ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

දිනෙන් දින වෙනස් වන ලෝකයේ සැබෑව සැකවින් දැනගන්න පැමිනෙන්න අප වෙත...

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

හැකියාවට ලැදියාවට ඔබට අපෙන් අත්වැලක් ලබා දෙන්නට අප උත්සාහ කරන්නෙමු... ඔබ‍ටත් කථා, නිසඳැස්, ලිපි ආදිය අපට යොමු කල හැක... අප ඒවා ඔබේ නමින් පල කරන්නට කාරුණික වන්නෙමු.

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ඊමේල්: rmbraveen@gmail.com ෆේස් බුක්: FreeGetLanka.com

ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

ලෝකයේ තවත් එක් වෙබ් අඩවිය නොව, ලෝකයේ තරුණ සියළුම පිරිස් අතර වැදගත්ම සහ ජනප්රි.යම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහයේගය දක්වන්න..

Thursday, August 8, 2013

පවුරු (9 වෙනි කොටස)

මේ... රුවන්.. තමුන් හිතුවද මම ආත්මාර්තකාමී, කුහක, තිරිසන් මිනිහෙක් කියල...
 


කාලය ඔහේ ‍ගෙවිල ගියා..
දිනෙන් දිනම මම බීමට ඇබ්බැහි උනා..
ප්‍රභා සහ මහේෂි අතර සිදුවූ සිදුවීම් සමුදාය දෑසටම දැකපු නිසාදෝ ප්‍රභා ගැන හිතේ තිබුනෙ ලොකු කලකිරීමක්...


වෙරි මතින් සිටින බොහෝ අවස්ථාවල මේ පිලිබඳව ප්‍රභාට කියන්න මට උවමනා වුවත් මම නිහඬ වී සියලු සිතුවිලි ගිල ගත්තෙ ‍ප්‍රභාට හරි වැරැද්ද තේරුම් කරල දෙන එක ඉතා අපහසු කටයුත්තක් බව මම හොඳ හැටිම දැන උන් නිසා. ඇත්තම කීවොත් මෙම ආයතනය මට එපා වෙලයි තිබුනෙ..
සර්.. අපි රෝඩ් ට්‍රිප් එකක් යනව.. සර්ත් එනවද?...
රුවන් මං ලඟට ඇවිත් ඇහුවෙ නොයිවසිල්ලෙන්...
මම ලොකු සර් විදියට හඳුන්වල දුන්නට මම මේ බිස්නස් එක ගැන මුකුත්ම දන්නෙ නෑ... රෝඩ් ට්‍රිප් එක කියන්නෙ මොකක්ද? මට ලොකු ප්‍රශ්ණයක් වුවත් ඒක මේ වැඩ කරන ළමයින්ට පෙන්නන්නවැයි? සමහර විට වෙනසකටත් එක්ක ළමයින්ව ප්‍රභා ට්‍රිප් එකක් එක්ක යන්න වෙන්න ඇති... ඒත් මට නොකීවෙ...?
ප්‍රශ්ණ ගොඩකට මැදිවෙලයි මම හිටියෙ..
බලමු පුතා.. මට හදිසි වැඩ වගේකුත් තියනව.. බලමු? සර් එක්කත් කථා කරල මම කියන්නම්කො... ම්?
මම එහෙම කියල රුවන්ගෙන් ගැලවිලා කෙලින්ම ගියෙ ප්‍රභා හම්බ වෙන්න..
මචන් ප්‍රභා... කොහෙද මචන් ළමයි ටික ට්‍රිප් එක එක්ක යන්නෙ? උඹ මට නිකමටවත් කීවෙ නෑනෙ...?
හහ් හහ් හා... වරෙන් වරෙන් වාඩිවෙයන්...
ප්‍රභා මගෙ වචන සත පහකටවත් ගනන් ගන්නෙ නැතිවයි හිනා වුනේ..
ඇයි...?
මගෙ හිතේ තිබුනෙ කේන්තියක් එක්කම ලොකු දුකක්..
මචන්.. ට්‍රිප් එකක් කීවට මේක එන්ජෝයි කරන්න යන ගමනක් නෙමේ මචන්... අනික හතරදෙනයි යන්නෙ.. බඩු සේල් කරන්න ළමයි හතර දෙනෙක් හරි හය දෙනෙක් හරි ටිකක් දුර පළාතකට බඩුත් අරන් යවනව.. ඒකට අපි කියන්නෙ රෝඩ් ට්‍රිප් කියල..
මට සියල්ල වැටහුනේ ප්‍රභාගෙ පැහැදිලි කිරීමෙන් පසුව...
හම්... දැන් කවදද යන්නෙ මචන්... කීදෙනෙක් යනවද? කොහෙද?
ජනා... දැන් මට නිකන් හිතුන සිතිවිල්ලක් කොල්ලන්ට කීවෙ.. හොඳටම වැඩ කරන හතර දෙනෙක් යවමු.. මන් තීරනේ කලේ නෑ උඹෙනුත් අහලම තීරනේකට එන්න හිතාගෙන.. කොහෙ වගේ යවමුද මචන් අපි කොල්ලො ටික..?
මට මේකනම් අලුත්ම අද්දැකීමක්...   
ප්‍රශ්න ගොඩක් අහන්න උවමනාව තිබුනත් ඒ හැමදේම අහ්නෙ නැතිව මම හිතුවෙ වෙනසකටත් එක්ක මටත් යන්න පුලුවන් විදියක් ගැන..
 ප්‍රභා... මමත් ළමයි එක්ක යන්නම් මචන්.. පොඩි වෙනසකටත් එක්ක... කතරගම පැත්ත මොකද?
ආහ්.. ම්.... පැත්තනම් හොඳයි.... උඹ ගියාටනම් කමක් නෑ මචන්.. ඒත්... එහෙනම් උඹ හොටෙල් එකක නැවතියන්.. සල්ලි අවුලක් නෑ.. උඹට ළමයි එක්ක ඉන්න බෑ මචන්...
 
ඇයි..? එතකොට ළමයි කොහෙද නවතින්නෙ..."

මෙහෙමයි මචන්.. සාමාන්‍යයෙන් රොඩ් ට්‍රිප් යනකොට බඩු ටිකයි යන්න බස් ගාස්තුවයි විතරයි දෙන්නෙ.. ඉන්න තැන් යන මිනිස්සු හොයා ගන්න ඕනෙ..
 
ඒක මාර කතාවක්නි බන්.. එතකොට මේ ළමයි කන්නෙ බොන්නෙ..?
මචන්... මේ අහපන්.. අපි බිස්නස් එකක් කරන්නෙ බං... එතනදි අපට උන්ගෙ සැප දුක බලන්න බෑ.. අපිට ඕනෙ සල්ලි.. යන මිනිස්සු ගෙනියන බඩු වැඩි ගානට දීල කෑම ගාස්තුවයි, අනෙත් වියදම් වලටයි හොයා ගන්න ඕනෙ.. අනික මචන් ගෙනියන බස් ගාස්තුවත් ඇවිත් පියවන්න ඕනෙ.. ඒක තමයි මාකටින් නීතිය.. උඹට යන්න කියන්නෙ නෑ මම.. කැමතිනම් යමන්... ඒක උඹේ කැමැත්තක්... හැබැයි, උඹට ඔය කට්ටනම් කන්න බෑ ජනා.. උඹ හොටෙල් එකක නැවතියන්.. ම්...
ප්‍රභා සියල්ල පැහැදිලි කරා..
පහුවදා උදෙන්ම ගමන පිටත් වෙන්න ප්‍රභායි මමයි කථා කර ගත්ත..
මගේ ඉල්ලීම පිට දුර වැඩි වුවත් කතරගම වන්න ප්‍රභාගෙ අවසරය හම්බ වෙලා තිබුන.. දින හතකට වෙලඳාමට අවශ්‍ය වෙළඳ බඩු, ඇඳුම්, සබන්, වැනි අත්‍යාවශ්‍ය දේවල් බෑග් වලට අසුරමින් පිරිමි ළමුන් හය දෙනෙක් ගමනට ලැහැස්ති වුනා. 
හය දෙනෙකුට යන්න දෙන්න බෑ.. ලොකු සර්ත් වැඩ වගේකට කතරගම යන්න ඕනෙලු.. සර් යන හින්දයි චාන්ස් එක දෙන්නෙ... ගෙනියන බඩු ඔක්කොම සේල් කරන්න ඕනෙ... ලක්ෂෙක බඩු දීල තියනව..
අනූදාහක් සේල් කරන්න පුලුවන් උනොත් ලොකු සර් රුවන්ව ප්‍රමෝට් කරයි ඇසිස්ටන් මැනේජර් කෙනෙක් විදියට. රුවන්ගෙ ගෝල් එකටයි අනිත් අය වැඩ කරන්න ඕනෙ.. රයිට් එහෙනම්.. මාකටින් නීතිරීති රැකගෙන, ලොකු සර් ගෙයි, මගෙයි ආයතනයෙයි ගෞරවෙත් රැකගෙන වැඩෙත් කරගෙන එන්න සුභ පතනව..
ප්‍රභා කොල්ලො ටිකගෙ මානසිකත්වය හැදුවෙ ඇස්කිමෝ වරයෙකුට ෆ්‍රිජ් එකක් විකුනන් වුනස් ලෑස්ති තරමට කොල්ලො ටික තෘප්තිමත් කරමින්. බලාපොරොත්තු පහන් සිළු දෑසෙහි දල්වාගෙන ප්‍රභාට අතට අත දෙන රුවන් ගැන මට ඇති වුනේ දැඩි අනුකම්පාවක්... 
පව්... අසරන අහිංසක කොල්ලො... (ඉබේටම මට සිතුනෙ එහෙම..)
පාන්දර තුනට කොළඹින් එක බස් එකේ ළමයි හය දෙනයි මමයි කතරගම බලා පිටත් පුනා... 
ප්‍රභා මගින් මගටම කීවෙ හෝටලේක මට නවාතැන් ගන්නා ලෙසයි...
උදේ පාන්දරම අපි පිටත් වෙන විට ඔෆිස් එකට ඇවිත් ළමයින්ගෙ ස්ටෝක් එක බාර දීල දුකෙන් වගේ මං දිහා බලල අසරණ විදයම මහේෂි හිනා වුනු හැටි මට මතකයි...
දැන් මම නෑ...
දවල්ට ළමයි ටිකත් නැති ඔෆිස් එකේ මහේෂියි ප්‍රභා යි විතරයි... එදා මා දුටු සිදුවීමට සමාන සිදුවීම් සමූදායක් මේ ටික දවසට සිදු වනු ඇත.. මම ඉන්න දවස් වලට මම ඔෆිස් එකේ නිසා ඇත්තටම මහේෂිට ආරක්ෂාවක් සැලසුනාද? එසේත් නැතිනම් මා පිටව යන තෙක් දෙදෙනාම සිටියේ නොයිවසිල්ලෙන්ද? නෑ..? මහේෂි අහංසක ළමයෙක්.. ප්‍රභා ඉදිරියෙ මහේෂි අසරණ වෙන්න ඇති.. 
(මෙවැනි සිතිවිලි සමුදායක් හමුවේ ඔහේ කාලය ගත වෙමින් තිබියදී මාතරට කිට්ටුවෙන් බස් රථය නැවැත්තුවෙ උදෑසන ආහාරය හෝ තේ පානය සඳහා මගීන්ට අවස්ථාවක් ලබා දෙමින්)
සර්... ‍තේ එකක් බීලම යමු... කොල්ලො ටිකට් බඩගිනිත් ඇති සර්...
 
රුවන් මම ඉඳගෙන සිටි ආසනය ලඟට විත් කීවෙ මට විතරක් ඇහෙන්න..
යමු රුවන්..මොනවහරි කාල තේ බොමු..
සර්.. කොල්ලන්ට කන්න අරන් දෙන්න තරම්නම් සල්ලි නෑ සර් මන් ලඟ.. සර් කන්න.. අපි තේ එකක් විතරක් බොන්නම්.. රුවන් කීවෙ අවංකවම කියල මට හිතුන…
ඇත්තටම රුවන් ඕනෙම කෙනෙකුගෙ හිත දිනා ගන්න තරම් සමාජශීලී කෙනෙක්. බොරු සෝබන නෑ..
හරි හරි... යමුකො..
කට්ටියම මා පසුපසින් අවන්හලට ඇවිදන් ආවෙ ඕහේ අරමුනක් නැතිව වගේ... පව් ගම්වල දෙමාව්පියන්ගෙ සෙවනෙ මල් වගේ හැදුනු තරුණ ජීවිත.. මැනේජර් යන පට්ටම් නාමයක් පසුපස හඹා යන්නට වීමෙන් අත්වී ඇති ඉරනම..
අපි තේ බොන්නම්.. සර් කෑම කාල එන්න..
රුවන් ආයෙමත් කියත්දි නම් මට හොඳටම කේනති ගියා...
මේ... රුවන්.. තමුන් හිතුවද මම ආත්මාර්තකාමී, කුහක, තිරිසන් මිනිහෙක් කියල... මට සල්ලි වැදගත් නෑ... තේරුනාද? මම මේ ගමන ආවෙ මගෙ කැමැත්තෙන්... ඒ නිසා මම කරන්නෙ මට කැමති දේ... මට උපදෙස් දෙන්න හදන්න එපා.. ඕ.කේ...
සොරි සර්... අපේ අතේ සල්ලි නෑ.. ‍ඊයෙ මගෙ එකවුනුට් එකෙන් පොඩි ගානක් තිබිල ගත්ත. ඒක විතරයි තියෙන්නෙ සර්.. ඒකයි එහෙම කීවෙ.
මගෙ දැඩි වදන් හමුවේ රුවන් හිටියෙ ගොඩක් අසරණ වෙලා... මටත් මගෙ වචන සැර වැඩි බව තේරිලයි තිබුනෙ.. ඒත්.. පිටවුන වචන ආපහු ගන්නවැයි...
මම කෑම ඕඩර් කරා... මගෙ ගානෙ කොල්ලො 6 දෙනාටම බඩ බිරෙන්න කන්න දුන්න. කෑම කාල, ඉගුරු ප්ලේන්ට් බීල ආයෙත් බස් එකට ගොඩවුනේ ගමනෙන් බාගයක් පමනක් සම්පූර්ණ වුනු බව තේරුම් අරගෙන..
කොල්ලො ටිකනම් හිටියෙ ගොඩක් සතුටින්.. ඒත්.. ඔෆිස් එකේ තත්වෙ කොහොම වෙයිද අද ඉඳන්.. අනිත් කවුරු කොහොම උනත් මහේෂිට නම් ‍ප්‍රභාගෙන් ගැලවුමක් වෙන එකක් නෑ... පවු.. අහිංසක කෙල්ල.. මම මේ ගමන ආපු එකට ප්‍රභා ගොඩක් කැමති ඇති.. දැන් ඉතින් ප්‍රභාට නිදහසේ ඒ දේවල් කර ගත්තෑකි...
ප්‍රභාට මම නැතුවත් බෑ... ඒත් දැන් දැන් මාව ප්‍රභාට වදයක් වෙලා වගේ...
සිතිවිලි ගොන්නක තනිවී කතරගම ටවුන් එකටම ආව දන්නෙම නැතිව..
රුවන්.. දැන් කොහෙද අපි නවතින්නෙ...
සර්... අපිටනම් නවතින්න තැනක් හොයා ගන්න වෙනව... සර්ට නවතින්න ගෙට් හවුස් නම් මේ කිට්ටුව ඇති.. කාගෙන් හරි අහල බලමු..
ඔය ආයෙත් පටන් ගත්ත... රුවන්... මේ අහනව... මම මේ කොල්ලො ටික දාල යන්නෙ නෑ... උඹල ඉන්නෙ ගහක් යටද? මමත් ඒ ගහ යටම ඉන්නව මේ සතියම.. මට කට්ට කාල හොඳට පුරුදුයි... තේරුනාද? මම තත්වෙන් මේ කම්පැනි එකේ සර් උනාට, මමත් උඹල වගේම ලේ මස් ඇට නහර වලින් හැදුනු එකෙක්... ඒක තේරුම් ගත්තොත් හොඳයි...
මගෙ වචන හමුවේ කොල්ලො සේරම තුශ්නිම්බූත වෙලයි හිටියෙ... 
මටනම් මාර පුදුමයි සර්... සර් නම් පුදුම මනුස්සයෙක්.. 
කන්ඩායමේ එකෙකු එහෙම කීවෙ හදවතින්ම බව මම හොඳටම දැනගෙන හිටිය.. ඔහුට හිනහවකින් සංග්‍රහ කල මම කල්පනා කලේ නවතින්න තැනක් ගැන..
රුවන්.. මගෙ යාළුවෙක්නම් මේ ළඟපාත ඉන්නව... කොල් එකක් දාල බලමුකො..?
මට මතක් උනේ හේමන්තව... සුපර් මාකට් එකේ වැඩකරන කාලෙ මමත් එක්ක එකට වැඩ කරපු හේමන්ත මම අයින් වෙන්න මාස කීපයකට කලින් රැකියාවෙන් ඉවත්ව ගිය හැටි මට මතකයි..
මචං... මට අපේ තාත්ත අඳුනන හාමුදුරු කෙනෙකුගෙ වාහනේක ඩ්‍රයිවින් ජොබ් එකක් ලැබුන බන්.. මං ඒකට යනව... ‍තාත්ත කියනව දුර උනත් කමක්නෑ යන්නලු... පාඩුවෙ කාල බීල කීයක් හරි හොයාගෙන වැටිල ඉන්නත් පුලුවන්නෙ මචං....
මචං හේමන්ත කොහෙද ජොබ් එක..? දුර කීවෙ...?
ඒ හාමුදුරුවො ඉන්නෙ කතරගම මචං... කතරගම තමයි පන්සල තියෙන්නෙ... ඔය දර්මදේශනා වලට එහෙම රට වටේම යන හාමුදුරු කෙනෙක්ලු..."


හේමන්ත එදා එහෙම කියල යන්න ගියාට පසු යලි ඔහු මුණ නොගැසුනි.. ලඟ තිබුනු දුරකථන අංකයට මා ඇමතුමක් ගත්තේ අංකය දැන් භාවිතයේ ඇත්දෝයි සැකෙන්...
හෙලෝ හේමන්ත... කොහෙද ඉන්නෙ...
ආහ් ජනා... කොහොමද මචං..... මම කතරගම මචං... කොහොමද ඉතින්...
අවුලක් නෑ මචන්.. මම හොඳින්..
මට ආරංචියි ජනා... උඹට ලොකු කරදරයක් උනාලු නේද? සොරි මචන්.. මම සිද්ධිය දැනගත්තෙ මේ ලඟදි බන්.. මටත් දුකයි මචන් හංසි ගැන...”
ආහ්... ඒකට කමක් නෑ මචන්...
ඉතින් ඉතින්... කියහන්කො... කොහෙද ඉන්නෙ... දැන් මොකද කරන්නෙ..
මචන් හේමන්ත... මම කතරගම ඇවිත් ඉන්නෙ.. කොල්ලො 6 දෙනෙකුත් එක්ක.. අපට ටික දවසකට නවතින්න තැනක් සෙට් කරල දියන්.. හම්බවෙලා විස්තර කථා කරමු.."


"මොනව... කතරගම.. දැන් උඹල කොහෙද ඉන්නෙ? මොකේද ආවෙ...
මචන්.. මම කම්පැනියක වැඩ.. ඒකෙ කොල්ලො ටිකක් එක්ක ආවෙ. බස් එකේ. දැන් තමයි බස් එකෙන් බැස්සෙ මචන්..
හිටපන්... නවතින්න වෙන තැන් මොකටද බන්.. මෙහෙ ඕනෙ තරම් ඉඩ තියනව.. මම වෑන් එක අරන් එන්නම්. ඔතන ඉස්සරහ තියනව එච්.එන්.බී බෑන්ක් එක. එතනට වරෙන් කට්ටියත් එක්කම. හම්බවෙලා විස්තර කථා කරමු.
හෝ... ඔන්න වැඩේ හරි.. නවතින්න තැනක්නම් හරි රුවන්.. 
(සුසුමක් හෙලමින් මා පැවසුවේ මහා බරක් සැහැල්ලු කර ගනිමින්...)
සර් නම් මාරයි සර්... මුකුත්ම බෑ වගේ ඉන්නෙ. සර් සුපිරි චරිතයක්නෙ..
කන්ඩායමේ හිටපු ටිකක් කටකාර එකෙක් කියාගෙන ගියේ මං ගැන විශාල පැහැදීමකින්... 
හේමන්ත විනාඩි දහයක් පමන යද්දි වෑන් එකත් අරන් බැංකුව ලඟට ආව.. බැලූ බැල්මටම මට ඒ පන්සලේ වෑන් එක බව හඳුන ගන්න මට පුලුවන් වුනේ සයිට් කන්නාඩියෙ ගහල තිබුනු බෞද්ධ කොඩියෙනුයි, ඉස්සරහ ග්ලාස් එකේ දාල තිබුනු ධර්ම චක්‍රයේ ෆොටෝ එකෙනුයි..
අඩෝ... උඹ ඇදිල ගිහිල්ල මචන්..හේමන්ත කීවෙ මාව දෑතින්ම බදා ගනිම්න් මාව පිළිගන්න ගමන්..
හම්... මටත් එක්ක උඹ හොඳට පිම්බිල ඉන්නෙ..
කට්ටියම සිනා ගස්සවමින් මම කීවෙ හේමන්තගෙ පිටට තට්ටුවක් දමමින්..
අවුරුදු ගානකින් නේද මචන්..ඉතින්.. කවුද මේ සෙට් එක..
යමංකො විස්තර කියන්න... 
මම මගෙ බෑග් එක වෑන් එකට දමමින් කීවෙ කොල්ලන්ටද බෑග් ටික දා ගන්න ඉඟි කරමින්..
අපිව හේමන්ත එක්ක ගියෙ ගම්මුදාව නම් ටිකක් දුෂ්කර ගමක පිහිටි ලස්සන පන්සලකට.. 

පන්සල පිහිටල තිබුනෙ තාර පාරෙ ඉඳන් මීටර් හතලිහකටත් වඩා උසින්..පඩි පේලි කීපයක්ම නැගගෙන තමයි පන්සලට පිවිසෙන්න මාර්ගය හදල තිබුනෙ... 


පුදුම ලස්සන පරිසරයක්.. ඒ වගේම පුදුම නිස්කලංකයි.. පන්සල උඩටම ගියාම, මහ මළුවට පාර දෙපැත්ත හොඳට පේනව.. ඉදිරියෙන් පිහිටි විශේෂ බලකා මධ්‍යස්ථානයත්, රහස් පොලීස් පරීක්ෂණ මධ්‍යස්ථානයත් නිසාදෝ පන්සල අවට දැඩි ආරක්ෂිත බවකි බැලූ බැල්මටම පෙනෙන්න තිබුන.. පාර දෙ‍පැත්තෙ පුංචි පුංචි දිවුල් ගෙඩි ගොඩවල් ගහගෙන ජීවිතේ අවසන් භාගය ගතකරමින් හිඳින මෑණි වරු කීප දෙනෙක්ම පාර බලාගෙන හිටිය... මුළු පරිසරෙන්ම වහනය වුනේ දැඩි දිවුල් සුඟන්ධයක්...
පන්සල් භූමියෙත් හැම තැනකම වාගෙ සුදුපාට ටෙනිස් බෝල තරමේ දිවුල් ගෙඩි වලින් ගස් වසාගෙන තිබුන..
මාර නිස්කලංක පරිසරයක් මචන්...හේමන්තට මම කීවෙ අවංකවම..
ආහ්... අන්න ලොකු හාමුදුරුවො වඩිනව.. යමු මම අඳුන්වල දෙන්නම්... මම උන්වහන්සෙට කියල ගියෙ උඹල එක්කගෙන එනව කියල...
ඉතාම ශාන්ත ගමනින් වැඩම කල මැදිවියේ පසුවූ උන් වහන්සෙ අප ඉදිරියට පැමිනෙත්ම ගමන නවතා අප දෙස බලා හද සිසිල් කරවන සිනහවකින් සංග්‍රහ කලා..

තවත් කොටසක් ලබන සතියේ...
මෙහි සියළුම අයිතීන් FreeGetLanka සතුවන අතර උපුටා ගැනීම සපුරා තහනම් වේ..

Monday, August 5, 2013

ලාංකික ඔබට වැදගත්ම වෙබ් අඩවි

එදිනෙදා ජීවිතයේදී අපට වැදගත්වන ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකනයන් මෙම ලිපිය මගින් පලකරනනෙමු.

එකම තැනකින් අත්‍යාවශ්‍ය ස්ථාන සියල්ලටම පාේ ගමන් කල හැකි ේ සැකසීම අරමුණ කර ගත්තෙමු.

  • මෙය ඔබට වටිනා පිටුවක් නම් Ctrl + D ොදා බුක්මාක් කරගන්න.
 
  • විභාග දෙපාර්තමේන්තුව 
ඔබගේ විබාග ප්‍රතිල, කාලසටහන්, හා විභාග පිළිබද තොරතුරු ඇතුළු කරුණු සම්බන්දව තොරතුරු ලබගනිමට හැකියාව පවතී.

  • ශ්‍රීලංකාවේ රජයේ නිල අන්තර්ජාල වෙබ් අඩවිය 
මෙම වෙබ් අඩවිය මගින් ලංකාවේ රජයේ නිල ප්‍රකාශ / වෙළඳ සහ පාරිභෝගික කටයුතු/මුදල් හා බැංකු/ වැනේ ප්‍රකාශ කරනු ලැේ.
මෙතැනින්


  • කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව 
දේශීය විදේශීය කාලගුණ තොරතුරු... හදිසි කාලගුණ වෙනස්වීම් වැනිදා  නිවැරදිව දැනගැනීම සදහා අවශ සියලුම  තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරනු ලබයි.

  • ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාදිපති නිල වෙබ් අඩවිය 
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ පත්වන ඕනෑම ජනාදිපති වරයෙකුගේ නිල තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.

  • ශ්‍රීලංකා ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද සියලුම තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක  
මෙතැනින්

  • ජාතික ලොතරයි මණ්ඩලය 
ඔබ මිලදී ගන්නා ලොතරැයි පිළිබද අවශ වන තොරතුරු සියල්ල ලබා ගැනීමට හැකියාව පවතී.  
  • කොල කොටස් වෙළදපොල
කොටස් මිලගණන්, ආයෝජන අවස්ථා, වෙළදපල දත්ත, වැනි තොරතුරු ලබගනිමට පුලුවන.
  • රැකියා අවස්ථා පිළිබද තොරතුර
ඔබ රැකියාවක් සොයන ක්ේත්‍රයේ තිබෙන රැකියා අවස්ථා හා ඒවාට අයදුම් කිරීමේ අවස්ථාව සලසන වෙබ් අඩවියකි
  • ප්‍රදාන පෙලේ පුවත්පත් ආයතන 
  1. ලංකාදීප
  2. දිවයින
  3. අද
  4. මවුබිම
  5. සිළුමිණ 
  • ICTA (Information and Communication Technology Agency of Sri Lanka) 
           මෙතැනින්
  • මුදල් වල අගය ලංකා මුදලට අනුව 

  • විශ්‍ව විද්‍යාල

තවත් තොරතුරු ඇතුලත් කරමින් ඉදිරියේදී මෙම පිටුව යාවත්කාලීන කරනු ලැබේ...
මෙම ලිපිය පිලිබඳ ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අප වෙනුවෙන් පහලින් ඉදිරිපත් කරන්න.. 
ඔබගේ අදහස් අපගේ සාර්ථකත්වයයි... 

Saturday, August 3, 2013

සෙනෙහසක කැපකිරීම

ඔහුට ඇයව මුලින්ම මුණ ගැසුනෙ උත්සවයකදි. ඇයගෙ හැසිරීම් රටා හා රූපය එතන හිටපු පිරිමි බොහෝ දෙනෙක්ගෙ සිත් ගත්තා. ඒත් ඔහු එතන හිටපු අයගෙන් බොහොම සාමාන කෙනෙක්. කිසිම කෙනෙක්ගෙ අවධානය දිනා ගත්තෙ නෑ. සම්භාෂණය අවසානයේ ඔහු ඇයට කෝපි බීමට කථා කලා. ඇයට මේ ගැන පුදුම හිතුනත් ඔහුගෙ තිබුන විනීතකමට ඇයට ඒ ඉල්ලීම අහක දාන්න බැරි උනා. මේ දෙන්නා කෝපි බොන්න අවන්හලකට ගියා. ඔහු කිසිවක් කියාගන්න බැරිව කලබලාකාරී ගතියකින් හිටියෙ. මේ නිසා ඇය හිතුවා ඇයට ඉක්මනින්ම මෙතනින් යන්න තිබුනනම් හොඳයි කියලා.

හදිසියේම ඔහු වේටර්ට මෙහෙම කිව්වා. මට ලුණු ටිකක් දෙනවද මගේ කෝපි එකට දාන්න? හිටපු හැමෝම අමුතු විදිහට ඔහු දිහා බැලුවා. ඔහුගෙ මුහුණ රතු උනා. ඒත් ඔහු ලුණු ටික කෝපි එකට දාලා ඒක බිව්වා.

ඔහු කරපු දේ ගැන උනන්දුවෙන් සිටි ඈ ඔහුගෙන් මෙහෙම අහුවා. ඒ කරපු දේ ඒ කාලෙ ඉඳන්ම ඔයාගෙ පුරුද්දක්ද?

මම පොඩි කාලෙ අපි ජීවත් උනේ මුහුදක් අයිනේ. මම ගොඩක් ආසයි මුහුදෙ සෙල්ලම් කරන්න. මේ ලුණු රහ කෝපි එක වගේම තමයි මට ඒ මුහුදෙ තියෙන රසයත්. මට හැම වෙලාවකම මගේ පොඩි කාලෙ මතක් වෙනවා. මට මං උපන් ගම මතක් වෙනවා. මට ඒ පාලුව දැනෙනවා. තවමත් එහේ ජීවත් වෙන මගේ දෙමව්පියන් නැති පාලුව දැනෙනවා. ඇස් වල කඳුලු පුරෝගෙන ඔහු කිව්වා. මේ සිද්ධියෙන් ඔහු ඇගේ සිත් ගත්තා.

ඇය හිතුවා මේ ඔහුගෙ ඇත්තම සිතුවිලි වෙන්න ඇති කියලා. තමන්ගේ නිවසින් ඉවත්වී සිටීමේ දුක කියන්න පුලුවන් කෙනා තමන්ගෙ ගෙදරට ගොඩක් ආදරේ කරන, හොයලා බලන, වගකීමක් ඇති කෙනෙක් කියලා ඈ සිතුවා. ඒ නිසා ඇයත් ඇගේ ගෙදරින් දුරක සිටීමේ දුක, ඇගේ ළමා කාලය, පවුලෙ විස්තර ආදිය කිව්වා. මේක ගොඩක් සුන්දර කතාවක් උනා වගේම ඒ දෙන්නාගෙ ආදර කතාවේ ආරම්භයත් උනා.

මෙහෙම කිහිප දිනක් මේ දෙන්නා හමුවී කතා කරනකොට ඇයට හිතුනා ඔහු තමයි ඇගේ උරුමක්කාරයා බව. ඔහුට ඉවසීම, සොයාබැලීම, අවංක බව වගේම ආදරණීය හදවතකුත් තිබුණා. ඔහු ගොඩක් හොඳ කෙනෙක් බව හැඟුණා. ඔහුගෙ ලුණු දාපු කෝපි එක නොවන්නට ඇයට ඔහුව මගහැරීමට ඉඩ තිබුණා නේද කියලා ඇයට හිතුණා. හැම ලස්සන ආදර කතාවකම වගේ මේ දෙන්නත් එකතු උනා. මේ දෙන්නා සතුටින් ජීවත් උනා. ඇය ඔහුට කෝපි හදන හැම වෙලාවකම කෝපි එකට ලුණු ටිකක් දැම්මා. ඇය හිතුවා ඔහු ඒකට ගොඩක් කැමතිවෙයි කියලා. අවුරුදු 40 කට පස්සේ ඔහු ජීවතුන් හැර ගියා. ඔහු ඇයට මෙහෙම ලියුමක් ලියලයි මිය ගොස් තිබුණෙ.

මගේ සොඳුරිය, මට සමාවෙන්න. මගේ ජීවිත කාලෙම බොරු කලාට සමාවෙන්න. මේක තමයි මං ඔයාට කියපු එකම බොරුව. ඒ ලුණු දාපු කෝපි එක ගැන. අපි හමු උන මුල්ම දවස ඔයාට මතකද? එදා මම හරිම නොඉවසිල්ලෙන්, අපහසුතාවෙන් හිටියේ. මට ඕනෙ උනේ සීනි ටිකක්. ඒත් මට ඒ වෙලාවෙ කියවුනේ ලුණු කියලයි. ඒක මට ඔයා ඉස්සරහ ආයේ කියන්න ලැජ්ජා හිතුනා. ඒ නිසා එහෙමම මං ලුණු දාලා බිව්වා. මං කවදාවත් හිතුවෙ නෑ ඒක අපේ ජීවිතයෙ ආරම්භය වෙයි කියලා.

මං ඔයාට ඇත්ත කියන්න හුඟක් උත්සහ කලා. ඒත් මට බය හිතුනා. ඒ නිසා මං හිතාගත්තා ආයෙත් ඔයාට කිසිම බොරුවක් කියන්නෙ නෑ කියලා. මේ මගේ මරණ මංචකය. ඒ නිසා ඔයාට ඇත්ත කියන්න මං පැකිලෙන්නෙ නෑ. ඇත්තටම මං ලුණු දාපු කෝපි වලට කැමතිම නෑ. ඒකෙ තියෙන්නෙ හරිම ජරා රහක්. ඒත් මට මුලු ජීවිත කාලෙම බොන්න උනේ ලුණු දාපු කෝපි. ඒත් ඔයා මට දුන්න ලුණු දාපු කෝපි මං බිව්වෙ ඔයාට තියෙන ආදරේ නිසයි.

ඔයත් එක්ක හිටපු කාලෙ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලය. ආයෙත් පාරක් මට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුනොත්, ඒ මුලු ජීවිත කාලෙම මට ලුණු දාපු කෝපි බොන්න උනත්, මං ඔයත් එක්ක ඉන්නවා.

මේ ලියුම බලලා ඇගේ ඇස් වලින් කඳුලු කඩා හැලුනා. කවදාහරි ඇගෙන් කවුරුන් හෝ කෙනෙක් ලුණු දාපු කෝපි මොන රහද කියලා ඇහුවොත් ඇය කියාවි ඒක හරිම පැණි රහයි කියලා.
උපුටා ගැනීමකි

Thursday, August 1, 2013

පවුරු (8 වන කොටස)


"අනේ සර්... අම්මල මාව විස්වාසෙටයි මෙහෙට එව්වෙ.. මම කොහොමද එයාලට මූණ දෙන්නෙ.."

"පුතා.. කලබල වෙන්න ඕනෙ නෑ.. දැන් අපිට මේව දෙන්න කෙනෙක් නෑ. ඔය හංසි දූගෙ බැංකු පොත. අංකල එයාගෙ පලමු වෙනි උපන්දිනෙ දවසෙ පටන් ගත්තෙ.. එදා ඉඳන් හැම සතියකටම සැරයක් අංකල් පොතට සල්ලි දැම්ම.. ඔතන ලක්ෂ ගාණක් ඇති.  දැන් ඕව කාට දෙන්නද පුතා. මගෙ කෙල්ල වෙනුවෙන් අපි ඔයාට ඕක දෙන්න තීරණේ කලා.ඔයාගෙ නමට හරවල තියෙන්නෙ."

හංසිගෙ අම්ම කතා කලේ ගොඩක් දුකින්. ඒත්... මම ඇත්තටම මේ වගේ දේවල් බලාපොරොත්තු වුනේ නෑ..

"ආන්ටි... මේ ජනිත් කවදාවත් සල්ලි වලට ආදරේ පාව දෙන කෙනෙක් නෙමේ... හංසි වෙනුවෙන් මේ සල්ලි වලින් පිනක් දහමක් කරන්න.. මට මේ සතයක්වත් එපා.."

මට ඇත්තටම කියවුනේ පුංචි කේන්තියකින්.. මොකද, කවුරුවත්ම මගෙයි හංසිගෙයි ආදරේ සල්ලි කොලවලින් මනිනවට මම පොඩ්ඩක්වත් ආස නෑ...

"සොරි පුතා... හිත රිදුනනම්. එහෙනම් ඔය සල්ලි ටිකවත් ගන්න. වියදමටවත්.."

බෑගයේ තවත් බ්‍රවුම්පේපර් කවරයක් තිබෙනු දුටුවේ එවිටයි...
මා එය දිගහැර බලන විට රුපියල් පනස්දාහක පමන නෝට්ටු මිටියක් සහ හංස වෙනුවෙන් මම පලමුවෙන්ම දුන්නු තෑග්ගද එහි විය.
මේක කොහෙන්ද?

"පුතේ.. හංසිගෙ අල්මාරියෙ ඔය කීටැග් එක තිබුනෙ. එයා ඕක පන වගේ පරිස්සම් කලේ.. අපි ආයෙ නොඑන්නම රට යනව.. ඉතින් ඔයාලට අයිති මේ වටිනා දේ දුකෙන් උනත් ඔයාට දීල යමු කියල අංකල් කීව.. ඒකයි ඕක ගෙනාවෙ..

මම හංසිව පලමු වතාවට හමුවුන දින මගෙ බෝඩ්ම් කාමරේ දොරේ යතුරත් සමග දමාගෙන හිටපු කී ටැග් එක හංසි ඉල්ල ගත්ත හැටි මට අද වගේ මතකයි..

"අයියෙ... මට ඔයා මතක් වෙන්න මොනවද දෙන්නෙ..."

"ම්... දැන් මේ ළමයට මොනවද ඕනේ............."

"ම්.. ම්.. ම්... මේක මට.." (අතේ තිබුනු යතුරු තැරැල්ල උදුරා ගනිමින් හන්සි හුරතලේට හිනා වුනේ ගොඩක් දඟකාර විදියට...

"ආහ්... ඒක හොඳයි... එහෙනම් ඉතින් මාවත් එක්කම යමු ගෙදර..."

"ඒ මොකටද?"  (ටිකක් බයෙන් වගේ හංසි ඇහුවෙ ප්‍රශ්නාර්තයක් හිතේ මවාගෙන..)

"ඇයි ළමයො.. යතුරු කැරැල්ල ඔයා ගත්තම.. මට බෝඩ්මේ දොර ඇරගන්න විදිහක් නෑනෙ.. ඉතින් මට වෙන යන්න තැනකුත් නැති නිසා.... මං ඔයාලගෙ ගෙදර එනව..."

"හොඳට හිටී... කපටිය.." (ආහ්... මට ඕනෙ මේක විතරයි..කමක් නෑ නේද?)

"හංසි මගෙ අතට යතුරු ටික දුන්නෙ කීටැග් එක ගලව ගන්න ගමන්..."

හංසිගෙ තාත්තයි අම්මයි යන්න ගියා.. මම එයාලගෙ කිසිම දෙයක් ගත්තෙ නෑ.. කී ටැග් එක පමනක් ගත්ත. හංසිව මතක් වෙන්න.. මම 4.20 පමන බස් එකකට නැගගෙන ගෙදර යන්න පිටත් වුනා..


කාලය ගෙවිල ගියේ ‍නොදැනීම..

මම ආයෙත් ප්‍රභාගෙ ඔෆිස් එකට එන්න පිටත් වුනේ වෙන කරන්න දෙයක් නැති කමට.. 

ගමේ හැමෝ මගෙන් ප්‍රශ්න කෝට්යක් ඇහුව...

"ඇයි බන් ජනා උඹ මේතරම් කෙට්ටු වෙලා... බලපන්කො... උඹ හරියට නිකන් අස්සය නැතිවෙච්ච කව්‍ බෝයි වගේ... උඹටනම් මචන් මොකක් හරි අවුලක් තියනව... ඇත්ත කියපන්... මොකද? උඹ බූ!ට් පාරක් වත් කෑවද? ආහ්..."

ඇතැමුන්ගේ ඔය වගේ ප්‍රශ්න මට මහා වදයක් වුනා.. ඒ නිසාමයි ආපහු ගාල්ලෙ එන්න පිට් උනේ...

මන් ඔෆිස් එක ගාවින් බස් එකෙන් බහිනකොට 10.30ට විතර ඇති.. දරා ගන්න බැරි තරම් තිබහක් තිබුන නිසා ඔෆිස් එක ඉස්සරහ පුටුවත් උඩින් බෑග් එක තියල කුස්සිය පැත්තට ගියෙ වතුර ටිකක් බොන්න හිතාගෙන..

ඉදිරිපස දොර වහලයි තිබුනෙ.. 

ප්‍රභා කොහෙහරි යන්න ඇති... 

ඒත් මහේෂි... ආහ්.. නිවාඩුවත් ගියාද දන්නෑනෙ.. 

ඔය වගේ සිතිවිලි අතර තනිවෙමින් මම කුස්සිය පැත්තට යනවිට,‍ ඒ පැත්තෙනුත් දොර වහල... 

යතුර තියල යන්නෙ ප්‍රභාගෙ නිදන කාමරේ ජනේලය ලඟ මල් පෝච්චියක් යට.. යතුර ගන්න එන‍කොට කාගෙදෝ කටහඬක් ඇහුන.. 

මම ටිකක් ඇහුම්කම් දුන්නෙ කවුරුත් නැති මෙහෙ කවුද කතා කරන්නෙ කියල හිතා ගන්න බැරිව..

"මම කිව්වනෙ ළමයො.. ඔයාට බයවෙන්න දෙයක් නෑ කියල.. අපි බඳිමු ඉක්මනටම... ම්............"

"අනේ සර්... ළමයි එහෙම දැනගත්තොත්...? අනිත් එක මම කවදාවත් මෙහෙම ඉඳල නෑ සර්..."

"පිස්සු කියවන්නෙපා ළමයෝ..... ළමයි කොහොම දැනගන්නද? ම්... උන් එන්නෙ 5ත් පහුවෙලා..."

"අනේ සර්... අම්මල මාව විස්වාසෙටයි මෙහෙට එව්වෙ.. මම කොහොමද එයාලට මූණ දෙන්නෙ.."

"කෝ... එන්න ළඟට... ම්... මේ තරම් ලස්සනක් නම් මම කවදාවත් දැකල නෑ..."

"දැන් ඇතී......... අනේ............."

"කෝ කෝ... තව ටික් ඉමූ... ම්... බලන්නකො ඔයාගෙ ලස්සන... ම්... ෆොටෝ එකක් ගන්නද?"

ඇසෙන සියළුම දේ මට හීනයක් වගේ... කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකිව මම හෙමින් ජනේල පියනකින් ඇතුල බැලුවෙ ඇත්ත මොකක්ද කියල දැනගන්න හිතාගෙන.....

"දෙවියනේ........................ "

මම දකින්නේ සැබෑවක්ද? නැත්නම් මෙය මායාවක්ද?
කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැක... නමුත් මම මගේ දෑස්නි සියල්ල දැක හමාරය...

ලස්සනම ලස්සන ගවුම් පොඩියක් ඇඳගෙන තාත්තවත් ඉස්සර කරන් ඉන්ටවිව් ආපු., 

මූණ දිහා කෙලින් බලල කතා කරන්න වත් බැරි තරම් ලැජ්ජාවෙන් යුක්ත වූ.., 

සැමගේ නෙත් සිත් පැහැර ගන්නා තරම් සුන්දර වූ ඒ යුවතිය, 

මගේ යහළුවායැයි මා පිලිගත් පාපතර ප්‍රභාගේ සයනේ නිරුවතින් වැතිරී සිටි ඒ දසුන මා කෙසේ නම් විස්වාස කරන්නද?

"දුහුල් තඹර සේද පටලෙන්...
වසාගෙන රන් රූපිකා...
තිසර ළඹ වන් හසන් නෙතු යුග...
තාලට පැද්දුනි ලතා...
ඉරා දමමින් ඒ දුහුල් පට...
සොයාවී අම  රූ රටා...
යහන් ගැබ තුල වැදී කිම මේ...
අඳුරු අහසට අත වනා..."

මට කරන්නට කියන්නක කිසිම දෙයක් නෑ... ආයතනය ප්‍රභාගෙ... සේවිකාවත් ප්‍රභාගෙ... තීරණත් ප්‍රභාගෙ... ඒත් දෙවියනේ... ආදරය කියන අකුරු හතරෙ අරුත මේකද?

මම එහෙමම ආපහු බෑග් එකත් අරන් යන්න තිබුනු නිදහස්ම තැන වුනු ගාලු කොටුවට ගියා...

ජීවිත කාලෙටම මම පන වගේ අතකින් වුවත් පරිස්සමෙන් අල්ලමින් රකින්නට හදපු මගෙ රත්තරං මට නැති වුනා තමයි... ඒක ඇත්ත.. ඒත්.., අපි හීනෙකින්වත් අපේ ආදරේ ඇතුලෙ නොසිතපු, නොපතපු මෙවන් දෑ සිදුවන්නේ කෙසේද? මට තිබුනෙ මහා කලකිරීමකි...

මහේෂි එවන් එකියක් නොවන වග මම හොඳහැටිම දනී... ප්‍රභාගෙ පෙළඹවීම, බලකිරීම මත තනි ඈ අසරන වෙන්නට ඇති... සමහර විට මා දැක්කේ පෙර දින කීපයේදීම මා නොමැති දිනවල සිදුවූ සිදුවීම් සමුදායක් වන්නටද ඇත...

ඇත්තටම ප්‍රභා මහේෂි ව කසාද බඳීද... ප්‍රභා යනු බැඳීම් මත්තේ නැහෙන එකකු නොවන වග මා හොඳින්ම දනී.. 

මට මතකයි පාසැල් කාලයේ එක් කෙල්ලක හා හාද වී ප්‍රභා ගත කල කාලය... 

ඇයගෙන් ගත හැකි උපරිම ප්‍රායෝජන ලබාගෙන ඈ කසාද බඳිමු යැයි යෝනා කල විට ඈව අතහැර ගිය ඒ අතීතය මට තවමත් මතකයි... 

මහේෂිට අත් වන්නේත් ඒ අමිහිරි ඉරණම ම නොවේද? මෙවන් සිදුවීමකින් පසු තනිවන මහේෂි ජීවතුන් අර සිටීවිද?

මෙවන් ප්‍රශ්න රාශියකට සුළං රැලි අතරට වී ගාලු කොටුවේ සිට මම පිලිතුරු හෙව්වේ ඇයිදැයි මම නොදනිමි..

ඇයි මහේෂි ගැන මේ තරම්ම මට කැක්කුමක්...???

බොහෝ වෙලාවට මගෙ සිත මගෙන්ම ප්‍රශ්න කලේ එලෙසින්.. මට තේරෙන විදිහටනම් මහේෂි මගෙ හංසිගෙ වයසෙ වගේ... ඇය තුලින් මට මගෙ රත්තරංව මතක් වෙන නිසා විය යුතුයි ඇය කෙරෙහි මම මේ තරම්ම වද වෙන්නෙ...

මම කිසිවක් නොදන්නා ගානට හවස ඔෆිස් එකට ගියා...

"ආහ් ජනා... කොහොමද? අම්මල එහෙම හොඳින්ද?"

"අවුලක් නෑ මචන්.. මෙහෙ වැට කටයුතු එහෙම කොහොම...?"

"වරදක් නෑ මචන්... සුපුරුදු පරිදි යනව.."

ප්‍රභා කිසිම වෙනසක් මට පෙන්නුවෙවත් ඇඟව්වෙ වත් නෑ..

"සර්.. "

මන් රූම් එකට යනකොට ඉස්සරහට හම්බුනේ මහේෂිව... ඈ වෙනදා මෙන් මා දිහා කෙලින් බලා කතා කලේ නැත... මගේ ඇස් මගහරින්නට ඈ උත්සාහ ගන්නා බව මට හොඳින්ම වැටහිනි...

"කොහොමද මහේෂී...???"

"හොඳයි සර්... වරදක් නෑ... "    ඈ මාව මගහරිමින් යන්නට ගියේ දැඩි අපහසුතාවකින්...

තවත් කොටසක් බලාපොරොත්තු වන්න.
මෙම සත්‍ය කතාවේ සියළුම හිමිකම් FreeGetLanka සතුය.
ඔබත් දන්නා සත්‍ය කතා වේ නම් අප වෙත යොමු කරන්න. අපි ඔබේ නමින් ඒවා පල කරන්නෙමු.
ඊ-මේල්: rmbraveen@gmail.com