ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Thursday, January 9, 2014

පිනි මත බඹරු 10 වන කොටස




ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකකද?
ඒ ජීවිතේ ආදරේ කියන්නෙ මොකක්ද?
ජීවිතේ පළමු පාරට, කන්න අඳින්නවත් නැති අන්ත අසරණ මම කෙනෙකුට අවංකවම ආදරේ කලා..
ඒත්,
ඒ තරම් මම ආදරේ කල නිසාද එයාට මාව විහිළුවක් උනේ....
සල්ලි තියෙන මිනිස්සුන්ට අපි වගේ අසරණ මිනිස්සුන්ගෙ ජීවිත විනෝද වෙන්න හේතුවක්ද?
ඇයි, ඇයි ‍මගෙ අවංක අහිසක ආදරෙත් එක්ක ලෝචනා ලංසු තිබ්බෙ?
ජීවිතේ පළමු වරට මට මම ජීවත් වෙනව කියල හැඟීමක් හිතට දැනුනෙ... ඒත්, දැන් මුළු හිතම පාළු සොහොන් පිටියක් වගේ...
පපුව ගැඹුරෙන් හට ගත්තු කියා ගන්න බැරි අමුතුම වේදනාවක් නහර පුරා දිව යනව වගේ මට දැනෙන්න උනා..
ලෝච........,
සජ්ජ දෑසෙහි කඳුළු පුරෝගෙන මගෙ දිහා බලාගෙන හිටියෙ ගොඩක් අසරණ විදියට කියල මට තේරුන..
කේස් එකක් නෑ බන්... මම ගෙදර යනව... දැන් ක්ලාස් ඉන්න බෑ බන්... අනික අතේ සල්ලි තිබිලත් නෙවේ ආවෙ.. ආයෙ ඉතින් කාව බලන්නද තව හිටිය කියල....
මට ඉබේට කියවුනාට මොකද ඒ කථාවට සුජා ගෙත් ඇස් වලට කඳුළු ආව බවනම් මම හොඳටම දැක්ක...
ලෝචන..
මා ආපහු හැරෙද්දි සුජා කථා කරේ කුමක් හෝ බැරෑරුම් දෙයක් කියන්න බව නම් මට සුජාගෙ කටහඬින්ම තේරුනා...
ලෝචන... මේ දේවල් මමත් දන්නෙ ඊයෙ... මම ගොඩක් දුක් උනා මේ දේ අහල... ඇත්තටම ලෝචනා වැරදියි... ගොඩක් ලොකු වරදක් එයා කරල තියෙන්නෙ.... ඒත්
ඇයි ඒත්, උඹල ඔක්කොම බබාල... ඇයි ඒත්.... කියනව ඉතුරු ටිකත්, දැන් වෙන්ඩ ඕනෙ ඔක්කොම වෙලා ඉවරයි‍... දැන් හංගන්ඩ දෙයක් නෑ... කියනව සුජා.. මොකද ඒත්,
සජ්ජ සුජට කඩා පැන්නෙ රකුසෙක් වගේ... ඇත්තටම සජුජ හිටියෙනම් ගොඩක් කේන්තියෙන්... මොනව උනත් කට හැකර උනාට සජ්ජ කියන්නෙ දුකේදි බොක්ක උනත් දෙන යාළුවෙක් කියල අපේ සෙට් එකම දැනගෙන හිටියෙ ගොඩක් ඉස්සර ඉඳන්මයි...
සජිත්, ඔයා මට බැන්නත් ගැහුවත් මම තරහ නෑ.. මොකද ලෝචනට සිද්ද වෙලා තියෙන අසාධාරණේට මමත් වචනෙකින් හරි සම්බන්ද උනානෙ... මේකයි... මේ හැමදේම ප්ලෑන් කරල තියෙන්නෙ ඔයාගෙ අර කළු ගර්ල්...
මොකක්, අර කළු දෑවි...... සජ්ජ ප්‍රස්න කලේ ඇස් උඩ තියාගෙන... ඇත්තටම මටත් පුදුම හිතුන..
මම මොන වරදක් කලාටද එයා මට මෙහෙම කලේ සුජා........
මම අහපු ප්‍රස්නෙට සුජා ලඟ අත්තරයක් නැති වග මට තේරුනේ සුජා අපහසුවෙන් බිම බලා ගත්තමයි...
හරි... මම බලා ගන්නම්කො, ඔය දැලි හාවි ගැන... යකෝ... මුන්ට ජීවිත කියන්නෙ සෙල්ලම් බඩුද? අවංක කොල්ලන්කෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න... ඕකි මගෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නෙ..
සජ්ජ කෑ ගැහුවෙ ඇත්තටම කියල මම දැනන් හිටිය... හිතේ කොච්චර දුක තිබුනත් මම නිසා සජ්ජ අමාරුව වැටෙනකම් බලාගෙන ඉන්න බෑ.. තරහට මූ ඒ කෙල්ලම කම්බුල් පාරක වත් ගැහුවොත්? එතනින් එහාට ප්‍රස්න කෝටියයි...
හරි බන්... ඕව අත් ඇරල දාපන්....
මට නැති උනේ මට ආදරේ නැති එකියක්... ඒකිට නැති උනේ ඒකිට පණටත් වඩා ආදරේ කරන එකෙක්...
යමන්... අද අපි අපේ දිහා යමු...
සජ්ජත් ඇදගෙන මම ගෙදර එන්ඩ ආවට මොකද හිතේ එවෙලෙට ඇතිවුන දෛර්්‍යය හේදිලා යන්න උනේ ලෝචනාව ඇස් ඉදිරියට එනව දැක්කමයි.........
ලෝචනා.................... මට නම කියවුනේ අහම්බෙන් වගේ....මොකක්.. ලෝචනා.. ගැඹුරු කල්පනාවක සිටි සජ්ජ මගෙ මූණ දිහා බැලුවෙ ලෝචනාගෙ නම කියනව ඇහිල වෙන්න ඕනෙ...
ඔව් බන්... අර...
අපි ඉදිරියන් මීටර් කීපයක් ඈතින් නැවතිල මූනෙ පුළුටු කරන් දුකෙන් වගේ අපි දිහා බලන්  හිටියෙ, විභාග ශාලාවෙදි කට පුරා හිනා වෙලා, ආදරෙන් මා එක්ක කථා කරපු ලෝචනාමද කියල මට මොහොතකට හිතුන...
ආදරේ විඳින විඳවන සුවඳ අරන්..
අපි ආයෙත් හමුවෙමු..
පිනි මත බඹරු 11 වන කොටසත් සමග
ඔබගේ අදහස් අපට කියලම යන්න..

ටියුෂන් ගමනේ අසම්මතය෴

තරුණ පරපුරේ සියල්ලන්ටම යථාර්ථය තේරුම් ගැනීම වස් මෙසේ උපුටා දක්වන්නෙමු...

සිතේ ඉපදෙන ආදරයක් ප‍්‍රකාශ කරගන්න ඔබ මොන තරම් වෑයම් කරනවාද. සිත ගිය පෙම්වතියගෙන්, පෙම්වතාගෙන් ලැබෙන පිළිතුර ඔබට මොනතරම් වටිනාකමක් තියේද? ඔබේ ආදරය පෙම්වතිය පිළිගතහොත් ඔබට මුළු ලෝකයක් දිනුවා හා සමානව දැනේවි. ආදරය ඒ තරමට ගැඹුරු ද? ‘ඔව් හදවත පුරාවටම ගැඹුරුයි’ ඔබත් පිළිගනීවි.

එදාට වඩා අද සෑම අතින්ම රට ලෝකය දියුණුයි. ඒ නිසා දුරකථන ඇමතුම, එස්.එම්.එස්. පණිවුඩය අද ආදරයේ මාධ්‍යකරුවා බවට පත් වී තිබේ. ලෝකයේ මොන කෙළවරක සිටියත් ආදරය නිදහසේ විඳින්නට දුරකථනය සෑදු අප ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ටත් මේ පින් අනුමෝදන් විය යුතුයි. ඇතැම් විට ග‍්‍රැහැම් බෙල්වත් ඔහුගේ දුරකථනය මේ තරම් වෙනසක් කරාවි යැයි නොසිතන්නට ඇති.

හමු නොවුණත් දුරකතනය දෙපළක් අතර කරන බැඳීම මොනතරම් නිදහස් ද? ආදරණීය දෙපළක් මග තොට අත්පටලවාගෙන යාම අද අරුමයක් නොවේ. එහෙත් එයම ඔබේ නිදහස ද? ආදරය විඳින්නට මොන තරම් ආශාවක් ඇත්ද? මේ සියලූ දේට සීමා තිබේ. ඒ සීමා තෝරා බේරාගෙන ඔබට ආදරය කිරීමට පුළුවන.

රුපියල් 750, 800 ට 1000 ට කුලියට දෙන කාමරයකට ඔබ දෙපළ ගොඩවීම පිළිබඳ සමාජයේ පවතින මතය කිසි විටෙක සුබවාදී නැත. කාමරයක තනිවන දෙපළක් අතර පුද්ගල ස්වභාවය හැඟීම්, සිතිවිලි අනුව බොහෝ දේ සිදුවිය හැකිය.

කාමරයකින් පිට ඔබට නිදහසේ කතා කරන්නට, නිදහස විඳින්නට පොදුවේ බොහෝ දෙනෙක් මං මාවතක්, බස් හෝ දුම්රිය නැවතුමක්, පොදු ප‍්‍රවාහන සේවයක්, චිත‍්‍රපට ශාලාවක්, මල් වත්තක්, උද්‍යානයක්, මුහුදු වෙරළක් තෝරා ගනියි. අදාළ තැන අදාළ ආකාරයට, ආදරය විඳීම ගැටලූවක් නැත. ඔබ දෙපළට තැනක් නොතැනක් වන විට ගැටලූ ඇති වීමට ද පුළුවන. මේ කෙසේ හෝ වේවා සීමා දැන ආදරය කිරීමට කවර තැනක් වුව බාධාවක් නැත.

අහිංසක ආදරවන්තයන්ට මේ සියලූ තැන් රජ මාලිගා බව අපි දනිමු. කෝටිපතියන් ආදරය කිරීමට ලොකු තැන් සොයා ගියත් අහිංසක ආදරවන්තයන්ට මහ මග බස් නැවතුම, මුහුදු වෙරළ පුදුමතරම් වටී. දුවිලි නාගෙන, ඇතැම් විට ආදර ගඟ ගලා බසී.

ආදරණීය පෙම්වතුන්ට ස්වභාවයෙන් ලැබුණු තෑග්ග මුහුදු වෙරළ යැයි අපි සිතමු. රළ එකින් එක ගොඩට ඇදෙයි. එක රළක් එන විට තව රළක් මතුව එයි. රළ පෙරළුමේ නිමාවක් නැත. බලා ඉන්නට ඉන්නට ඇතිවීමක් ද නැත.

හාත්පස සිසාරා සුළං රැළි හමා එයි. අහස - මුහුද යාකළා සේ පෙනෙන ක්ෂිතිජ මායිමේ මහා නෞකාවක පුංචි සේයාවක් නෙත ගැටේ. මේ වෙරළ බිම සරුවට වැඩුණු වැටකේ මුලක්, නැත්නම් ගල් පරයක්, වැලි තලාවක් අසල ආදරයට මොන තහනමක්ද? සියල්ල ස්වභාවයෙන් ලැබුණු දේයි. නමුත් ස්වභාවයෙන් ලැබුණු දායාදය ළඟ ආදරය විඳින පෙම්වතුන්ටත් දැන් බොහෝ බාධා තිබේ. ආදරය විඳින අය සියලූ බාධක වලට මුහුණ දෙනවා හැර බාධක මේ මේ යැයි ප‍්‍රසිද්ධ කරන්නට යන්නේ නැත. මේ පිළිබඳ ලැබෙන ඇසෙන ආරංචි මත අපි පසුගිය දා දෙහිවල, ගල්කිස්ස, වෙරළෙහි ඇවිද ගියෙමු. ඒ ගමන අහිංසක ආදරවන්තයන්ට බොහෝ යහපත පිණිසය.

මුහුදු වෙරළෙහි දියනාන බාල, වැඩිහිටි, තරුණ මහළු විශාල පිරිසකි. ‘මොන තරම් නිදහසක් ද? දුක් කරදර මැඩගෙන සිනහ වන, සතුටු වන තරම්’ අපටද නොසිතුනා නොවේ. ඒ අතරේ විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ද වැල්ලට වී අව්ව තපිති. කුඩා කඩ දමාගත් අයද, අඹ, අන්නාසි වෙළෙන්දන්ද බේසම්වල හා බෑග් වල දමාගෙන එකිනෙකා අසලට ගොස් වෙළෙඳාම් කරති. තවකෙක් පෝනියකු වෙරළට ගෙනැවිත් ඌ පිට සංචාරකයන් රවුමක් එක්කගෙන යයි. මේ අතර ගල් පර මත වැටකේ පඳුරු අසල සෙවණට තුරුළු වී ආදරය විඳින පෙම්වතුන්ද විශාල පිරිසකි. කිසිවකුටත් කරදරයක් නැති පරිසරයක් බැලූ බැල්මට වෙරළහි පෙනේ. පොලීසියේ තරු පැළඳි මහත්වරුද නිල ඇඳුමෙන් වෙරළට එනු යනු අපට පෙනේ. සියලූම දේ අතර ආරක්‍ෂාව, නිදහස පමණට ඇති බව නොහැඟුණාම නොවේ.

නිදහසේ ආදරය විඳින තරුණ පිරිස අසළට අපි ගියෙමු. ඇතැමෙක් බර කතාවකය. තවත් අය හැඟුම්බර කතාවකය. තවකෙක් සිනහ මුසුවය. ඒ අතර සමහර පෙම්වතුන් බදාගෙනය. එකිනෙකා තුරුළුවීය. මුවට මුව ළං කොටගෙනය. පොදු ජනයාගෙන් මදක් ඈත් වූ මේ වෙරළ තීරයේ ඔවුන්ගේ ආදරයට බාධාවක් නැත. මීටර් 10-15 පමණ ඈතින් ඈත පෙම්වතුන් සිටින මානයේ ගල් පර උඩ, වැටකේ පඳුරු අසළ ගැවසෙන පිරිමි අයද කිහිප දෙනෙකි. ඔවුහු මුහුද දෙස බලා සිටිති. නමුත් කිසිවකුට හොරා බදාගෙන සිටින යුවළක් දෙස ද බලති. ඇතැමෙක් වැටකේ පඳුරක් මතට බරදී නිදහසේ සිටින සෙයකි. නමුත් ඔහුගේ ඇස වරින් වර තුරුළු කරගත් තරුණ ජෝඩු වෙතය. මුහුදු වෙරළ ගැන හොඳින් දන්නා එහි නිතර ගැවසෙන්නකුද අප සමග යයි.

අර ගල් පරය උඩ කහපාට කමිසෙ ඇඳගත්ත කෙනා දිහා බලන්නකො. එයා හැමදාම ඔය ගල් ටික උඩ ඉන්නවා.

‘එයාගෙ වැඬේ මුහුද බලන එක නෙවෙයි. මේ ජෝඩු හැමදාම මෙතනට එන අය නෙවෙයිනෙ. ඒ අය හිතන්නෙ මේ මිනිස්සු මුහුද බලනවා කියලා. අපි හැමදාම වැල්ලෙ ඉන්න අය. දැන් අවුරුදු 35 කට වැඩියි. අපි වැල්ල ගැන එන යන අය ගැන හොඳට දන්නවා. ඔය මිනිහා ඔතනට එන ජෝඩු බදාගෙන තුරුල්වෙලා කරන දේවල් බලාගෙන ඉන්නෙ.

මේ හරියට පොඩි ළමයි එනවා අඩුයි. ටි‍්‍රප් එන අයත් මේ හරියට එන්නෙ නෑ. ගල් පර නිසා නාන්නත් බෑනෙ. ඒ අය විනෝද වෙන්නෙ වැල්ලෙ එහා පැත්තෙ. ජෝඩු ඉන්න පැත්තට කෙනෙක් එන්නෙ ඒ අය කරන දේවල් බලන්න. සමහර වෙලාවට ඉතින් මෙයාලගෙ ඇඳුම් එහෙමත් හිමින් සීරුවෙ ගැළවෙනවා. හවසට හවසට ඉතින් නොහිතන දේවල් මේ අය අතරත් වෙනවා. අපි වැල්ලෙ හිටපු ජීවිතේම ඕවා ඉහේ කෙසේ ගානට දැකලා තියනවා. හැමෝම ඇඳුම් ගලවගෙන මෙතන සෙල්ලම් දාන්නෙ නෑ. පිරිසක් විතරයි.

කොහොම වුණත් ඒක එයාලගෙ නිදහසනෙ. මේ අය ළඟ කාමරයකට යන්නවත් සල්ලි නොතිබෙන්න පුළුවන්. සමහර විට තිබුණත් හැඟීම් වළක්වා ගන්න බැරි වුණාම වෙන දේ දන්නෙ නෑනෙ.

කතාව ඒක නොමෙයි. දැන් ඔය ගල් පර උඩ, වැටකෙයියා ගස් උඩ, පඳුරු අස්සෙ ඉඳන් ඕනෑ තරම් අය බලාගෙන ඉන්නවා. ඒක මේ වැල්ලෙ පුරුද්දට ගත්ත පිරිසක් ඉන්නවා. අර ගල්පරය උඩ ඉන්නෙ ඒ කෙනෙක්’
අපේ හිතවතා පෙන්වයි.

ඔය සමහර අය ඈත ඉඳන් හොඳ දුර දක්න වලින් මේ අය කරන දේවල් බලාගෙන ඉන්නවා. හෝටල් වල කාමර වල ඉඳන්, ගෙවල් ඇතුළෙ ඉඳන් වැල්ලෙ ජෝඩු දිහා ටෙලස්කෝප් වලින් බලනවා. හරියට ඉතින් ළඟ ඉන්නවා වගේ’ තරුණ තරුණියන් ගැවසෙන සීමාවේ තරුණ, මැදි වියේ හා මහළු විය ගෙවන පිරිමි පස් හය දෙනෙකි. අප අත සඟවා ගත් කැමරාව වහා කි‍්‍රයාත්මක වන විටද ඔවුහු පැන දිවුහ.

‘ඔය දුවන සමහර එවුන් මෙතනට එනවා කියලා උන්ගෙ ගෙවල් වල අය දන්නෙ නෑ. පන්ති යනවා කියලා, රස්සාවලට යනවා කියලා ගෙදරින් ඇවිත් ජෝඩු ලව් කරන දිහා බලාගෙන ඉන්නවා. ගේන කෑම එකත් ගල උඩ ලිහාගෙන කාලා ෆෝන් එකෙන් හරි පොඩි කැමරාවකින් හරි ෆොටෝ දෙකතුනක් ගහගෙන තමයි මේ අය හවසට යන්නෙ. පන්ති ගියා වගේ, වැඩට ගියා වගේ ගෙදරට රිංගනවා ඇති. මේ ජෝඩු අතරත් ඕවගෙ කතන්දර ගොඩයි. කවුරුවත් වැල්ලට එනවා කියලා ගෙදරට කියල එන අය නොවෙයිනෙ මහත්තයො.

‘‘ඔය හැමදාම ඉන්න කීප දෙනාට කාගෙන්වත් බාධාවකුත් නෑ. එයාලා ජෝඩු කරන දේවල් බලාගෙන ප‍්‍රසිද්ධියේම හරි හැංගිලා හරි අසම්මත වින්දනයක යෙදෙනවා. දවසම වැල්ලෙ තැපලා තැපලා ඔය දේ කරගෙන මෙතනින් යනවා. ගල් අස්සට වෙලා, ගල් උඩට වෙලා, පඳුරු අස්සට වෙලා, වැටකේ ගස් උඩට වෙලා අන්තිමේ අර මට කියවුණේ කරන එක තමයි මෙයාලගෙ රස්සාව. එදත් මේ වැඬේ ගල්කිස්ස බීච් එකේ වුණා. අදත් වෙනවා. කොහොම වුණත් ජෝඩු එයාලගෙ ආතල් එක ගන්නවා. මේව බලාගෙන තව විශාල පිරිසක් එයාලගෙ ආතල් එක ගන්නවා. ඒ අස්සෙ සූම් කරලා ෆොටෝත් ගන්නවා. කොම්පියුටර් වලට දාලා බෙදා හදාගෙන රට පුරා පැතිරෙනකම් මේ ජෝඩු දන්නෙත් නෑ කොහොමද වුණේ කියලා. මෙතනට ආවට පස්සේ මේ එළිමහනක් කියලා ජෝඩුවලට මතක නෑ. සමහර අය කාමරයකට රිංගුවා වගේ. ඒත් මේවා බලාගෙන ළඟ වගේම මීටර් සිය ගාණක් එහා ගෙවල් වල, හෝටල්වල අයත් ඉන්නවා.’

ඒ නිසා හිතවතුනි, පරෙස්සම් වන්න. අනතුර පැහැදිලි නේද?


උපුටා ගැනීම..
http://www.lankadeepa.lk/index.php/articles/200204

Sunday, January 5, 2014

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හෙළිදරව්ව෴

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හෙළිදරව්ව෴
 
එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පරීක්‍ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී තිබේ. අද නාසා ආයතනයෙන් පවා පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පවත්වන බව රහසක් නොවේ.

කේසිගේ වාර්තාවල විස්තර කර ඇති අන්දමට පෘථිවිය ගොවිපොළක් ලෙසට පිටසක්වළ ජීවීහු සලකති. බීජ වපුරන භූමිය සශ්‍රීක නම් දිලීර නාශක බෝ නොවන බවට ගොවියා සක්සුදක් සේ දන්නේ නම් බීජ රෝපණය කළ කුඹුරට නිතිපතාම ගොවියා පැමිණිය යුතු නොවේ. වරින්වර පැමිණ බලා ගියාට කමක් නැත.

පිටසක්වළ ජීවීන් පෘථිවිය කෙරෙහි දරන්නේ ඔන්න ඔය කියන අන්දමේ ආකල්පයක් බව කේසිගේ වාර්තාවලින් හෙළිවන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. පිටසක්වළ ජීවීන් පියාඹන පීරිසිවලින් නැතහොත් විවිධ යානාවලින් පැමිණි බවට වරින්වර තොරතුරු අසන්නට ලැබෙන්නේ තම ගොවිපොළ නිරීක්‍ෂණය කර යන්නට පිටසක්වළ ගොවියන් පැමිණි අවස්ථා සම්බන්ධයෙන් බව පැවසේ.

යූෆෝ ලොජි නමින් විද්‍යාවක් පිළිබඳව අද මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ එබැවිනි. යූෆෝ යන්න හඳුනා නොගත් පියාඹන වස්තූන් හඟවන උව්ධ්ච්ඡ්ව්ඊධ්ජ්ධ්ඡ්ච් ජ්ඹ්කධ්ව්ට් ර්ණීඕබ්ඡ්ඛ්ඊඉ යන්නෙහි කෙටි යෙදුම වේ. කවුරු මොනවා පැවැසුවද ඇමෙරිකාව වැනි බලවත් රටවලින් ලෝකයට අනාවරණය නොවන අන්දමින් මේ පිළිබඳව රහසිගතව පරීක්‍ෂණ පැවැත්වේ.

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසිගේ කියැවීම් තුළින් බොහෝ කරුණු කාරණා හෙළිවේ. අදට වසර ‍ෙදාළොස් දහස් පන්සියයකට පමණ පෙර ඇට්ලන්ටිස් මහාද්වීපය ගිලා බැසීමටත් මැල්ඩෙක් ග්‍රහයා විනාශ වීමටත් පෙර ඒවායේ විසූ ජීවීන් වෙනත් දියුණු ග්‍රහලෝකවලට පලා ගොස් තිබේ. ඇට්ලන්ටිස් දීපයේ විසූ ජනප්‍රධානියකු හා විශේෂ පුද්ගලයකු වූ රාටා සමඟ ඇට්ලාන්ටිකානුවන් පිරිසක් ඊජිප්තුවට පැනගොස් 'පිරිමිඩ' ඉදි කළ අතර තවත් කොටසක් වෙනත් ග්‍රහලෝකවලට සිය යානාවල නැඟී ගොස් තිබේ. ඒ කේසිගේ කියැවීම්වලින් හෙළි වී ඇති කරුණු සමහරකි.

ඔහුගේ ප්‍රකාශ (කියැවීම්) අනුව සත්ත්වයාගේ ආධ්‍යාත්මය විපරිණාමය වන්නකි. අෑත අතීතයේ වීනස්, මාස් සහ මැල්ඩෙක් යන ග්‍රහ ලෝකවල විසූ ජීවීහු තුන් වැනි ස්තරයේ බුද්ධි තලයක විසූවෝ වෙති.
 
මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් රිඉන්කානේෂන් ඔෆ් එඩ්ගා කේසි අඡ්ධ්ව්ඛ්ඒඅව්ඒඊධ්ර්ණීව් ර්ණීජ් ඡ්ච්ට්ඒඅ ඛ්ඒඛ්ඡ්ක යන කෘතියේ දැක්වේ. කේසි කියන පරිදි ජීවීහු මට්ටම් තල හයකට අයත් වෙති.

පළමු, දෙවැනි, තුන්වැනි ආදී වශයෙන් බුද්ධි මට්ටම අනුව සය වැදෑරුම් ස්තරවලට අයත් වන ජීවීන් තම බුද්ධිතලය උසස්වන විට ඊට ඉහළ ස්තරයට ඇතුළු වේ. මේ ජීවීන්ගේ ඉහළම තලය රා (අඒ) ලෙසින් හැඳින්වේ. රා යනු පුද්ගල සංකල්පයට වඩා ශක්ති ප්‍රජනන බලවේගයක් බවටද අනුමාන කෙරේ. ඩේවිඩ් විල්කොක් එය සමාජ ස්මෘති සංකීර්ණයක් වශයෙන් ආත්මීය සමූහයක් හඳුන්වා දී තිබේ.
ග්‍රහලෝක අතර පවත්නා අන්තර් සබඳතා අනුව රා කණ්ඩායම නැතහොත් ආත්මීය කණ්ඩායම ඇතුළු එම ජීවීහු තලයෙන් තලයට මාරු වෙති.

මැල්ඩෙක් ග්‍රහයා න්‍යෂ්ටික යුද්ධයකින් පුපුරා විනාශ වීමේ අනතුර ආසන්න වෙත්ම එහි සිටි ජීවීන් බොහෝ දෙනකු ඔවුන්ගේ ගගන යාත්‍රාවල නැඟී පෘථිවියට පැමිණ තිබේ. එම මැල්ඩෙකානුවන් ඇට්ලන්ටිකානුවන් සේම ඉතා බුද්ධිමත්ය.
කේසිගේ ප්‍රකාශවල තොරතුරු අනුව පෘථිවිය වනාහි පිටසක්වළ ජීවීන්ගේ පර්යේෂණායතනයක් පමණක්ම නොවේ. පෘථිවියට සත්ත්වයන්ට ජීවත් විය හැකි ග්‍රහලෝකාන්තර සම්මත නීතියට (ඹ්ර්ණීඑ ර්ණීජ් ර්ණීව්ඡ්) අනුව අධ්‍යයනයට සුදුසුම ක්‍ෂේත්‍රයකි. විනාශ වී ගිය මැල්ඩෙක් ග්‍රහයාගේ විසූ බොහෝ ප්‍රාණීන් තමන්ට ජීවත්වීමට ඉතාම සුදුසු ස්ථානය පෘථිවිය යැයි තීරණය කර පලා ආ බැවින් අද පෘථිවියේ වෙසෙන්නෝ බොහෝ දෙනෙක් මැල්ඩෙකානුවන්ගේ මුනුපුරු මිනිපිරියෝය. මැල්ඩෙකානුවන්ට අයත් වූ පුපුරා ගිය ග්‍රහයාගේ සුන්බුන් වර්තමානයේ උල්කාපාත තීරුව වශයෙන් හඳුනාගෙන තිබේ.

මානව වර්ගයාගේ සම්භවයට සහ පැවැත්මට වසර ගණනාවකට පෙර සත්ත්වයන්ට සුදුසුම ග්‍රහයා වශයෙන් වීනස් හෙවත් සිකුරු ග්‍රහයා හඳුනාගෙන තිබිණි. එහි ජීවත් වූ මානව සත්ත්වයා නැතහොත් ප්‍රාණියා සිටියේ තෙවැනි බුද්ධි ස්තරයේය. ග්‍රහලෝකාන්තර බුද්ධිමය ප්‍රාණීන් අතර එකිනෙකාට උපකාර කර ගන්නා සම්බන්ධතා ගිවිසුමක් තිබී ඇත.
 ඒකීය නීතිය ලෙස හැඳින්වෙන එම නීතිය අනුව ඉහළම බුද්ධි තලය හය වැනි තලය ලෙස හැඳින්වේ. හය වැනි තලයේ විසූ සමාජයක ස්මෘති සංකීර්ණ කාණ්ඩය නැතහොත් සමූහ ආත්මීය ජීවීහු නිරන්තරයෙන්ම උපකාරකයෝය. ඔවුහු තම තලයෙන් පහළ තලයක සිටි ප්‍රාණීන් ඉහළ තලයකට ගෙන ඒමට කැපවී සිටියහ. තුන් වැනි තලයේ එදා සිටි සිකුරු ග්‍රහයාගේ මානව ප්‍රාණීන්ට ඔවුහු සිවු වැනි තලයට ඒමට උපකාර කළහ. තුන්වැනි තලයේ සිටි ප්‍රාණීන් සිටියේ පෘථිවියේය. ඒ අනුව වීනස් ග්‍රහයාගේ සිටි ප්‍රාණීහු පෘථිවියට ආවෝය. වෙනිසියන්ස් ලෙසින් අද එසේ ආවෝ හඳුන්වති.

මැල්ඩෙක් ග්‍රහලෝකයේ සිටියේ වීනස් ග්‍රහයාගේ ජීවත් වූ මානව ප්‍රාණීන් හා සමාන තුන්වැනි තලයේම තවත් කොටසකි. ඒ නිසා මානවයන්ට හිමි දෙවැනි ග්‍රහලෝකය වශයෙන් මැල්ඩෙක් හඳුනාගෙන තිබිණි. බුද්ධිමය චින්තනයෙන් පෙළුණු ඔවුහු න්‍යෂ්ටික යුද්ධයකින් සිය ග්‍රහලෝකය විනාශ කර ගත්තේ ග්‍රහලෝකාන්තරව පවත්වා ගෙන ආ සම්මුතියටද එරෙහිව ක්‍රියා කරමිනි. ඔවුන් එසේ කළේද සමස්ත ග්‍රහලෝකාන්තරව පිටත් වූ අහිංසක ප්‍රාණීන්ගේද විරෝධතාව මධ්‍යයේය. මේ සඳහා ග්‍රහලෝකාන්තරව එළැඹ තිබූ ගිවිසුමේද කිසියම් දුබලතාවක් වී යැයිද අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ අනපේක්‍ෂිතව එමෙන්ම ඉබේ හටගත් න්‍යෂ්ටික යුද්ධයකින් එම ග්‍රහ ලොව විනාශ වී ගියේය.
විශ්වයේ වෙනත් ග්‍රහ ලෝකවල ප්‍රාණීන්ට ද හානි කළ මැල්ඩෙක් ජීවීන්ගේ ක්‍රියාකලාපය නිසා ඔවුන්ට වෙනත් ඉහළ බුද්ධි තල යකට සම්බන්ධතා පැවැත්වීමටද නොහැකි විය. අනුන්ට පීඩා විපත් කිරීමේ කර්මය පලදීමක් වශයෙන් ඔවුන් බුද්ධි හීනතාවකට පත්ව තවත් කිසිවකුට හිංසා කිරීමටද කිසිසේත්ම හැකියාවක් නොවන අන්දමින් ඔවුහු වෙනත් ග්‍රහ ලෝකවල උත්පත්තිය ලැබූහ.

එවැනි තත්ත්වයට පත්වූ මැල්ඩෙක් වාසී ප්‍රාණීහු මෙයට වසර දහස් ගණනකට පෙර නියැන්ඩර්තාල් මානව සත්ත්වයන් ලෙස පෘථිවියට ආවෝය.

තුන්වැනි ස්තරයේ සිටි මානව ප්‍රාණීන්ට තිබූ අන්තිම ග්‍රහලෝකය මාර්ස් හෙවත් අඟහරු ග්‍රහයායි. ඔවුන් පෘථිවියට අවුත් දැක්වූ මහා පරිමාණයේ ශිෂ්ටාචාරාත්මක වෙනස්කම් පිළිබඳව රොබට් හෝග්ලන්ඩ්ගේ 'ද මොනුමන්ට්ස් ඔෆ් මාස්' සහ 'අ සිටි ඔන් ද එජ් ඔෆ් ෆෝඑවර්' යන කෘතිවල දැක්වේ. මාස් ග්‍රහලෝකයේ අඟහරුවන්ටද මැල්ඩෙක් ග්‍රහලෝකවාසීන්ට හා ඇට්ලන්තිකයන්ට තිබුණු යුද උන්මාදයම තිබුණේය. අඟහරුවෝද යුද්ධයට පිළිපන්හ. එහෙත් ඔවුහු මැල්ඩෙක්වරුන් සේ සිය ග්‍රහ ලොව පුපුරුවා විනාශ කර නොගත්හ.  
තම වර්ගයා පමණක් විනාශ කර ගත්හ. අඟහරු ග්‍රහයා මත අද අප දකින වියළී ගිය ජනශූන්‍ය භූමි විනාශයෙන් පසු ඉතිරි වූ නෂ්ටාවශේෂයන් වේ.
අඟහරු ග්‍රහයාගේ ප්‍රාණීහු අවුරුදු හැත්තෑපන් දහසකටත් පෙර සිටම පෘථිවියට එති. සම්බන්ධතා පවත්වති. පෘථිවියේ පැලපදියම් වූ ඔවුන්ගෙන් පෘථිවියේ පවත්නා දෙවැනි ස්තරයට අයත් ඉහළ මට්ටමේ ශාඛා සහ සිවුපා සතුන් මේ ගණයට අයත් බව හඳුනාගෙන තිබේ.

කේසිගේ වාර්තා පිළිබඳව මේ අන්දමේ පරීක්‍ෂණ පවත්වා තොරතුරු අනාවරණය කර ඇති පර්යේෂණවල වාර්තා අනුව පෘථිවිය ජෛව විවිධත්වයට අයත් වන්නේ ඔය කියන අන්දමේ වෙනත් ග්‍රහලෝකවලින් පැමිණ පදිංචිව සිටින නිසාය.
එකිනෙක ජාතියට වෙනස් මානව හැඩරුව ඇත්තේද එබැවිනි.

පිටසක්වළ ජීවීන් කී විටෙක අපට සිහි ගැන්වෙන්නේ එකම රූපකායක් ඇති කණ්ඩායමකි. එහෙත් පෘථිවි තලය මත වෙසෙන මානවයන් ගත් කල එක එක වර්ගයට අයත් විවිධ රූප ස්වභාව ඇත්තන් බව හඳුනාගෙන ඇත්තේ විවිධ ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ සම්භවය හා පරිණාමය නිසා බවද ඒ වාර්තාවල දැක්වේ. ජානීය විවිධත්වයට උදාහරණ පෙන්වන ඔවුහු කොකේසියානුවන්ගේ පෙනුමද මධ්‍යධරණී සහ බටහිර යුරෝපානුවන්ගේ එකිනෙකාට වෙනස් ජානීය ලක්‍ෂණද එසේ දක්වති.

ආසියානු ජාතිකයන් අතරද ඒ වෙනස පර්යේෂකයෝ කැටිකර දක්වති. චීන, පිලිපීන් සහ ජපන් ජාතිකයන් අතර පෙනුමේ වෙනස් ආකාර උදාහරණ වේ.
 
මේ පිළිබඳ විස්තර කිරීමේදී චීන ජාතිකයන් පෘථිවියට පැමිණ ඇත්තේ ඩෙනිබ් නමැති තාරකාවේ සිට බවට පෙන්වා දී ඇත.
ඒ අනුව ඔවුන්ගේ ලක්‍ෂණ වෙනස්වී නැත. එපමණක් නොව ඒ ලක්‍ෂණ වෙනස් කළ නොහැකිය. ඒ මෙන් වෙනස් කළ යුත්තේද නැතැයි කේසි කියයි.

එඩ්ගා කේසිගේ කියැවීම් අනුව පෘථිවියට පිටසක්වළ ජීවීන් පැමිණ තිබේ. මැල්ඩෙක්, අඟහරු, සිකුරු වැනි ග්‍රහවාසීන් එසේ පැමිණි අතර ඔවුන්ගේ පරපුර නිසා පැවැත එන්නෝ අද මානවයෝය.
චීන, පිලිපීන, ජපන්, කොකේසියානු ආදී මානව වර්ග උදාහරණ වේ.
පෘථිවියේ මානව ජීවීන්ගේ සම්භවයට පිටසක්වළ ජීවීන්ගේ සංක්‍රමණයද පාදක වූ බව මෙහි සාරාංශය වේ.

මෙම සංකල්පීය ආගමික ඉගැන්වීම්වලටද සැසඳෙන බව විමසා බැලීම බුද්ධිමතුන්ගේ අවධානයට යොමු විය යුතු යැයි කියන්නේ එබැවිනි.
බෞද්ධ මතයට අනුව පොළොවේ ජීවීන් පහළ වීම ගැන දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණි බවය.

ඒ කතාව ඇරඹෙන්නේ කල්ප විනාශයෙනි. නැතහොත් ලෝක විනාශයෙනි. මේ ලෝකයේ සිටි මිනිසුන් අගතියෙන් කෙළවරට ගිය පසු ලෝක විනාශයට පෙර කිසියම් දේවතාවෙක් අවුත් ළඟ එන අනතුර ගැන පවසා ආරක්‍ෂා වීමට උපදෙස් දෙයි.
 
මින්මතු දින හතකින් මෘගසං වර්ෂාව ඇතිවෙන බවත් ඉන් තෙමුණ මිනිසාට අනෙක් තැනැත්තා පෙනෙන්නේ සතකු ලෙස බවත් වර්ෂාව සමඟ වැටෙන්නේ අවි ආයුධ බවත් පවසන දෙවියා ඉන්පසු මාංස ලෝභයෙන් එකිනෙකා මරාගෙන මැරෙන බව පැහැදිලි කරයි. ජීවත්වීමට කැමැත්තවුන් මේ වර්ෂාවට නොතෙමී සිටින්නට වග බලා ගත යුතු බවද පින්වන්තයන් පමණක් කවර ආකාරයකින් හෝ නොතෙමී ගැලවෙන බවද කියයි.
 
මේ මහා වර්ෂාවෙන් ඇද හැලෙන ජල කඳ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරෙන බවද එහි වෙසෙන බ්‍රහ්මයන් නෙළුම් බීජ දෙකක් ජලයට දැමූ පසු පැළවෙන බවද එසේ පැළවූ නෙලුම් පැළේ කොළ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා විහිදුණු කල ඒ දඬු දිගේ පහළට එන බ්‍රහ්මයන් දෙදෙනකුගෙන් මහ පොළොවේ මිනිසුන් ව්‍යාප්ත වන බවද අග්ගඤ්ඤ සූත්‍රයේ තිබේ.

බයිබලයේද තවත් කතාවක් සඳහන් වේ.
ලෝකයේ සාරධර්ම ගුණධර්ම, පිරිහුණු කල මිනිසුන් අතරට එන එක් ශුද්ධාත්මයක් ඉදිරියේදී මහා ජල ගැල්මක් ඇති වී මහත් විනාශයක් ඇති වන බවත් ඉන් මිදීමට කැමැතිනම් සිය ආරක්‍ෂාව සපයා ගත යුතු බවත් ඇවිදිමින් මිනිසුන් දැනුවත් කරන්නේය. සෙසු පිරිස මේ කතාව අවඥාවෙන් බැහැර කරද්දී නෝවා නම් අයෙක් මේ කතාව අදහා නැවක් ඉදිකර ඊට සියලුම සත්ත්වයන් සමඟ ඇතුළු වන්නේය.

වර්ෂාව ඇද හැලෙන කල වැඩි වන ජල කඳ සමඟ ඒ මත පාවී යන නැව ජල කඳ බැස යෑමත් සමඟ කන්දක් මුදුනේ රැඳී පසුව බියක් නොමැති බව දැන ඉන් අනතුරුව ඒ කඳු මුදුනෙහි බැස අවුත් පදිංචිවීමෙන් යළිදු ජනාවාස ඇති වේ.
 
අග්ගඤ්ඤ සූත්‍රයේ හා බයිබලයේ ඉගැන්වෙන කරුණුවල හරය ලෝකය ජල ගැල්මකින් විනාශ වී කිසියම් උස් ස්ථානයකින් අහසින් (බ්‍රහ්ම ලෝකයේ හෝ කඳු මුදුනක සිට) ජීවීන් පැමිණි බවය. කේසිගේ කියැවීම අනුම්වද හරය එයම වේ. පිටසක්වළින් ජීවීන් පැමිණි බවය.

එසේම මේ පෘථිවි තලයේම විසූ මොහෙන්දජාරෝ, මායා ආදී ශිෂ්ටාචාරවලින් වඳවී ගියවුන් පෘථිවියේම වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම ගැනද කියයි. ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළෝ එවැන්නෝය
 ඇට්ලාන්ටිස් මහාද්වීපයේ විනාශයට පෙර එහි ගිය විශ්වයේ සය වැනි තලයේ හෙවත් ඉහළම බුද්ධි මට්ටමේ විසූ රා නමැති සාමාජයික ස්මෘති සංකීර්ණ ගත හෙවත් ආත්මීය කණ්ඩායමේ රාටා නමැත්තකු නුදුරු අනාගතයේදී එළැඹෙන විනාශය ගැන ඇට්ලාන්ටිස් වාසීන් දැනුවත් කර තිබේ. ඉන් නොනැවතුණු හෙතෙම තමන් හා රක්‍ෂිත ස්ථානයකට යෑමට කැමැත්ත දැක්වූ පිරිසක් සමඟ රක්‍ෂිත ස්ථානයකට ගොස් තිබේ
 එසේ ගොස් ඇත්තේ ඊජිප්තුවට බව කේසි පිළිබඳ විස්තරවල දැක්වේ. එසේ ගොස් ඇත්තේ අදට (2013) වර්ෂ ‍ෙදාළොස් දහස් පන්සියයකට පමණ පෙරදීය.
 
අධිමානසික ශක්තියක් තිබූ මේ කණ්ඩායමේ නායකත්වය දැරූ රාටාගේ මාර්ගෝපදේශකත්වයෙන් මේ පිරිස අද ලෝකයේ විස්මිත නිර්මාණයක් වන ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළහ.
උපුටා ගැනීමකි...

Tuesday, December 24, 2013

සැමට සුභ නත්තලක්...෴

ඔබ සැමට

සතුට සාමය සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා...!!!

ෆී ගෙට් ලංකා අප හදවතින්ම සුභ පතන්නෙමු...෴

Tuesday, December 10, 2013

අසමසම නීරෝ෴


සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා චරිත ලෙසය.
 
ඔවුන් ඔබේද මගේද හිත තුල දැවැන්ත චිත්ත රූප මවා ගන්නේ හුදෙක්ම එම චිත්‍රපට වල නිශ්පාදක වරුන්ගේ විස්මය ජනක හැකියාව නිසා වීමට පුලුවන..නමුත් අවසානය ඔවුන් අපට ලබා දෙන්නේ මොනවාදැයි කිසිවෙකු විමසූහොත් අපට ඇත්තේ එකම පිලිතුරකි..
 
ඒ එය නැරබීමෙන් අපේ සිතට වින්දනයක් ලැබුවා කීමට පමනි.සැබවින්ම පිලිතුර එපමනකි.එයට හේතුව හුදෙක්ම ඔවුන් තවත් එක් මනෝ කල්පිතයක් නිසාවෙනි.
 
නමුත් අසම සම වෙඩික්කරු නීරෝ.... යනුවෙන් හදුන්වන්නේ තවත් එක් මනස් කල්පිතයක් නොව ඔබ මා මෙන් ජීවමාන වූ තවත් එක් මිනිසෙකි.ඔහු මහා වීර වරයෙකු වන්නේ ඔහුගේ අවසන් හුස්ම පොද ඔබද මාද නොව මේ රටේ මිනිසුන් වෙනුවෙන් දන් දුන් නිසාවෙනි.ඔහු නමින් රංජිත් ප්‍රේමසිරි විය.කුඩා කල සිටම රට රැකීමට ඔහු මහත් ලෙස ඇලුම් කලේය.
 
මෙම අරමුනට ඔහුට කිසි දිනක ඔහුගේ මවවූ රීටා මහත්මියගෙන් හෝ පියා වූ ජයසුන්දර මහතාගෙන් විරෝදයක් නොතිබුනි.පල්ලම මඩලානේ උපන් ඔහු ඉගනගතේ ආනමඩුව මඩලාන විදුහලෙනි.
 
ඔහු පාසල් ගමන අවසන් කර වෙනත් රැකියා දෙකක් කලේය.නමුත් තම යටි හිත වද දුන් අරමුන රට නිදහස් කරගත යුතු බව නිසා ඔහු 1991 පෙබරවාරි මස 12වනිදා ජීවිතේ 21වන වියේදී යුධ හමුදාවේ ස්වේච්ජා බල සේනාවේ සේවයට බැදුනි.
 
පසුව දියතලාව පුහුනු පාසලෙන් මූලික පුහුනුව ලබා ගජබා රෙජිමේන්තුවේ පස්වන බල සේනාවට අනුයුත වුනි.හිත කැමති රැකියාව තෝරා ගත් ඔහුට මේ වන විට ඔහුගේ හිමිකරියද තෝරාගෙන තිබුනි.ඒ නිලූකාය.ඒ අනුව 1994දී ඔහුගේ විවාහය සිදුවුනි.රංජිත් ප්‍රේමසිරි රැකියාවට ආදරේ කලා මෙන්ම ඔහුගේ බිරිදටද දැඩි ලෙස ආදරය කලේය.
 
ඔහුගේ කුලුදුල් පුතු රෂ්මික උපන් දිනයේ ඔහු මුලු ලොවම දිනුවාක් ලෙස සතුටු උනේ දෝරෙගලා ගිය පිය සෙනෙහස තම හිත තුල සගවාගෙනය.ඔහුගේ දෙවන දරුවාගේ එනම් ධනුශ්කගේ උපන්දිනය දා ඔහු මෙලෙසම සතුටු විය. 
 
දැන් ඔයාට දරුවො දෙනෙක්ම ඉන්නවා කියා රංජිත් තම දරුවන් දෙදෙනා තුරුල් කරගෙන නිලූකාට පැවසුවේය.පසුව ඔහුට දියනියකගේ සුරතල් බැලීමට හැකිවිය.ඒ දිනූපමා ඉපදුනු පසුවය. රංජිත් සැමවිටම කිව්වේ රට වෙනුවෙන් වැඩක් කිරීමට තවත් හමුදාවෙන් ඉහලට යා යුතු බවයි.

කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ඉලක්ක රාජකාරිය අකුරටම ඉටුකල සැගවුනු වෙඩික්කරුවෙකි.තම වෙඩි උන්ඩයෙන් සතුරාගේ නලල් තලය පසාරුකරගෙන යාමට එක වරම ඉලක්ක කර හැකි අසම සම වෙඩික්කරු
ඔහුයි.නීරෝ නමින් අපේ හිත දිනූ අපි වෙනුවෙන් ඉදිරියට ගිය මහා විරුවා ඔහුයි. 

රාජකාරිය කොතරම් බාර දූර වූවද ඔහු තම නිවසට දින දෙකකට වරක් හෝ සතියකට වරක් ඔහු නිවස අමතයි.ඒ තම පවුල ගැන ඔහු හිත තුල තිබූ ලෙන්ගතු කම නිසාවෙනි.
 
එදා අප්‍රියල් 27දා 11.30ට පමන රංජිත් නිවසට කතා කලේය.ඒ වන විට ඔහුගේ බිරිද සිටියේ අසනීපයෙනි."නාන්න එපා උන වැඩි වෙයි"ඔහු තම බිරිදට පැවසුවේය."මම පරිසම් වෙන්නම්.ඔයා මට වඩා පරිසම් වෙන්න"රංජිත්ගේ බිරිද පැවසීය.
 
ඔහු ඒ වන විටත් පුදුමාතලම්හි පලමු පස් බැම්ම ලග කොටි ත්‍රස්ථයන්ගෙන් මිදී පැමිනෙන ද්‍රවිඩ ජනතාවට මුවා වී පැමිනෙන කොටින් ඉලක්ක කරමින් සිටියේය.අප්‍රියල් 28වනදා වීරෝදාර හමුදාව දෙවන පස් බැම්ම අත් පත් කරගත් පසු ඔහු එතන තම ඉලක්ක ගනිමින් සිටියේය.එය එතරම් පහසු කටයුතක් නොවීය.
 
ඔහු තම ඉලක්කයක් ගතේය.නමුත් ඒ තප්පරයේදී ඔහුට නොසිතූ දෙයකට මුහුනදීමට සිදුවිය.ඒ නොසිතූ මොහොතක සැගවුනු කොටි වෙඩික්කරුවෙකු රංජිත් ඉලක්ක විය.
 
යුද බිමට යුද්ධයට කිසි විටෙකත් බිය නොවූ ඒ අසම සම වෙඩික්කරු ඔබට මටද අපේ රටේ මතු උපදින දරුවන්ටද නිදහස් නිවහල් රටක් තනාදීම වෙනුවෙන් දියතලාව ප්‍රගුන පුහුනු පාසලට යටත්ව සටන් බිමට වැද කොටින් තම වෙඩි උන්ඩයෙන් මවිත කරමින් විස්කම් පෑ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ තම අවසන් හුස්ම පොද මේ පින් බිමට පූජාකර අප්‍රියල් 28 වනදා 41වන වියේදී සදහටම දෙනෙත් වසාගත්තේය.

"එයා හැම වෙලාවෙම කීවේ මැරිල හරි කමක් නෑ දරුවන්ට රටක් ඉතුරු කරන්න ඔනේ කියන එක"යැයි ඔහුගේ බිරිද පැවසීය.කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි මියයන විටත් රන බිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රමාන්විත විභූෂන ,රණ වික්‍රම සහ රණ ශූර යන පදක්කම් වලට නිර්දේශ ලැබ තිබිනි....

ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය.විරුවනි අපි ඔබට සදා ණය ගැති........
 
මූණු පොතෙන් උපුටා ගැනීමකි