු යකඩ කරාඹුවක්ද විය. වම් අත වඩා ඔතාගෙන සිටි බොබ් මාලිගේ රුව සහිත ලේන්සුවද ඔහුගේ විලාසිතා අතර එක් අංගයක් විය යුතුය෴
ඔහුගේ කළු පැහැ ගැන්වී ඉදිමී තිබුනු දෙතොල් වලින් ඔහු සිගරට් වලට ඇබ්බැහි වූවෙක් යැයි මට පසක් වන්නට විය෴
මට හරියයටම නම් කියන්න අමාරුයි කොල්ලො. ගොඩක් අය ඉතින් පාරෙ යනවනෙ:
හිටපන් මචන්, මන් ගාව ෆොටෝ එකක් තියෙනව. බලපන්කො බන්., කෑල්ල මට එන්න කීව ක්ලාස් පටන් ගන්න කලින්, මම ටිකක් පරක්කු උනා බන් ඇහැරෙන්න අද, සැපට නින්දක් දාගෙන හිටියෙ බන්:
ඹහු කතා කලේ ඔහුගේ පෙම්වතිය ගැනය, ඔහු රස්තියාදුකාර භාෂාවෙන් මා සමග කතා කරන ගමන් දම්වැලක අමුනා, කොටකලිසමේ හොවාගෙන සිටි ඔහුගේ දිගු පසුම්බියෙන් චායාරූපයක් එලියට ඇද ගත්හ෴
මචන්, මෙන්න මෙයා, මේ මගෙ කෑල්ල. මෙතනින් ගියාද:
මගේ ඉහ මොල රත් වන්නට වූයේ ඡායාරූපෙයේ දසුන නෙත ගැටුනු විටය෴ රස්තුයිදුකාර මේ අමුතු පුද්ගලයගේ ගෙල බදාගෙන ලස්සනම ලස්සන හනාවක්  සමග ඒපින්තූරයේ වූයේ මා මෙතෙක් අපිරිමිත ස්නේහයෙන් වැදගත් යැයි සම්මාන සිතින් පුද ගල ඒ රෝසිය මය෴
කතා කර ගන්නටත් නොහැකි තරමට අසරණ උවත් දැන් මා කතා කල යුතුමය, නැත්නම් මොහු මා පිළිබඳව සැකයක් ගොඩ නගා ගන්නට වුව ඉඩ ඇත෴
ආහ්, මන් දැක්ක මචන් දැන් පොඩ්ඩකට කලින් මේ වගේ හැඩ හුරුකම් තියෙන ගෑණු ළමයෙක් නම් ඔය පැත්තට යනව:
ඕහ්, ෂිට්෴ අපරාදෙ,:
ඇයි සහෝ අපරාදෙ කීවෙ, පරක්කු උන නිසාද:?
මට ඇතිවූයේ දැඩි කුතුහලයක්.
නෑ බන්, අද යන්න හිටියෙ හෝල් එක පැත්තෙ෴ ෂහ්, අපරාදෙ බන්෴ ෆට්ට දවස, ෂැහ්෴:
ඔහු එසේ කියා යන්නට ගියේ ගොදුරක් ඩැහැ ගැනීමට අවුත් ගොදුර වැරදුනු ගිජු ලිහිනියෙකු මෙනි෴
ස්නේහයෙන් ඈ දෙස බැලූ, ඉතා වටිනා ඉහල නම්බු නාම දුන්, සැබෑවටම අදරය කරන්නට, පවුලේ ගෞරවටද රකීවි යැයි සිතන්නට තරම් මා පෙළඹවූ ඈ, දැන හෝ නොදැන තමා විසින් මුලු ජීවිතයට ආගාදයකට ඇද දමා ගනිමින් සිිටිනා වග පමනක් මට සිතෙන්නට විය෴
උදේ පාන්දර, කුසට අහරකුදු නොමැතිව ස්නේහ සිතින් පැමිනි මේ බලාපොරොත්තු පෙරදැරි ගමන, මෙසේ සුනු විසුනු වූ ප්‍රාර්ථනා හමුවේ වුවද යතාර්තය අභිමුව වේදනාවෙන් වුව නිමා කරන්නට ලැබීම පුංචි හෝ සැනසීමකට කරුණක් විය෴
එනමුත්, රෝසියේ, මම එක් දෙයක් හොඳාකාරවම දනිමි෴
මා මෙන් වෙන කිසිවෙක් ඔබ දෙස සැබෑ ස්නේහයෙන්, සැබෑ මානුෂීයත්වයෙන් මෙසේ නොබලනු ඇත෴
අහිමි වුවද මා හට, රූපයට නොරැවටෙන්නැයි යන පාඩම කියා දුන්නාට, ඔබට බෙහෙවින්ම තුති෴
ඔබට අයහපතක් නොවේවායි මා හෘර්දයාංගමව ප්‍රාර්තනා කරන්නෙමි෴
නම් ගම් පමනක් මනංකල්පිත බව සලකන්න෴
රචනය: රවීන් බණ්ඩාර


Friday, May 2, 2014

කැටයමක් විය ගතවූ නිමේෂය෴

කැටයමක් විය ගතවූ නිමේෂය෴

මිරිඟුවක් සේ පැමිනි ඇය පෙනෙන මානයේම ලැගුම් ගත්තේ කිමැයි මා නොදනිමි෴

ස්නේහ සිතුවිලි ඇගේ සිත තුල තැම්පත් වන්නට ඇති. එය සාමාන්‍යයි. මා එයට ඇයට වරදක් නොකියමි. අසම්මත ස්නේහයන් ගොඩනැගෙන මේ කුරිරු විශ්වයේ ඇගේ සිතේ තැම්පත් වුනු ඒ සොඳුරු සිතුවිලි දාමයට මා වෛර නොකරමි. ඇය මා ගැන සිතුවත් මා සිතන්නේ වෙනකෙකු ගැනයි.. සිත පුරාවට ඇති එකම ප්‍රාර්තනාව වන එම ප්‍රාර්ථනාව සඵල කර ගැනීමට මා බෙහෙවින් වෙහෙසෙමි. වෙහෙස මහන්සිය නොබලා, දිවා රෑ නිදි වරා බොහෝ කැපවීම් කරනුයේ නුඹේ සෙවනට මා හට පැමිනෙන්නට ඇවැසි පාර කපා ගන්නටයි.෴

ඔබ කටු පඳුරු ලඳු කැලෑ වලින් ගහන මහා ගිරි දුර්ග නිම් වලලු වලින් වට වී ඇත. නුඹ නමුදු දනී.මා සොයන්නේ නුඹම වග. නුඹ නොව, සිප්හලේ ගුරු සිසු සියල්ලහුද දනී, මා සොයනුයේ නුඹවමයි කියා෴

කාලය ගෙවෙමින් ඇත. මා නුඹ සමීපයටම පැමිනෙමින් ඇත. බොහෝ බාධක පසු කර හමාරය. නුමුදු, ඔබට ලංවෙන්නට පැමිනෙන මේ ගමනේ මෙතෙක් පැමිනි බාදක සියල්ලම ජය ලැබුවත්, අද මා පරාජ වී ඇත. ඒ, මතු කී ඇගේ ස්නේහය නිසාම ඈ ඇති කල ප්‍රශ්න කන්දක් නිසාය,

ඇය මා වෙත විවිද වෙස් ගෙන පැමිනියහ. විටෙක සොයුරියක් විය. විටෙක සැබැවින්ම යෙහෙලියක් විය. ඒ දෙයාකාරයම මා පිලි ගත්තේ ආත්මානුකම්පිතවය. ඇය එය වරදවා වටහාගෙන ඇත. ඇය තෙවන වර පැමිනියේ මහා රළ කඳක් මෙනි. මහා ගල් පර්වතයක හැපුනු විට කෙතරම් දැඩි රළ පහරක් වුව, බිඳී සුනු විසුනු වී යන බැව් ඔබ නොදැන ඉන්නට ඇත. ගෝෂා කරමින්, ඔබ මොබ හැපෙමින් අවට පිරිස් හටද දනවමින්ම ඔබ මා වෙත පැමිනියේ මා පෙරලා දමන්නටම බැව් මා හොඳාකාරවම දනී.

සැබැවින්ම ඒ රළ ගෙඩි බෙහෙවින් ප්‍රචන්ඩ බැව් මට පෙනිනි.මට හොඳින් දැනිනි. කුමන රළ පහරකට වුව අමාරුවෙන් ගොඩ නැගූ මා නම් පර්වථය පෙරලා දමනවාට මසිත ඉතාම අකමැතිය.

සිත දැඩි විය. කුරිරු විය. සැර පරුෂ හඬින් පෙරලෙමින් ආ නුඹ නම් රළ පහල මා වෙත හැපුනු තප්පරයෙන් සීයෙන් පංගුවක නිමේෂයෙන් බිඳී යන්නට විය. රළ තවත් අකීකරු විය. පරාජය බාර ගන්නට අකමැතිම විය. නැවතත් පෙරටත් වඩා කුරිරු ලෙස මා සුනු විසුනු කර දමන්නට තැත් කරන්නට විය.. පර්වතය පෙරලා සුනු විසුනු කර දමන්නට නුඹ පරිනත මදිය. පුංචි රල ගෙඩි මහා ගන පර්වතයකට කුමක් කරන්නද? සිසිලස දෙන්නටනම් හැකිය. ඒ හැර වෙන කිසිවක් කල නොහැක. දෙවන ප්‍රයත්නයේදී පර්වතය ඉතා දැඩි විය. සැඩ රල පෙර කෑලි කෑලි කරමින් කුඩා බිඳිති බවට සුනු විසුනු විය.

නුඹ සමා නොදෙන වග මා නොදනිමි. නමුදු මා වරදක් නොකල බවද මා දනිමි. සිදුවන්නට තිබූ විශාල විනාශයක් මෙතැකින් නිමවීම ස්වප්නයකි. පුංචි අතුල් පහරක් නිසා රෝස කම්මුල් නිල් පැහැ වූවාට සැකයක් නැති. නමුදු, ඒ වේදනාව මෙන් සිය දහස් ගුණයක වේදනාවක් මසිතේ තවමත් ඉතිරිව ඇත. ඒ නුඹට රිදවූ පවට සහ, මාගේ ගුරු දෙවිවරුන් අපහසුතාවට පත් කල පවටය.

සියල්ල සිදුවී හෝරා ගනනක් ගත විය.. දින සති මාස ගනන් ගෙවී යනු ඇත. දිනයක නුඹ මා පෙනෙන මානයෙන් නික්ම යනුද ඇත. නමුදු, අද වූ මේ දෙය මසිදේ සදාකල් ශිලාවක් සේ කැටයම් වනු නොඅනුමානය. නුඹ දන්නෙහිද.. මතු කී මා සොයනා මගේ එකම ප්‍රාර්තනාව කී ඇය වෙනකෙකු නෙමේ. මාගේ be-tech උපාදියයි.

නුඹට දුකක් මෙන්ම කුතුහලයක් මෙතුවක් ලැබුනාට කමා වන සේක්වා෴ දයාබර සොයුරිය෴

නුඹෙන් මම අවසන෴ නිහඬව අයදිමි සමා හදවතින්෴ සිදුවූයේ වරදක් බැවි මම දනිමි෴ නමුදු ඔබේ වවරද නිසාම බැව්ද මම හොඳාකාරවම දනිමි෴
අවසරයි විඳ ගන්න෴ සිදුවූ සියල්ල෴ සීතල රාත්‍රියේ෴ තනිව෴ වේදනා බර සිතින්෴


@රවීන් බණ්ඩාර

Tuesday, April 29, 2014

දුකම පතාගෙන ආපු නිසා... දුකම සදා මට උරුම උනා....



දුකම පතාගෙන ආපු නිසා... දුකම සදා මට උරුම උනා....


උදේ පාන්දරම නාගරික වෙළද සංකීර්ණයට ගියෙ ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගන්න කියල හිතාගෙන.. 

අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය කීපයකුත් අරගෙන ඇවිදල ඇවිදලම හෙම්බත් වෙලා හිටපු නිසා පොඩ්ඩක් වෙහෙස නිවා ගන්නයි පැත්තකින් තිබුනු රවුම් තරප්පු පේලියෙ සුදු යකඩ වැඩට හේත්තු වුනේ.

එක එක ජාතියෙ මිනිස්සු කඩි මිඩියෙ එහෙ මෙහ ගියෙ හරියට තව මොහොතකින් වෙළද සංකීර්ණයේ සියළුම භාන්ඩ අහර වෙනවා යැයි කියන්නාක් වගේ..

කොන්ඩ ස්ට්‍රේට් කරපු අක්කල, ඇන්ටිල, ඩෙනිම් ඇදල බාට කෑලි දෙකක් දා ගත්තු පන්ති යන මල්ලිල, අගල් හතර හමාරෙ සාය කෑලි ඇදගත්තු ලිෆ්ටික් වලින් තොල් දෙක වහගෙන කියුටෙක්ස් වලින් ඇගිලි වලට විගඩම් කරපු ගෑණු ළමයි, ගවුමක් ඇදගෙන බෑග් එකක් දාගෙන පිලිවෙලකට පන්ති යන සමහර වැදගත් නංගිල, වගේ බොහෝ දෙනා ඔය අතරෙ උනා..

මේ හැම කෙනෙක්ම වගේ හිටියෙ එක එක්කෙනාට වෙන් වුනු වෙන වෙනම මානසිකත්ව වල..

මම මේ ටික ලීවෙ ඕක කියන්න නම් නෙමේ..

ඔය අතරෙ ඔතනට ආව බිම ගෑවෙන තරමට දුඹුරු පාට සායක් සහ අත අගිස්සෙන් බාගෙට ඉරුනු පැල්ලම් ඉහිරුනු ලා කොල පාට බ්ලවුසයක් ඇදගෙන අඩිය පෑදෙන්න ගෙවුනු රතුපාට කකුලෙ ප්‍රමාණෙට වඩා කුඩා සෙරෙප්පු දෙකක් දා ගත්තු, කොන්ඩෙ අවුල් වුනු, කණේ කරාඹු දෙක වෙනුවට පුංචි කෝටු කෑලි දෙකක් ගහපු මැදිවියේ කාන්තාවකුයි, නිල්, දුඹුරු කහට ඉහිරුනු කහපාට ටීෂර්ට් එකකුයි, සුදු වෙන්නම පාඩ පිච්චුනු වාටියෙ පැත්තක් ලිහුනු ශෝට කලිසක් ඇදල, ඔහේ වැවුනු තෙල් ටිකක්, පනාවක් කාලෙකින් නොදැකපු අවුල්වී ගිය හිසකෙස් වලින් හෙබි වයස අවුරුදු 8ක විතර පුංචි එකෙකුයි.

විස්වාස කරයිද මන් දන්නෙ නෑ.. මේ දරුව දාගෙන හිටපු ඒ නිල්පාට බාට කෑලි දෙකේම විළුඹ ගාවින් අගල් එක හමාරක විතර විශ්කම්භයක් ගත්තු විශාර සිදුරු දෙකක්.. 

ඔහු පොලවට අඩිය ලගසන විට විළුඹ කෙලින්ම බිම වදිනව..
මට මතක් උනේ මීට ටික දවසකට කලින් අපේ අල්ලපු ගෙදර සිදුවූ සිදුවීමක්...

උවුන් ටිකක් යමක් කමක් තිබෙන පවුලක්..

පාසැලේ  8 වසරේ ඉගෙනුම ලබන ගැහුණු ළමයකු ඔවුන්ගේ බවුලේ එකම දිරුව. ඇයගේ සපත්තුවේ ඉදිරියෙන් අඩිය තබන විට නැමෙන තැන පුංචි පැලීමක් සිදුවූවා කියා, ඔවුන් එවලේම ටවුන් එකට ඇවිත් රුපියල් දහස් ගනනක් වටිනා සපත්තු ජෝඩවක් ගෙනැවිත් දුන්නේ ඒ පුංචි මිලි මීටර දෙකේ පැලීම ඇයට අගෞරවයකැයි සිතා මෙනි..

මෙවන්  දේ සිදුවන සමාජයක මෙවැනි අසරණ උනුත් ජීවත් වන වග මට සිදුනේ සිතට මහා සන්තාපයක් එක් කරන ගමන්...

අම්මෙ... මට බඩගිනී...

මම හේත්තු වී සිටි සුදු යකඩ වැටටම හේත්තු වුනු මැදිවියේ ගැහැණියගෙන් පුංචි කොළු පැටියා ආයාචනාත්මක ඉල්ලා සිටියේ කුසට අහරකි.. බැලූ බැල්මෙන්ම ඔවුන්ට රජ බොජුන් බුක්ති විදීමට වත්කම් නැති..

කන්ඩ ගත්තොත් අපට මෙහෙ තමයි ඉන්ඩ වෙන්නෙ.. දැන් තාත්ත බලල අත්තම්ම එයි ඉස්පිරිතාලෙ ඉදන්.. අත්තම්ම ආවම බලමුකො.. ම්...

දෙයියනේ.. මෙච්චර දුප්පත් අසරණ මිනිස්සුන්ටමයි කරදර..

මට එහෙම හිතනෙ ඒ ජීවිත වල තිබුනු මහා දුක් අදෝනා වලින් අල්පයක් හෝ මගෙ දෙසවනට වැටුනු නිසා...

ඒ අතරෙන ඈතින් පේන ප්ස්ට්‍රි ශොප් එකේ මේ වයසෙම පුංචි එකියක් මයිලෝ එකක් බිබී, සබ්මැරීන් එකක් ගිල දමන අයුරු ආසාවෙන් කුසට අත ගසාගෙන පොඩි එකා බලාගෙන ඉන්නව දකිද්දිනම් මගෙ පපුව හෝස් ගාල ගියා...

ඇත්තේ එසේය... නැත්තෝ මෙසේය... කියා මට සිතුනේ ඇස් ඉදිරිපිටම දැකපු මේ වික්ශිප්ත දසුන් නිසාමය...

පුංචි එකා දෑස් දල්වා බලන් ඉදල බම් බලා ගත්තෙ මහා ලොකුවට සුසුමක් පිට කරන ගමන්..

ඒ සුසුමින් මලා ලොකු කතා ගොඩක් නොතේරුම් කමට මුත් පොඩි එකා පිට කල වගනම් මට හොද හැටි තේරුම් ගියා..

සමා වෙයන් පුතේ.. මගෙ අතෙත් සල්ලි නෑ.. තිබුනු අන්තිම සතේටත් බඩු ගත්ත... මම එතනින් පිට උනේ.. මටම එහෙම කියා ගන්න ගමන්...

සටහන්: @රවීන් බණ්ඩාර. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

Sunday, April 27, 2014

සුගන්ධි෴





එදා ගොඩක් සෙනග පිරුනු විද්‍යාලයීය ප්‍රධාන ශාලාව බොහොම කලබලකාරී ස්වභාවයක් ගත්ත෴

අහම්බෙන් නෙත් අභියසට පැමිනි  නන්නාදුනන ඔය දෙනෙත් දෙස, තප්පරයක් බලා සිටියේ පෙර කුමන හේ දිනක ඔබ දැක හුරු පුරුදුය යන වග මසිතට දැනුනු නිසාමයි෴

අවිහින්සක හිනාවකින් ලෝබ නැතිව සංග්‍රහ කර බෝනික්කියක වගේ උඩින් උඩින් ඇවිදන් ගිය ඔයා නොපෙනී යන තුරුම මම බලා සිටියෙ ආයෙ එක වරක් හෝ දකින්න ඇත්නම් කියල මගෙ හිතටම තනියම කියා ගන්න ගමන්෴

ටික දවසක් ගෙවිල යද්දි අළුත් පන්තිය පටන් ගත්තෙ මොකක්දෝ අමුතුම අළුත් හැඟීමක් හැම හිතකටම එකතු කරන ගමන්෴

ගුඩ් මෝනිං අයියෙ෴ 

අසලින් ඇසුනු සියුම් කෙඳිරිල්ලට විදුලි වේගෙන් මම ඔලුව කැරකෙව්වෙ හඩේ තිබුනු පුරුද්දකටම නෙමේ. පරන පන්තියක දන්න කියන කෙනෙක්වත් මේ පන්තියෙ ඉන්නවද කියන සැකෙන්. මොකද එහෙම ඉන්නවනම් අළුත් පිරිසක් අතරෙ ඒක ලොකු හයියක්නෙ හිතටත්෴

තප්පර ගානකට මට කතා කර ගන්න බැරුව ගියෙ නම් ඇස් අදහ ගන්න බැරිව ගිය නිසාමයි.

 ගුඩ් මෝනිං නංගි෴ 

ඈ වෙන කවුරුත් නෙවේ. පෙර කී හුරු පුරුදු බෝනික්කියමයි෴

අහම්බෙන් නමුත් ඈද එදා ඇවිත් තියෙන්නෙ මා තේරී ඇති පාඨමාලාව හැදෑරීමටයි කයන එක දැන්නම් මට සක්සුදක් සේ පැහැදිලියි෴

අහ්෴ ඔයත් මේ ක්ලාස් එකේද෴

ඔව් අයියෙ. ඇයි.෴

නෑ නිකන්෴

 බොහොම අගෙයි, මල් හතයි, එළම තමයි වගේ වදනක් කටින් පිට වෙන්න ආවත් ඒක නතර කර ගත්තෙ මේ මොන පිස්සෙක්ද යන මානසිකත්වය ඇයිට උරුම කර නොදීමේ අදහසින්මයි෴

කාලය ගෙවී ගියේ ඊයක වේගෙන්... ඒත් මට ඒ කාලය නම් බොහොම සුන්දර උනා.. මාසයක් විතර ඇගේ සුවද දැනෙන මානයට වෙලා මම ආසාවෙන් ගත කලේ හිතේ මෝදුවෙන මොකක්දෝ හැගීමක් තනිවම මම තේරුම් ගන්න උත්සාහ කරන ගමන්.෴

අයියෙ.. ඔයා අද හරි වෙනස්.. ඇයි මේ.. මොකක්හරි ප්‍රස්නයක්ද ඔයාට..
ඇයි දිනක් එක්වරම ප්‍රශ්න කලේ මාව දෙතුන් පාරක් කරකවල අතහැරිය ගානට මගෙ මානසිකත්වට එක් වරම නතර කරල දාල වගේ.෴

ඇත්ත. මම මේ ටිකේ ඉන්නෙ තේරුම් කර ගන්න බැරි මොකක්දෝ හිතේ උපදින හැගීමක් එක්ක සටන් කර කර. ඒත් මම කොහොමද ඒක ඔයාට කියන්නෙ. ඒ නිසාමයි මම නෑ මුකුත් නෑ නංගි... කියල එතනින් ශේප් උනේ.෴

ඒත්.. ඔයා මාව අතාරින පාටක් නම් නෑ වගේ.. ආයෙ ආයෙත් පුන පුනා අහපුවම නම් මට මගාරින්නම බැරි උනා.. ඒකයි මම ඒ හැගීම වචනෙට පෙරලුවෙ.෴

මම ඔයාට ආදරේ කරනව. මගෙ හිතේ ඔයා ගැන ලොකු කැමැත්තක් තියෙනව෴

මම එහෙම කීවෙ නිකම්ම නෙමේ. මගෙ මුලු ජීවිතේටම ඔයාගෙ නමින් අරමුණක් ගොඩනගා ගන්න ගමන්. ඒත්,

කිඹුල කනව ඉවසුවැකි. කොහිල කටු ඇනෙන ඉවසන්න බෑ... කියන අතීත කියමන සත්‍යක්ම කරේ ඔයාගෙ ප්‍රතිචාරයමයි෴

අයිම් සොරි අයියෙ., මට ඔයා ගැන හිතන්න බෑ. මගෙ හිතේ ඔයා ගැන ආදරයක් නෑ. මගෙ හිතේ ඉන්නෙ ඔයා වගේ කෙනෙක් නෙමේ෴

ඔයා මෙහෙම කීවෙ කොහොමද කියල මම දන්නෙ නෑ.. ඒත් මම දන්නෙ මෙච්චරයි. අරක්කු ටිකක්, සිගරට් එකක් කටේ ගාන්නෙ නැති, සල්ලාලයෙක් නොවෙන, වැදගත් පවුලක ඉපදුනු මම නෙමේනම් ඔයාගෙ හිතේ ඉන්නෙ, කුඩු කාරයෙක්, ගන්ජ කාරයෙක්, එහෙමත් නැත්නම් හොද බේබද්දෙක් හෝ සල්ලාලයෙක් වෙන්නම ඔනෙ. ඒක මගෙ හිත මට සත්ත දීල කියන දෙයක්෴

ඇස් වලට කදුලු මෙන්ම හදවතට මහා වේදනාවකුත්, හිතට මහා බරකුත් ඉතිරි කරල ඔයාගෙ ආදරේ ඔහෙමම නැතිවෙලා යද්දි මටත් නොදැනි මම ලෙඩෙක් උනේ ඔයා ගැන හිතලමයි කියල මම දන්නව. ඒත් මම කොහොමද කියන්නෙ ඒකට හේතුව ඔයාමයි කියල. මොකද ඔයා තමයි හිමි උනත් නැතත් මගෙ ජීවිතේ෴

ඔයා දන්නෙ නෑ. රෑ එලි වෙනකම් ඇස්වල කදුලු පුරෝගෙන අඩල අඩල, උදේට ඔයාට පේන්න හිනා වෙලා ඉන්න වාර අනන්තයි෴

කාටවත් නොකිය පෙන්න හොද තත්වෙන් හිටියට දැන් මම ලෙඩෙක්..
ඇත්තම කීවොත් මානසිකව මම ගොඩක් පීඩා විදිනව෴

මම එක දෙයක් දන්නව෴

ඔයා මේක කියවන්නෙ නෑ.. ඒ නිසාමයි මේක ලිව්වෙ මම.
ඒ වෙන හේතුවකට නෙමේ෴

මේක කියවන අය අතරත් ඔයා වැනි අය ඇති෴

එයාලගෙන් මම ඉල්ලන එකම දේ෴

කවම දාකවත් අවංක ආදරයක් රෑපෙ, තරාතිරම, දුප්පත් පෝසත්කම, කුල මල නිසා නැති කර ගන්න එපා෴

එතනදි ඇත්තටම වෙන්නෙ මුලු ජීවිතයක්ම නැති වෙන එක..
ආත්ම ගානකටවත් මම ඔයා එක්ක තරහ නෑ෴

මම ඔයාගෙ ගෞරවය වෙනුවෙන් ඔයාට පේන්න වෙන ගර්ල් ලට ටෝක් කරනව වගේ පෙන්නන්නෙ ඔයාට ඒක සතුටක් වෙවයි කියල හිතල෴

ඔයාව මම හිතින් අමතක කරල කියල ඔයාට එතකොට දැනන නිසා෴

මම නිසා ඔයා තප්පරයකටවත් හිතේ බරක් තියා ගන්න ඕනෙ නෑ෴

ඔයා හිමි නොවුනට ඔයාට මම ජීවත් වෙන තුරාම ආදරේ කරනව.. ඒත් ඒක ඔයා දැනගන්න ඕනෙ නෑ෴

පිස්සෙක් මෝඩයෙක්, සමහරක් විට සල්ලාලයෙක් විදියට පෙනෙන මාව ඔයාට ඒ විදියටම පෙන්නල ජීවත් වෙන කාලයක් ඔහේ තනියම ඉදල, යන තැනකට තනිවම යන්නයි දැන් මට ඕනෙ෴

ලොකූ බලාපොරෙත්තු නෑ.. ලොකූ ආසාවල් නෑ෴

තියෙන්නෙ එකම එක අභිප්‍රායක් පමනයි෴

ඔයාගෙ මංගල දවස පුලුවන් උනෙත් මගෙ අතින් චායාරූප ගත කිරීම.. මගේ ගානෙ..

ඔයා හිතන්නෙවත් නැතිවෙයි෴

මම ඔයාගෙ මංගල දිනේ චායාරූප ගත කරන එක තමයි මගෙ අන්තිම මංගල චායාරූපකරණය වෙන්නෙ෴

ඔහුගෙ සුරතෙ වෙලී ඉන්න ඔයාගෙ දෑත් මට අහිමි උනේ මොන පවටද කියල එදාටත් මට තප්පරේකට හරි හිතෙයි.. ඒකට කමක් නෑ෴

එදාට ඔයා ඇස්වල සතුටු කදුලු පුරවන් මංගල ගමන යද්දි මම කදුලු පිරුනු ඇස් වලින් කැමරා කාචයෙන් ඔයා දිහා බලල, ඔයාගෙ සුන්දර මූන එකවරකට වැඩි වාර ගනනක් කැමරා කාචයෙන් නාඹි ගත කරන්නෙ ගොඩක් ආසාවෙන්෴

මොකද ඔයාගෙ ජීවිතේ මෙන්ම මගෙ ජීවිතෙත් අවසන් සොදුරු හෝරාවල් කීපය ඒ මොහොතෙන් ගෙවී යන බව මම දන්නව..
මොකද.......................

ඔයා කාව විවාහ කර ගත්තත්....., මම තරම් ඔයාට වෙන තවුරුන්වත් ආදරේ කරන්නෙ නෑ෴

ඒ නිසාම එකම එක දවසකට හරි ඔයාට මාව, මගෙ ආදරේ මතක් වෙනව.෴.....

ඒ දවස වෙනකොට, මා මේලෝකෙන් සමු ගෙන සිටීවි සුගන්ධිකා.෴.

ප.ලි:
අවවාදයයි:  අනුකම්පාවක් ලබාගෙන ආදරය සිගමන් යැදීම යනු සැබෑ ආදරයක් හිමි කර ගැනීමක් නොවේ෴

ඉල්ලීමයි: පුරුද්දකට වගේ ජීවිතයේ බොහෝ සිදුවීම් කිවියට, කතාවට නැගුවද, මෙයින් අනුකම්පාවක් කිසි සේත් බලාපොරොත්තු නොවෙමි෴

විශේෂයි: මෙය හුදෙක් නිර්මාණයක් ලෙස පමනක් සලකන්න෴
@රවීන් බණ්ඩාර


Sunday, April 13, 2014

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා෴!!!

2014 සිංහල හින්දු අළුත් අවුරුද්ද 
සියළු පැතුම් ඉටුුවන, සාමය සතුට සෞභාග්‍යය සපිරි 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා෴!!!