ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Monday, October 7, 2013

වාහනයට පෙට්‍රල් ගසන්නට පෙර෴෴


ඔබත් වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවද?  
සමහරු ඉන්ධනහල් වලට ගියාම වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා. සමහරවිට ඔබත් එහෙම කරනවා ඇති.  
අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක.  
ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..  
මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...  
පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු පොම්පය ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.  
මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා.  
නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය.. එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත
 ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත. එබැවින් ඊලඟ පාර ෆුල් ටෑන්ක් කරද්දී මතක ඇතුව පොම්පකරුට කියන්න පොම්පය ස්වංක්‍රීයව නැවතුනාම තෙල් ගහන එක නවත්වන්න කියලා.. (මාරු සල්ලි ළඟ තියාගන්න )  
තෙල් ගහන්න වෙලාවක් තියනවද ?  
හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..  
අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි. තෙල් පොම්ප කරන වේගය? හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්.  
නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
  ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය. හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය.. 
 බවුසරයෙන් ආපු ගමන්ම තෙල් ගහන එක හොඳද? ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
  හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා
 මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ තෙල් ටැංකියට ලබාගැනීමට හැකියාවක් තියනවා..
  මෙම ලිපියෙන් ඔබ අලුතින් යමක් ඉගෙනගත්තා නම් තවත් යාලුවන්ට දැනගන්න Share කරන්න අමතක කරන්න එපා... 
අන්තර්ජාලය ඇසුරින්

Saturday, October 5, 2013

දුරකථන පෙම




මිනිසුන්ගෙ ජීවිතවල ඉරණම මොන විදියකට විසඳෙයිද කියල අපි කාටවත් කල් ඇතිව කියන්න බැහැ... පුංචි කාලෙ ඉඳන් දහදුක් විඳගෙන ජීවිතයේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට ආවහම අපි කවුරුත් හිතන්නෙ හරි, දැන් අපිට ඕන විදියට අපේ ඉරණම විසඳගන්න පුළුවන් කියලා... ඒත්, අපි කවුරුත් නොහිතන විදියට අපේ ඉරණම අපිටම කුරිරු වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.

අකුරැස්ස, උෟරුමුත්ත ප්‍රදේශයේ ජීවත්වෙලා හිටිය නිසංසලාත් තමන්ගෙ ජීවිතේ ගැන හිතුවෙ අන්න ඒ විදියට... කිසිම බරක් පතළක් නැතිව තරුණ වයසට එනකොට නිසංසලාත් හිතුවෙ එයාගේ ජීවිතේ ඉදිරිගමන හදාගන්න ඕන එයාට ඕන විදියට කියලයි.


මේ විදියට ඉන්නකොට තමයි නිසංසලාගේ උරුමක්කාරයා හමුවෙන්නෙ. ටික කාලයක් ප්‍රේම කරපු නිසංසලයි අරුණයි එකවහලක් යටට වුණු දවසෙ ඉඳලම නිසංසලා එයාගෙ අනාගත හීන මාලිගාව ගැන ගොඩාක් හීන එයාගෙ සැමියටත් කියන්න ගත්තා. 


මේ දෙන්නගෙ ආදරය, කුරුලු ජෝඩුවක් වගේ ගෙවපු ජීවිතය අහල පහළ කාටවත් රහසක් වුණේ නැහැ.... ඔය විදියට අවුරුදු කිහිපයක් යනකොට මේ පුංචි පවුලට පුංචි පැටවු දෙදෙනකුත් එකතු වුණා. 

හැබැයි මේ අම්මයි, තාත්තයි පැටව් දෙන්නයි ටික කාලයයි සතුටින් එක වහලක් යට ජීවත් වුණේ... නිසංසලාගෙ සැමියාට නිතර නිතර බිරියගෙ වැරැදි අඩුපාඩු පේන්න ගත්තා. අන්තිමේදී වුණේ දරුවො දෙන්නවයි නිසංසලාවයි තනිකරලා දාපු නිසංසලාගෙ සැමියා වෙන අතක් බලාගත්තු එක.
තරුණ වයසෙදිම දරුවො දෙන්නෙක් එක්ක හසරක් නොදන්න ජීවිතයේ අතරමං වුණ නිසංසලා දරුවො දෙන්නව ජීවත් කරවන්න හිතාගෙන කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවයට ගියා. වැඩිවියට පත්වුණු දුවෙක් ඉන්න අම්ම කෙනෙක්වත්, අවුරුදු 38ක ගැහැනියක්වත් කියලා බැලූ බැල්මට නම් නිසංසලා දිහා බලපු කෙනකුට කියන්න බැරි වුණා.


දරුවො හිටියට, සැමියා දාල ගියාට නිසංසලාගෙ හිතෙත් තරුණ වයසෙ ඇතිවෙන හැඟීම් දැනීම් ඒ විදියටම ඇතිවෙනකොට නිසංසලා කළේ ගොඩාක් අය වගේ ජංගම දුරකතනයේ පිහිට පතන එක. මේ දවස්වල නිසංසලාටත් ජංගම දුරකතනයෙන් තොර ජීවිතයක් තිබුණෙම නැති තරම්. මේ නිසාම එයා සහෝදර ඇඟලුම් සේවිකාවන් අතරෙත් ජනප්‍රිය චරිතයක් වුණා.


මේ විදියට ටික දවසක් යනකොට තමයි නිසංසලාගේ ජංගම දුරකතනයේ නාද වුණු නවීන පන්නයේ ගීතය වරක් දෙවරක් විතර ශබ්ද කරල නැවතුණේ. ෆෝන් එක අතට ගත්තු නිසංසලා දෙපාරක්ම ඇවිත් තිබුණු මිස් කෝල් එකට ආපහු සැරයක් රින්ග් කරල බැලුවෙ මේ එයාගේ ජීවිතේ වෙනස් කරන තීරණාත්මක සිදුවීමට මුල කියලා හිතාගෙන නෙවෙයි වෙන්න ඇති. ඒත් එහා කොනින් ඇහුණු තරුණයාගෙ කටහඬ නිසංසලාව ආයෙත් පාරක් එයාගේ ප්‍රේමණීය අතීතයට ගෙනයන්න සමත් වුණා.

මොහොතකට කලින් නමක් ගමක්වත් නොදන්න මේ නන්නාඳුනන අවුරුදු 19ක තරුණයා එක්ක මේ දුරකතන සාකච්ඡාවෙන් පස්සේ නිසංසලා ගොඩාක්ම සමීප වුණා. ඒ සංවාදෙන් පස්සෙත් කිහිප සැරයක්ම ෆෝන් එක හරහා මේ දෙන්නා ගොඩාක් සමීප වුණා. අන්තිමේ දෙන්නාට දෙන්නා නොදැක ඉන්න බැරිතැනටම මේ සම්බන්ධෙත් දුරදිග ගියා. 


දරුවො දෙන්නගෙ අනාගතේ ගැනවත් වගකීමෙන් නොහිතපු නිසංසලාට ඕන වුණේ අන්තිමේ මේ දුරකතන පෙම්වතාගේ චාටු පෙම් බස් සහ ප්‍රේමණීය හමුවීම් විතරයි. 

උෟරුබොක්ක ප්‍රදේශයේ තරුණයෙක් වුණු නිසංසලාගේ දුරකතන පෙම්වතාටත් අන්තිමේ ඇයව නිතර නිතර මුණගැහෙන එක තෘප්තියක් වුණා. මේ හින්දම මේ දෙන්න නිතර නිතර මුණ ගැහිල ප්‍රේමණීය හෝරාවන් කිහිපයක්ම ගත කළේ ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලවත් හිතන්නෙ නැතිව.

දෙන්නට දෙන්න අතරෙ හොඳ විශ්වාසයක් ඇතිකර ගත්තට පස්සෙ දවසක් පෙම්වතා නිසංසලාට අපූරු යෝජනාවක් කළා....


“එක දිගට රස්සාව කරල ඔයාටත් එපා වෙලා ඇතිනෙ. අපි හෙට මාතරදි ටිකක් මීට් වෙමු.” 


“මාත් කාලෙකින් ඔයාව දැක්කෙ නැහැ...”


 පෙම්වතා මේ විදියට කියද්දි නිසංසලත් ඒකට කැමැති වුණේ එක පයින්. 

නිසංසලා පසුගිය 29 වැනිදා දුරකතන පෙම්වතාව හමුවෙන්න මාතරට යමින් ගමනුයි හිටියෙ. එක පාරටම නාදවෙන්න ගත්ත ෆෝන් එක එහා කෙළවරින් නිසංසලාට ඇහුණෙ පෙම්වතාගෙ කටහඬ....


“අනේ රත්තරන්, මම ආපු ත්‍රීවීලර් එක මේ මඟදි කැඩුණනෙ. ඔයාට පුළුවන්ද තරහ නැතිව අකුරැස්සටම එන්න.... අපි එහෙ ගිහින් ඇතාමල ඇල්ල බලන්න යමු... මාත් ත්‍රීවීල් එක හදාගෙන අකුරැස්සට එන්නම්....” 


ඇයට මේක අදහාගන්නවත් බැරි යෝජනාවක් වුණා.

 ආදරයේ පිපාසාවෙන් හිටිය නිසංසලාට මේකට අකැමැති වෙන්න කිසිම හේතුවක් තිබුණෙ නැහැ. නිසංසලාත් දෙපාරක් හිතන්නෙ නැතිව කෙළින්ම ගියේ අකුරැස්සට. ඒ පෙම්වතාව මුණ ගැහෙන්න.

ඇතාමල ඇල්ල කියන්නෙ ඉරිදා දවස්වලට තරුණ ජෝඩුවලට ගොඩාක් නිදහසක් ලැබෙන තැනක්. ඒකටම හරියන ගල්ගුහා ලඳු කැලෑ ඇතාමල ඇල්ල ප්‍රදේශයේ එමටයි. ඉතින් එදා නිසංසලාටත් මේ ස්ථානය තමන්ගෙ සිතැඟි ඉටු කරගන්න හොඳම තැනක් වුණා.


හවස දෙකට විතර ඇල්ල ළඟට ආපු මේ දෙන්නව බස්සවපු ත්‍රීවීලරය ආපහු යන්න ගියා. නිසංසලා හිතුවෙ එයාගෙ ප්‍රේමවන්තයා, ආරක්ෂකයා ඉන්න තැන එයාට කිසිම දේකට බයවෙන්න ඕන නැහැ කියලයි. ඒත් මේ වෙලාවෙ දුරකතන පෙම්වතාගෙ හිතේ නම් ක්‍රියාත්මක වුණේ වෙනමම අදහසක්. දෙන්නත් එක්ක පෙම්සුව විඳින අතරතුරේ පෙම්වතා නිසංසලාට හොරෙන් තමන්ගේ අරමුණ ක්‍රියාත්මක කරන්නට වුණා.


“ඉක්මනට වරෙන් බං. දැන් හවස් වෙනකොට මේකි යන්න දඟලයි. උඹලට මං කියන වෙලාවට එන්න බැරිනම් ඉතින් මම දන්නෙ නෑ... ආයෙ නම් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ...” 


දුරකතන පෙම්වතා එයාගේ මිතුරන් කිහිපදෙනාට නිතරම නිතරම දුරකතනයෙන් කතා කර කිව්වා.

“දැන් ගොඩාක් හවස් වෙලා... අපි යමු.” 


නිසංසලා පෙම්වතාට කියන කොට තවත් ටිකක් ආදරණීය වුණු පෙම්වතා කිව්වෙ තව ටික වෙලාවක් ඉඳලා යමුයි කියලා... මේ විදියට මිතුරො ටික ඇල්ල ළඟට එනකල් කල් මරපු දුරකතන පෙම්වතා අන්තිමට තවත් අමානුෂික විදියට තමන්ගෙ සැලසුමේ ඉතිරි හරියත් ක්‍රියාත්මක කරන්න වුණා.

“පල්ලෙහාට යනකොට කොල්ලො ඉන්නවා. උන් මේ වෙලාවට බීලත් ඇත්තේ. හවස් වෙලත්නෙ ගොඩාක්. ඔයා ඉස්සර වෙලා යන්න. මම පස්සෙන් එන්නම්” 


කියූ පෙම්වතා නිසංසලාට යන්න ඇරියා. පහළට යනකොට ත්‍රීවීලරයක තරුණයො හය දෙනෙක් ඉන්නව දැකපු නිසංසලා ටිකක් තිගැස්සුණත් පස්සෙන් පෙම්වතා ඉන්නවනෙ කියලා හිතාගෙන ඉස්සරහටම ගියා... 

ඒ අතරෙ තමයි ඔවුන් අතරෙ හිටිය එක තරුණයෙක් නිසංසලාට අයුතු යෝජනාවක් කළේ. මේකෙන් එයා ටිකක් බයවෙලා ආපහු හැරිල යන්න හදන කොටයි එයා දැක්කෙ එයාගෙ දුරකතන පෙම්වතා එයාව අතරමං කරල දාලා මාරුවෙලා කියලා.... ඒත් එක්කම ආපස්සට දුවන්න හදපු නිසංසලාට තරුණයන්ගෙන් තර්ජනයක් ආවා.

“ඔහොම නැවතියන්... නැත්නම් උඹව මෙතැනම මරා දානවා....” 


නිසංසලාට මේ තර්ජනයත් එක්ක එයාගෙ දරුවො දෙන්නව මතක් වුණා. ජීවිතේ වටිනාකම සිහිපත් වුණා... 

“කරන්න දෙයක් නැහැ. මුන් කියන දෙයක් කරන්න වෙනවා....” 

නිසංසලා එහෙම හිතාගෙනයි නැවතුණේ....

අන්තිමේ ඇල්ල ළඟ ජල විදුලි බලාගාරයක් සඳහා ඉදිකරලා අතහැරලා දාපු ටැංකියක් ගාවදි නිසංසලා මේ තරුණයො හය දෙනාගෙන් කිහිප දෙනෙකුගේම අතින් දූෂණයට ලක් වුණා... 


 එතැනිනුත් නිසංසලාව අත් නොහැරපු මේ නරුමයො ටික ඊළඟට කළේ ඒ ළඟ තිබුණු තේ වත්තකට ඇයව අරගෙන ගිහින් එක තරුණයෙක් ඇයත් එක්ක ඉන්නකොට තවත් එකෙක් ජංගම දුරකතනයෙන් ඒක වීඩියෝ කරන එක. අවසානයේ නිසංසලාට මුහුණ දෙන්න වුණු මේ සියලුම සිදුවීම් එක පෙළට චිත්‍රපටයක් වගේ ජංගම දුරකතනයේ වීඩියෝ වෙලා තිබුණා.

මේ විදියට තමන්ගෙ මුළු ආත්මෙම විනාශ කරපු මේ තරුණයන්ගෙන් බේරෙන්න නිසංසලා තේවත්ත දෙවනත් වෙන්න කෑගැහුවා. ඒ කෑ ගැසීම ඇහුණු තේ වත්තෙ වැඩකරපු කෙනෙක් මොරවක පොලිසියේ සැරයන් රණතුංග මහතාට මේ ගැන දුරකතන ඇමතුමකින් කියා සිටියා. 


ඒ අනුව පොලිස් ස්ථානාධිපති ආර්.ඇම්.අයි.බී. රත්නායක මහතා දැනුම්වත් කිරීමෙන් පස්සේ ඔහුගේ උපදෙස් මත පො.කො. නන්ද කුමාර (52606), පො.කො. ඩයස් (68884), කා.පො.කො. කරුණරත්න (5333) කියන නිලධාරීන් එක්ක සිද්ධිය වූ ස්ථානයට ගියා. 

පොලිසිය එනව දැකපු හතර දෙනෙක් ඒ වෙනකොටත් පැනල ගියත් නිසංසලාට කරදර කරපු තුන් දෙනෙක් සහ ඔවුන් ආපු ත්‍රීවීලරය අත්අඩංගුවට ගත්තු පොලිසිය සිද්ධියම වීඩියෝ වී තිබුණු ජංගම දුරකතනයත් අත්අඩංගුවට ගත්තා. පොලිසියට අහුවුණු මේ තුන්දෙනාම අවුරුදු 19-21 අතරෙ වයසෙ පසුවුණු තරුණයො. මේ අය ඊඳඩුකිත, රඹුකන, කොඩිකාරගොඩ පදිංචි අය කියලයි පොලිසිය කිව්වෙ.

අන්තිමේ මේ සිදුවීම් වීඩියෝ කළ 20 හැවිරිදි තරුණයා 30 වැනිදා රෑ තමන්ගේම ගෙදර මිදුලෙ තිබුණු මිල්ල ගහක ගෙල වැලලාගෙන මියගොස් සිටියා. තවත් සිද්ධියට සම්බන්ධ පාසල් සිසුවෙක් 02දා උදේ මොරවකදී අත්අඩංගුවට ගත්තා. නිසංසලාගෙ දුරකතන පෙම්වතාවයි තවත් තරුණයෙක්වයි පොලිසිය තවමත් හොයනවා.

මිස් කෝල් එකකින් සුහද වෙලා අනියම් පෙම්සුව විඳින්න ගිය නිසංසලාට අන්තිමේ වුණේ පෙම්වතාගෙ යාළුවො අතින් දූෂණය වෙලා රෝහලට යන්න. පෙම්වතාට වුණේ හැමදාමත් පොලිසියට බයේ කට්ටි පනින්න. මේ අධම වැඩේට හවුල් වුණු නරුමයො ටිකට වුණේ මේ මාසෙ 14 වැනිදා වෙනකල් හිර කූඩුවේ කූරු ගනින්න. තරුණ වයසෙ හිතට එන අදහස් ඒ විදියටම ක්‍රියාත්මක කරන්න ගියාම දවසක මේ වගේ දේවලුත් වෙනව කියලා නොහිතපු එකෙන් මේ හැමෝගෙම ජීවිත අඳුරට වැටුණා. නිසංසලාගෙ දරුවන්ටත් වුණේ සමාජයේ ගැරහුම්වලට මූණ දෙන්නම විතරයි.



මව්බිමෙන් උපුටාගැනීමක් 

www.geek.lkවෙබ් පිටුව ඇසුරෙනි.
විශේෂ ස්තූතිය. (vinode77)

Thursday, October 3, 2013

පිනි මත බඹරු (4 වන කොටස)


දහවල් විවේක කාලය ලැබුනු බැවින් සැවොම විභාග ශාලාවෙන් පිටතට පැමිනියහ..

මා සැම තැනම සෙව්වේ ලෝචි වයි..

මචන්... යමු කෑම කන්න..

බෑ රොෂා.. උඹල ගිහින් කාල වරෙල්ලකො..

ඇයි ලෝච... කෑම ගෙනාවෙ නැත්ද?

නෑ මචන්... අද කලින් ආපු නිසා ගෙනාවෙ නෑ.. (මම එහෙම කිවෙ, මම කොහොමද රොෂාන්ට කියන්නෙ ගෙදර උයන්න හාල් තිබුනෙ නෑ කියල... දුප්පත් කම සඟවානෙ ඉන්නවා හැර වෙන කුමක් කරන්නද?)

වරෙන් බං ඉතින්.. මගෙ කෑම එක කමු.. යමං..

(රොෂාන් මාව බලෙන් වගේ ඇදගෙන ගියෙ පාසලේ ක්‍රීඩා පිටිය පැත්තට වෙන්න තිබුනු ගල් බැම්මෙ හෙවනකට..)

අපිත් ඔය පැත්තට ආවට කමක් නැතැයි?රොෂයි මායි ගැස්සිලා හැරිල බැලුවෙ ලඟින්ම ආපු ගැහැණු කටහඬට..

අප්පටසිරි....රොෂාටත් නොදැනි කටින් පිටවුනු අකුරු ටික ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..

ආහ් එන්න එන්න... අපි මේ කෑන්න ලෑස්තිය.. එන්න කමු...

(මම අපිට කතා කල ගෑණු ළමයට කීවෙ නිකමට වගේ.)

ඒ... අනින් ලෝචනා... මම ආයෙත් ගැස්සිලා ගියෙ රොෂාගෙ වචන වලට..

යකෝ ලෝචනා විතරද..? අර.. අර උඹේ කළු නෑව...

මොකක්... (රොෂා මගෙ දිහා බලල ඇහුවෙ කන්න වගේ.. මම කීව දේ සැර වැඩීදෝයි මට හිතුනෙ එවලෙ..)

සොරි බං... කියවුනා... මේ ඔයාගෙ නම දන්නෙ නෑනෙ අපි...

මම අපිත් එක්ක කතා කල ගර්ල් ගෙන් ඇහුවෙ වෙන කතාකරන්න දෙයක් නැති කමටත් එක්ක.. ‍ඇත්තටම මේ කටකාර කෙල්ල ඊයෙ ඉඳන්ම අපට ටික ටික සමීප උනත්, මෙලෙස විහිළු තහලු කරල නිදහසේ ජීවිතේට මූණ දෙය ඇගේ නමවත් අපි දැනන් හිටියෙ නැති බවනම් ඇත්ත..

ආහ්... එහෙම කියන්න පුලුවන්ද වටින දේවල්...

කට පැත්තකට ඇද කරල, ඉඟි කරල කීවෙනම් මහ අමුතු විදියට එයා... ඇත්තටම ඒ හිනාව දකිනවුන්ගේ නෙත් සිත් පැහැර ගන්න තරම්..

මම සුජානි...

ආයෙත් එයාම නම කීවෙ හරියට පුංචි එකියක දඟ කරනව වගේ හිනා වෙවී..

ආහ් ලෝචනා... එන්න කෑම කන්න.. චතූ... වරෙන් බං ඉක්මනට... බඩේ පනුවො ඩිෂුං ඩිෂුං කියනව..

සුජානි කෑ ගැහුවෙ ලෝචනාටයි අනිත් අපි කලින් කීව කළු කෙල්ලටයි... ෂැහ් මේකනම් තාර පීප්පයක්... මොන මගුලකට මේක කැමති උනාද මන්ද? රෑක එහෙම කොහෙහරි ගියොත් හොයා ගන්න රේඩියම් ටිකක් මූනෙ උලන්ඩ වෙනව... ඒත් ඉතින් මේ පොල් බූරුවට ඕව කියල වැඩැක්වැ???

අඩෝ.. මේ.. කෙල්ලගෙ නම චතූ නේද බං...

හම් හම්... දැන් සතුටු ඇති... මම ඇද කරල කීවෙ අරකිගෙ රෑප ස්වභාවෙට තිබුනු ආකර්ෂණය වැඩි උන නිසාමයි..
කෙල්ලො ටිකත් අපේ බත් මුලට පැනල කන්න ගත්ත... ඔවුන්ගෙ බත් මුල් ටිකත් ලෙහල අපේ එකටම හලල දැන් ඉතින් කස්ටිය ගජ රාමෙට වැඩ..

හා හා මේ... ඔහොම බෑ.. රස ගුණ බලන්නත් එක්ක කටක් දෙකක්වත් කාපන්කො බං..

සුජානිගෙ කෑගැහිල්ලට ඔළුව උස්සල බලනකොටයි දැක්කෙ ලෝචනා කෑම කන්නෙ නෑ කියල..

ඇයි ලෝචනා... කෑම කන්නෙ නැත්ද? ම්..

(මම ඇහුවෙ අවංකවම...)

මට කන්න බෑ ලෝචන.. අතේ තුවාලයක්.. (ලෝචනා කීවෙ ගොඩක් අසරණ විදියට..)

ආව් කෙල්ලට මොනව නැතත් කොල්ලගෙ නමනම් මතකයි හොඳට ඈ...

(ඔන්න. ආයෙත් සුජානි මුට්ටියක් පෙරලපි.. ෂැ පාප මිත්‍රයො..)

ලෝචි... ඇවිත් වාඩි වෙන්නකො මෙතන.. (මගෙ ළඟම තිබුනු පොඩි බැමි කෑල්ල පෙන්නල කීවම ලෝචින් නිහඬව ඇවිත් වාඩි උනා...)

ආ... කන්න..

මම හොඳට අනාපු බත් කටක් ඇගේ මුවට ලං කරද්දි ඇය ටිකක් කලබල උනා..

කාපන් බං කෝලං ‍නොකර... සුජානි කීවෙ ඇහැකුත් ගහල හිනා වෙවී..

කන්න.. මම කවන්නම්.. කවුරු උනත් බලන් ඉද්දි තනියම කන සිරිතක් මගෙ ලඟ නෑ... ඒ මගෙ හැටි...

ඈ හට මගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් හයියක් තිබුනෙ නෑ... ඈ අහිංසක විදියට හිනා වෙලා බත් කටකට ගත්තෙ පුංචි එකියක් වගේ... ඒ දෙතොල් මගෙ දෑඟිලි වලස්පර්ශ උනේ නා දළු මෙන් ඉතා සිනිදු ස්වභාවයෙන්..
පව්.. පුංචි එකියක් වගේ...

ම්..රසයි.. තෑන්ක්ස්... කට්ටිය කාල ඉවර වෙනකම්ම මගෙන් බත් කවාගෙන අන්තිමට ලෝචි දෑස් පුංචි කරල හිනා වෙලා කීවෙ ගොඩාක් ආදරේ හිනෙ විදියට..

ම්.. ඇතිද කෑව..

ම්.. බන්ඩි ෆුල්... ලෝචි කීවෙ හැමෝම හිනා ගස්සමින්...

කෑම කාල ඇවිත් අපි ටිකක් ඔහේ ඕපාදූප කතා කර කර ඉද්දි තමයි අපේ අනිත් කට්ටඬියො ටිකත් එතනට ආවෙ...
හප්පේ... කැකුලියො ටිකත් මෙතන නොවැ... ආහ් මේ... අද අපේ අත්තිවාරමේ දානන කළු ගල් අදිනව... වරෙල්ල හො‍ඳේ...

හපොයි... හැකර සජ්ජ නේද... විනාසයි.. දැන් ඉතින් සැනස්ම් සුසුමන් පාවීලා තමයි....

අයියෙ මේ... එන්ඩ එපා ඕනෙ නැති කථා කියන්න හරි...

(දෙයියනේ.. මේ අර කළු ලඳ නේද සජ්ජට කඩා පැන්නෙ..)

දැන් ඉතින් සජ්ජට අනිඡ්චාවත සංඛාරා තමයි..

(රොෂා මට කිට්ටු වෙලා කීවෙ නිකම්ම නෙමේ කියල මට ත් හිතුන)

නංගි මේ.. ඔයා එක්ක අපේ චැටක් නෑ.. ඒ.කේ... ඔයාට මොනවද අපි කීවෙ...

මේ හලෝ... සෙරෙප්පු පාර නොකා කට වහ ගන්නව..මේ.. ත

මුන්ටත් මට කියන්න තියෙන්නෙ එච්චරයි.. අපි මේ කථා උනේ අපේ තට්ටු තුනේ බංග්ලෝ එකේ වැඩක් ගැන... මෙයානෙ මේ වලිගෙ පාගගන ඉන්නෙ... (අප්පට සිරි.. සජ්ජට තියන ගට්ස්...)

හලේ මේ... එක එක කතා හදන්න එපා හරී...

නංගි මේ... නංගි මේ.... කළු ගලට කළු නොකිය සුදුයි කියන්නවැ... අනික ඔයාගෙයි ඒකයි අතර තියන සමාන කම මොකක්ද ආ....? (බඩුම තමයි ලෝච... දැන්නම් උත්කෘෂ්ඨ සෙරෙප්පු පහරක පෙර නිමිති පහල වෙනව..)කෙල්ලො ටිකත් රොෂාගෙ කතාවට ඔලුව වනල බලාගෙන හිටියෙ ඊළඟ මොහොතෙ වෙන්නෙ මොනවද කියල...

අනේ මේ... අනුන්ට ඇද කියන්න කලින් තමුසෙගෙ ඇද හදා ගන්නව... හිතාගෙන ඉන්නෙ හරි ලස්සනයි කියල.. ගෙම්බ..............

පුහ්...... (කට්ටියගෙම කටවල් වලින් පැනපු හිනාව දෝරෙ ගලන්නට උනේ, රෙදි පිටින් සජ්ජට විලි දැනෙන්න..)

හවස විභාගෙ ඉවර වෙලා සුපුරුදු පරිදි අපි වැව් කන්ඩියට නැග්ග... හැබැයි වෙනද බගේ අපි සෙට් එක විතරක් නෙමේ... මේ වෙද්දි ගොඩාක් හිතවත් වෙලා හිටපු ගෑණු ළමයි සෙට් එකත් අපිත් එක්ක ආව...

කට්ටියම පච කිය කිය, කැකිරි පල පලා ආවත් ලෝචි හිටියෙ වෙනමම කල්පනාවක කියල මට තේරුනා... මම ලෝචි ලඟට ගියේ  ටිකක් කතා කරන්න හිතාගෙන.

ලෝචි... බර කල්පනාවක වගේ...

ආහ් ලෝචන...

ඉතින්... කොහොමද පේපර් එක...?

පේපර් එකනම් ලේසියි වගේ... රිසාල්ට් ආවමම තමයි බලන්න  වෙන්නෙ ඉතින්...

ම්....

ඔයාට කොහොමද?

මටනම් අවුලක් නෑ නංගි... (මට ලෝචිට නංගි කියල කියවුනත් ඇයි ඊට විරුද්දත්වයක් දැක්වූවේ නෑ)මේ.. ඒක නෙමේ... ‍දවල් කෑම කෑවෙ නැත්තෙ... අත තුවාලයි කීව නේද?

හ්ම්... මේ... මට ලෝචි අත දිගෑරල පෙන්නුවමයි මම කතාවෙ බරපතලකම දැක්කෙ...රෝසපාට මුලු අත්ල පුරාම ලේ පාටට දිය බුබුලු දාල...

ආහ්... මොනව වෙලාද මේ...

මම අතින් අල්ලගෙන ටිකක් ඇස් මානෙට කිට්ටු කරල බලන ගමන් ඇහුවෙ හිතට දැනු‍නු අනුකම්පාවට..
රත් වෙච්ච හීටරේ ඇල්ලුවනෙ අමතක වෙලා...

හයියෝ... ඔයත් කරගන්න දේවල්... රිදෙනවද?

දෑතින්ම ඇගේ තුවාල වී දිය බිබිලි මතුවෙලා තිබුනු අත අල්ලගෙන ඇස් දෙක දිහා බලාගෙන ඇහුවෙ අහිතකින් නොවුනත් මගෙ ඇස්වලින් ආදරේ පිට වෙන්න ඇති කියල මට හිතුන.. මොකද ඒ ඇස් මන් දිහා බලාගෙන ඒ වෙලාවෙ මටත් ආදරෙයි කීව කියලයි මට හිතුනෙ...

අහෝ දෙවියනේ... මල්සරා මල්ලි කොල්ලව ගෙනිහින් තියන දුරක්... (චිරිස් ගාන සද්දෙකුත් එක්ක ඇහුනු සජ්ජගෙ කටහඬ දිහාට මා හැරුනෙ කෑගැහිල්ලට මිස කීව දේවල් තේරිලා නෙවේ... සජ්ජ ෆොටෝ එකකුත් ගහල සෙට් එකට මොන මොනවදෝ කියනව...

හද්දෙයියනේ... ගන්ති හැත්තෑවයි නේද? මම තවමත් ලෝචිගෙ අතින් අල්ලගෙන...

හා හා... දැන් ඉතින් අල්ල ගත්ත අත අතඅරින්න ඕනෙ නැතුවා... කොහොමත් ඉතින් හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කෙල්ලනේ... එතකම් ටිකක් නිදි මරානෙ හිටපල්ලා... සජ්ජ අතොරක් නැතව කියවනව... ෂික්.. මේ වගේ වාචාලයෙක් මොකට අපේ සෙට් එකට සෙට් උනාද මන්ද?

මේ ගෙම්බො... බක බක නොගා ඉන්නවද?

කට්ටියටම හිනා ගැස්සෙන විදියට කියල සජ්ජගෙ බෙල්ල මුලින්ම කපල දැම්මෙ සුජානි...

මේ... දැන් ඇති ඔය පෙම් බස් දෙඩුව... ඔය අත අතෑරල යමං... නැත්තං ඔය අතේම එල්ලිලා චුත වෙයං...

ආයෙත් සුජානි කෑ ගහද්දියි මට මතක් උනේ තාමත් මම ලෝචිගෙ අත අල්ල‍ගෙන නේද කියල..

මම යන්නම් ලෝචන... බුදුසරණයි...!!

බුදුසරණයි..!! පරිස්සමින් යන්න... හෙට උදේ හම්බෙමු...

ඔයත් පරිස්සමෙන්... ඉදිරියට පියවර තබමින් සිටි ලෝචි නැවතිලා හැරිල බලල එහෙම කීවෙ මගෙ මුලු ආත්මෙටම මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් දනවමින්...

ජීවිතේ පලමු වතාවට මම පරිස්සම් විය යුතුයි කියන හැඟීම මට දැනුනෙ ඒ වෙලාවෙ...

විඳින විඳවන ආදරයක සැබෑ තතු,  යතුරු පුවරුවෙන් ඔපවත් කරන්නට,
හමුවෙමු නැවතත් තවත් කොටසකින්...
ඔබගේ අදහස් අපට කියන්න..
මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...

Wednesday, October 2, 2013

පිටසක්වල (4 වන කොටස)

පෙර ලිපිය හා බැ‍ඳේ................
(පුමා පුන්කු- මීට අවුරුදු 17000 කට කලින් පරිගණක අනුසාරයෙන් වැඩ කරන ස්ටෝන් කටුන් මැෂින් වලින් කරපු නගර)

ඔබ දන්නවාද? පිටසක්වල ජීවීන් යනු ඉතා දියුනු මානසික මට්ටමක ‍හා තාක්ෂණික මට්ටමක සිටිනවුන් පිරිසක් බැව් කාගේත් මතයයි...

එවැන්නවුන් ඇමරිකාව වැනි රටවල් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරන බව කවුරුත් දන්නා රහසක්..

ඒ ඇයි......?

තවත් කරුණක්...

පිරමීඩ වලින් ලොකුම(විශාලම) පිරමීඩය හදල තියෙන්නෙ පෘතුවියෙ මැද ලක්ෂයෙ.. (මධ්‍ය ලක්ෂයෙ) ඒ කියන්නෙ ලෝකයෙ මැද? දැන් ප්‍රස්නයක් එයි කොහොමද ලෝකෙ මැද හොයන්නෙ කියල...
ගණිත කර්ම කියල දෙන්න නම් බෑ.. මේ‍ ෆොටෝ එකෙන් බලන්නකෝ...

පෘතුවිය අංශක 23.5ක ඇලේකටයි පිහිටලා තියෙන්නෙ... කවුරුත් දන්වනේ...

මෙහෙම ගැටළුවක්නම් එනව...

මේ පිරමීඩෙ හදන්න, පෘතුවියෙ මද්‍ය ලක්ෂෙ නිර්ණය කරන්න තරම් දියුණු තාක්ෂණයක් මීට අවුරුදු දහස් ගණනකට කලින් තිබුනෙ කොහොමද කියන එක පුදුමයක් නේද?

පිරමීඩ හදද්දි මීට අවුරුදු 4000 කට පමන කලින් ටොන් 200 ඉඳන් 400 වෙනකම් තියන විශාල ගල් කැපුවෙ කොහොමද?

ඒව ප්‍රවාහනය කරේ කොහොමද?

උඩට ගත්තෙ කොහොමද?
ඇත්තටම මේව නොවිසඳුනු ලොකුම ගොකු ප්‍රස්න නේද?


ටොන් 200ක බරක් උස්සන්න ක්රේන් 21ක් ඕනෙ. එදා ක්රේන් නොතිබුනු යුගයක මේ දේ කරේ කොහොමද? ඇත්තටම අදටත් කරන්න අමාරුයි ඒක...

ඕනෑම භූමි කම්පාවකට ඔරොත්තු දෙන විදියට තමයි පිරමීඩ හදල තියෙන්නෙ...

ඒ කොහොමද?

මේ තියෙන්නෙ පිරමීඩ දල සටහනක්.... බලන්නකෝ...

ඇත්තටම පිරමීඩ හැදුවෙ මොකටද?

වයර්ලස් ඉලෙක්ට්‍රිසිටි තාක්ෂණය.... වර්ථමානෙ ඒ වගේ තාක්ෂණයක් ගොඩ නගන්න පුලුවන්ද?

මේ බලන්න... ගීසා පිරමීඩ පිහිටලා තියෙන්නෙ ඔරායන් තරු රටාවෙ හරියටම ඉන පටියෙ තරු තුන කෙලින්.........

මෙහෙම උනේ කොහොමද? මෙතරම් දියුණු තාක්ෂණයක් මොවුන් සතු වුනේ කොහොමද?

මීට අවුරුදු 4000කට අදික ඈත අතීතෙක මෙවන් විප්ලවයන් සිදු කලේ කවුරුන්ද?

අපි පොඩ්ඩක් වෙනත් දිසාවකට හැරෙමු.....

ජීවී යානා ලංකාව වගේ රටවලට දර්ශණය වෙනව අඩුයි.. ඒකට හේතු කීපයක් තමයි,
පුධාන වශයෙන්ම උතුරු ඇමරිකානු රටවලටලු ඒ යානා පෙනෙන්නෙ.. ඒකට හේතුවක් විදියට දකින්න පුලුවන් දෙයක් තමයි, ඒ ප්‍රදේශ වල තිබෙන අධික චුම්බක ක්ෂේත්‍රය...

කවුරුත් දන්න‍වනේ ලංකාව කියන්නෙ ගුරුත්වාකර්ශණව අඩු රටක් කියල..

කලින් කතා කරපු පිරමීඩ කතාවටම එමු..

ඇත්තටම පිරමීඩ වල තියෙන්නෙ පිටසක්වල තාක්ෂණයද?

මේ පින්තූර පිටසක්වල සමග සබඳතා පැවති බවට සාදක ගෙන එනව නේද?
මේ බලන්න...

 ( මේ පින්තූරෙ අවුරුදු 27000ක් විතර පරණයි කියල කියනව.)




හොඳින් නිරීක්ෂණය කරන්න.. පිරමීඩ සිතුවම් කීපයක් ඔය තියෙන්නෙ...?

තවත් රසවත් තොරතුරු රැගෙන ඔබ හමු වෙන්නම්...
මෙම ලිපියෙහි බොහෝ තොරතුරු ගීක් වෙබ් අඩවියේ සාකච්චාවක් ඇසුරෙන් උපුටාගත් බව කරුණාවෙන් සලකන්න...
මෙහි කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීමෙන් වලකින්න..
ඔබගේ අදහස්, ඔබ දන්නා තොරතුරු පහලින් හැමෝම සමග බෙදා ගන්න..